IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ජනපති ලේකම්ට රන්ජන්ගෙන් ලිපියක්

සුජිත් හේවාජුලිගේ 
 
අර්ජුන් මහේන්ද්‍රන්ලාගේ මුදල් ගත්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු සෙසු 118 දෙනාගේ නම් ලැයිස්තු දෙන්නැයි ඉල්ලමින් ජනාධිපති ලේකම්වරයාට අද (28) ලිපියක් යැවු බව නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පැවසීය.

 
තොරතුරු දැන ගැනීමේ පනත යටතේ තමා මේ ඉල්ලීම් කළ බවද නියෝජ්‍ය ඇමතිවරයා කීය.
 
රාමනායක මහතා මේ බව පැවසුවේ මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණයේ ඒ මහතාගේ නිල නිවසේදී අද (28) පස්වරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.
 
රන්ජන් රාමනායක මහතා මෙසේද කීය.
 
අද එළියට ඇවිත් තියෙන්නේ අර්ජුන් මහේන්ද්‍රන්ලාගේ සල්ලි ගත්තු දෙදෙනකු ගැන විතරයි.සල්ලි ගත්තු තවත් 118ක් ඉන්නවා කියලා සඳහන් වෙනවා ඒ අයගේ තොරතුරු තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ඉල්ලන්න කියලා ජනාධිපතිතුමා මට කිව්වා. මම ඒ  විස්තර ඉල්ලලා අද ඒ ලියුම යැව්වා.
 
මෙතනදී දෙදෙනකුට විතරක් චෝදනා කිරීම වැරදි.ඔහුගේ බුද්ධි අංශය කියන විදිහට ඇලෝසියස්ලාගේ මුදල් ගත්තු පිරිස් ඇමතිවරුන් ,  මන්ත්‍රීවරුන් , මාධ්‍යවේදීන් , භික්ෂූන් වහන්සේලා, මුස්ලිම් පුජකවරුන් සහ ජ්‍යෙතීර්වේදීන් ඇතුළු විවිධ තාරාතිරම්වල අය ඉන්නවා. ඉදිරියේදී අපිට බලාගන්න පුළුවන්.



අදහස් (16)

ජනපති ලේකම්ට රන්ජන්ගෙන් ලිපියක්

Raveendra Monday, 28 May 2018 01:11 PM

බදු මුදල් ගෙවන පුරවැසියන් හැටියට අපිට අයිතියක් තියෙනවා නම්ගම් ටික දැනගැනීම

:       0       528

Asanka Monday, 28 May 2018 01:41 PM

රන්ජන් කවදත් ඇත්ත කතාකරනවා. ඔහොම යන්..

:       551       507

nuwan Monday, 28 May 2018 01:55 PM

අන්න කරනවානම් වැඩේ.

:       66       197

menna Monday, 28 May 2018 02:57 PM

අද කලේ මොන රටක වුනත් දේශපාලකයන්ට දේශපාලනය කරන්න වෙන්නේ ඩොනේෂන් වලින් තමයි. ලංකාවේ තමා තමන්ගේ බුදලෙන් වගේ ඡන්දේ ඉල්ලලා, කියලා හිතාගෙන කාලා බිලා විනාශ කරලා යන්නේ. බැඳුම්කර කතාව හරියට වුනානම්, ඔය කිසිවක් එලියට එන්නේ නැහැ.

:       0       55

Sisili Bisili Monday, 28 May 2018 03:53 PM

ඉතින් ජනාධිපතිතුමා මේක දන්නවනම් එලියට දන්නේ නැත්තේ ඇයි? අනික මේවා වාර්තා වෙලත් සැහෙන කල්නේ. බොරුව තමයි හැම තැනම.

:       0       114

Chanak Los angeles Monday, 28 May 2018 07:28 PM

බැඳුම්කර මුදල් හොරකම් කල මුදල් නම් එම මුදල් ලබාගත් සියලු දෙනාම එම මුදල් ළඟ තබාගැනීම හෝ වියදම් කිරීම මත චුජිතයෝය ..

:       1       108

tommy Monday, 28 May 2018 07:53 PM

මේ නම් ලැයිස්තුවේ, බැදුම්කර සිද්දිය මහා මගඩියක් යයි බෙරිහන් දෙන ඒකාබද්ද විපක්ෂේ කට්ටියත් ඉන්නවද?

:       438       327

prakaash Tuesday, 29 May 2018 01:04 AM

කාගේත් රඟ පෑම විතරයි.

:       0       0

Sunil Tuesday, 29 May 2018 01:08 AM

"ඇලෝසියස්ලාගේ මුදල් ගත්තු පිරිස් ඇමතිවරුන් , මන්ත්‍රීවරුන් , මාධ්‍යවේදීන් , ඇතුළු විවිධ තාරාතිරම්වල අය ඉන්නවා" පුදුමයි ඒත් ඇත්තයි ?

:       0       0

jayasiri manimendra Tuesday, 29 May 2018 02:08 AM

තාම හිතන් ඉන්නේ බැදුම්කර සිද්ධිය මහා මගඩියක් නෙවෙයි ඉතාම සුලු සිද්ධියක් කියලා..... ද ......ඔහොම කේවට්ටයන් ඉන්න තාක් කල් ලංකාවට දෙවි පිහිටයි...............

:       0       0

Saththaya Tuesday, 29 May 2018 02:42 AM

දැන් ඉතින් ආයේ රට එක තැනක, හැමෝම මේක පස්සෙන් . අපි දන්නා හැටියට 2015 බල පෙරලිය කලේ හරි අමාරුවෙන් . දිනලත් ආණ්ඩු බලය ලබා ගත්තේ හරි අමාරුවෙන්, කරුණු කාරනා දන්නා හැමෝම දන්නවා . දැන් මේ රන්ජන් මැතිතුමා රහස් ගැන කතා කරන්නේ , බලයට ගේන්න හැමෝම කැප කරපු එකට කෙල ගැසීමක් විදියට. අපිට හිතෙන විදියට හමුදා පාලනයක් වගේ ක්‍රියාත්මක වෙන්නයි ගියේ . ලේ වැගිරීමක් නතර වුනා. ඒක නතර වුණු එක කීයටවත් මිල කරන්න බැහැ. ඒ නිසා කල්පනාවෙන් , ගුණ්ඩු වලට අහු වෙන්න එපා . බළල්ලු ලවා කොස් ඇට බාවන්න යන විදිහක් තමා මට හැගෙන්නේ . අමාරුවෙන් දිනාගත්තු නිදහස නැති කරගන්න එපා දුෂිත අයගේ බොරු වලට රැවටිලා .

:       0       454

Amila Tuesday, 29 May 2018 05:19 AM

දැන් දයාසිරි ඊළඟ මැතිවරනෙ මේ සිද්ධිය නිසා පරදිද? අපේ මිනිස්සුන්ට සුමනෙන් මෙවා අමතකයි. කුරුණෑගල යලුවෙක් ඉන්නවනම් අහල බලපන් මු ගැන ගමකට හොද කියයි. අපේ මිනිස්සුන්ගෙන් වැඩි හරියක් මේව හොයල දෙන්නෙ නැහැ. හැමදාම දුන්න එකාට දෙනව මිසක්. මේව හොදයි අපිට පොඩ් චුන් එකක් ගන්න...............

:       0       127

Shan Tuesday, 29 May 2018 06:21 AM

ජනාධිපති හරි රනිල් හරි කරන්න ඕන වැඩ රන්ජන් කරන්නේ. නායකයෝ දෙන්නගේ කුහක කම් පේනවා නේද?

:       0       727

Anil Dep Tuesday, 29 May 2018 06:47 AM

හිතවත් ඇමතිතුමා ඔබ පරිස්සන්වෙන්න ඔබේ ජීවිතය මේ හිතවත් මිතුරු .....

:       0       114

kalani Tuesday, 29 May 2018 06:49 AM

භෞතික සම්පත් හා වෙනත් ආත්මාර්ථකාමී අවශ්‍යතා ලබාගැනීම සඳහා දේශපාලකයින් අතර පවතින දුෂ්ට කැමැත්ත විසින් මෙම වංචාව මතුවීම අහම්බයකි. ඇමතිතුමනි, මේ වංචනිකයින් හෙළි කරන්න.

:       0       111

Hafeel Tuesday, 29 May 2018 07:23 AM

රන්ජන් ඇමතිතුමෝ. ඔබ පුනා පුනා හොරු අල්ලනවා කිව්වත්, වත්මන් ජනාධිපතිත් හෝ අගමැතිත් හෝ ඔබ නියෝජන කරන මේ රජයත් හොරු අල්ලන්නත් නැහැ, දඬුවම් දෙන්නත් නැහැ. එක ජනතාව දන්නවා. ඒ නිසානේ පහුගිය පළාත් පාලන ඡන්දයේදී ජනතාව ඔබලාව ප්‍රතික්ෂේප කලේ. ඉතිරිවී ඇති මාස 18 ක් තුලත් මොකුත් වෙන්නේත් නැහැ. දැන් පළාත් පාලන ඡන්ද ඉවර වෙලා මාස හතරට ආසන්නයි. යම් යම් පනත් පාර්ලිමේන්තුවේ සම්මත කරලත්, ඇමති මණ්ඩල සංශෝදන වෙලත් දැන් මාසයකටත් වෙඩි. කරන්නොන මිනිහට කයිවාරු ඕන නැහෙ රන්ජන්. බලන්න මැලේසියාවේ අගමැති පත්වුණා.... ප්‍රායෝගිකව වැඩේට බැස්සා හැර ඔබ වගේ මාධ්‍ය සංදර්ශන තියමින් කාලය නාස්ති කලේ නැහැ.

:       0       113

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 266 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 770 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 2001 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 2237 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 661 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 287 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 304 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1674 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1533 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site