IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ජාන වෙනස් කිරීම් ගැන පරීක්ෂණ දෙවසරකින් නෑ

විනීතා එම් ගමගේ
 
ජාන වෙනස් කරන ලද ආහාර වර්ග මෙරටට ගෙන්වන්නේ දැයි සොයා බැලීම සඳහා වසර දෙකකින් පරික්ෂාවක් සිදුකර නැතැයි වාර්තා වේ. 

 
වෙළඳපොළේ පවතින ආනයනික ආහාර ද්‍රව්‍ය අහඹු ලෙස ලබාගෙන ඒවායේ ජාන වෙනස් කරන ලද ද්‍රව්‍ය අඩංගු දැයි සොයා බැලීම සඳහා 2015 වසර දක්වා අවස්ථා තුනකදී සිදුවූ බවත් එහෙත් ඉකුත් වසර දෙකේ දී එය සිදුකර නැති බවත්  මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ජෛව විවිධත්ව ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ පද්මා අබේකෝන් මහත්මිය පැවැසුවාය.
 
කෙසේ වෙතත් එම පරික්ෂාවන් සිදුකළ කිසිදු අවස්ථාවක එවැනි ජාන වෙනස් කරන ලද කිසිදු ද්‍රව්‍යක් හමු නොවූ බව ද අබේකෝන් මහත්මිය කීවාය.
 
පරිසර අමාත්‍යංශය මඟින් බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ දී අද පැවැති සම්මන්ත‍්‍රණයක දී මෙම තොරතුරු අනාවරණය විය.  
 
ශ්‍රී ලංකාව තුළ ජාන වෙනස් කළ ජීවීන් සුරක්ෂිත ලෙස භාවිතය සඳහා ජෛවසුරක්ෂිතතාවය ක‍්‍රියාක්මත කීරීම පිළිබඳ දැනුවත් කිරීම සඳහා  මෙම සම්මන්ත‍්‍රණය පවත්වනු ලැබුයේ මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශය විසිනි.
 
ජෛව තාක්ෂණ ක්ෂේත්‍රයේ  මෑත කාලීන ප‍්‍රගතිය සහ එම තාක්ෂණය මඟින් කෘෂිකර්ම කෙෂත‍්‍රය හා සෞඛ්‍ය කෙෂත‍්‍රයට අත්වන වැදගත් ප‍්‍රයෝජන පිලිබ`දව සලකා බැලීමේ දී නවීන තාක්ෂණයේ නිෂ්පාදනයක් වන ජාන විකරණය කළ ජීවීන් පිළිබඳ පුළුල් මට්ටමින් සලකා බැලීමේ අවශ්‍යතාවය එහි දී මතුකෙරිණි.
 
ඉන්සියුලින් එන්සයිමය  නිපදවීමේ සිිට නියඟට ඔරොත්තු දෙන ශාක නිපදවීම දක්වා ජෛව තාක්ෂණය දායකවී ඇති බවත් මිනිස් ජීවිතයේ ගු-ණාත්මක භාවය වැඩි දියුණු කිරීමට එම තාක්ෂණය යොදා ගත හැකි නමුත් ජානතාක්ෂණය පිළිබ`ද මිත්‍යා මත සමාජයේ ඇති බවත් එහි දී වැඩි දුරටත් අවධාරණය කෙරිණි.



අදහස් (3)

ජාන වෙනස් කිරීම් ගැන පරීක්ෂණ දෙවසරකින් නෑ

Perakum Thursday, 29 March 2018 02:13 PM

මේක අපේ රටේ අමුතු දෙයක් නොවේ. කොතනත් සිදුවෙන්නේ සෝඩා බෝතල් න්‍යායයි. ලොකුවට සද්ද දාල පටන්ගන්නවා ඒවගේම ඉක්මනට නිහඬ වෙනවා. ජාන වෙනස් කල ආහාර වර්ග ඔය ඕන තරම් වෙළඳ පොලේ තියෙන්නේ. අපේ ගොවීන් උනත් වැඩියෙන් වවන්නේ ඒ වගේ බෝග නේද. අමුතුවෙන් කියන්න ඕන නැහැ. හැබැයි ඉතින් එකක් කියන්න ඕන. මම දන්න තරමින් ජාන වෙනස් වීම එදා පටන් ස්වභාව ධර්මයේ සිදුවුණ සංසිද්ධියක්. ඒ දෙයම පර්යේෂණාගාර තත්ත්ව යටතේ අපට අවශ්‍ය පරිදි කරගැනීමේ ඇති වැරැද්ද කුමක්ද? දන්න කෙනෙක් මේ ගැන පැහැදිලි කරදෙන්න.

:       0       23

peter perera Thursday, 29 March 2018 03:46 PM

මෙතනත් SLS දෙන තැනත් කිසිම ආහාර පරීක්ෂණ කරන්න විද්‍යාගාර නැහැ. මම ගත්ත ජෑම් බෝතලයක් ප්‍රමිතිය නැති නිසා SLS එකට දුන්නා. ටික දවසකින් SLS එකේ ලොක්කම මට කියුවා.එයාලා ළග පරීක්ෂණාගාරය ජෑම් වල සංයුතිය බලන්න තරම් දියණු එකෙක් නෙමේ කියල. මේ රජය ආයතන වල සේරම බොරු ලාංඡන sls කියල දෙන්නේ.

:       0       15

PerakumThursday, 29 March 2018 09:48 PM

පීටර්, ඔබ කියන්නේ ඇත්ත නම් මේක මහා රාජ්‍ය වංචාවක්. අපි කොහොමද SLS ලාංචනය ගැන විස්වාස තියන්නේ? රජයක් වශයෙන් මෙවැනි වංචා කරන එක මොනතරම් බරපතල වරදක්ද. මේ පිළිබඳව නීතිමය පියවර ගැනීමට අදාළ පාර්ශවයන් උනන්දු විය යුතුය.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොල් ගෙඩියක් 4000 ට වෙන්දේසි වෙයි
2024 අප්‍රේල් මස 25 1 0

යාපනය තරුණයින් පිරිසක් විසින් වාර්ෂිකව සිදුකරනු ලබන පොර පොල් තරඟයක් වෙනුවෙන් ක්‍රීඩා කිරීම සඳහා පොල් ගෙඩි කිහිපයක් වෙන්දේසි කිරීමේදී එක් පොල් ගෙඩිය


මැතිසබයෙන් දොස්තර හවුලක්
2024 අප්‍රේල් මස 25 248 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර සිටින වෛද්‍යවරුන්ගේ මූලිකත්වයෙන් පාර්ලිමේන්තු වෛද්‍ය මන්ත්‍රීවරුන්ගේ සංසදය නමින් නව සංසදයක් අද (25) පිහිටුවා ගනු ලැ


සන්නස්ගල අත්අඩංගුවට
2024 අප්‍රේල් මස 25 1584 2

චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට බව පවසා පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 10 ක් ලබාගෙන නියමිත දිනට ලබානොදී විශ්වාසය කඩකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රවීණ උස


මාස හතරට රට රැකියා පැමිණිලි 1371ක්
2024 අප්‍රේල් මස 25 185 0

2024 වසරේ ගතවූ කාලය මාස හතරක කාලයේ විදේශ රැකියා සම්බන්ධ පැමිණිලි 1371ක් ලැබී ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය පවසයි.


පාස්කු ප්‍රහාරය දවසෙම ඊලඟ ඡන්දේ ප්‍රතිඵලය ලියැවුණා
2024 අප්‍රේල් මස 25 603 4

පාස්කු ප්‍රහාරය සිදුවූ දිනයේ ම ශ්‍රී ලංකාවේ ඊළඟ මැතිවරණ ප්‍රතිඵලය ලියැවුණු හෙයින් එය දේශපාලනයෙන් තොර ප්‍රහාරයක් ලෙස කිසිසේත් ම හැඳින්විය නොහැකි යැය


‘අතේ තියෙන වෙපන් එක පාවිච්චි කරන්න බය වෙන්න එපා‘
2024 අප්‍රේල් මස 25 963 5

අපරාධකරුවන් මේ රටින් තුරන් කිරීම පවක් නොවෙයි .අතේ තියෙන වෙපන් එක හරි දේට පාවිච්චි කරන්න බය වෙන්න එපා යයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අද පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 310 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1695 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1539 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site