IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ඥානසාර හිමිට බන්ධනාගාර නීතියට අනුව සිර ඇඳුමක්

(ජයන්ත සමරකෝන්)


සිරදඬුවම් නියම වී  ශ්‍රී ජයවර්ධනපුර  රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට බන්ධනාගාර නීතිය යටතේ  සැහැල්ලු  සිර ඇඳුමක් නිකුත් කර ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි.


අධිකරණයට අපහාස කළැයි වරදකරු වු ඥානසාර හිමිට වසර 6ක සිරදඩුවමක් පසුගියදා හිමි වු අතර පවතින අසනීප තත්ත්වයක් හේතුවෙන් මේ වන විට ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබයි.
 
 



අදහස් (28)

ඥානසාර හිමිට බන්ධනාගාර නීතියට අනුව සිර ඇඳුමක්

Bamunuarachchi Sunday, 12 August 2018 05:33 PM

ඔබ වහන්සේ මොන ඇඳුම ඇන්දත් අපට ඔබ සිංහල බෞද්ධයා වෙනුවෙන් පෙනීසිටි ඥානසර ස්වාමින් වහන්සේමය. අපේ හාමුදුරුවනේ වැඩේ ඉතිරි කොටස හිරගෙයින්ම පටන්ගන්න.

:       5607       10368

pjSunday, 12 August 2018 10:17 PM

බුද්ධ පුත්‍රයන් පෙනී සිටිය යුත්තේ සියළු සත්වයන්ම වෙනුවෙනි. කොටසක් වෙනුවෙන් පමණක් පෙනී සිටින්නේ නම් ඒ චීවරයට අපහාස කරන අන්තවාදී ජාතිවාදීන්ය. උල්පන්දම් දෙන්නෝ ද එම පන්තියේමය.

:       634       622

Nihal Sunday, 12 August 2018 05:43 PM

මේක පෞද්ගලික තරහකට දීපු දඩුවමක්ද? අධිකරණයට පොලිසියට කව්රුත් අපහාස කරන්නේ නැ වැඩ කරන සමහර දුෂිත නිලදාරින්ට බනිනවා

:       988       1736

BamunuarachchiMonday, 13 August 2018 12:15 AM

ඔය ආයතන දෙක ගැන සකතික දෙන්න ඉක්මන් වෙන්න එපා. දඬුවම දුන්නේ පුද්ගලික තරහකට නොවෙයි ඒ වගේම අපේ හාමුදුරුවෝ කතා කරන්නෙත් පුද්ගලික තරහකට නොවෙයි, අපේ ජාතිය ආගම වෙනුවෙන්. විනිශ්චය කාරවරු ඔවුන්ගේ කාරිය කළා සිංහල බෞද්ධ අපි අපේ හාමුදුරුවෝ බේරා ගන්න කටයුතුකරමු.

:       130       131

Ashan Sunday, 12 August 2018 08:32 PM

බමුණුආරච්චි , මෙච්චරකල් මම හිතන්හිටියෙ සිංහල බෞද්ධ කියන්නෙ නීති ගරුක, සතුරාටත් මෛත්‍රී කරන සාමකාමී කෙනෙකුට කියලා.

:       13       114

ravi Sunday, 12 August 2018 08:50 PM

අපි ඉස්සෙල්ලම නීතියට ගරු කරමු ... !

:       3       22

maheshika Sunday, 12 August 2018 09:27 PM

මෑත ඉතිහාසයේ අධිකරණයට අපහස කරන ලද එකම කෙනා මෙම හිමිද? එක දෙයක් කීමට කැමැත්තෙමි. මෙම ස්වාමින්වහන්සේගේ ක්‍රියා පිළිවෙල බොහෝ විට අනුමත නොකෙලෙමි . නමුත් මේ සිරගත කිරීම තුල , හිමි කල කී බොහෝ දේවල්වල යම් සත්‍යතාවයක් ඇද්ද යන්න සිතෙන්නට පටන්ගෙන ඇත.

:       9       120

makola mangala Sunday, 12 August 2018 11:02 PM

බන්ධනාගාරය වෙත ගෙනියනකම්වත් ඉවසන්න බැරි වෙන්න තරම් පුදුම අමාරුවක්නේ තියෙන්නේ. මේවාගෙන් පැහැදිලිව පේනවා මේක පැහැදිලි පලිගැනීමක් බව...

:       10       114

rocky Sunday, 12 August 2018 11:48 PM

බමුණෝ, ලෝකයේ කිසිම ජාතියක් කිසිම භාෂාවක්, ආගමක ඇදහිලි ක්‍රමයක් පිරිසිදු නැහැ. එ්ක තේරුම් ගන්න මොලයක් නැති විචාර බුද්ධියක් නැති ළිං ගෙම්බන් නිකන් මහා පණ්ඩිතයන් වගේ පච පච ගානවා. මොන ආගමක පූජකයෙක් වුවත් ජීවත් වන ජනසමාජයේ අන් අයට බලපාන පොදු නීතියට යටත් විය යුතුයි. එහෙත් ඔහු රටේ නීතිය උල්ලංඝනය කළ බව ඔප්පු වෙලා තියන නිසයි ඔහුට දඬුවම් කරලා තියෙන්නේ. සිංහල බෞද්ධයාට විතරක් නොවෙයි, මේ රටේ උපන් කාටත් මෙහෙ ජීවත් වෙන්න සමාන අයිතිවාසිකම් ලබාගන්න අයිතියක් තියෙනවා. බුදුහාමුදුරුවෝ ඔහෙලාට සින්නක්කර ඔප්පුවක් දීලා තියනවද? මේක ඔහෙලාට විතරක් අයිතියි කියලා... මහත්තයෝ, බුද්ධ ධර්මය කියන්න ලෝකෙටම උතුම් ධර්මය. එක මේ " බඩගෝස්තරවාදී දේශපාලන සංගම් එක්ක පටලවා ගෙන බුද්ධ ධර්මයත් කණපිට හරවන්න යන්න හොඳ නැහැ! ඔබේ මතයේ හැටියට ඕනෑම තක්කඩියෙක් සිවුරක් දාගෙන උසාවියකට පැනලා කටයුතුවලට බාධා කළාම නඩුකාරයත් ඔහුට "එහෙයි අපේ හාමුදුරුවනේ" කියලා වඳින්න ඕනනේ!

:       1486       1807

MAARFernando Monday, 13 August 2018 12:09 AM

නීතිය ඉදිරියේ සැමදෙනාම එක සමාන විය යුතු යි.

:       12       23

Wickramasekra Monday, 13 August 2018 01:16 AM

ඇයි මෙයා ජම්පරේ අඳින්නේ නැත්තේ ..අපේ රටේ නීතිය ඒ තරමටම පිරිහිලාද?

:       137       129

Weerasena Monday, 13 August 2018 02:05 AM

ඔබට අබ සරණ වේවා!!!

:       119       15

BamunuarachchiTuesday, 14 August 2018 01:10 AM

අබසරණ ඉල්ලන්නේ කාටද මොන හේතුවකටද?

:       1       0

වසන්ත Monday, 13 August 2018 02:10 AM

දූෂණ, පාතාල සබඳතා, හොරකම් ආදී කාරණා මෑතකදී කරන ලද මිනී මැරුම් ආදී ක්‍රියාවලට සම්බන්ධ සංඝයා වහන්සේලාටත් ඔය ඇඳුම දෙන්න වෙනවා. නැත්නම් උන්වහන්සේලා සංඝාධිකරණයකින් ශාසනයෙන් නෙරපන්න වෙනවා.

:       0       26

සරත් Monday, 13 August 2018 02:13 AM

මේක බරපතල වැඩ සහිත දඬුවමක්. ඔය නව ඇඳුමත් එක්ක ගල් කොරියේ වැඩකරන කොට කොතරම් කැතද?

:       4       9

BamunuarachchiMonday, 13 August 2018 06:47 PM

ඕවත් වැඩද මැන්ඩෙලා අවුරුදු 25 හිටියේ. අපේ හාමුදුරුවනේ ඔබවහන්සේ නිදහ්ස්වෙලා එනවිට සිංහලයාට තව දිස්ත්‍රික්කයක් අඩුවෙලා තියේවි.

:       12       42

Manjula Monday, 13 August 2018 02:15 AM

සිංහල බෞද්ධ ලේ වල හඬ වැළැක්විය නොහැක. නව අරම්භයකට මුල පුරමු හාමුදුරුවනේ...

:       58       322

ජයන්ත මිලානෝ Monday, 13 August 2018 04:04 AM

රටක් ඉදිරියට යන්නේ නැත්තේ පරන"ආරච්චි ලාගෙ බමුණූ"මත හා ජාතිවාදී අදහස් නිසායි .

:       63       119

Sakwithi Monday, 13 August 2018 05:26 AM

තනිකර පළිගැනීමක් විතරයි. ඒක වහන්න හැදුවට රටම දන්නවා.

:       619       650

p.d goonawardena Monday, 13 August 2018 06:40 AM

මේක පෞද්ගලික තරහකට දීපු දඬුවමක්. අධිකරණයට පොලිසියට කව්රුත් අපහාස කරන්නේ නෑ වැඩ කරන සමහර දුෂිත නිලධාරින්ට බනිනවා.

:       2       32

upali Monday, 13 August 2018 06:57 AM

බමුණු ආරච්චි හරි මොනදේ ඇන්දත් අපට ඔබ සිංහල බෞද්ධයා වෙනුවෙන් පෙනීසිටි ඥානසාර ස්වාමින් වහන්සේමය ඉක්මනින් නිදහස ලැබේවා!

:       309       311

0 Monday, 13 August 2018 07:12 AM

ආණ්ඩුවේ අවසානය

:       249       187

kalani Monday, 13 August 2018 07:53 AM

වසර ලක්ෂයකට පෙර මුගුරක් අතින් ගත් මානවයා - පෘතුවියේ බුද්ධිමත් මිනිසා - ම්ලේච්ජත්වය පසු කල මිනිසා - මානව විද්‍යාව , සමාජ විද්‍යාව, ජෛව විද්‍යාව තම දරුවන්ට උගන්වන මිනිසා -ආගමිකව ,වර්ගවාදිව, ජාතිවාදීව - සිටියි. සියලු දේ විද්‍යාත්මකව, තර්කානුකුලව අධ්‍යයනය කරන මිනිසා ආගම, ජාතිය, අන් මත නොඉවසීම මත අන්තවාදිවෙයි. ගොරෝසු වෙයි. අධිකරණ තීන්දුවට එරෙහි වෙයි.

:       8       39

සසිත් Monday, 13 August 2018 08:25 AM

කණගාටුයි.

:       86       60

Deepal Nirosh Monday, 13 August 2018 09:17 AM

සිපිරි ගෙදරදි මොන ඇඳුම ඇඟලා ගත්තත් කමක් නැහැ,නො කළ යුතු කටයුතු දෙකයි. එකක් ජනාධිපත් සමාව අයැදීම, අනෙක අධිකරණ තීන්දුව අභියායචනයකට ලක් කීරීම. තීන්දුවට හිස නමා නියමිත කාලය සිරගත වීම ඉතාමත් ගෞරාන්විතයි. කොහොමටත් තව අවුරුදු දහසකින් පමණ මේ බුද්ධෝත්පාද කාලය නිම වී දීර්ඝ අබෞද්ධෝත්පාද කාලයක් එළඹෙනවා.

:       110       5

BamunuarachchiTuesday, 14 August 2018 01:08 AM

මේ ස්වාමින්වහන්සේ කොතනකදීවත් ජන්නධිපති සමාව ඉල්ලා නැත. ජනාධිපති සමාව දියයුතුයි කියන්නේ සිංහල බෞද්ධ අපිය. එසේම අධිකරණ තීන්දුව අභියාචනවා ලක් කිරීමට ඉල්ලීම මානව හිමිකමක් ඔබ මොනවාද මේ කතාකොරන්නේ?

:       128       15

Bamunuarachchi Monday, 13 August 2018 06:37 PM

Ashan ඒ කාලේ පහුවෙලා බොහොම කල් එහෙම මෛත්‍රී කරපු රටවල දැන් බුද්දාගම නැහැ.

:       108       0

vidya Friday, 17 August 2018 03:37 AM

හාමුදුරුවනේ රටේ නීතිය කාටත් පොදුනේ.. ගිය සැරේ හිරේ ඉඳල ආවට පස්සේ කීවේ හොඳට ධර්මය අවබෝධ කර ගත්තා කියලා. බුදුරජාණන් වහන්සේ අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කරලා බුද්ධත්වයට පත් වුනේ. ඔබ වහන්සේට මේ සසර දනව්වෙන් එතර වෙන්න කොපමණ සේවයක් කල හැකිද? මට මතකයි භික්ෂූන් වහන්සේ නමක් වදාලා" තින්ක් පොසිටිව්" කියලා. නැතිනම් ආයේ එක් එක්කෙනා උගුල්වලට අටවයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අදත් තැනින් තැනට වැස්ස
2024 අප්‍රේල් මස 19 31 0

බස්නාහිර,සබරගමුව,වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්ත


අනුර- සජිත් පොඩි ළමයි
2024 අප්‍රේල් මස 19 300 0


වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 2851 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


එල්ලුම් ගහට කොකා පෙන්නූ චුදිතයෙක් දසක තුනකට පසු මාට්ටු
2024 අප්‍රේල් මස 18 1579 0

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ


ශ්‍රීලනිපයට වෙන්න යන දේ දයාසිරි මතක් කරයි
2024 අප්‍රේල් මස 18 1135 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම


සිසුවා කාසල්රී ජලාශයේ සැඟවේ
2024 අප්‍රේල් මස 18 486 0

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1506 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1410 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site