චන්දන ප්‍රනාන්දු
පාලක පක්ෂයේ පොදුජන පෙරමුණේ වෙන්නප්පුව ප්‍රාදේශීය සභා මන්ත්‍රී නීතිඥ ඇලෙක්ස් නිසාන්ත මහතා අද (13) පැවති ප්‍රාදේශීය සභා රැස්වීමේදී සභාවට නොබෝදා කොළඹ පැවති ජනබල උද්ඝෝෂණයේදී ලබාදුන් කිරි පැකට්ටුවක් ඉදිරිපත් කිරීම හේතුවෙන් සභාව එකම ගාලගෝට්ටියක් බවට පත්විය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් කොළඹදී සංවිධානය කළ මෙම උද්ඝෝෂණයට සහභාගී වූ වෙන්නප්පුව ජනතාවට ද ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් හා ඇමැතිවරුන් කුමන්ත්‍රණකාරි ලෙස විෂ සහිත කිරිපැකට් ලබාදීම හේතුවෙන් ඒවා පානය කිරීම නිසා අපහසුවට පත් වූ බව ඔහු පැවසීය.
මෙහිදී විපක්ෂයේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් ඇලෙක්ස් නිසාන්ත මන්ත්‍රිවරයාට චෝදනා කළේ බොරු සන්දර්ශන නොපෙන්වා නීති ක්‍රියා මාර්ගයක් ගන්නා ලෙසයි.
ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු ද ඇලෙක්ස් නිසාන්ත මන්ත්‍රීවරයාගේ සහයට එක්වෙමින් එය යහපාලන ආණ්ඩුව ජනබලයට බියවී කළ නින්දිත ක්‍රියාවක් බව පැවසූහ.
විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඊට විරුද්ධව අදහස් දැක්වීමත් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු එකිනෙකාට අත් දිගු කරමින් ආවේගයෙන් අදහස් දක්වන්නට වූහ.
මෙම ජනබලයෙන් හොරුන් සහ වංචාකරුවන්ව ආරක්ෂා කිරීමට බලාපොරොත්තුවන්නේ නම් එය කවදාවත් සිදුනොවන බව පැවසීමත් සමඟ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් අත්පොළසන් දීම විශේෂත්වයක් විය.
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ජනබලයේ කිරි පැකට් ගැන වෙන්නප්පුව ප්‍රා. සබේත් ගාලගෝට්ටියක්
rocky Thursday, 13 September 2018 01:51 PM
ඔය කිරි පැකට් වල වස තිබුන බව කවුද තහවුරු කෙරුවේ? රස පරීක්ෂක වාර්තාවකින් එහෙම කියලා තියනවද? වස වර්ගය මොනවද?
රවින් Thursday, 13 September 2018 02:11 PM
කිරි පැකට් ගැන රස පරීක්ෂක, පොලිස්සිය, නිත්‍යානුකුල පරීක්ෂණ තියනවනේ. මේ උදවිය කරන්නේ ඒවා අවුල්කරන එකයි, ඒ ආරවුලෙන් කියක් හරි හොයාගන්න හදන එකයි. ඇත්තෙන්ම මේ ක්‍රමවේදය පළාත්/ප්‍රාදේශීය ඉවත් කර පැරණි ක්‍රමය ගෙනාවොත් පොදු ජනයාට සෙතක් වේවි. නිලදාරීවාදී අධිකාරිය හොඳයි දේශපාලන අධිකාරියට වැඩිය.
බද්රානි Thursday, 13 September 2018 02:54 PM
කුමක් හෝ කරුණක් අල්ලාගෙන රණ්ඩු කිරීම හැර වෙන මොනවා කරන්නද නේද?
Saththaya Friday, 14 September 2018 03:49 AM
මුදලට සහ බත් පැකට් එකට වහල් වෙලා යන ජනයා මින් පසු ප්‍රවේසම් විය යුතුයි තමන්ගේ ආහාර පාන ලබා ගනිද්දී .
abiya Friday, 14 September 2018 07:44 AM
වැඩක් කරොත් හත් පොලේ ගාගන්නවා...