(නාලක සංජීව දහනායක)
.
ඒකාබද්ධ විපක්ෂය පසුගිය පස් වැනිදා පවත්වන ලද ජනබලය - කොළඹට විරෝධතා ව්‍යාපාරය අතරතුරදී කිසියම් පිරිසක් විසින් බෙදාහරින ලද කිරිපැකට් පානය කිරීමෙන් තමන්ද දින තුනක් පමණ රෝගාතුරව සිටි බව ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා අද (12) පැවසීය.
විරෝධතාවය අතරතුරදී කිසියම් පිරිසක් විසින් බෙදාහරින ලද කිරිපැකට් තුනක් පමන තම රියදුරා ගෙනවිත් තිබූ බවත් තමන් ඉන් එක් කිරිපැකට් එකක් පානය කිරීමෙන් එම අජීර්ණ තත්ත්වය ඇතිවූ බවත් එම රොගී තත්ත්වය තවමත් සුවවී නැතැ බවත් ඔහු කීවේය.
තමන්ට ලැබුණු කිරිපැකට්ටුවේ නිෂ්පාදිත දිනය ලෙස පසුගිය මස 24 වැනිදාත් කල් ඉකුත්වන දිනය ලෙස මේ මස 30 වැනිදාත් සටහන්ව තිබූ බවද ඔහු පැවසීය.
ඒකාබද්ධ විපක්ෂය බොරැල්ල, ආචාර්ය එන්.එම් පෙරේරා කේන්ද්‍රයේ අද (12) පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
මේ රට අයිති සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මිසක් එක් පවුලකට නොවන බව සියලු දේශපාලන පක්ෂ සහ නියෝජිතයින් අවබෝධකරගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරෙ රඳවා සිටි සිරකරුවන් දෙදෙනෙකු ඊයේ (29) දහවල් පලා ගොස් ඇති බව වාර්තාවේ.
රාජ්‍ය අමාත්‍යවරයකුගේ පෞද්ගලික ලේකම්වරියකට, පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු දුරකථනයෙන් තර්ජනය කල බව පවසමින් එම ලේකම්වරිය අද (29) පැමිණිල්ල
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික සහ කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලීප රොෂාන් කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය ලක්ෂ 1,103 ක් හෙවත් රුපියල් කෝටි 11 කට අධික වටිනාකමකින් යුත් වාහන සහ දේපල රැසක් තහනම් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යංශය
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ජන බලයේ බෙදූ කිරි පැකට් බී මන්ත්‍රී ඩලසුත් අසනීප වෙලා
පිටිගල මිලානෝ Wednesday, 12 September 2018 11:19 AM
ඇයි ෂන්ග්රිලා හෝටලෙන් බිව් කිරි මඳි වෙලාද අර අහිංසකයන්ගේ කිරි පැකට්ටුවටත් විද්දේ?
sam Wednesday, 12 September 2018 11:34 AM
මොකද මේ ""කිසියම් පිරිසක්"" විසින් බෙදා හරින ලද කිරි පැකට් කියන්නේ ?? ඕවා බෙදුවේ අපේ සංවිධායකයෝ කියලා කියන්න ලැජ්ජද?? ෆ්‍රිජ් එකේ තියන්න ඕනෑ දේවල් ගිනි අව්වේ පාරවල් අයිනේ ගොඩ ගහලා තියලා ඔයින් බේරුනා ඇති........
karthini Wednesday, 12 September 2018 11:45 AM
හොර ගෙඩියා, මරා ළඟ හිනා වේවි හිටියා අපි දැක්කා !
sirimal Wednesday, 12 September 2018 11:46 AM
නිෂ්පාදිත සහ කල් ඉකුත්වෙන දින ගණන් එහෙම බලලා තමයි එහෙනම් බීල තියෙන්නේ... නිකන් හම්බ වෙනවා නම් හොරිත් හොඳයි කීවලු කහකහ ඉන්න. මේකත් ඒවගේ දෙයක් තමයි. අපි දැක්කා "ලෙඩ වෙලා කියලා කියන කොට "දත් තිස් දෙකම පෙන්න පෙන්නා හිනහ වෙවී පිටිපස්සට වෙලා හිටිය හැටි. අසනීප බවක් නම් පෙනෙන්න තිබුනේ නැහැ. නෝචොක් හිනාවෙන්ම අපට නම් පෙනුනේ මේක තවත් විනෝද සමයක් කියලා තමයි. ඉන්දියාවේදී "ඉදිරි 2019 ජනාධිපතිවරණයේදී සහ ඊළඟ මහ මැතිවරණයේදී තමන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්රමුඛ දේශපාලන සන්ධානයට නායකත්වය දෙන බවත් තම පාර්ශ්වයේ ජයග්‍රහණය සම්බන්ධයෙන් 100% ක් විශ්වාස බවත් ඒ පිළිබඳව කිසිදු සැකයක් නොමැති බවත්" ඔබතුමාලගේම නිල නොලත් නායකතුමා ප්‍රකාශ කර තිබුනනේ. ඉතින් මක්කටෙයි මේ කොහේදෝ යන කිරි පැකට්ටුවක් අල්ලාගෙන නහයෙන් අඬන්නේ...?
සංජීව Wednesday, 12 September 2018 11:52 AM
එක බොරුවක් වහන්න තව බොරුවක් කිව්වා..
chathuri Wednesday, 12 September 2018 12:03 PM
දුප්පතාගේ දේ කන කොට ඔහොම වෙනවා. ඔය කට්ටිය පරිස්සමින් ඉන්න කාපු ඒවල ප්‍රතිඵල ලැබෙන්නේ පසුවට...
ajith Wednesday, 12 September 2018 12:50 PM
මන්ත්‍රීතුමෝ කල් ඉකුත් වෙච්ච කිරි බීලද අර පරපුර වැනිවැනී නටනට ගියේ. කල් ඉකුත් වෙච්ච කිරි බිව්වාම වෙරි වෙනවා කියලා දන්නේ නැතුව හිටියේ... පව්
OMG Wednesday, 12 September 2018 01:05 PM
පව් අනේ මන්ත්‍රී ඩලස්. ඔයාලට පව් කියලා හිතෙන්නේ නැත්ද?