IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ටෙක්සාස් ප්‍රාන්තයේ වෙඩි තැබීමකින් 26 ක් මරුට

ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ දේවස්ථානයක සිදුවූ වෙඩි තැබීමකින් 26 දෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වේ. 
 
ටෙක්සාස්හි කුඩා නගරයක් වන සදර්ලන්ඩ් ස්ප්‍රිංස්හි බැප්ටිස්ට් දේවස්ථානයේ ඉරිදා (5) දේව මෙහෙය පැවැත්වෙන අවස්ථාවේ එහි ඇතුළු වූ තුවක්කුකරුවකු මෙම වෙඩි තැබීම සිදුකර ඇත. 
 
පොලිසිය පවසන්නේ සිද්ධියෙන් 25 දෙනකු පමණ තුවාල ලබා ඇති බවයි.  දේවමෙහෙයට 50ක් පමණ සහභාගී වී සිටි බවත් මියගිය අය අතර කුඩා ළමයින් ද සිටින බවත් පැවසේ. 
 
ඝාතකයා ද ඔහුගේ රථය තුළ මියගොස් සිටියදී හමු වී ඇති අතර පොලිසිය විසින් ඔහු හඳුනාගනු ලැබ ඇත.මෙම ඝාතන සිදු කරන්නට හේතුව කුමක්ද යන්න සම්බන්ධව පරීක්ෂණ සිදු කරන බව පොලිසිය පවසයි.
 
(නිව්යෝර්ක් ටයිම්ස් ඇසුරිණි - 085)


 



අදහස් (13)

ටෙක්සාස් ප්‍රාන්තයේ වෙඩි තැබීමකින් 26 ක් මරුට

shelton Monday, 06 November 2017 03:45 AM

අනේ අපොයි මෙහෙම දේවල් ලෝකේ වෙනද. ලංකාවෙනම් මෙහෙම දේවල් වෙලාම නැහැ.

:       17       4

tarzan Monday, 06 November 2017 03:47 AM

ප්‍රහාරකයා මුස්ලිම් නම් පමණක් මෙය ත්‍රස්තවාදී වැඩක් වන අතර , එසේ නොවන සැම විටම ඔහු ??????????

:       12       31

kithsiri Monday, 06 November 2017 05:47 AM

ඇමෙරිකාව තුල නිදහසේ ගිනි අවි භාවිත කිරීමට අවසර දී තිබීම හෙලා දකිමු. හා ද?

:       15       33

ජයරත්න Monday, 06 November 2017 06:43 AM

සංක්‍රමනිකයෙක් අපරාධයක් කරපු ගමන් ග්‍රීන් කාඩ් එක නැවැත්තුවා. හැබැයි මේකයි වේගාස්වල එකසිය ගාණක් මරපු එකයි දෙකම කරේ සුදු ජාතිකයෝ. එහෙම කියල පුද්ගලික ගිනි අවි භාවිතය නතර කරන්න ට්‍රම්ප් කැමති නැහැ. මුස්ලිම් නම් ත්‍රස්තවාදියෙක්. අනෙක් අයට නිකන් මානසික ප්‍රශ්න.

:       44       44

Prof. S.N. Hewage Monday, 06 November 2017 07:33 AM

කොහොම වුණත් හුදු වාසනාව මත පුද්ගලයෙකු තෝරා ගැනීමට වඩා ඒ පුද්ගලයාගේ උගත්කම බුද්ධිය සේවා පළපුරුද්ද තාක්ෂණික හැකියාව ආදී සාධක මත පුද්ගලයෙකු යම්කිසි රටක පුරවැසිබව පිරිනැමීම සඳහා තෝරා ගැනීමේ සාධකයක් කර ගැනීම නම් හොඳයි. ලංකාව වගේ රටවල බිහිවෙලා ඉන්න වැඩකට නැති මේ මිනිස්සු ගැන කල්පනාකර බලන විට ග්‍රීන් කාඩ් නැති කරපු එක හොඳයි. නමුත් ලංකාවට වඩා මේ වගේ රටවල දරුණු විදිහට මිනීමැරුම් පාතාලය ක්‍රියාත්මක වෙනවා. ඒකත් නතර වෙනවා නම් හොඳයි.

:       0       23

de silva Monday, 06 November 2017 08:57 AM

ඉදිරියේදී ගිනිඅවි නීතිය වෙනස් කරන්න ඇමෙරිකාවට සිදු වේවි !!! එහෙම නොකළොත් ග්‍රීන් කාර්ඩ් නෙවේ සිටිසන් දෙනවා කිව්වත් උගත්, බුද්ධිමත් මනුස්සයෙක් ඔහේ පදිංචියට යන්න කැමති වෙන එකක් නැහැ. මොකද කවුරුත් පණට ආදරෙයි. ලොකු පඩි දෙනවා කිව්වත් විදේශිකයෝ ඉරාකේ, ඇෆ්ගනිස්තානේ වැඩට එන්න කැමති නැහැනේ...

:       3       9

Lakvidu Monday, 06 November 2017 09:55 AM

සියල්ල සිදුවන්නේ දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුවයි.

:       5       0

sumithMonday, 06 November 2017 07:31 PM

එතකොට ඔයා කියන්නේ දෙවියන් වහන්න්සේ ට ඕනි උනේ මිනිස්සු මරන්නද ???? විකාරද ?

:       0       0

පිටිගල මිලානෝ Monday, 06 November 2017 10:31 AM

ලෝකයේ නිදහසේ ජීවත්වීමට නොහැකි රටකි ඇමරිකාව. ළමයා පාසලට ගොස් ගෙදර එනකල් විශ්වාස නැහැ. ලෙඩක් හැදුණොත් රක්ෂණාවරණය නැත්නම් රෝහලකට බාර ගන්නේ නැහැ. නගර කේන්ද්‍ර වල විශාල ගොඩනැගිලි තිබුණත් ඉන් පිටතට යනවිටම දකින්නට ලැබෙන්නේ දුප්පත්කමයි. ටික දෙනෙක් හැරුණු විට බොහෝ ලාංකිකයින් මෙහි ජීවත් වන්නේ බොහොම අමාරුවෙන්. රජයේ පාසල් වලට යැවීමෙන් හරිහමන් අධ්‍යාපනයක් නොලැබෙන නිසා අධික මුදලක් වැයකර පුද්ගලික පාසල් වලට ළමයින් යැවිය යුතු වුණත් බොහෝ ලාංකිකයින්ට මෙය සිහිනයකි. මේරටේ විශ්ව විද්‍යාලවල මිල ඉතා අධික බැවින් මුදල් ඇති අයට පමණක් ඒවා සීමා වී ඇත. ඒ නිසා මේ රටේ දුප්පතුන් සදා දුප්පතුන් වන අතර පොහොසතුන්ට සියලු වරප්‍රසාද හිමිය. මේ රටේ සෑම පුරවැසියකුටම ඡන්ද බලය හිමි නැත.

:       10       67

naradha Monday, 06 November 2017 10:47 AM

ඇමෙරිකාවේ ඕනෙම කෙනෙකුට ගිනි අවි පහසුවෙන් මිල දී ගත හැකි වීමයි මීට ප්‍රධාන හේතුව. ඒක හරියට සරම අස්සේ නයි දමාගෙන, කනවෝ කනවෝ යයි කියා කෑ ගැසීම වැනියි.

:       0       2

de silva Monday, 06 November 2017 11:10 AM

ලංකාවේ අතීතයේ ත්‍රස්තවාදී ප්‍රහාර තිබුණත්, දැන් පාතාලේ සහ විවිධ කෝන්තරවලට මිනිසුන් මරා ගත්තා.. මේ වගේ හේතුවක් නැතුව මිනීමරන සමූල ඝාතකයන් හිටියේ නැත.

:       0       0

de silva Monday, 06 November 2017 11:24 AM

ඇමෙරිකාව ඔය කියන තරම් සුරපුරයක් නොවේ. ලොකු කුඩා සැමට නිදහසේ ජීවත් වියහැකි රටවල් තමා මධ්‍යම යුරෝපයේ රටවල්, ස්කැන්ඩිනේවියාව, නොර්වේ, සිවීඩන්, ඩෙන්මාර්ක්

:       0       0

Sakwithi Monday, 06 November 2017 12:48 PM

මිස්ටර් ටාසන්, ත්‍රස්තවාදීන්ගෙන් සියයට 99ක්ම මුස්ලිම් නිසා ඔබේ තීරණය හරි..

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 142 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 303 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1317 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 184 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 396 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 354 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site