IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ජනපති කොමිසමේ සාක්කි දුන් අධ්‍යාපන අධ්‍යක්ෂගේ ස්ථාන මාරුව අවලංගු කරයි

(තරිඳු ජයවර්ධන)
 
රාජ්‍ය ආයතනවල දූෂණ වංචා සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ සාක්කි ලබා දුන් අධ්‍යාපන අමාත්‍යංශයේ සැපයුම් අංශයේ අධ්‍යක්ෂ අයි  බී සී කේ ඉලංගසිංහ මහතාට හදිසියේ ලබා දුන් ස්ථාන මාරුව වලංගු කරන අධ්‍යාපන ලේකම්වරයාගේ ලිපිය අද එම අධ්‍යක්ෂවරයා අතට ලැබී ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශයේ ආරංචි මාර්ග කියයි.
 

පාසල් පෙළපොත්වල අමතර වියදමක් දරමින් අධ්‍යාපන අමාත්‍යවරයාගේ රුව සහිත වර්ණ ඡායාරූපයක් පළ කිරීම සම්බන්ධයෙන් එවකට ග්‍රන්ථ ප්‍රකාශන කොමසාරිස් ලෙස සිටි අයි බී සී කේ ඉලංගසිංහ මහතා ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව ඉදිරියේ  සාක්කි ලබා දීමෙන් පසු ඒ මහතා සේවය කරමින් සිටි සැපයුම් අංශයේ අධ්‍යක්ෂ තනතුරෙන් ඉවත් කර සේවා ආයතනයේ සංචිතයට ස්ථාන මාරු කර තිබිණි.
 
අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් එම් එන් රණසිංහ මහතාගේ අත්සනින් 2019 ජූලි 24 දිනැතිව ඊඩී/4/58/6/285(iii) අංකයෙන් මෙම ස්ථාන මාරු ලිපිය නිකුත් කර තිබුණු අතර ඒ මහතා හදිසියේ ස්ථාන මාරු කිරීම ගැන ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව අධ්‍යාපන ලේකම්වරයාගෙන් කරුණු විමසීය.
 
මෙම ස්ථාන මාරුව සිදු කිරීමට කිසිම සාධාරණ හේතුවක් නැති හෙයින් එය අවලංගු කරන ලෙස ජනාධිපති කොමිසම අධ්‍යාපන ලේකම්වරයාට කළ දැනුම්දීමක් අනුව ස්ථාන මාරුව අවලංගු කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.
 
ඉලංගසිංහ මහතාගේ ස්ථාන මාරුව අවලංගු කරමින් ලිපියක් නිකුත් කළ බව මේ සම්බන්ධයෙන් කළ විමසීමක දී අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්  එම් එන් රණසිංහ මහතා තහවුරු කළේය.



අදහස් (4)

ජනපති කොමිසමේ සාක්කි දුන් අධ්‍යාපන අධ්‍යක්ෂගේ ස්ථාන මාරුව අවලංගු කරයි

මුණසිංහ Wednesday, 07 August 2019 02:27 PM

ඉලංගසිංහ යනු අවංක, දක්ෂ නිලධාරි මහත්මයෙක්...

:       63       93

samanThursday, 08 August 2019 02:03 AM

මෝඩ දේශපාලකයින්ගේ උපදෙස් ක්‍රියාත්මක කරන්න ගිහින් අන්තිමට අනාථ වෙන්නේ රාජ්‍ය නිලධාරීන්..

:       1       0

ශ්‍රී Thursday, 08 August 2019 02:17 AM

එතකොට මෙවැනි අත්තනෝමතික ක්‍රියා සිදු කරන අයට දඬුවමක් නැද්ද..? කවදා කවුරු මේ ක්‍රමය නිවැරදි කරයිද?

:       0       1

ඊටී Thursday, 08 August 2019 02:46 AM

අකිලත් ගෙදර ඇරිය යුතුයි. සියල්ල ඡන්ද දායකයාට බාරයි.

:       0       105

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැණික් ව්‍යාපාරිකයින්ගෙන් කෝටි 50ක් වංචා කළැයි අයෙක් රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 25 137 0

මැණික් ව්‍යාපාරිකයින්ට වටිනා මැණික් ලබා දෙන බවට පවසමින් රුපියල් කෝටි පනහකට අධික මුදලක් වංචා කළේ යැයි කියන සැකකරුවෙකු ලබන 07 දින දක්වා රක්ෂිත බන්ධනාගා


ලක්ෂ 27ක මත්කරල් ඔරුගොඩවත්තෙන් අල්ලයි
2024 අප්‍රේල් මස 25 1 0

රුපියල් ලක්ෂ 27 ක් වටිනා මත්කරල් 27,000 ක් ජාවාරම් කිරීම සදහා ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි ‘බම්පින් කුමාර‘ නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවක් අද (


ඇමෙරිකාවෙන් යුක්රේනයට දුරදිග මිසයිල
2024 අප්‍රේල් මස 25 499 1

රහසිගතව ඇමෙරිකාව ලබා දුන් දිගු දුර බැලස්ටික් මිසයිල ප්‍රථම වතාවට යුක්රේනය ක්‍රිමියාවේ රුසියානු ඉලක්ක වෙත පහරදීමට භාවිත කර ඇතැයි ඇමෙරිකානු බලධාරීහු


පලස්තීනය වෙනුවෙන් ලංකාව හැමවිටම කැපවෙනවා
2024 අප්‍රේල් මස 25 149 1

පලස්තීන ගැටලුවට සාධාරණ හා පුළුල් සාකච්ඡා සහිත දේශපාලන විසඳුමක් වෙනුවෙන් සහය දැක්වීමට ශ්‍රී ලංකාව අඛණ්ඩව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ම


දුම්රියේ වැඩ ආවරණයට ප්‍රවාහන අධ්‍යක්ෂ ජනරාල් පත්කරයි
2024 අප්‍රේල් මස 25 179 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ලෙස කටයුතු කළ එච්. එම්. කේ. ඩබ්.බණ්ඩාර මහතාගේ හදිසි අභාවය හේතුවෙන් පුරප්පාඩු වූ දුම්රිය සාමාන්‍යාධිකාරි තනතුරට සුදුසු නි


අධිවේගී පිවිසුවේ මෝටර් රථය පෙරලේ
2024 අප්‍රේල් මස 25 439 0

කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ ජා-ඇළ පිවිසුමේ දී අද දින සවස 3.00ට පමණ මෝටර් රථයක් පෙරලි ගියේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 316 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1700 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1545 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site