IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ජල සේවක පිරිසක් අද වර්ජනයක

(ආරියරත්න රණබාහු)

වැටුප් වැඩි නොකිරීමේ ප්‍රශ්නයක් මුල් කරගෙන ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ රත්මලාන ප්‍රධාන කාර්යාලය ඇතුළු කාර්යාල කිහිපයක සේවකයෝ අද (28) පැය 4ක සංකේත වැඩවර්ජනයක නිරත වන බව ජල සම්පාදන වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානයේ කැඳවුම්කරු ඉංජිනේරු උපාලි රත්නායක මහතා පවසයි.

එම විරෝධතාවට ජල සම්පාදන ප්‍රධාන කාර්යාලයේ සහ දෙහිවල සහ මොරටුව කොට්ඨාසවල සියලු සේවකයෝ සහභාගී වන බව ඔහු කීය.

මෙම පිරිස් අද පෙරවරු 9.00 සිට පස්වරු 1.00 දක්වා මෙම සේවාවලින් ඉවත්ව ප්‍රධාන කාර්යාලයට රැස්වී විරෝධතාවයේ නිරත වන බව රත්නායක මහතා පැවැසීය.

ජල සම්පාදන මණ්ඩලයේ වැටුප් වැඩි කිරීම වසර තුනකට වරක් සිදුවන බව කී රත්නායක මහතා, ඒ අනුව මෙවර එය මෙම වසරේ ජනවාරි සිට ක්‍රියාත්මක කළ යුතුව තිබූ මුත් මෙතෙක් එය සිදු නොකළ හෙයින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට පිවිසි බව ද කීය.

ප්‍රධාන කාර්යාලය මුල්කරගෙන අද සිදුකරන විරෝධතාව ද පාලනාධිකාරිය සැලකිල්ලට නොගතහොත් මේ මස 30 වැනි දින සිට බස්නාහිර පළාතේ සියලු සේවකයන් ද සහභාගී කරගෙන වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත වන බවත් පැවැසීය.

ඉන් පසුව ද පිළිගත හැකි විසඳුමක් නොලැබුණහොත් ලබන මස 1 වැනිදායින් පසු දීපව්‍යාප්ත අඛණ්ඩ විරෝධතාවල නිරතවීමට ජල සම්පාදන වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය තීරණය කර ඇති බව ද හෙතෙම කීය.



අදහස් (1)

ජල සේවක පිරිසක් අද වර්ජනයක

Sanath Monday, 28 May 2018 07:15 AM

වෙන මොකක් නැති වුනත් දවසක් දෙකක් ඉවසන්න පුළුවන් නමුත් වතුර නැතුව නම් පැයකට දෙකකට වඩා ඉවසන්න බැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විදුලි පනත මැති සබයට
2024 අප්‍රේල් මස 25 175 0

විදුලි බල පනත් කෙටුම්පත විදුලි බල හා බල ශක්තිය අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවට මීට ස්වල්ප වේලාවකට පෙර ඉදිරිපත් කළේය


සම්බන්ධන්ට පඩි සහිත තුන් මසක නිවාඩු
2024 අප්‍රේල් මස 25 360 2

හිටපු විපක්ෂ නායක ත්‍රිකුණාමල දිස්ත්‍රික් මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතාට මාස තුනක කාලයක නිවාඩුවක් ලබාදීමට පාර්ලිමේන්තුව අද අවසර ලබා දුන්නේය.


නුවරඑළියේ ස්ටෝබෙරි ගමක් හදයි
2024 අප්‍රේල් මස 25 475 0

ශ්‍රී ලංකාවේ පළමු ස්ට්‍රොබෙරි වගා ආදර්ශ ගම්මානය නුවරඑළියේ ස්ථාපිත කිරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබේ.


ශ්‍රිලනීප නායකත්වය ගන්න යන කෙනෙක්ට සුසිල්ගෙන් ටොක්කක්
2024 අප්‍රේල් මස 25 794 1

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයෝ වෙන්න දඟලන අය ජීවතේට අත ලකුණින් තරඟ කර නැතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.


රට පුරා සන්නද්ධ හමුදා කැඳවයි
2024 අප්‍රේල් මස 25 1192 2

රටේ ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා කැඳවීම සඳහා විශේෂ ආඥාවක් ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබ ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට


රිය අනතුරින් තරුණයා මරුට
2024 අප්‍රේල් මස 25 964 2

මදුරන්කුලිය නගරයේ සිට පයින් යමින් සිටි තරුණයකු කොළඹ සිට පුත්තලම දෙසට ධාවනය කරමින් තිබු වෑන් රථයක ගැටිමේන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත්කිර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 308 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1687 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1536 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site