IMG-LOGO

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා


ජනපති - ගෝඨා ඝාතන සැලසුමේ පරික්ෂණ විනිවිදභාවයෙන් කරන්නැයි අගමැතිගෙන් උපදෙස්

(අංජුල මහික වීරරත්න)
 
ජනාධිපති හා හිටපු ආරක්ෂක ලේකම් ඝාතනය කිරීමට සැලසුම් කළේ යැයි කියන සිද්ධිය පිළිබඳ සියලු පරීක්ෂණ පූර්ණ විනිවිදභාවයෙන් හා අපක්ෂපාතිව කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අදාළ අංශ වෙත දැනුම් දී තිබේ.


ඉහත චෝදනාවලට අදාළව මෙතෙක් කර ඇති පරීක්ෂණයන්හි ප්‍රගතිය පිළිබඳව ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නීතිය, සාමය හා රාජ්‍ය පරිපාලන ඇමැති රංජිත් මද්දුම බණ්ඩාර මහතාගෙන් විමසා ඇත. එසේම පරීක්ෂණයන්හි අද වන තෙක් සමාලෝචනයක් ද ලබා ගැනීමට අග්‍රාමාත්‍යවරයා පියවර ගත්තේය.


මාධ්‍ය ඔස්සේ විකාශය වූ දෙබස පිළිබඳ හඬ පට ද මේ වන විට නියම තත්ත්වය විමසා බැලීම සඳහා රජයේ රස පරීක්ෂක වෙත යවා ඇති බව ද නීතිය, සාමය හා රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා කරුණු වාර්තා කර තිබිණි.


ඊට අමතරව රහස් පොලිසිය විසින් සිද්ධියට සම්බන්ධ බව කියන සියලු පාර්ශව වෙතින් කටඋත්තර ලබා ගැනීම මේ වන විට කරගෙන යන බවද පරීක්ෂණයන් හි ප්‍රගතිය දක්වමින් අමාත්‍යවරයා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දී ඇත.


ඉහත සිද්ධියට අදාළ පරීක්ෂණ පුළුල් හා විනිවිදභාවයෙන් යුතුව කරන ලෙස ද අග්‍රාමාත්‍යවරයා යළිත් වරක් නීතිය, සාමය පිළිබඳ අමාත්‍යවරයාට උපදෙස් දී තිබේ.



අදහස් (3)

ජනපති - ගෝඨා ඝාතන සැලසුමේ පරික්ෂණ විනිවිදභාවයෙන් කරන්නැයි අගමැතිගෙන් උපදෙස්

senarath Thursday, 20 September 2018 07:58 AM

මෙන්න බොලේ කකුළුවෙක් පොඩි එවුන්ට කෙලින් යන්න කියල කියනවා......... අනේ මෙයා හරිම තොත්ත බබෙක්නේ. මොනවත් කරගන්න තේරෙන්නේ නැහැනේ. ඔක්කොම අනාගන්නව.

:       107       335

ඇත්ත සත්‍යපාල Thursday, 20 September 2018 08:49 AM

ඕක පිටුපස තව අය ඉන්නවා. තව ටිකක් කල් යනකොට හෙළිවෙයි.

:       1       53

ඇත්ත සත්‍යපාල Thursday, 20 September 2018 10:34 AM

"අපිට මොකද අපි හොඳ සිල් උපාසක, ඉබ්බන්නේ පුච්ච්න්නේ අනිත් පිට" කියුවලු.

:       0       26

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

‘උමා ඔය’ විවෘත කිරීමට ඉරාන ජනාධිපති එයි
2024 අප්‍රේල් මස 16 633 0

ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රධානතම බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියක් වන ‘උමා ඔය’ බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීමේ නිල උත්සවය ඉරාන ජනාධිපත


කුඩුත් එක්ක ඇල්ලූ ධීවරයින්ගෙන් ප්‍රශ්න කරන්න අවසර
2024 අප්‍රේල් මස 16 262 0

රුපියල් කෝටි 380 කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 263 ක් සමග අත්අඩංගුවට පත් දෙවුන්දර ධීවරයින් 10 දෙනා ලබන 22 දින දක්වා පොලිස් මත්ද්‍රව්‍ය කා


විපක්ෂ නායකයා පාර්ලිමේන්තුවේ යකා නටයි
2024 අප්‍රේල් මස 16 984 0

මතභේදයට තුඩුදුන් පනත් කෙටුම්පතක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විවාදයක් පැවැත්වෙද්දී, ජෝර්ජියා විපක්ෂ නායක මාමුකා මිඩිනරාඩ්සේ, පාර්ලිමේන්තුවේ කලහ ක


ජනපති නුවරඑළියේ සංචාරයක
2024 අප්‍රේල් මස 16 689 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නුවරඑළිය සුන්දර කඳුකරය ආශ්‍රිත සංචාරක කාර්මාන්තය පිළිබඳ සොයා නුවරඑළිය උඩුපුස්සැල්ලාව වැවිලි සමාගමට අයත් කෝට් ලොජ්


කොස්තාපල් නිවෙසට පැන කතකගේ දත් 14ක් කඩලා
2024 අප්‍රේල් මස 16 670 0

දිවුල්වැව ප්‍රදේශයේ ඉඩමකට අයුතු ලෙස ඇතුළු වී එම ඉඩමේ නිවෙසක කාන්තාවකට පහරදී ඇයගේ දත් දාහතරක් කඩා දැමූ බව කියන පොලිස් කොස්තාපල්වරයකු සැකපිට අත්අඩංගුව


පාලිත පැරණි දේශපාලන මිතුරන් 4කට අත වනයි
2024 අප්‍රේල් මස 16 1950 5

ගොඩනගන රට තව ශක්තිමත් කිරීම සඳහා ජනපති සමග එක්වන්නැයි සමගි ජන බලවේගයේ තලතා අතුකෝරල,කබීර් හෂීම්,හර්ෂද සිල්වා සහ එරාන් වික්‍රමරත්න මහත්වරුන්ට ආරාධනා ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 141 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1424 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1349 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site