IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


‘ජනපති - ඒකාබද්ධ සාකච්ඡා බොරුවක්’ - ගාමිණි ලොකුගේ


 
 
බිඟුන් මේනක ගමගේ 
 
රටේ පවතින ආර්ථික අර්බුදයට පිළිතුරු සෙවීමේ අරමුණෙන් භාරකාර ආණ්ඩුවක් පිහිටුවීමට ඒකාබද්ධ විපක්ෂය සූදානම් යැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි ලොකුගේ මහතා පවසයි.
 
ජනාධිපතිවරයා හා ඒකාබද්ධ විපක්ෂය අතර මිත්‍රශීලී දේශපාලන සාකච්ඡාවක් ආරම්භ වී ඇති බවට පළ වන මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කරන්නේ යැයි කී හෙතෙම ජනාධිපතිවරයා භාරකාර ආණ්ඩුවකට ආරාධනා කළහොත් ඒකාබද්ධ විපක්ෂය ඊට සූදානම් යැයි  අවධාරණය කර කීය.
 
ආර්ථික අර්බුදයට ආණ්ඩුවට වැඩපිළිවෙළක් නැති බව එහි ප්‍රධානීන්ම පිළිගන්නේ යැයි ද එවැනි අවස්ථාවක කළයුත්තේ පක්ෂ භේදයෙන් තොරව එක්ව සාකච්ඡා කිරීම යැයි ද මන්ත්‍රීවරයා පැවසීය.
 
ලෝක ආර්ථික අර්බුදයක් පැමිණි අවස්ථාවේ පවා ලංකාවේ ජනතාවට එය නොදැනෙන සේ කළමනාකරණය කරගැනීමට පැවැති රාජපක්ෂ ආණ්ඩුව සමත් වී යැයි කී හෙතෙම අද ඊට වෙනස්ව රටට පැමිණෙන විදෙස් ආයෝජකයන්ගෙන් ද කප්පම් ගන්නා තත්ත්වයට ඇමැතිවරුන් පත්ව ඇතැයි චෝදනා කළේය.
 
ශ්‍රීලනිපයෙන් කැඩී පැමිණි පහළොස් දෙනාගේ කණ්ඩායමේ වැඩ ගැන පැහැදීමක් නැතැයි ද රට බේරාගැනීමේ භාරකාර ආණ්ඩුවක් වෙනුවෙන් ඕනෑම පාර්ශවයක් සමඟ සාකච්ඡා කිරීමට ඒකාබද්ධ විපක්ෂය සූදානම් යැයි ද ලොකුගේ මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය. 
 



අදහස් (6)

‘ජනපති - ඒකාබද්ධ සාකච්ඡා බොරුවක්’ - ගාමිණි ලොකුගේ

saliya Tuesday, 02 October 2018 08:36 AM

එහෙම හොඳයි, භාරකාරත්වය දෙන එක. ඒ ගොල්ලන්ගේ නඩු ප්‍රශ්නත් ඉවරයි. අපිට රුපියල් 2500 ට කාල බීල ඉන්න කිව්වම අපේ ආර්ථික ප්‍රශ්නත් ඉවරයි . හැමෝම ඊට පස්සේ සතුටින් ජීවත් වනු ඇත.

:       154       177

sathyapala Tuesday, 02 October 2018 09:01 AM

එහෙමෙ නම් රටට බුදු සරණයි !

:       0       0

irantha Tuesday, 02 October 2018 09:22 AM

ජනාධිපති ඒකාබද්ධ සාකඡ්චාවද බොරු ... ඔබතුමා ද බොරු කියන්නේ කයලා අපිට සැකයි .

:       0       0

සතයපාල Tuesday, 02 October 2018 09:43 AM

මහලොකු ආර්ථික විශේෂඥයා මාධ්‍ය සාකච්ඡාවේදී අනාගත්ත හැටි රටම දැක්කා. චීනාගෙන් ගිණි පොලියට ණය අරගෙන රට තව හිර කරනවා ඇරෙන්න දන්න වෙන විසඳුමක් නැහැ. කොහොම හරි කමක් නැහැ දන්නා විජ්ජාවක් දාලා ආණ්ඩුවක් අටවා ගෙන තියන නඩුවලින් නිදහස් වෙන එක තමයි මේ කල්ලියේ බලාපොරොත්තුව...

:       0       0

Nandalal DE SILVA - France Tuesday, 02 October 2018 10:57 AM

දැන් ඔබට සතුටුද?

:       0       0

athula Tuesday, 02 October 2018 12:15 PM

ඔය කළකම් පඩිසන් දෙනවා කිව්වට ඔය හොඳට ඉන්නේ.. එජාපය එකේ ඉන්නකොට කරපු අපරාධ අහස පොළව නුහුලන අපරාධ කරපු තක්කඩියෙක් එදා තාත්තට ඉඩමක් මිලදී ගන්න ඕනෑ වෙලා Rs 5000ක් තිබුනේ නැහැ . අද ඒ හෝටල් කාගේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඊශ්‍රාලයෙන් ඉරානයට මිසයිලයක්
2024 අප්‍රේල් මස 19 157 0

ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා


හබලකින් පහරදී අයෙක් මරලා
2024 අප්‍රේල් මස 19 201 0

ධීවර කටයුතු සඳහා අරලගන්විල පිඹුරුත්තාව වැවට ගිය පුද්ගලයෙකු එහිදී අඹුසැමි යුවළක් සමග සාදයක් පවත්වා එහිදී ඇතිවූ ආරවුලකදී හබලකින් පහරදී ඝාතනය කර ඇතැයි


පිට කොටුවේ අනවසර කඩ පිටුපස ජාවාරමක්
2024 අප්‍රේල් මස 19 484 0

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට හෙලිවී ඇතැයි කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.


මත්කරල් සමඟ දෙන්නෙක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 83 0

ජාවාරම් කිරීම සඳහා විරෝධී මත් කරල් 1229 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙක් පුල්මුඩේ ප්‍රදේශයේදී වි‍ශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් ඊයේ 18 අත්


අදත් තැනින් තැනට වැස්ස
2024 අප්‍රේල් මස 19 69 0

බස්නාහිර,සබරගමුව,වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්ත


අනුර- සජිත් පොඩි ළමයි
2024 අප්‍රේල් මස 19 677 0


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1507 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1410 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site