IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ටීඑන්ඒ මන්ත්‍රීවරු කෝකිලායි පන්සලේ හිමිකාරිත්වය විමසති

                  
 
(රොමේෂ් මධුෂංඛ)

උතුරු පළාත් දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් පිරිසක්  මුලතිව් දිස්ත්‍රික්කයේ සිංහල ගම්මාන හා බෞද්ධ සිද්ධස්ථාන වෙත සංචාරයක නිරත වී ඇත.

මුලතිව් කෝකිලායි පොලිස් ස්ථානය ආසන්නයේ පිහිටි ඉඩම් පරික්ෂාවකින් පසුව වැලිඔය ජනකපුර ප්‍රදේශයේ ඉඩම් පරික්ෂාවකට හා අවසානයේ දී කෝකිලායි සම්බෝධි විහාරයටද ගිය උතුරු පළාත් සභා මන්ත්‍රීවරුන් පිරිස පන්සල් ඉඩම පිළිබඳව විමසා තිබේ.

මෙම සංචාරයට උතුරු පළාත් සභාවේ සභාපති සී.වී.කේ. සිවඥානම්, එම්.කේ.සිවාජිලංගම්, පී.සත්‍යලිංගම්, ටී.රවීකරන් , ජී.ටී.ලිංගනාදන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

එහිදී කෝකිලායි සම්බෝධි විහාරයේ විහාරාධිපති ශ්‍රී තිස්සපුර ගුණරතන හිමියන් හමු වී සම්බෝධි විහාරය ඉඩම හිමිකාරීත්වය විමසා ඇති අතර එහිදී මන්ත්‍රීවරුන් පිරිස කියා  ඇත්තේ එම ඉඩම අයිති පුද්ගලයා දෙමළ වැසියකු බවයි.

තමන්ට මෙම ඉඩම නීත්‍යානුකූලව මැරටියන්පත්තු ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා ලැබුණු බවත් ඉඩමේ හිමිකාරීත්වය පිළිබඳව මීට පෙර මුලතිව් අධිකරණයේ නඩුවක්ද ගොනු කර තිබුණත් පසුකාලීනව එම නඩුව ඉල්ලා අස්කර ගෙන ඇති බැවින් තමන් දෛනිකව පන්සලේ සහ සිංහල දෙමළ ජනතාවගේ අභිවෘද්ධිය පිණිස කටයුතු කරමින් සිටින බව ගුණරතන හිමියෝ පැවසුහ.
 



අදහස් (52)

ටීඑන්ඒ මන්ත්‍රීවරු කෝකිලායි පන්සලේ හිමිකාරිත්වය විමසති

Ranil Wednesday, 11 April 2018 07:31 AM

කොහොමද සහජීවනය. ගොඩක් සතුටු ඇති නේද.

:       112       94

Neelaka Wednesday, 11 April 2018 07:48 AM

යහපාලනයේ සංහිදියාව දෝරේ ගලමින් පවතී. ඔබට සතුටුයිද දැන්.

:       37       22

sanjeewa Wednesday, 11 April 2018 07:49 AM

තව ටික දවසකින් අපිට කොළඹ ඉන්නත් බැරිවෙයි වගේ.... අපේ රටට ගිය කලක්..

:       46       65

Cisco Wednesday, 11 April 2018 07:50 AM

ඔන්න සහජිවනේ ඉහලින්ම.

:       64       75

Hafeel Wednesday, 11 April 2018 08:09 AM

කොටින් යුධමය වශයෙන් පරාජය කළත් වැඩක් නැහැ.. ඔවුන්ව මට්ටු කලේ නැත්නං.

:       332       330

Athula k Wednesday, 11 April 2018 08:12 AM

සහජීවනය කියලා කියන්නේ මේකටද?

:       0       172

amali Wednesday, 11 April 2018 08:20 AM

විශ්වාස භංගයට විරුද්ධ වෙනකොට කියන්න ඇතිනේ හිමිකම දෙන්නම් කියලා. තව ගොඩක් දේවල් දෙන්නම් කියලා ඇතිනේ...

:       170       471

rohan Wednesday, 11 April 2018 08:20 AM

සංහිඳියාව කියලා මේ අයට මෙහෙම කරන්න පුළුවන්ද? ශ්‍රී ලාංකිකයින්ට රටේ ඕනෑම ප්‍රදේශයක ජීවත්වීමේ හැකියාව තියෙන්නනේ ඕනේ, කොටි ඉන්න කාලේ මේ කට්ටිය ඒ අය සමග නැළවිලා දැන් ඉඩම් වල අයිතිය අහනවා. මේවට ඉඩ දෙන මේ ආණ්ඩුව ගැන ඇත්තටම අපිට තියෙන්නේ කලකිරීමක්...

:       266       468

jayantha Wednesday, 11 April 2018 08:26 AM

මේවට මොකුත් කියන්න එපා... මොකද සංහිඳියාවට බාධාවෙනවා. අපිට ගිය කලක්. අපි අපේම රටේ අනාථයෝ වගේ දැන්. මේ අයට ගිය කලක්. කොන්දක් පණ නැති නායකයින් ඉන්න එකේ ප්‍රතිඵල තමයි.

:       135       364

rama Wednesday, 11 April 2018 08:30 AM

මේවා තමයි රනිල්ගේ පොරොන්දු වෙච්ච දේවල්...

:       95       550

Wasantha Jayasinghe Wednesday, 11 April 2018 08:40 AM

මේවගේ වෙනකොට නම් ජාතිවාදී නොවන අපිටත් හිතන්න වෙනවා. අමන පාලකයිනි, මේවට පියවර ගන්නේ නැතිනම් අපිට නීතිය ගේන්න එපා...

:       95       269

Ramendra Wednesday, 11 April 2018 08:42 AM

සාකච්ඡා කරලා විසඳාගන්න එක හොඳයි. සිංහල කට්ටියට අයිති දේපල උතුරේ තිබෙනවා නම් ඒ අයටත් ගිහින් බලලා විසඳගන්න අවස්ථාව ලබාදීමට ඉඩ සලස්වන්න.

:       87       70

ජයන්ත මිලානෝ Wednesday, 11 April 2018 08:44 AM

කොක්කෙන් බැරි නම් කේක් කෙක්කෙන් කියන්නේ. හීන් නූලෙන් හරි නිජබිම් සංකල්පය කොහොම හරි ඉස්මතු වෙනවා.

:       1       117

Ajith Wednesday, 11 April 2018 08:54 AM

මේවා ඒජාපයේ ප්‍රතිඵල තමයි.

:       9       130

rama Wednesday, 11 April 2018 08:58 AM

එයාලා නම් ජාතින් අතරේ සංහිඳියාව පටන් අරන් වගේ දැනටම...

:       1       98

KANDEPOLA Wednesday, 11 April 2018 09:00 AM

ගේම්කාරයෝ රට පාලනය කරනකොට ප්‍රතිඵල මේවා තමයි.

:       0       130

Sanath Wednesday, 11 April 2018 09:08 AM

දකුණේ සිංහල අපි මේ පැත්තේ දෙමළ කෝවිල් වල ඔප්පු තිරප්පු ගැන අහලා බලන්න ගියොත් මේ අය රෙදි උස්සගෙන කෑගහයි.., මුළු ලෝකෙටම ඇහෙන්න. මෙන්න සංහාරයක් අායෙමත් පටන්ගන්න යනවා කියලා.

:       175       513

himal Wednesday, 11 April 2018 09:11 AM

ප්‍රශ්නයක් තිබේ නම් සාකච්ඡා කරලා විසඳගන්න එක හොඳ ලක්ෂණයක්. ලංකාවේ විවිධ ආගමික ස්ථාන පන්සල් විතරක් නෙවෙයි.., පල්ලි පවා මතභේදාත්මක ඉඩම් මත ඉදිකරලා තියෙනවා. පෑලියගොඩ පැත්තේ එහෙම පන්සලක් තියෙනවා. එහෙම පල්ලි ගණනාවක් නැගෙනහිර පැත්තේ තියෙනවා.

:       278       236

BamunuarachchiWednesday, 11 April 2018 10:09 AM

සාකච්චා කරන්න? ලංකාවේ බෞද්ධ පන්සල් භූමියක අයිතිය විමසන්නේ මොන ජගතාද? ඒක විමසන කෙනාට මේ සිංහල රටේ තිබෙන අයිතිය මොකක්ද?

:       235       1019

maaraya Wednesday, 11 April 2018 09:13 AM

කොන්ද පණ නැති ආණ්ඩුවකුයි, නැති මිනිස්සුයි ඉන්න රටක්නේ... මේක කවර කතාද? ළඟදීම මොනවා හරි වෙයි.

:       0       165

dhamneth Wednesday, 11 April 2018 09:19 AM

මට නම් මෙතන කිසිම වරදක් පෙනෙන්නේ නැහැ. මේක ප්‍රශ්නයක් ඇතිකරගන්න තරම් දෙයක් නැහැ. පන්සල් ඉඩම ආපසු ඉල්ලුවා නම් ඔන්න ලොකු වරදක්...

:       260       88

RNG Wednesday, 11 April 2018 11:04 AM

වැරැද්ද පේන්න පටන් ගන්නකොට පෙරහැර ගිහින් තියේවි.. කොහොමත් ගොඩක් සිංහලුන්ට මුල අමතකයිනේ...

:       2       230

කසුන් Wednesday, 11 April 2018 12:18 PM

බඩගෝස්තරවාදීන් නිසා තමයි අපිට අපේ සිංහලකම රැක ගන්න බැරි වෙලා තියෙන්නේ !!

:       3       97

කිර්ති Wednesday, 11 April 2018 09:30 AM

පේනවා නෙවෙයිද තරම? ලංකාවේ සිංහලයින්ට ලංකාවේ සැමතැනකම ඉන්න බැරි හැඩයි..!

:       99       253

Thilina Wednesday, 11 April 2018 09:31 AM

කලින් ආණ්ඩුවෙයි, මේ ආණ්ඩුවෙයි වෙනසක් ඇහුවොත් මේක හොඳම උදාහරණයක්.. එදා රටේ නායකයෙක් හිටියා..

:       103       375

පුෂ්පකුමාර Wednesday, 11 April 2018 09:36 AM

කොහෙන් හෝ කෑල්ලක් අල්ලාගෙන ජාතිවාදය වපුරවන එක තමයි කරන්නේ. අවුලවන ගිනි, නැට්ටට පත්තු කරගෙන රට ගිනි තියන හනුමන්තලා රැළකුත් ඉන්නවා. කොහොමත් දකුණේ පළාත් සභාවල අයට තියන බලයම තමයි උතුරේ අයටත් තියෙන්නේ. ඉතින් අපේ මහලොකු සිංහල බෞද්ධ නායකයෝම නේද, ඒ අයට ඒ බලතල දුන්නේ? දැන් දකුණේ පළාත්සභා වල ඉන්න අය තවත් බලතල ඉල්ලනවා නේද? ඉතින් දෙමලුත් ඒ වගේම තමයි. පුලුවන්නම්, ඔය පළාත් සභා අහෝසි කරන්න කියලා කෑ ගහන්න.

:       8       15

kumar ravindren Wednesday, 11 April 2018 09:40 AM

බෞද්ධයා නැති තැන් පන්සල් මොනවටද? ඕක ඉඩම් ආක්‍රමණයක්... බුද්ධාගමේ උගන්නන්නේ අනුන්ගේ ඉඩම් මංකොල්ල කා පන්සල්, පිළිම හදන්න කියාද?

:       409       309

RNG Wednesday, 11 April 2018 11:13 AM

මෙයාගෙ කතාව හරියට මුළු උතුරු පළාතම එයාලට ලියලා දීලා වගේනේ.. පාලකයෝ මෙහෙමද සංහිඳියාව ඇති කරන්න උගන්නන්නේ..

:       282       487

BamunuarachchiWednesday, 11 April 2018 02:04 PM

බෞද්ධයින් හිටියත් නැතත් රටේම පන්සල් සහ හාමුදුරුවරු ඉන්න ඕනේ... එ්ක අපේ අනන්‍යතාවයයි. සිංහල බෞද්ධයාට රටේ අයිතියක් තිබෙනවා කියා පෙන්වන්නේ එතැනින්...

:       1       123

Bamunuarachchi.Wednesday, 11 April 2018 02:13 PM

මේක හරියට හොරාගේ අම්මා පේන කියන්න ලැහැස්ති වෙනවා වගේ. කව්ද මේ අපිට බුද්දාගම උගන්වන්න එන්නේ? බුද්ධාගමේ උගන්නන විදිහට ජීවත් වුනොත් අපේ මුණුබුරාලට උදේ මුස්ලිම් පල්ලියට ගිහිල්ලා රටේ වැඩ දෙමලෙන් කරන්න වේවි. එහෙමයි ඇෆ්ගනිස්තාන්, ඉරාන්, ඉන්දුනීසියා වගේ රටවල වුනේ. ලංකාවේ එ්ක වෙන්න දෙන්න බැහැ. සංහිඳියාව බල්ලට ගියාදෙන්... අපි සිංහල රට බෞද්ධ ආගම රැක ගන්න ඕනේ. එ්ක රකින්න කවුරු මැරුවත් කමක් නැත.

:       6       168

sam Wednesday, 11 April 2018 09:49 AM

ඔය ඉන්න ඔක්කොම අය කොටි තමයි. කාලකණ්ණි තමයි. යන්න ටැමිල් නඩුවට...

:       171       268

casmir Wednesday, 11 April 2018 09:50 AM

සාමාන්‍ය සිංහල සහ දෙමළ ජනතාවට ජාතිවාදය අවශ්‍යම නැහැ. මේවා රටින් පිට ඉන්න දෙමළ ජාතිකයෝ දේශපාලකයින්ට සල්ලි දීලා ප්‍රශ්න ඇතිකරන්න කරන දේවල්... ලංකාවේ ප්‍රශ්න අතිවුනොත් එයාලාට දිගටම එහෙ ඉන්න පුළුවන්. මේක හරිම පිළිකුල් වැඩක්. දෙමළ මිනිස්සු සහ මුස්ලිම් මිනිස්සු සිංහල බහුතරය ඉන්න තැන්වල පල්ලි හදනවා කෝවිල් හදනවා. ගෙවල් හදනවා. ව්‍යාපාර කරනවා. අැයි සිංහල මිනිස්සුන්ට මේ පොළවේ ඕන තැනක ඉන්න අයිතියක් නැද්ද? සිංහල මිනිසුන්ගේ ඉවසීමේ සීමාවක් තියෙනවා. දේශපාලකයෝ කොහොමත් අවස්ථාවාදී තමයි.

:       95       196

Bamunuarachchi Wednesday, 11 April 2018 09:53 AM

අනේ හාමුදුරුවනේ මේ දෙමළ පුතාලට පන්සලට එන්න ඉඩදුන්නේ ඇයි? නොදන්වා පැමිණියා නම් පන්සල් භූමියට වද්දගන්න එපා. දන්වා පැමිණෙනවා නම් සිංහලයින් දැනුවත් කර බස්රථ කීපයකින් සිංහලයින් ගෙන්වා ගන්න. දෙමළ පුතාලට අපි උත්තර දෙන්නම්...

:       209       298

Bamunuarachchi Wednesday, 11 April 2018 09:57 AM

ගෝඨාභය මැතිතුමනි, ඔබ නැතිපාඩුව හොඳටම දැනේ.

:       74       313

Bamunuarachchi Wednesday, 11 April 2018 09:58 AM

මගේ ප්‍රෙෂර් නගිනවා... මම මෙතනින් ඉවත්වෙනවා.

:       54       223

lalithsjm Wednesday, 11 April 2018 09:59 AM

කව්ද මේවා ගැන බලන්නේ? හැම පැත්තෙන්ම තැලෙන්නේ මහජාතිය... මොකද ලොකු තැන්වල ඉන්නේ කලවන් ජාතියක් නේ...

:       66       253

සමන්-ඕමානයWednesday, 11 April 2018 03:01 PM

ඔහොම තමයි මල්ලි, වැඩ බැරි අය රජ වුණාම ඒ අය බලන්නේ මොනවාහරි දීලා, බලේ රැඳිලා ඉන්න. සිරිසේනයි, රනිලුයි ඉන්නකම් රටට වගතුවක් නෑ. ඊටම හරියන අර මංගල. ජාතියක් ජම්මයක් නැහැ.

:       1       56

Bamunuarachchi Wednesday, 11 April 2018 10:02 AM

හාමුදුරුවනේ මේ පුතාලට වාඩිවෙන්න පොඩිපුටු තියන්න. සමව වාඩිකර ගන්න එපා.

:       153       225

Sira Wednesday, 11 April 2018 10:08 AM

යහපාලනේ අයට මේ රට තිබුණත් එකයි, නැතත් එකයි. ඒ අයට ඕනේ මේ වගේ අයගෙන් කුමක් හරි කරලා තමන් බලයේ ඉන්න කාලේ පුළුවන්තරම් හම්බ කර ගන්න එක තමයි. අනේ අපේ රටට ගිය කලක්... හැකි ඉක්මණට ළමයි ටික රටින් පිටකර ගන්න තමයි අපිට ඇති එකම විකල්පය...

:       81       166

Mahesh jayawickrama Wednesday, 11 April 2018 11:17 AM

මේ අයට බිම ඉඳගන්න කියන්නේ නැතිව පුටුව උඩ ඉන්දුව එකයි මෙතන කරලා තියෙන ලොකුම වැරැද්ද.. මේ හැම ප්‍රශ්නයකටම මුලත් ඕක තමයි. ඔයාලා හදන්නේ සිංහලයා එළවන්න නම් ඔයාලා බුරුතු පිටින් ඉන්දියාවට සරණාගත බෝට්ටුවෙන් යන දවස වැඩි ඈතක නැහැ.

:       79       220

shean Wednesday, 11 April 2018 12:07 PM

අනුන්ගේ ඉඩම්වල පන්සල් හදන එක සාධාරණද?! කවුරු කරත් වැරදියි..

:       136       113

BamunuarachchiWednesday, 11 April 2018 01:55 PM

මේ ඉන්නේ තව. දෙමල්ලු, සිංහලයෝ ඉන්න රටට ආවාද? සිංහලයින්, දෙමළුන් ඉන්න රටට ආවාද? එ්කට පිළිතුරු හොයා ගන්න ඔක්කෝටම කලින්. මේ රට සිංහල අපගේ රටයි. හැබැයි අර කොටළුවෝ 62ට පෙනෙන්නේ වෙනස් විදිහකටයි...

:       102       153

BamunuarachchiWednesday, 11 April 2018 02:00 PM

අනුන්ගේ රටවලට පැමිණ කෑල්ලක් ඉල්ලන්න එක සාධාරණද? ඒ රටේ මිනිසුන්ගේ ඉඩම් අයිතිය සොයන එක සාධාරණද? දන්නා මගුලක් හතා කරන්න හලෝ. මේ ප්‍රශ්නයේදී මම ඩයස්පෝරා කාරයින්ගේ රෙදි ගලවලා තිබෙන්නේ. ඔබලා වගේ සිංහලයින්ට උත්තර දෙන එක සිම්පල්...

:       177       208

Adam Wednesday, 11 April 2018 12:11 PM

රනිල් සහ සිරිසේන නම් මේ රටට හානි කරනවා. කිසිම උගත්කමක් නැති අය වගේ නටනවා "කොහෙද යන්නේ කියල අහපුවම හරියට මට පිස්සු වගේ 'කියව කියව" ඉන්නවා. හෙට අනිද්දට සිරිසේන උන්නැහේට ඉතුරු වෙන්නේ අමුඩ ලේන්සුව විතරයි. එ් තරමට මිනිසුන්ට සිරිසේන එපා වෙලයි තියෙන්නේ. තව ටික දවසකින් ගෝඨාභය ජනාධිපති වුනාම ඔය රට වටේ දුවන කොටි සේරටම යමයාගේ පිහිට තමයි.

:       1       145

dilrukshi Wednesday, 11 April 2018 12:16 PM

බෞද්ධ දර්ශනය කියලා තියෙන්නේ අනිත් මිනිසුන්ගේ දේපල ගිනිතියන්නද නැත්නම් හොරා කන්නද..?

:       756       807

BamunuarachchiWednesday, 11 April 2018 01:51 PM

මේ ඉන්නේ තව. ඉතින් සිංහලයාට හරියාවිද? බෞද්ධ දර්ශනයක් ගැන කතාකරනවා. හලෝ ඒක අහන්න ඒ ගොල්ලන්ගෙන්. අපි ඒ ගොල්ලන්ගේ රටට අාවේ නැහැ. ඒ ගොල්ලෝ අපේ රටට ආවා. දුටුගැමුණු රජතුමාටත් යකා නැග්ගේ එ්කයි. විජයන් කියන කල්ලතෝනියා අාවේ දියුණු මිනිසුන් සිටි රටකට...

:       0       143

BamunuarachchiWednesday, 11 April 2018 02:15 PM

නෝනගේ මහත්තයා දෙමළ අයෙක්ද?

:       1       157

සමන් - ඕමානයWednesday, 11 April 2018 02:52 PM

මේ වගේ අදහස් තියන මිනිස්සුත් ඉන්නවනේ! ඇයි ඔහේ සිංහලයාටම ඔහොම ගරහන්නේ? පවතින පූජනීය ස්ථානයකට ගිහින් ඉඩම් අයිතිය ගැන කතා කරන එකේ අරමුණ මොකක්ද කියලා ඔහේට වැටහෙන්නේ නැද්ද? ඔහේ ජීවත් වෙන්නේ ලංකාවේද?

:       63       95

Bamunuarachchi. Thursday, 12 April 2018 12:16 AM

ඉන්නවා මහත්තයෝ ඉන්නවා, පිටරටත් ඉන්නවා මෙරටත් ඉන්නවා

:       1       15

කරුණාපාල Wednesday, 11 April 2018 12:26 PM

ඔය මෙතන පාට් දාන සිවාජිලිංගම් කියන්නේ, විග්නේශ්වරම්ගේ ගෝලයෙක් නේද? උතුරේ කොටි අණ පතුරවන විග්නේශ්වරම් කියන්නේ, වාසුදේව මහත්තයාගේ මස්සිනානේ. බැරිද නෑදෑ කමටවත් විග්නේශ්වරම්ව ටිකක් ශේප් කර ගන්න. එතකොට ගෝලයෝ ඉබේටම නිහඬ වෙයි.

:       30       17

jayantha Wednesday, 11 April 2018 03:02 PM

නායකයෝ මෙහෙම වුනාම මේක තමා පිළිතුර. ඡන්දය දුන්නු වරද නරකාදි අයට... ආගමත්, ජාතියත් නැතිවෙන දවස ළඟම එනවා.

:       0       29

රංබණ්ඩා Wednesday, 11 April 2018 03:23 PM

මේ සියල්ලටම විසදුම ඉක්මනටම ලැබේවි

:       1       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 1562 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


එල්ලුම් ගහට කොකා පෙන්නූ චුදිතයෙක් දසක තුනකට පසු මාට්ටු
2024 අප්‍රේල් මස 18 756 0

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ


ශ්‍රීලනිපයට වෙන්න යන දේ දයාසිරි මතක් කරයි
2024 අප්‍රේල් මස 18 637 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම


සිසුවා කාසල්රී ජලාශයේ සැඟවේ
2024 අප්‍රේල් මස 18 332 0

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


කුඩ්ඩාට සපෝට් කළ එස්.අයි සහ සාජන් මාට්ටු
2024 අප්‍රේල් මස 18 567 0

මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවකුට ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු දුරක


අනතුරින් තුවාල ලැබූ සිසුවා මියයයි
2024 අප්‍රේල් මස 18 522 0

හික්කඩුව -බද්දෙගම මාර්ගයේ ගෝනපිනුවල ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1503 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1403 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site