IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ඥාතියකු නැති කත ක්වේටයේ සිට වැඩිහිටි නිවාසයකට

ප්‍රසාද්  මුතුකුඩ 

වසර 40 පමණ  ආසන්න කාලයක් කාලයක් කුවේට් රාජ්‍යයේ සේවයේ නියුතුව සිටි  ශ්‍රිලාංකික කාන්තාවක් එරට ශ්‍රිලංකා තානාපති කාර්යාලය මැදිහත්ව රජයේ  වැඩිහිටි නිවාසයකට යොමු කිරීම සඳහා (15) උදෑසන  මෙරටට  එවා  ඇතැයි කටුනායක  ශ්‍රි ලංකා විදේශ සේවා කාර්යංශය පවසයි.

කුවේට් ගුවන් සේවයට අයත් කේ යු 356 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපළට පැමිණ සිටි ඇත්තේ පානියන් දුවගේ ගුණවතී (72)  වියැති තැනැත්තියකි.

ලංකාවට පැමිණෙන විට ඇයට නවාතැන් දීමට කිසිදු ඥාතියකු සොයා ගැනීමට අපොසත්ව ඇති බැවින් විදේශ කටයුතු අමාත්‍යංශය කරන ලද ඉල්ලීමකට අනුව විදේශ සේවා නියුක්ති කාර්යංශයේ කටුනායක ගුවන්තොටුපළේ කවුළුවේ නිළධාරිනියන්ගේ සහය ඇතිව මෙම   කාන්තාව   සමාජ සේවා  දෙපාර්තමේන්තුවට අයත්  මීරිගම සෙත් සෙවණ  වැඩිහිටි නිවාසයට ගෙන ගොස් ඇරලීමට  කටයුතු සළසා තිබුනි.

දෙපාවාරු නොමැති හෙයින්  ගුවන්තොටුපළේ සත්කාරක  සේවිකාවක් විසින් ඇයව  රෝද පුටුවක තබාගෙන  පැමිණිමේ පර්යන්තයට ගෙන විත් තිබු අවස්ථාවේදී  ගුණවති මහත්මිය  මෙලෙස පැවසීය. 

‘‘මම කාසාද බැදලා ටික කාලයක් යන විට මගේ මහත්තයා මාව දාලා වෙන දීගයක ගිහින් හිටියා.  ඒ වේදනාවත් එක්ක මම කුවේට් ගියා මට කාත් කවුරුත් නැහැ.  වසර ගණනක් දුක් වින්දා.  එහේ යුද්දේ කාලෙත් මම  වැඩ කළා. පසුව කුවේට්  ස්කෝලයක පිරිසිදු කරන්නීයක ලෙස සේවය කළා. ලැබුණු  පඩිය  කෑම නවාතැන් වලට වියදම් වුණා. 

පොරොන්දු පඩිය ලැබුණේ නැති නිසා අතේ සල්ලියක් ඉතුරු වුණේ නැහැ ටික ටික මම මහළු වුණා. දනිස් දෙක  අමාරු නිසා කකුල් පණ නැති වුණා. ඇවිද ගන්න බැරිවුණා.  ඒත්  පුළුවන් විදියට වැඩකළා. මට හැත්ත දෙකක් වුණා කුවේට්වල ඉන්න ලංකාවේ අය මට කන්න බොන්න දුන්නා ඒ අයට ගොඩක් පිං. ලංකාවට ගිහින් තමයි මිය යන්න ඕනෑ කියලා හිතුණා. කාරුණික මහත්වරුන් ගෙන් මම ඉල්ලන්නේ  ලංකාවේ අපි වගේ කාන්තාවන්ට  සාධාරණය  බොහෝ විට මෙහිදි  ඉටු වන්නේ නැහැ මට සල්ලිත් නැහැ දැන් හුස්ම  ටික යනකන් සැනසිල්ලේ  ඉන්න ලැබුණොත් ඇති යැයි ඇය වැඩිදුරටත්  කීවාය.
 



අදහස් (5)

ඥාතියකු නැති කත ක්වේටයේ සිට වැඩිහිටි නිවාසයකට

ferna Monday, 16 April 2018 08:23 AM

වැඩිහිටියන් තමන්ගේ අනාගතය ගැන වඩාත් සැලකිලිමත් නොවුනොත්,...

:       0       3

BamunuarachchiTuesday, 17 April 2018 02:39 AM

තමන්ගේ අනාගතය ගැන වඩාත් සැලකිලිමත් වෙන්න ඕනේ වැඩිහිටියෝ වෙන්න කලින්. තිබෙන දේ දරුවන්ට දෙන්න කලින්. ඔය එකක්වත් කර ගන්න බැරි අය ලෝකේ ඕනෑතරම් ඉන්නවා. මොනවා කරන්නද බුද්දාගමේ හැටියට තමන් කරලා තිබෙන පව් පින් තමයි.

:       0       0

kalpa Monday, 16 April 2018 08:28 AM

මෙවැනි දැන්වීම් දෙකක් දැක්කා. අපේ රටේ ජාතික ආදායමට විශාලම දායකත්වයක් විදේශගත ශ්‍රමිකයන්ගෙන් ලැබෙනවා. මෙලෙස අසරණ වන අය මේ දෙදෙනට වඩා ඇති කියල හිතෙනවා. ඔවුන් ගැන හිතලා එ් අයට රැකවරණය දීමට යම් ආයතනයක් ඇතිකරනවා නම් ඉතා වැදගත්...

:       0       84

mohammed Monday, 16 April 2018 09:38 AM

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මීට වඩා වැඩ කරන්න ඕනේ. විදේශ සේවයේ ඉන්න අයත් දැනගන්න ඕනේ ලංකාවට සල්ලි එවන්නේ නැත්තම්, මොකටද පිටරට ගිහිල්ලා ඉන්නේ කියලා..

:       11       18

buddhi Tuesday, 17 April 2018 06:03 AM

මෙහි ඇතුලාන්තය වෙනස් විය හැකියි. මෙම කාන්තාව ස්වාමියා වෙන විවාහයක් කරගත් බව කිව්වත් වැඩි දෙනා කරන්නේ මින් අනිත් පැත්තයි. විදෙස් ගතව ඉන්න වියපත් සමහර කාන්තාවන් කරන කියන දේ දැක්කම ලංකාවේ කියන්නත් ලැජ්ජයි. ලැබෙන මුදල් කෑමට පමණක් ප්‍රමාණවත් කියන එකත් පිළිගත නොහැක්කක්...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 597 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 368 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 1133 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 65 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


නාවික කොමදෝරු දෙකක් කුඩු සමග මාට්ටු
2024 අප්‍රේල් මස 19 2368 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 433 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 229 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1541 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1434 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site