IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ජනබල විරෝධයේ දෙවැනි අදියර මහනුවරින්

(නිමල කොඩිතුවක්කු)

 

ජනබලය කොළඹට විරෝධතාවයේ  දෙවන අදියර ජනබලය මහනුවරට යනුවෙන් මහනුවර දිස්ත‍්‍රික්කයෙන් ආරම්භ කරන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ මහතා කොළඹදි අද (06) පැවසිය.

මහනුවර දිස්ත‍්‍රික්කයෙන් ආරම්භ කරන ජනබලය විරෝධතාවය පවත්වන දිනය, තැන සහ වේලාව ඉදිරියේදි දැනුම් දෙන බවද මන්ත‍්‍රීවරයා සදහන් කළේය.

බත්තරමුල්ල නෙලූම් මාවතේ  පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු  කාර්යාලයේ  පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසිය.

ආණ්ඩුව විසුරුවා ජාතික මැතිවරණයකට යන තෙක් අඛණ්ඩව යහපාළන ආණ්ඩුවට එරෙහිව විරෝධතා සංවිධානය කරන බවද නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසීය.



අදහස් (15)

ජනබල විරෝධයේ දෙවැනි අදියර මහනුවරින්

Ruwan Thursday, 06 September 2018 11:56 AM

කොළඹ සහ නුවර කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ බලකොටු. ඒක නිසා හම්බන්තොට වගේ තැනක් තෝරාගත්තොත් ගොඩ යන්න පුළුවන්.

:       3       25

channa Thursday, 06 September 2018 11:59 AM

හැම සතියෙම කොළඹ තියන්න

:       0       8

OMG Thursday, 06 September 2018 12:37 PM

තවත් ඡන්ද ප්‍රතිපලයක්?

:       5       11

saliya Thursday, 06 September 2018 01:24 PM

අපිට හොඳ පදමට සුබම සුබ අනාගතයක පෙර නිමිති පහල වෙලා තිබෙනවා.අපිට දෙවියන්ගේම පිහිටයි.

:       0       56

Saththaya Thursday, 06 September 2018 01:34 PM

අයියෝ මේ රටට කරන විනාසයක්. අපිට තවත්නම් මේගොල්ලන්ගේ වැඩ වලට ණය ගෙවන්න බැහැ. හාමතේ ඉන්නේ. මේ නඩු වලින් බේරෙන්න කරන දේවල් .

:       0       436

රංග ප්‍රියංකර Thursday, 06 September 2018 01:47 PM

ඇත්තටම රාජපක්ෂ මහත්වරුන්ට මේ මොකද වෙලා තියෙන්නේ. බලයේ ඉන්නකම් රට විනාශ කළා. පැරදුනාමත් ඒ ටිකම කරනවා. මොකද්ද මේ.

:       0       265

සනත් Thursday, 06 September 2018 02:05 PM

ඇයි මේ හදිසිය? විපක්ෂයෙ අවුරුදු පහක්වත් ඉන්න කැමති නැද්ද? තාත්තා වගේ ජනප්‍රිය දේශපාලන නායකයෙක් වෙන්නනම් එයාගෙ ජීවිත කතාව මුල සිට අගට කියවලා බලන්න.

:       2       100

Naushi Thursday, 06 September 2018 02:15 PM

කරුණාකර ශුද්ධ වූ මහනුවර නගරයට නිගා කරන්න එපා. ඔයාලගේ දකුණු පළාතේම තියන්න.

:       0       223

Saman Thursday, 06 September 2018 02:57 PM

මහින්ද අගමැති වුනා නේද කොළඹ ජනබලෙන් ? මහනුවර කරන්නෙ බේබද්දො මාලිගාව ඉස්සරහ නිදි කරවන්නද ?

:       0       229

Nandalal DE SILVA - France Thursday, 06 September 2018 04:04 PM

මොකද දැන් රජය විසුරුවා හරින්න තියෙන ඕනකම? අධිබල අධිකරණ පද්ධතියට බය වුන නිසා ද ? අපේ රටේ මීළඟ මැතිවරණ පැවැත්විය යුත්තේ 2020 නේද ? පොඩ්ඩක් ඉන්න හදිසි නොවී එතකන් !!!

:       0       52

Sapumal. Thursday, 06 September 2018 05:23 PM

මොනවද මේ කරන වැඩ. කොළඹ එකෙන් වුනේ බීලා මිනිස්සු ලෙඩ වුනා. පාරවල් වල කුණු කසල පිරුනා. වෙරිවූ මිනිසුන් පාරේ නැටුවා. ආණ්ඩුවක් මට්ටු කරන්න මේ වැඩ වලින් පුලුවන්ද ? අනේ වඳින්නම්,දළදා හාමුදුරුවන් වැඩවෙසෙන පින්බිම කිලිටි කරන්නනම් එපා.

:       0       204

Bimal Thursday, 06 September 2018 07:18 PM

කරුණාකරලා මේ රට ජාත්‍යන්තරයේ විහිළුව බවට පත් කරන්න එපා. පක්ෂ නායකත්වයට ඔබට වැඩිය සුදුසු උදවිය ඔය පක්ෂයේ ඉන්නවා. එමනිසා තමන්ගේ නොහැකියාව තවත් ඔප්පු කරන්න එපා. මේක රගර් පිට්ටනියක් නෙවෙයි තමන්ට ඕනෑ විදියට තරඟ පාලනය කරන්න.

:       0       1

Ravi Thursday, 06 September 2018 07:30 PM

මීට වැඩිය වගකීමක් දරන්න පුළුවන් බුද්ධිමත් තරුණයන් මේ පක්ෂයේ ඉන්නවා. හැබැයි කිසිම තැනක් නැහැ. ඉස්සර මොකද්දෝ පක්ෂයකට එ් අයගේ නෑදෑයින්ගේ පක්ෂය කියලා කිව්වලු...

:       0       0

රොෂාන් Friday, 07 September 2018 01:26 AM

මොන නාඩගමක්ද මේ? මෙයාලට මේ තියන්න බල තණ්හාව රටේ මිනිස්සුන්ට නෑ. ඊයේ කොළඹ කීදෙනෙකුගේ වැඩ, බිස්නස් පාළු උණාද? නුවරට ආවම අල්ලන් නෙලන්න තියෙන්නේ.

:       0       2

Bandula. Friday, 07 September 2018 03:30 AM

දැන් එකක් සනීපෙට නාගත්තනේ, අර්යේත් ඕනේ නෑ නේද. වැඩකට ඇති දෙයක් කරන්න බලන්න, දැන් මිනිසුන්ට ඔරනේ වෙනසක් මිසක් නාඩගමක් නොවේ.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සම්බන්ධන්ට පඩි සහිත තුන් මසක නිවාඩු
2024 අප්‍රේල් මස 25 24 0

හිටපු විපක්ෂ නායක ත්‍රිකුණාමල දිස්ත්‍රික් මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතාට මාස තුනක කාලයක නිවාඩුවක් ලබාදීමට පාර්ලිමේන්තුව අද අවසර ලබා දුන්නේය.


නුවරඑළියේ ස්ටෝබෙරි ගමක් හදයි
2024 අප්‍රේල් මස 25 78 0

ශ්‍රී ලංකාවේ පළමු ස්ට්‍රොබෙරි වගා ආදර්ශ ගම්මානය නුවරඑළියේ ස්ථාපිත කිරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබේ.


ශ්‍රිලනීප නායකත්වය ගන්න යන කෙනෙක්ට සුසිල්ගෙන් ටොක්කක්
2024 අප්‍රේල් මස 25 557 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයෝ වෙන්න දඟලන අය ජීවතේට අත ලකුණින් තරඟ කර නැතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.


රට පුරා සන්නද්ධ හමුදා කැඳවයි
2024 අප්‍රේල් මස 25 942 1

රටේ ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා කැඳවීම සඳහා විශේෂ ආඥාවක් ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබ ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට


රිය අනතුරින් තරුණයා මරුට
2024 අප්‍රේල් මස 25 785 2

මදුරන්කුලිය නගරයේ සිට පයින් යමින් සිටි තරුණයකු කොළඹ සිට පුත්තලම දෙසට ධාවනය කරමින් තිබු වෑන් රථයක ගැටිමේන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත්කිර


දඹුල්ල නගරයට අලි ඇවිත්
2024 අප්‍රේල් මස 25 1052 0

දඹුල්ල නගරයට අහම්බෙන් පැමිණි වන අලි තිදෙනකු නිසා දඹුල්ල නගරය අවට නිවාසවල පදිංචි ජනයා මෙන්ම නගරයට පැමිණි පිරිස්ද නොසන්සුන් වූහ.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 308 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1686 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1536 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site