IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ජවිපෙ මන්ත්‍රී තර්ජනය කළ බව ඇමැති අමරවීර කියයි

ප්‍රසන්න පද්මසිරි

උමා ඔය ව්‍යාපෘතියෙන් සිදුවී ඇති හානිය බැලීමට කළ සංචාරයේ දී ජනතා විමුක්ති පෙරමුණේ පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා කාමරයකට දමාගෙන තමාට තර්ජනය කළ බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම් සහ ධීවර ඇමැති මහින්ද අමරවීර මහතා කියයි.

ව්‍යාපෘතිය නතර කරන ලෙස ඔහු තර්ජනය කළ බවත්, තමා එම කාමරයෙන් එළියට පැණගත් බවත් අමරවීර මහතා පවසයි.

මහින්ද අමරවීර මහතා අද එහි ගියේ බණ්ඩාරවෙල ප්‍රදේශීය ලේකම් කාර්යාලයේ සංවිධානය කර තිබූ සාකච්ඡාවකට සහභාගී වීම සඳහාය. උමා ඔය ව්‍යාපෘතියේ ගැටලු ගැන සාකච්ඡා කිරීමට එම රැස්වීම කැඳවා තිබුණු අතර ඊට රාජ්‍ය නිලධාරීන් රැසක් කැඳවා තිබිණි.

එම රැස්වීම කඩා කප්පල් කිරීමට ද පිරිසක් සැලසුම් කර ඇතැයි කී අමරවීර ඇමැතිවරයා තමා සාකච්ඡාවට නොයන බවත්, නිලධාරීන් කොළඹට කැඳවා සාකච්ඡාවක් සිදු කරන බවත් සඳහන් කළේය.



අදහස් (7)

ජවිපෙ මන්ත්‍රී තර්ජනය කළ බව ඇමැති අමරවීර කියයි

shanika Monday, 03 July 2017 12:32 PM

බලන්න මේ මිනිස්සු අහිංසක ඇමති කෙනෙක්ට කරලා තියෙන වැඩේ... හොඳ වෙලාවට ඇමතිතුමාට යන්න ලැබුනේ. නැත්නම් මොනවායින් මොනවා වේවිද දන්නේ නෑ.

:       0       12

P. de. silva - Canada Monday, 03 July 2017 12:55 PM

මේ දේවලින් හොඳින් පෙනී යන්නේ හැම දෙයක් පිටුපස ජ.වී.පෙ සිටින බවයි. මෙහෙම කියන්නේ යු.එන්.පි ය හෝ එස්.එල්.එෆ්.පි. ය හොඳයි කීම නොව ජ.වී.පෙ ඇති දෙමුහුන් ක්‍රියාවලියයි. එළිපිට ප්‍රසිද්ධියේ දේශපාලනය කිරීමත් බැරි වූ විටක දී දෙවැනි කාර්යය වශයෙන් සන්නද්ධ අරගලයකින් ආණ්ඩුව පෙරලා බලය අතට ගැනීමට නිහඬ සුදානමයි. දැනුත් මේ කෙරෙන දේවල් සැක සහිතය. මෙතරම් විමුක්ති ව්‍යාපාරයක් නම් නාස්ති නොකර අසරණ දුගී ජනයාට දිය යුතුය. මේ කවුරුන්ගේත් අැත්තේ බලලෝභීත්වයයි. මෙවැනි අහස පොලොව නුහුලන දේ කිරීමෙන් රටට සෙතක් නොමැත... එකමුතුව රටේ යහපතට වැඩ කිරීමට ඥාන බුද්ධිය පහළවේවා !!!

:       30       252

රොමේෂ් Monday, 03 July 2017 01:40 PM

ධීවර ඇමතිතුමා එතනට ගියේ මාළු බාන්නද? උමා ඔයේ භූගත උමං මාර්ගයේ යන්නයි තිබුනේ...

:       0       22

[email protected] Monday, 03 July 2017 02:47 PM

මේවා සුරංගනා කථා... ඒ කාලේ අපේ අම්මලාත් කිව්වා අපිව රෑට නිදිකරවන්න.

:       0       7

ධම්ම Monday, 03 July 2017 03:03 PM

ආරක්ෂක වළල්ලක් මැද ඉඳගෙන මෙහෙම කියන්නේ කොහොමද?

:       0       7

de silva Monday, 03 July 2017 03:16 PM

පසුගිය ආණ්ඩුවෙන් ඕව හදන්න කැබිනට් එකේ අනුමැතිය ගන්න කොට ඔබතුමාත් එකේ ඉඳගෙන හිටිය බව " ඔබට මතක නැති වුණාට අදවාගේ මතකයි මට " කියලා ජ.වි.පෙ. මන්ත්‍රී කියන්න ඇති...

:       0       176

de silva Tuesday, 04 July 2017 08:56 AM

සාමාන්යෙන් මේ ගොල්ල පාරේ යනකොට අවිගත් රැකවලුන් පුරවාගත් ඩිපෙන්ඩර් දෙකක්වත් යනවා , ඒමදිවට අදාල පොලිස් බලප්රෙදේශයේ ට්‍රැෆික් යතුරුපැදි දෙකක්වත් යනවා , ජ වී පෙ මන්ත්‍රී කටින් තර්ජනය කල කියල රැස්වීමට සහභාගී නොවී අපහු හැරිලා එන්නේ මොකද ? චන්ද රැස්වීම වලදී නම් වේදිකාවට බෝම්බ ගහන කිවුවත් නගින ජාතියේ මිනිස්සු මේගොල්ල ,අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න බැරි නිසා රැස්වීමට නොයන්න හේතුවක් හොයා හොයා ඉන්න කොට මේ සිද්ධිය වෙලා තිබෙන්නේ ,

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 1166 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 235 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 1262 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 1269 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1488 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1373 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 221 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1432 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site