IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ඥානසාර හිමිගේ මාස 6ක සිරදඬුවම වසර 5කට අත්හිටුවයි

සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට බැන වැදුනැයි සය මාසයක සිරදඬුවම් නියමව සිටින බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ එම දඬුවම වසර 05ක අත්හිටුවීමට හෝමාගම මහාධිකරණය  අද(08) නියෝග කෙළේය.


අතුරුදන්‍ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිය සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට අධිකරණ භූමියේදී බැන වැදුනැයි කියන සිද්ධියට හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයෙන් සය මසක සිර දඬුවමක් නියම වී තිබිණි.
 

ඊට එරෙහිව ඇපෑලක් යොමු කරනු ලැබූ නිසා ඒ හිමියෝ එම සිද්ධියට ඇප මත සිටියහ.
 
අද එම නඩුව කැඳවූ මහාධිකරණය ඥානසාර  හිමියන්ගේ සය මාසයක සිර දඬුවම වසර පහකට අත්හිටුවීමට නියෝග කළේය.
 
කෙසේ නමුත්  අධිකරණයට අපහාස කිරීමේ නඩුව සම්බන්ධයෙන් ඒ හිමියෝ තවදුරටත් සිරදඬුවම් විඳිති.

(36698)

ඡායාරූප - ළහිරු හර්ෂණ



අදහස් (17)

ඥානසාර හිමිගේ මාස 6ක සිරදඬුවම වසර 5කට අත්හිටුවයි

ravi Friday, 08 February 2019 11:26 AM

එතකොට.. බීමත්ව රියපැදවීම, ජාතිවාදී සහ ආගම්වාදී කැරලි.. සංවිධාන කිරීම.. දූෂණ චෝදනා .. මේවා අපේ රටේ සහ බෞද්ධ ප්‍රතිපත්තිවලට අදාල දේවල්ද... මේ වැරදිවලට දඬුවම් නැද්ද ..?

:       8652       2420

NimalFriday, 08 February 2019 12:37 PM

අනේ යන්න...

:       171       78

kamalanath kumarFriday, 08 February 2019 02:27 PM

රවී නුඹලා වගේ නරුමයින් ලෝකේ කොහෙවත් නැහැ මොකද නැණසර හිමි කියන්නේ නිකන් කාලා බීලා ඉන්න භික්ෂුවක් නොවෙයි.. ඒතුමානන් ගොඩක් හොඳ දේ කරලා තියෙනවා.. තමුන්ලා වගේ නිකමෙක් නෙමේ මට හරිම කණගාටුයි සිංහල මිනිහා ගැන...

:       1280       4498

raviFriday, 08 February 2019 04:17 PM

අපිට ඔය අනුශාසනා අවශ්‍ය නැහැ..

:       3872       41

නාලකFriday, 08 February 2019 05:06 PM

කාලා ඉන්නවා කෙසේවෙතත් මෙයාලා බීලා ඉන්නවා කියලා නම් සාක්ෂි තියෙනවා පොලිස් පොත්වලත්...

:       1552       2274

ranjithFriday, 08 February 2019 03:43 PM

බත් බැලයො නිසා තමයි අපි අවුරුදු 400 විතර පරදේසක්කාරයන්ට යටත්වෙලා හිටියේ. දැනුත් එයිට හපන් මේ කළු සුද්දෝ නිසා.

:       113       3316

chinthakaSunday, 10 February 2019 03:46 AM

"සුද්දා මේ රට නිකන්ම දාල යන්නේ නැහැ, උන් යන්නේ උන්ටත් වඩා පරදේශක්කාර කළු සුද්දෝ රොත්තක් මේ රටේ ඉතුරු කරලා"-

:       0       0

yaka mahathayaSaturday, 09 February 2019 04:43 AM

ඔබතුමා වැන්නන්ට අපේ රටේ තැනක් නැත. එය තමයි සත්‍යයය. ඉතාමත් සෝචනීයයි. අපේ සමාජය දැඩි ලෙස ප්‍රචණ්ඩකාරී වී ඇති බව පැහැදිලියි.

:       18       0

rasika Friday, 08 February 2019 04:06 PM

රවී මහත්තයා.. ලංකාවේ වැඩිදෙනෙක් උප්පැන්නෙට බෞද්ධ වුණු අය... ඒ නිසා කහ රෙද්දක් අඳින ඕනෑ කෙනෙකුට ඕනෑම ජරාවැඩක් කරන්න පුළුවන්... අපේ අයගෙන් වැඩිපුරම සත්කාර ලැබෙන්නෙත් එහෙම අයට තමයි...

:       1233       191

Nihal Friday, 08 February 2019 05:32 PM

නීතිය සැමට සමාන නැති නිසානේ එල්.ටී.ටී.ඊ. නැවත ඕනේ කියපු අයට කිසිඳු දඩුවමක් නැත. අභය භූමි වනසන, උසාවි කළු තෙල් ගහන අයට කෝ දඩුවම්?

:       0       1177

රවීන්ද්‍ර Friday, 08 February 2019 09:50 PM

දැනට සිර දඬුුුුවම් විඳින පුද්ගලයෙක් ‌‌කොහොමද සිවුරු ඇඳගෙන අධිකරණයට එන්නේ..? රටේ නීතිය හැමෝටම එකක් ‌නොවෙයිද?

:       201       35

canada dissa Friday, 08 February 2019 10:33 PM

චෝදනාවට වරදකරු වී බන්ධනාගාර ගත වූ වරදකරුවෙකුට බුද්ධ චීවරය අහිමියි.

:       160       52

ranjith Friday, 08 February 2019 10:57 PM

සංඝයා වහන්සේ කෙනෙක් ලෙස හැසිරිය යුතු අන්දම ගැන චුට්ටක්වත් හිතුවා නම් කරදරනේ නේද? මේ අාත්මේම පව් නේද මේ ගෙවන්නේ... ?

:       101       60

JAYASEKARASaturday, 09 February 2019 05:47 AM

ඔයාට ඉතිහාසය අමතකවෙලා... එතකොට වාරියපොළ ශ්‍රී සුමංගල හිමි... රත්මලානේ ධර්මාරාම හිමි... මිගෙට්ටුවත්තේ ශ්‍රී සුමංගල හිමි... පුස්තකාලෙකට ගිහිල්ලා උන්වහන්සේලාගේ චරිතාපදාන කියවන්න... නැත්තන් අායෙමත් මුල ඉඳලා දහම් පාසල් යන්න... එතකොට නියම උත්තරයක් ලැබෙයි..

:       32       55

AsankaSaturday, 09 February 2019 06:10 AM

ඔය කියපු කිසි භික්ෂුවක් බීමතින් වාහන එලවලා මිනිස්සු යටකළා කියලා නැහැනේ.. මම ඔය පොත් ඔක්කොම කියවලා තියෙනවා.

:       55       110

RasikaSaturday, 09 February 2019 02:37 PM

ඒ උත්තමයන් කුණුහරුප කිව්බවත්, අනෙක් ආගමික අන් ජාතිකයන්ට හිංසා කළ බවත් මම නම් අහලා නෑ. ඔබතුමා දන්නවා නම් එහෙම සඳහන් වෙන ඉතිහාස පොතක් කියන්නකෝ..

:       0       48

ravi Saturday, 09 February 2019 07:38 AM

"බෞද්ධ භික්ෂුවක් " කියන්නේ බෞද්ධ ප්‍රතිපත්ති වලට අනුව තම.. සිත , කය , වචනය පාලනය කරගෙන බෞද්ධ ජීවිතයක් ගතකරන පුද්ගලයෙක් නේද..? දැන් ඉතින් උත්සාහකරලා බලන්න ඒ වගේ කෙනෙක් අපේ මේ .. බෞද්ධ මව්බිමේ ඉන්නවද කියලා..

:       186       36

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සුනාමි කුලුනු 77න් 55කම පණ ගිහින්
2024 අප්‍රේල් මස 19 56 0

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දිවයිනේ වෙරළබඩ ප්‍රදේශ ආවරණය වන පරිදි දිස්ත්‍රික්ක දාහතරක කෝටි 13 කට වැඩි වියදමකින් ස්ථාපනය කෙරුණු සුනාමි සහ සුළි සුළං සඳහ


මළ මිනියක් අරන් ණයක් ගන්න බැංකුවට එයි
2024 අප්‍රේල් මස 19 1540 1

බ්‍රසීලයේ රියෝ ඩි ජෙනෙයිරෝ බැංකුවට රෝද පුටුවක තබා ගත් මළ සිරුරක් රැගෙනවිත් එම මියගිය පුද්ගලයාගේ නමට ඇමෙරිකානු ඩොලර් 3250 ක (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 10 කට ආ


නවකවදය මට්ටු කරන්න මෛත්‍රී මාසය එයි
2024 අප්‍රේල් මස 19 472 1

විශ්ව විද්‍යාලවල නවක වදය අඩුකිරීම සඳහා වෙසක් සමයේදී මෛත්‍රී මාසය යන තේමාව යටතේ නවකවද විරෝධී වැඩසටහනක් ආරම්භ කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය ක


ගැබිනි මවට බෝට්ටුව තිඹිරිගෙයක් වෙයි
2024 අප්‍රේල් මස 19 548 0

යාපනය නාගදීප ප්‍රදේශයේ දී ප්‍රසව වේදනාවෙන් සිටි මවක් රෝහලට මුහුදු මාර්ගයෙන් රැගෙන යමින් සිටිය දී මගී යාත්‍රාවක් තුල දී බිළිඳෙකු ප්‍රසූත කර ඇති බවට වා


කන්ටේනරය පෙරැළි හතරක් රෝහලේ
2024 අප්‍රේල් මස 19 416 0

අම්පාර සිට වැලිමඩට හාල් තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් ටැංකියක් සහිතව ධාවනය වූ විශාල ලොරි රථයක් අද( 19 ) බදුල්ල නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ වේල්ලව


ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 576 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 208 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1513 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site