එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 73 වන සැසිවාරය ඇමතීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (22) රාත්‍රියේ ඇමරිකාව බලා පිටත්ව යාමට නියමිතය. ජනාධිපති ධූරයට පත්වීමෙන් අනතුරුව මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජාතින්ගේ මහ මණ්ඩල සැසිවාරය අමතන සිව්වන අවස්ථාව මෙයයි.
එක්සත් ජාතීන් සියලුම ජනතාවට සමීප කරවීම හා සාධාරණ, සාමකාමි සහ තිරසර සමාජයක් සඳහා වූ ගෝලීය නායකත්වයේ සාමුහික වගකීම, තේමාව යටතේ එක්සත් ජාතින්ගේ මහා මණ්ඩලයේ 73 වන සැසිවාරය නිව්යෝර්ක් නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධාන මූලස්ථානයේ දී පැවැත්වේ.
එහි ප්‍රධාන සැසිවාරය සැප්තැම්බර් 25 වනදා ආරම්භ කෙරෙන අතර එදින පස්වරුවේම ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සිය දේශනය ඉදිරිපත් කිරීමට නියමිතය.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂන් සභාව ශ්‍රී ලංකාවට ඉදිරිපත් කර ඇති යෝජනා ක්‍රියාත්මක කිරීමේ දී සහන ලබා ගැනීම මෙන්ම රටේ ස්වාධීනත්වයට, ජාතික ආරක්ෂාවට සහ ත්‍රිවිධ හමුදාවේ ගෞරවයට හානියක් නොවන අයුරින් කටයුතු කිරීම පිළිබඳව මෙහි දී එක්සත් ජාතින්ගේ මහා මණ්ඩලය වෙත විශේෂ යෝජනාවලියක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවද ජනාධිපතිවරයා මීට පෙර සඳහන් කර තිබේ.
එක්සත් ජාතින්ගේ මහා මණ්ඩල ප්‍රධාන සැසිවාරයට සමගාමීව පැවැත්වෙන ගෝලීය සාමය සඳහා වූ නෙල්සන් මැන්ඩෙලා සාම සමුළුව සැප්තැම්බර් 24 වනදා පැවැත්වෙන අතර එම සමුළුව ඇමතීමට ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ආරාධනා ලැබී තිබේ. නෙල්සන් මැන්ඩෙලා ජන්ම ශත සංවත්සරය සමරමින් මෙම සාම සමුළුව සංවිධානය කරයි.
ලෝක මත්ද්‍රව්‍ය ගැටලුව පිලිබඳ ගෝලීය ක්‍රියාමාර්ගයක් සඳහා වූ විශේෂ හමුවටද ජනාධිපතිවරයා සැප්තැම්බර් 24 වනදා එක් වෙයි.
ක්ෂය රෝගය මැඩලීමේ ව්‍යාපාරය සඳහා වූ සැසියක් සියලු රාජ්‍ය නායකයන්ගේ සහභාගිත්වයෙන් සැප්තැම්බර් 26 වනදා පැවැත්වෙයි.
එක්සත් ජාතීන්ට අනුබද්ධ ආයතනයක් වන ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පවත්වන බෝ නොවන රෝග පිළිබඳ සමුළුව සැප්තැම්බර් 27 වනදා පෙරවරුවේ ආරම්භ කෙරෙන අතර, සෞඛ්‍ය ක්ෂේත්රය වෙනුවෙන් පුළුල් මෙහෙවරක් ඉටුකළ රාජ්‍ය නායකයෙකු ලෙස එම සමුලුවේ විශේෂ දේශනයක් සඳහා ද ශ්‍රී ලංකා ජනාධිපතිවරයා වෙත ඇරයුම් ලැබී තිබේ.
කොළඹ ආමර්වීදියේ ටයර් කඩයක ගින්නක් හටගෙන ඇතැයි පොලිසිය කියයි. කොළඹ ගිනි නිවීමේ ඒකකය සහ නගර සභාව එක්ව ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කරන බව ද පොලිසිය සඳහන්
ශ්‍රී ලංකාවේ ජීවත්වන පුද්ගලයෙක්ට අවම මූලික අවශ්‍යතා ඉටුකරගැනීමට මසකට රුපියල් 17,014 ක මුදලක් අවශ්‍ය බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
හෝමාගම දුම්රිය පොළ පාරේ ප්ලාස්ටික් භාණ්ඩ අලෙවි සැලක හිමිකරුවකුගේ නිවසකට ඇතුළු වූ පුද්ගලයෙකු එහි කාන්තාවකට තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ල කොට රුපියල් ල
පොල් කිරි අපනයනය කිරීම මගින් 2024 පෙබරවාරි මාසයේ රුපියල් මිලියන 2971ක මුදලක් උපයා ඇතැයි පොල් සංවර්ධන අධිකාරිය පවසයි.
ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තර ලක්ෂ 50 ක පමණ තොගයක් රට තුළ පවතින බවත් ඒ හේතුවෙන් බිත්තර ආනයනය සීමා කළ බවත් රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි
ගෑන්ඩ්පාස් ස්ටේට් පාරේදී පුද්ගලයෙකුට කතුරකින් ඇණ ඝාතනය කල පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කියයි.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ජනපති එක්සත් ජාතීන්ගේ සමුළුව ඇමතීමට යයි
Raveendra Saturday, 22 September 2018 11:43 AM
මේ සැරේ රට කජු ප්‍රශ්නයක් වේද මන්දා? මොකද ගිය සැරේ කජු ප්‍රශ්නයක් තිබුණු නිසා..
sirimal Saturday, 22 September 2018 12:50 PM
ඔය අතරවාරයේ පොඩි විවේකයක් එහෙම ලැබුනොත් ට්‍රම්ප් උන්නැහේට පොඩි කතාවක් දාලා ලංකාවේ සංචාරයකට ආරාධනා කරන ගමන්ම මොකද්ද මේ ඩොලරය කරන අසමජ්ජාති වැඩේ කියල අහල බැලුවොත් නරකද? ඒ වගේම දැන් අර එකාබද්ධයේ කට්ටිය විශාල ප්‍රචාරක් දීගෙන යන අපේ හිටපු එක්කෙනා මෝඩි මුණ ගැසුන දවසට පස්සෙන්දා ට්‍රම්ප්ට දුරකතනයෙන් කතා කරලා හමුවීමට වෙලාවක් ඉල්ලා ගත්තා කියන කතාවේ ඇත්ත නැත්ත අහල දැනගෙන අපටත් කිවොත් හොඳයි. ඒ අතරේ එක්සත් ජාතීන්ගේ සමුළුවේදි අපේ රණවිරුවන් වෙනුවෙන් හඬක් නැංවීමත් අගේ කලයුතුයි.
Sinhalaya Saturday, 22 September 2018 03:47 PM
කන එක ප්‍රශ්නයක් වෙයිද එහෙ කෙහෙල් කොළ නැති නිසා.. කොළ පාට ලන්ච් ශීට් ටිකක්වත් අරන් යන්න.
RaveendraSaturday, 22 September 2018 04:27 PM
කියයිද දන්නේ නැහැ " මාර වැඩේනේ උනේ මෙය " ... මට අපේම ජාතික ගුවන්සේවයෙන් කටේ තියන්න බැරි ජරාම ජරා කජු මල්ලක් දුන්නනේ මටම කන්න . මං කාවේ නැහැ මෙයා.... මට මෙහෙම සැලකුව නම් මේ ගුවන් සේවයේ ..... සාමාන්‍ය මගීන්ට කොහොම සලකනවා ඇද්ද ???
sam Saturday, 22 September 2018 04:10 PM
කජු ගැන වචනයක්වත් මතක් කරන්න එපා...
gamaya Saturday, 22 September 2018 04:13 PM
ට්‍රම්ප් උන්නැහේගෙන් ඩොලර් ටිකක් අඩුවට ඉල්ලගන්න බලන්න.
Sam Saturday, 22 September 2018 04:23 PM
අයෙත් ජාත්‍යන්තරය ජයගන්න, සුබපතමි. අපි කොහොම හරි ආර්ථිකය ජයගන්න බලන්නම්,
susantha Sunday, 23 September 2018 08:31 AM
අයියෝ අපේ ජනාධිපතිගේ ඉංග්‍රීසි අහලා සුද්දෝ දුවයි.
RaveendraSunday, 23 September 2018 11:01 AM
susantha මයා වෙත, අප ඔබව අපහසුතාවයකට පත්කිරීමට උත්සහ දරනවා නොවේ.වෙනත් ජාතියකට අදාළ භාෂාවක් දැනගනිමෙහෙ කිසිදුවරදක් නොමැත බව පළමුව කිව යුතුය. නමුත් එසේ දැනගැනීම අවශ්‍යම නොවන බවත් කිව යුතුය. ඇත්තෙන්ම අප වඩාත් ලැජ්ජා වියයුත්තේ අපගේ මව්බස නිසිලෙස හැසිරවීමට නොහැකිනම් පමණි. තම මවුබස පමණක් කතාකරන රාජ්‍ය නායකයින් ඕනෑතරම් අද ලෝකයේ ඉන්න බවත් අමතක නොකරන්න. එයට හොඳම එක් උදාහරණය රුසියානු නායකයන්. තම මවුබස හොඳින් හැසිරවීමට නොහැකි රාජ්‍ය නායකයින් අප රටේද නැතුවාම නොවේ. දැනුත් ඉන්න බවත් කිවයුතුය. ඇත්තෙන්ම ඔවුන් වඩාත් ලැජ්ජා වියයුතුයි ඒ පිළිබඳව. තව එක් දෙයක් කීමට කැමැත්තෙමු. ඉංග්‍රීසි බස වැරදි ලෙස කතා කරන විට සුද්දන්නම් සිනා නොවෙන බවත් සිංහල සුද්දන්නම් එවන් උදවියට අපහාසාත්මක ලෙස සිනාසෙනු අප අනන්තවත් දැක ඇති බවට සඳහන් කිරීමට කැමැත්තෙමු. (අප අපගේ මුල් පුරවැසියාට වර්ණ තැවරීමට බලාපොරොත්තු වෙනවා නොවේ)
BamunuarachchiSunday, 23 September 2018 04:35 PM
ඔබට ලොකු වැරදීමක්.... සිංහලයෙක් ඉංග්‍රීසි වැරැද්දූ විට සිනාසෙන අපි සුද්දෙක් සිංහල වැරැද්දු විට සිනාසෙන්නේ නැත. නමුත් සුද්දා කතාකරන ඇක්ෂන් පවා අගය කරනවා නේද? ඒක ඔබේත්, මගෙත් වැරැද්ද නොව ජාතියේ වැරද්දයි.
BamunuarachchiSunday, 23 September 2018 04:41 PM
හැබැයි මෙහෙම දෙයක් තිබෙනවා... අපි යම් ජාතියක් අතරට ගිහිල්ලා ඒ ජාතියට අයත් භාෂාව කතා කරන්න හැකිනම් අපට තිබෙන පිළිගැනීම වැඩිය අදහස් හුවමාරුව බොහොම ලෙහෙසියි.
Bamunuarachchi Sunday, 23 September 2018 10:38 AM
ලොක්කා ඔබ මොනවද කියන්න යන්නේ..? මට විශාල කණගාටුවක් ඇතිවෙනවා. මෙම සභාව ඉතා ගාම්භීරව ඇමතූ බණ්ඩාරනායක ශ්‍රීමතාණන් වගේ අය ගැන...