IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ජනබල මෙහෙයුමින් කොළඹ අපවිත්‍ර වෙයි


 
 
ජයන්ත සමරකෝන් සහ ශිරාන් රණසිංහ
 
ඒකාබද්ධ විපක්ෂයේ ඊයේ (5) පැවති ජනබල මෙහෙයුමින් කොළඹ නගරය මුළුමනින්ම අපවිත්‍ර වු බව කොළඹ නාගරික කොමසාරිස්  කේ.වී.ඒ අනුර මහතා පැවසීය.


නගරය නැවත යථාතත්වයට පත්කිරිම සඳහා අමතර කසල ලොරි හා සේවකයින් විශාල පිරිසක් යෙදවිමට සිදුවු බව ඒ මහතා කීය.


විශේෂයෙන්ම ලේක්හවුස් වටරවුම, ලෝටස් පාර, චිත්තම්පලම් ගාඩිනර් මාවත, ඩී.ආර්.විජේවර්ධන මාවත, කොම්පඤ්ඤවීදිය, කොටුව හා පිටකොටුව යන ප්‍රදේශ සම්පුර්ණයෙන්ම කැළිකසල වලින් පිරි ගොස්  තිබු බවයි.


කොළඹ ලේක්හවුස් වටරවුම ආශ්‍රිත මාර්ග සියල්ලෙහි ගොඩ ගැසී තිබූ හිස් වතුර බෝතල්, බියර් ටින්, හිස් අරක්කු බෝතල්, සටන් පුවරු මෙන්ම බත් පාර්සල්වල දවටන ආදී සියල්ල අද (6) උදෑසන වනවිට පවිත්‍ර කිරීමට කොළඹ මහනගර සභා කම්කරුවන්ට හැකි වී තිබිණි.


කොළඹ ලේක්හවුස් වට රවුම ආශ්‍රිත ප්‍රදේශයේ අලංකාරයට තබා තිබූ මල් පෝච්චි, මල් ගස් තැලී පොඩි වී ඇත.


ඊයේ(05) රාත්‍රී 11.30 පමණ සිට කොළඹ නගර සභා කම්කරුවන් විසින් මහත් වෙහෙස වී විනාශ කර අපවිත්‍ර කර තිබූ නගරය යළි ශුද්ධ කළ බව කොළඹ නගර සභාව කියා සිටී.

 



අදහස් (18)

ජනබල මෙහෙයුමින් කොළඹ අපවිත්‍ර වෙයි

Bamunuarachchi Thursday, 06 September 2018 05:54 AM

ඇයි මීට කලින් පිරිසිදුද? 2015 පස්සේ කොළොඹ නගරය කුණු ගොඩක්.

:       2763       1754

upali Thursday, 06 September 2018 05:54 AM

අන්තිමේ ඔච්චරයි ඉතුරු...

:       70       598

gunarathna Thursday, 06 September 2018 06:08 AM

රටේ මිනිස්සු බදු ගෙවන්නේ ඒකට තමා. නැතිව කොමසාරිස්ගේ සල්ලි වලින් නෙමෙයිනේ ගෙවන්නේ.

:       2480       1338

Shan Thursday, 06 September 2018 06:20 AM

මහින්දලා දාලා සුද්ද කරවන්න.

:       521       1645

lakmal Thursday, 06 September 2018 06:39 AM

නැත්නම් අද හොදට වහින්න තිබුණු දවසක්.

:       0       32

RNG Thursday, 06 September 2018 06:42 AM

හරියට නිකන් මේක ඒකාබද්ධ මෙහෙයුමෙන් විතරක් වුණු දෙයක් වගේනෙ. අනිත් පක්ෂ ජන රැළි තිව්වම එහෙම වෙලා නැද්ද මෙච්චර කාලෙකට..?

:       894       685

දිලමු Thursday, 06 September 2018 06:54 AM

අපි ඉන්නෙත් ලෝටස් වටරවුමෙ තමා. අපි නම් දැක්කෙ නෑ ඔය කියන කුණු කදු. මෙයා කොලඹම කුණූ වෙන්න තියලා මේවට විතරක් කටදානවා ලකුණු දා ගන්න.

:       1814       1024

hira Thursday, 06 September 2018 07:22 AM

කොහොමත් කොළඹ දැන් කුණු ගොඩක් තමයි. කුණු දමලා යන එක අනුමත නොකලත්. ආණ්ඩුවට විරුද්ධව නැගී සිටීමේ අයිතිය පුරවැසියන්ට තිබිය යුතුයි. අනික ආණ්ඩුවේ රැලි තියෙනකොට පාරේ කුණු ගොඩගැහෙන්නේ නැද්ද, බීපූ කට්ටිය පාරේ වැටිලා ඉන්නේ නැද්ද. මේවා සමාන්‍ය සිද්ධි පමණයි. අපිට මතකයි නේ පොලේ ගිය හැටි, පාරේ වාහන වල හෝන් ගහන්න කියල කොල්ලුපිටිය පැත්තේ පාරවල් බ්ලොක් කරපු හැටි, බලයට ආවම බබාලා.

:       470       270

Chathurika Thursday, 06 September 2018 07:26 AM

පරනවූනු කිරිපැකටුයි, පිලුනුවුණු බත් පැකටුයි කාලා කසිප්පු බීලා මේ අය රෑ බෝ වුනාම මග දෙපසට මළපහ කළා.

:       136       1020

banda Thursday, 06 September 2018 07:29 AM

වහල්ලු කොළොඹ ආවට මහින්ද අගමැති උනේ නෑ නේද ?

:       367       1520

Uditha - Abu Dhabi Thursday, 06 September 2018 07:47 AM

බය වෙන්න එපා .... රෝසි මැඩම් කට්ටිය දම්මලා සුද්ද කරලා දේවි... ලංකාව විහිළුවක්.. එහි නළුවන් අපි වන්නෙමු... චන්ද්‍රිකාත් ඒවිද දන්නේ නැහැ අද හෙට එයටත් අපහු ජනාධිපති වෙන්න ඕන කියල අත්තනගල්ල පැත්තෙන් පෙළපාලියක් අරන්....

:       4       87

OMG Thursday, 06 September 2018 07:56 AM

අපේ කව්රු කලත් ඔය ටිකම තමා. පාපන්දු ලෝක කුසලානය වෙලාවේ ජපානය කරපු ක්‍රියාව මතක් කරලා දෙන්න ඕනේ අපේ ජන රැලි සංවිධායකයන්ට...

:       0       36

OMG Thursday, 06 September 2018 08:11 AM

දේශපාලනිකව අපේ හිත් කිලිටි වෙලා තියනකම් හැමදාමත් අපිට කුණු විතරම තමා. පාට කණ්ණාඩිය පස්සේ යන කට්ටියට දවසකට හරි නොමිලේ කන්න ලැබෙනවා. අපි ඉතින් හැමදාම දුක් විදිනවා බදු ගෙවන්න. මේ හැමෝගෙම තියරිය තමා "අපි අපිට - රට පස්සට"

:       0       141

RNG Thursday, 06 September 2018 08:19 AM

ඇයි චතුරිකා බලන් හිටියද ..? කොහොමත් කොළඹ දැන් ටොයිලට් එකක්නේ. ඒකට කමක් නෑ...

:       0       18

Bamunuarachchi Thursday, 06 September 2018 08:24 AM

මහින්ද දාලා සුද්ද කරවන්නලු. ඒ තමයි කොරන්න හදන්නේ. දෙන්නකෝ බලය මුළු රටටම ෆුල් සුද්දයක් දෙනහැටි පෙන්වන්න.

:       330       110

SAMANK Thursday, 06 September 2018 11:12 AM

අපි දන්නවනේ 2015 පස්සේ කොළඹ තිබුන හැටි. ආයේ අමුතුවෙන් අපිරිසිදු වෙන්න දෙයක් තිබුනේ නැහැ.

:       138       86

Chandra Friday, 07 September 2018 02:52 AM

අපවිත්‍ර අය ගෙදර යද්දී අඩු ගානේ කුණු ටිකවත් ගෙදර ගෙනියන්නණේ තිබුණේ , ආණ්ඩුව ගෙනියන්න බැරිවුණ නිසා .

:       0       0

janathava Sunday, 09 September 2018 10:23 AM

2020 දී බැංකු හොරුන් සහ බැසිල් දමලා සුද්ද කොරනවා

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 562 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 110 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 805 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 821 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1218 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1100 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 217 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1533 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1427 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site