IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ජූලි 29 අවාසනාවන්ත දිනයක් වෙලා - හිටපු ජනපති

(රන්න- චන්ද්‍රසේන ගමගේ සහ බෙලිඅත්ත පද්මසිරි කාරියවසම්)


එදා ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා අපකීර්තිමත්  ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කළ දිනයේම ඔහුගේ බෑනා හම්බන්තොට මාගම්පුර වරාය චීන සමාගමකට පවරා දීම ඉතාමත් අවාසානාවන්ත සිදු වීමක් වශයෙන් සැලකිය හැකි බවද  ජූලි 29 දින මේ රට ට අවාසනාවන්ත සිදු වීම් ඇති කරන දිනයක් බවට පත්ව ඇතැයිද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (29) සවස තංගල්ල කාල්ටන් නිවසේදී පැවසීය.

හම්බන්තොට වරාය චීන සමාගමකට බදු දීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන්  නැගූ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමින් හිටපු ජනාධිපතිවරයා එසේ පැවසීය .


එහිදී තව දුරටත් අදහස් දැක් වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා , හම්බන්තොට දිස්ත්‍රික්කයේ පරම්පරා ගණනක් හම්බන්තොට වරාය ගැන සිහින දැක්කා. මගේ පියා ඩී.ඒ. රාජපක්ෂ මැති තුමා, චමල් රාජපක්ෂ මැති තුමා  වගේම එක්සත් ජාතික පක්ෂයේ ආනන්ද කුලරත්න වැනි නායකයන්ද හම්බන්තොයට වරාය ඉදිකරීම පිළිබදව සිහින දැක්කා. ඒ සිහිනය  මට සැබෑවක් කරන්න පුළුන් කම ලැබුණා. මට අද දිනය ඉතාමත් කණගාටු දායක දිනයක් .


නිසි කළමණාකරනයක් යටතේ ලාභ ලැබිය හැකි හම්බන්තොට වරාය චීන සමාගමකට 99 අවුරුද්දකට බදු දීම පරම්පරා ගණනකට චීන සමාගමට බදු දීමක් වෙනවා. හම්බන්තොට දිස්ත්‍රික්කයේ බොහෝ ඉඩම් ජනතාවට ලබා දී තියෙන්නේත් 99 අවුරුදු බදු ගිවසුම් යටතේයි. එම ඉඩම් වල පරම්පරා කීයක් නම් ජීවත් වෙනවාද?


මේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය වී තිබෙන්නේ ජාතික සම්පත් පාඩු ලබන තත්වයට ගෙනත් විකුණා දැමීමයි. නැත්නම් මත්තල ගුවන් තොටුපලේ වී ගබඩාක්  කරන්නෙ නෑ.



අදහස් (41)

ජූලි 29 අවාසනාවන්ත දිනයක් වෙලා - හිටපු ජනපති

Nishantha Saturday, 29 July 2017 03:23 PM

හොංකොං චීනයට අහිමි වුණා සේම, හම්බන්තොට ලංකාවට අහිමි වෙන වගයි..

:       3323       3350

Rex DubaiSaturday, 29 July 2017 04:06 PM

Hong Kong චීනයට නැවත එංගලන්තය විසින් ලබාදුන් බව මෙතුමා දන්නැතුව ඇති?

:       106       853

jantha anura Saturday, 29 July 2017 06:39 PM

එය වෙනම පරිපාලන ප්‍රදේශයක් චීනයේ පාරම්පරික උරුමය එතන දැන් නැහැ වෙනම රටක් ලෙස පෙනෙනවා ආපසු බාරදෙන්න සිදු උනා චීනය බලවත් උන පසු චීනයේ කොලනියක් කරනවා කියල බලයට පැමිණ දැන් කරන්නේ පාලනය කල නොහැකි ආර්ථික අර්බුදය නිසා ජාතික දේපල විකුණා දමනවා බදු පනවා උන් සැප වාහන සිහින දකිනවා සුද්දන් අපේ රට අපිට බාර දෙනකොට අපේ උරුමයන් යටපත් වී කුලීකාරයන් බවට පත් උනා

:       1729       3292

samSaturday, 29 July 2017 09:33 PM

රෙක්ස් ඩුබායි , ඔබ හරි . ලෝකය ගැන තොරතුරු නොදන්නා අයගේ ලංකාවේ දේශපාලන දැනුම ගැනත් කනගාටු වෙනවා හැර වෙනත් කළහැකි දෙයක් නැහැ .

:       76       228

tony-maharagamaSunday, 30 July 2017 07:31 AM

ඔය කියනදේ වෙන්නේ, පහුගිය කාලේ ඔය දේ වුනානම් විතරයි. මොකද සින්නෙටම දෙන්නයි හිටියේ " පෝට් සිටිය" වගේ. ජූලි 29 මෙයාලට අවසාවන්ත දවසක් වුණාට, ඔය උදවිය රට කරපු අවුරුදු දහයම රටේ සුළු ජාතීන්ට අවාසනාවන්ත අවුරුදු දහයක් වුනා. ළමා ලපටි අතුරුදහන් කළා, ගෙවල් ඉඩකඩම් බලෙන් පවරාගත්තා වගේම හොර ඔප්පු හදලා තානාපති කාර්යාල පවා හදන්න දුන්නා. දැන් දැන් එකිනෙක එලියට එනවා. අපි බලමු දැන්වත් දඬුවම් දෙයිද කියලා.

:       426       60

Shan saudi Saturday, 29 July 2017 03:54 PM

එතකොට යුධ හමුදා මූලස්ථානයේ ඉඩම් විකිණුවටද? හම්බන්තොට අක්කර 1400 ක් විකිණුවටද? ඔය ශෝක දිනයක් වගේ කතා කරන්නේ...

:       4627       4505

Lal Saturday, 29 July 2017 03:57 PM

මේවට සම්පුර්ණ වගකීම ගන්න වෙන්නේ හිටපු අයට තමයි.

:       2610       2502

samanSunday, 30 July 2017 04:57 AM

ඔව් සම්පුර්ණ ඇත්ත. එයාලා තමයි වගකියන්න ඕනේ. එයාලා ඕක හදපු හින්දනේ මෙයාලා විකුණන්නේ.

:       4       134

Saman Saturday, 29 July 2017 04:08 PM

යුද්ධෙන් ඉතුරුවුන සල්ලිවලින් ඕක හැදුවානම් , ඩොලර් බිලියන 1ක් ණය ගන්නෙ නැතුව, අද කණගාටුවෙන්න දෙයක් නැහැ.

:       1546       1414

[email protected] Saturday, 29 July 2017 04:12 PM

ඔය කියන නිසි කළමනාකාරිත්වය මහින්ද ට කරන්න තිබුන නේද ? දැන් කියවන්නේ. අවුරුද්දකට නැව් 10-12 ඇවිත් කොහොමද වරායක් නඩත්තු කරලා ණය ගෙවන්නේ? තමාගේ කොම්ස් කුට්ටිය ගත්තම රටට කෙල උනාට කමක් නැහැ කියල හදපුව නේද? ශක්‍යතා වාර්තා විසි කරලා , මෝඩ වැඩ කලාම කට හරි බදු නොදී වෙන මොනවා කරන්නද ?

:       2809       2494

sanjuSunday, 30 July 2017 12:31 AM

මේක ඔච්චරම මෝඩ වැඩක් නම් මොකටද චීනෙන් මේක බදු ගන්නේ. මෝඩ කතා කියන්න එපා මහත්තයෝ. මේකේ අරමුණ සහ හදපු තැන හරියටම හරි. මේ ඔක්කොගේන්ග්ම ආණ්ඩු දෙකම මංකොල්ල කනවා. ඒක තම ප්‍රශ්නේ.

:       4       710

srimalaSunday, 30 July 2017 08:16 AM

අපිට බැරිනම් චීනෙට පුළුවන් කොහොමද? මේ වරාය ජාත්‍යන්තර ප්‍රමිතියට පත් කරන්න තවත් ඩොලර් බිලියන ගණනක් යනවා. චීනයට විශාල අපනයන ජාලයක් නැව් ප්‍රමාණයක් තියෙනවා. ඔව්න්ගේ රටේ ආර්ථිකය ඩොලර් ට්‍රිලියන ගණනක්. අපිට මේ වරාය නිසා වසරකට ඩොලර් මිලියන 900ක ණය ගෙවන්න තියෙනවා. වරායේ අදායමක් නැත. පාඩුවක් පමණයි. අපේ රටේ ආර්ථිකය බිලියන ගණනක් ණයයි. ඉතින් චීනයට පුළුවන් අපිට බෑ.

:       170       68

Susil Saturday, 29 July 2017 04:21 PM

ඉතින් ඔහේ අවුරුදු 10ක්ම කලේ, පලාත් සභා, විධායක ජනාදිපතිකම අහෝසිකරනව කිව්වට කලේ නැහැනෙ.

:       1829       1583

channa Saturday, 29 July 2017 04:36 PM

මේක චිනෙට විකිනලා ගන්න හිටිය කොමිස් කුට්ටිය නැතිඋනා නිසා පිස්සුවෙන් දොඩෝනවා

:       3441       3058

Appuhami Saturday, 29 July 2017 05:01 PM

මහින්ද හදනවා මෛත්‍රි විවුර්ත කරනවා. රනිල් විකුනනවා. ඕකයි ඇත්ත.

:       37       321

maal Saturday, 29 July 2017 05:33 PM

මේකට තවමත් දවල් හීන් පෙනෙනවා වගේ කතාවේ හැටියට. ඉන්නකම් රටම උගස් කෙරුව සහෝදරයෝයි පුතාලයි එකතුකරගෙන.

:       911       486

Cj Saturday, 29 July 2017 06:35 PM

ඔබ තුමා නෙවෙයිද පොර්ට් සිටි එක චීනෙට සින්නක්කරව දුන්නේ...

:       520       396

බණ්ඩාර(කැකිරාව) Saturday, 29 July 2017 07:37 PM

මහින්ද රාජපක්ෂ හිටපු ජන්දිපතිතුමනි, ලිච්චවී රජාවන්සයටත් අවමන් කරන යහපාලන ආණ්ඩුව සිගිරියයි, දලදා මාලිගාවයි උකසට තියන්න කලින්, මේ සිංහල රට බේරගන්න ආයෙත් පෙරට එන්න.

:       527       1058

Saman Sunday, 30 July 2017 12:23 AM

දිනයෙ වැරැද්ද නෙමෙයි ගත්ත ණය ප්‍රමානයයි , ණය ගෙවන්න සරිලන අදායමක් නැති එකයි ප්‍රශ්නය. කොලඹට වාහන ගේන නැව් බලයෙන් එහාට යවල නැව් එනව කිව්වට බැහැ. මත්තලට වෙන්නත් ඕකම තමයි ඉස්සරහට, බලෙන් ප්ලේන් බාගන්න බැහැ ගුවන් සමාගම් කැමති නැත්නම්. කවුරු නැතත් ඔහේගෙ හිත දන්නවනෙ මේකෙන් කොච්චර මුදල් එහෙ මෙහෙ උනාද කියල.

:       568       289

bandula Sunday, 30 July 2017 12:37 AM

කුහකකම හිටපු ජනාධිපතිකමටත් වඩා ලොකුයි

:       2075       1279

Nandalal DE SILVA - France Sunday, 30 July 2017 01:08 AM

මෙයා දැන් කිඹුල් කඳුළු හෙලමින් යහපාලන රජය පතුරු ගහන බව මුළු රටම දන්නා කරුණක්. දැන් මෙහෙම කිවුවට එදා මෙයාම ගාලු මුවදොර අති විශාල වටිනාකමකින් යුත් විශාල භුමි භාගයක් සින්නක්කර ඔප්පුවකින් තරු හෝටල් සමාගමකට ලියා දුන්නේ එයාට ලැබුන දෑවැද්දක් කියා සිතා ගෙන වෙන්න ඇති නේද ?

:       1242       1082

nishantha Sunday, 30 July 2017 02:05 AM

තමන්ගේ සාක්කුව පිරෙන්නයි අනුවණ මිනිසුන්ගේ ඡන්දේ ගන්නයි. ඒ කාලේ කවුදෝ කෙනෙක් මේක ඔරොත්තු දෙන්නැති අධික වියදමකින් හැදුවලු... එක නැවක් වත් එන්නැති... ලැජ්ජාව වහගන්න එදා කොළඹට එන වාහන නැව් බලෙන් හම්බන්තොටට හරවලා අර වාහන අමතර පිරිවැයකින් ආපහු කොළඹට පාරෙන් ගෙනවාලු ... එයාලගේ නම අපේ හම.. (බදු ගෙවන්නේ අපිනේ) ඇති යාන්තන් දැන්වත් ආදායමක් නැති වරාය චීන්නුන්ට බදු දීල වත් ගොඩ ගන්න හැදුවට..

:       657       497

Saman Sunday, 30 July 2017 03:31 AM

දැක්කද ගිවිසුම අත්සන් කරන වෙලාවෙ චීන තානාපති කරපු කතාව ? . "මිනිසුන්ට ජාතිකත්වයක් සහ පුරවැසිභාවයක් තියෙනව. ඒත් ආයෝජනවලට, ව්‍යාපාරවලට දේශසීමා නැහැ. මේ වරාය ඉදිකරලා තියෙන්නේ හම්බන්තොට. කිසිවෙකුටත් එය එතැනින් ඉවත් කළ නොහැකියි. එහි අයිතිය තියෙන්නේ ශ්‍රී ලංකාවේ පුරවැසියන්ට. හම්බන්තොට වරායට අදාළ ව්‍යාපාර ,දේශසීමා තරණය කරමින්, ඉන්දීය සාගරය හරහා යුරෝපය ඇතුළු සමස්ත ලෝකය දක්වා ව්‍යාප්ත වේවි." ඒක මාක්ස්වාදීද, ධනවාදීද දන්නෙ නෑ, නමුත් ඒක තමයි යථාර්තය

:       16       407

Aravinda Sunday, 30 July 2017 04:29 AM

ඔබතුමා අපේ රට ආරක්ෂා කළා. රට විකුණුවේ, පාවා දුන්නේ නැහැ. නැවත මෙරට බලය ගෙන මේ ගිවිසුම් අහෝසි කර රට බේරාගන්න.

:       0       16

Padmini Sunday, 30 July 2017 06:09 AM

චීනය බලවත් නිසා වරායට නැව් ගෙන්වීමට ලොකු හැකියාවක් තිබෙනවා. හැම දේටම කෑගහන්න නිදහස ලැබුන එකම මදිද? එස්.එෆ් ට වගේ හිරේ විලංගුවේ නොවැටී...

:       225       38

wasantha Sunday, 30 July 2017 06:14 AM

තොත්ත බබාලා වගේනේ කතාකරන්නේ අනේ. රටේ ධනය කොච්චර සාක්කුවට දාගත්තාද? නමුත් ඔබතුමා යුද්ධය දිනුව වීරයෙක්... අපි ඔබට ආදරෙයි.

:       238       51

kumar (galf) Sunday, 30 July 2017 06:59 AM

මේ රට ගෙවන්නේ ඒ පව් තමයි, දැන් බයිලා කියනවා. සුදනා වෙන්න.

:       298       154

Nandalal DE SILVA - France Sunday, 30 July 2017 07:22 AM

මෙතුමා කොහොම කිවුවත් ළඟදීම, එයාටම තේරෙනවා නේ එයාගේ පළාතේ, මැස්සන් ගහන ගුවන් තොටුපොලත්, බෝට්ටුවක්වත් එන්නේ නැති වරායවකුත් හැදුවේ එයාගේ නම ලියපු බෝඩ් ලෑලි එල්ලා ගන්න කියලා! ගෙවීමට බැරි තරම් අහස උසට නැගපු ණය ගෙවා ගැනීම සඳහා රජය ගත් මේ තීරණය අගය කල යුතු වෙනවා !!!

:       283       114

Shan Sunday, 30 July 2017 07:37 AM

මේ කතා ගණන් ගන්න එපා. මෙයා රට ගිනි තියලා බලය ආපහු පවුලට ගන්න ඕන කතාවක් කියයි. ඕන ජරා වැඩක් කරයි. අවධානයෙන් හිතලා බලන්න. මොන මිනිහද රටේ ඉහළම තනතුර හොබවලා.... අායෙත් පහළ තනතුරක් හරි අරගෙන එල්ලිලා ඉන්නේ. තණ්හාව පේනවා නේද? දැනටත් පාර්ලිමේන්තුවට ඇවිත් එ්ක හරි කතාවක් කියනවද? නෑ. තැන්තැන් වල ගිහින් ඕපාදූප කිය කියා ඉන්නවා. මේ වගේ මිනිසුන් අදහන්න එපා, කරුණාකරලා.

:       1040       363

Hafeel Sunday, 30 July 2017 07:54 AM

මෙතුමාට එක දවසයි මෙහෙම ශෝක දිනයක් එන්නේ.. නමුත් මෙතුමාගේ පාලන කාලයේ පැහැරගත් තරුණයන්ට සහ ඔවුන්ගේ දෙමව්පියන්ට සදාකාලික ශෝක දිනයන් වෙලා ඉවරයි..

:       237       94

ජයන්ත මිලානෝ Sunday, 30 July 2017 08:08 AM

ඔබ අද ඔය කිඹුල්කඳුළු හැලුවාට අද ඔබ හිටියා නම් කොන්ද තිබෙන කෙනෙක් ලංකාවේ නැතිව යනවා..., ජාතික අපරාධ ගැන කතා කරන්න. ඔබතුමාගේ රෙජිමය විසින් ජාතික ධනය ඔබතුමාගේ ගෙය පුරවන නිසා....

:       421       210

සමන් Sunday, 30 July 2017 09:04 AM

මෙහෙම කථා කරන්නේ ඇඳුම් ඇඳගෙනද මන්දා?

:       204       164

මම1 Sunday, 30 July 2017 09:27 AM

අද වරායේ වසරක ආදායම රු.බිලියන 5 ක් පමණ වෙයි. අදත් පාඩු ලබනමුත් එම මුළු ආදායමම ලාභය ලෙස ගත්තත් ඇ.ඩොලර් මිලියන 1.2 ක ණයක් ගෙවීමට අවුරුදු 30,000 ක් පමණ යයි. ඒත් පොලී ගෙවීමට අවශ්‍ය නැත්නම් පමණි.

:       1       63

මම1 Sunday, 30 July 2017 09:28 AM

ඇත්ත වශයෙන්ම සිදුවිය යුතුව තිබුණේ අදාල ඉඩම් ප්‍රමාණය චීනයේ වරායන් අයත් සමාගමකට බදුදී එහි වරායක් බී.ඕ.ටී. ක්‍රමයට සාදවා ගැනීමය. එසේ වූවානම් වරාය සෑදීමට වියදම් වන්නේ රට ණය වශයෙන් ලබා ගන්නා මුදල් නොවේ. එසේම යන වියදම අනුව අවුරුදු 35-50 ක කාලයකින් වරාය නැවත රටට ලැබෙන ලෙස සැලසුම් කිරීමට ඉඩ තිබිණි. ඉදිකිරීම් වලදී ලබා ගත හැකි විශාල විදේශ මුදල් කොමිස් කුට්ටි නිසා එය එසේ සිදුවූයේ නැත.

:       1       69

මම1 Sunday, 30 July 2017 09:29 AM

හම්බන්තොට වරාය ඉදිකිරීම ආරම්භ වන්නේ 2008 වසරේදීය. 2010 වරාය විවෘත කරන විටත් 2015 දක්වාත් වරාය අශ්‍රිතව බිහිවීමට සැලසුම් කල කර්මාන්ත ශාලා සහ බිහිකිරීමට සැලසුම් කල රැකියා දේශපාලන වාසි තකා ඉදිරිපත් කරන තර්ක වලට පමණක් සීමා වී තිබිණි. එහෙත් ඒ සඳහා ලබාගත් ඩොලර් බිලියන 1.2 පමණ වන විදේශ මුදල් ණය වල වාරික සහ පොලී ගෙවීම නම් කළ යුතුව තිබිණි.

:       1       107

kumar (galf) Sunday, 30 July 2017 09:51 AM

හීනය සැබෑ කරපු එක හොඳයි, හැබැයි හතරවරම් ගහලා රට හිඟමනට පත්කළ එකයි වැරැද්ද....

:       96       151

theshan Sunday, 30 July 2017 11:14 AM

ලංකාව කියන්නේ බටහිර සහ නැගෙනහිර ලෝකය නම් කරන තහනම් ස්ථානයක්. මේ මුහුදු මාර්ගය අති විශාල වෙළඳ ගනුදෙනු වෙන තැනක්. අපේ රට පිහිටා තිබෙන ස්ථානය නිසා අපේ රටේ වරායන් වලට ලොකු අාදායම් උපයන්න පුළුවන්.. දැනට කොළඹ වරාය සතුව පවතින්නේ පර්යන්ත තුනක් පමණි. නැගෙනහිර පර්යන්තය ඉදිවීමත් සමග 4ක්. එමනිසා වේලි වේලි තියන හම්බන්තොට වරාය මේ අන්දමට හෝ දියුණු කළොත්, රටේ රැකියා විශේෂයෙන්ම ඒ ප්‍රදේශය රැකියා ප්‍රශ්න වලට පිළිතුරක් දෙන්න පුළුවන්. මොකද වරායක් ආශ්‍රිතව කර්මාන්ත පුරයක් ඉදි කළොත් රැකියා විරහිත සැමටම රැකියා ලැබෙනවා. ඒ වගේම රට මැද අභ්‍යන්තර වරායන් ඇති කරන්න පුළුවන්. ඒ මගින් රටේ ආර්ථිකයට විශාල ප්‍රාග්ධනයක් ඇති කරන්න පුළුවන්.

:       1       0

theshanMonday, 31 July 2017 08:48 AM

මෙතැන නිවැරදි කිරීමක් කරන්න ඕනෑ. මම කිව්වේ තහනම් නෙමෙයි. බටහිර සහ නැගෙනහිර යා කෙරෙන ප්‍රධාන සංධිස්ථානයක් කියලයි..

:       0       0

menna Sunday, 30 July 2017 12:49 PM

අයියලා, මල්ලිලා එකතුවෙලා ණය අරගෙන කිසිම පිළිවෙලක් නැති විදියට වියදම් කරලා, දැන් වෙන ආණ්ඩුවකට බනිනවා. ගම දියුණු කරන්න වරායවල්, ගුවන් තොටුපළවල්ම ඕනෙද? රටේ ජනාධිපති වෙලා හැමෝටම ඕනේ එක එක පොදු තැන් වලට තම තමන්ගේ නම දාගන්න. රටට හෙන ගහල ගියත් කමක් නැහැ... තමන්ගේ නම කියවෙන තැන් තියෙනවා නම්. දේශපාලකයා ජනතාවගේ සේවකයෙක්ද? ජනතාව දේශපාලකයාගේ සේවකයෙක්ද? ඔබතුමාත් මේවට වග කියන්න ඕනේ.

:       58       13

Rocky Sunday, 30 July 2017 04:06 PM

අර සේවින්ග්ස් හම්බන්තොට ගැන යමක් කතා කරමුකෝ !!!

:       0       1

Rohana Tuesday, 01 August 2017 01:39 AM

17 වෙනි සංසෝදනය සිදුකල දින තරම් ජොලියක් නැත

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති අඹේවෙල ගොවිපොළේ නිරීක්ෂණයක
2024 අප්‍රේල් මස 20 16 0

ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ


ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 315 0

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 1043 0

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 2476 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1670 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 980 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 233 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1549 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1447 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site