IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ජොන්ස්ටන් බන්ධනාගාර රියෙන් පාර්ලිමේන්තුවට

(සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු)

රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබ සිටින කුරුණැගල දිස්ත්‍රික් මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ද මැතිසබයට අද (4) පැමිණියේය.

මන්ත්‍රීවරයා බන්ධනාගාර  වෑන් රථයකින් පාර්ලිමේන්තුවට පැමිණියේ බන්ධනාගාර නිලධාරීන් පිරිසකගේ දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේය.

මැතිසබයට පැමිණි ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සිය අසුනේ අසුන් ගෙන සිටිනු දක්නට ලැබිණි. ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සභා ගැබ මැදට පැමිණි උද්ඝෝෂණය කරද්දී ප්‍රනාන්දු මහතාද ඊට එක්වූයේය.

ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබ සිටින්නේ මුල්‍ය අවභාවිතා චෝදනාවක් සම්බන්ධයෙනි.



අදහස් (21)

ජොන්ස්ටන් බන්ධනාගාර රියෙන් පාර්ලිමේන්තුවට

Ajith Nissanka Tuesday, 04 September 2018 03:07 PM

ජනතාවගේ ප්‍රශ්න විසදන්නනේ!

:       2       117

Raveendra Tuesday, 04 September 2018 03:09 PM

"ටයි කොට්" ඇන්ද පමණින් කෙනෙකු " බුද්ධිමතෙක් හෝ උගතෙක් හෝ වැදගතෙක් " නොවන බවට මෙය තවත් හොදම මෙන් එක් උදාහරණයකි.

:       136       1127

Hafeel Tuesday, 04 September 2018 03:47 PM

ඔන්න බලන්න අපේ පාර්ලිමේන්තුව නියෝජන කරන්නේ කොයි වගේ මිනිස්සුද කියලා.

:       6       576

rohana Tuesday, 04 September 2018 04:23 PM

පිස්සුද මේගොල්ලෝ කවදද හොරකම් කලේ මේවා බොරු චෝදනා.

:       6       161

MuhanWednesday, 05 September 2018 03:57 AM

මමත් එකගයි රෝහණ එක්ක මේ බෝ පැල වගේ ඉන්න මිනිස්සු හොරකම් කරයිද?

:       1       8

ranjith Tuesday, 04 September 2018 11:31 PM

පාර්ලිමේන්තුවේ ඉන්න හැම පැත්තේ උන්ම අනෙක් පැත්තේ උන් හොරු කියනවා එතන තමයි අපිටත් තේරෙන්නේ මේ හැම පැත්තෙම ඉන්නේ හොරු................. අපි මොකටද ඡන්දෙ දුන්නේ

:       0       1

ranjith Wednesday, 05 September 2018 12:02 AM

මේවගේ අය පාර්ලිමේන්තුවේ ඉන්න එකෙන් තෙරුම්යන්නේ අපේ රටේ ඡන්ද දායකයෝ කොයි වගේ අයද කියන එකයි.

:       0       21

Bamunuarachchi Wednesday, 05 September 2018 12:10 AM

බන්ධනාගාර රියෙන් පාර්ලිමේන්තුවට පැමිණි එකම කෙනා මෙයා නොවෙයි මොකක්ද විශේෂත්වය ?

:       0       6

Bamunuarachchi Wednesday, 05 September 2018 12:17 AM

"ඔන්න බලන්න අපේ පාර්ලිමේන්තුව නියෝජන කරන්නේ කොයි වගේ මිනිස්සුද කියලා." ඉතින් හෆීල් ඔය මිනිස්සු බලෙන් රිංගුවේ නැහැනේ ජනතාවමනේ තේරුවේ. අනික ජනතාව එපයි කියලා පන්නා දමපු එවුන්වත් ඇතුලට ගත්තානම් තව මොනවද කතා. දේශපාලනය දූෂිත උනේ 1977 දී දැන් එක නවත්වන්න බැහැ.

:       0       38

රවින් Wednesday, 05 September 2018 01:43 AM

ෂා නියමයිනේ !! අර මහජනයා රවටා ගත්තු වාහන , බැකප් වාහන නැතිව, සාමාන්‍යයෙන් පොලිසිය ලවා පාරවල් පාදාගෙන අනිකුත් පොදු පාරවල් භාවිතා කරන අයට මහත් කරදරයක් වනලෙස ගමන් ගිය එක්කෙනෙකුට හරි පොදු ජනයා විඳින දුක දැනගැනීමට සැලසුණා. බැරිද ඉතිරි 224 ටත් ඔය සැපම දෙන්න.

:       0       60

Rane Wednesday, 05 September 2018 02:12 AM

මේ වෙන දේවල් දැකලා: 1.මම මටම ගහගත්තා 2.මම මටම දොස් කියාගත්තා 3.මම මටම කියාගත්තා: ???!! 4.මම හිතාගත්තා: ?

:       0       0

sensa Wednesday, 05 September 2018 02:24 AM

අප රටේ දේශපාලකයින් සිරගත කිරීම තුළින් අනවශ්‍ය වීරත්වයක් ඔවුන් ආරූඩ කර ගන්නවා. ඒක දඩුවමක්ද කියලා හිතෙනවා.

:       0       0

ලුම්බිණි Wednesday, 05 September 2018 03:09 AM

මෙහෙමත් විහිලු.

:       0       0

Keppetipola Wednesday, 05 September 2018 03:48 AM

බන්ධනාගාරයෙන් පාර්ලිමේන්තුවට යන මන්ත්‍රීවරු ඉන්න එකම රට ලංකාවයි. ලැජ්ජයි, දැක්කම.

:       0       2

Indika Wednesday, 05 September 2018 04:26 AM

බන්ධනාගාරේ ඉන්නේ අපරාධ කරුවෝ. එයාලට පාර්ලිමේන්තුව නියෝජනය කරන්න අයිතියක් නෑ. අපි ඉන්න රටවල් වල නම් නීතියෙන් වරද කරුවෝ වෙන්න කලින් උනත් චෝනාවක් එල්ල වුන ගමන් තනතුරු වලින් ඉල්ලා අස් වෙනවා. ලංකාවේ වරද කරුවෝ පාර්ලිමේන්තු එනවා. ඔය එන්නෙත් රටේ සල්ලි වියදම් කරගෙන රටේ සල්ලි වලින් තෙල් ගහගෙන, ... අපේ රට නම් කවද හැදෙයිද. අනාගත පරපුර ගැන දුක හිතෙනවා.

:       0       129

RaveendraWednesday, 05 September 2018 05:54 AM

ඔබ විසින් ඉතාමත්ම නිවැරදි අදහසක් ප්‍රකාශ කර ඇති බවට අප සතුටු වන්නෙමු. තම තමන්ගේ තනතුරු වලින් ඉල්ලා අස්වෙන වැදගත් ක්‍රියාදාමයක් අප රටේ සිදු වුණි නම් හෝ සිදුවන්නේ නම් අද වන විට පාර්ලිමේන්තුව නමැති උත්තරීතර ස්ථානය වල්බිහිවී සැහෙන කාලයකි.

:       0       15

casmir Wednesday, 05 September 2018 06:29 AM

එතකොට අනිත් මිස්සුන්ටත් පුලුවන්ද හිරගෙදර ඉදන් රස්සාවල් වලට එන්ඩ. මේක තනිකරම විහිළුවක්. දේශපාලකයින්ට රටේ නිතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මේ මිනිස්සුන්ට නිතිය විහිළුවක්. පොඩි මිනිස්සුන්ට විතරක් ක්‍රියාත්මක වන නීතියක් අපිට තියෙන්නේ. දහස් ගානක් මිනිස්සු පොඩි වැරදි වලට ඇප ගෙවා ගන්න බැරුව හිරගෙදර ඉන්නවා. ඒත් තවත් හිරගෙවල් පුරෝනවා.

:       0       12

BamunuarachchiWednesday, 05 September 2018 08:32 AM

නොදන්නා දේවල් කතා නොකර ඉන්න හලෝ

:       0       0

Uditha Wednesday, 05 September 2018 04:31 AM

අම්මප මේ ලංකාවේ පාලකයෝ බත් ද කන්නේ ?

:       0       13

පිටිගල මිලානෝ Wednesday, 05 September 2018 04:44 AM

මෙදා පාර මෙයා අවුරුදු හතකටවත් යනවා ඇතුලට.

:       0       6

palitha Wednesday, 05 September 2018 06:09 AM

පේනවනේ, එක හොරෙක් වෙනුවෙන් අනිත් හොරු එකමුතු වෙන ලස්සන. ඔය රට හදන තැන කියල කියන්නේ. මොවුන්ට ඡන්දෙ දෙන ලංකාවේ නිකම්මු සහ බත් බැලයො ඕන තරම්.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 1112 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1085 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 619 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 1612 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 81 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


නාවික කොමදෝරු දෙකක් කුඩු සමග මාට්ටු
2024 අප්‍රේල් මස 19 2691 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 230 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1544 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1434 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site