IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ජනපති - අගමැති උසාවි එන්න බෑ කියති

(මනෝප‍්‍රිය ගුණසේකර)

එක්සත් ජාතික පක්‍ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතාට එරෙහි නඩුවේ සාක්කි දීමට රාජකාරීමය හේතූන් මත අද (17) අධිකරණයට පැමිණීමට හැකියාවක් නොමැති බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහත්වරු නීතීඥවරයෙකු මාර්ගයෙන් කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතාට අද (17) දැනුම් දුන්නේය.

මෛත‍්‍රීපාල සිරිසේන සහ රනිල් වික‍්‍රමසිංහ මහත්වරු අතර ගිවිසුමක් ඇති බවට කූඨ ලෙස සකස් කළ ලියවිල්ලක් මාධ්‍ය වෙත ඉදිරිපත් කළැයි චෝදනා කරමින් එක්සත් ජාතික පක්‍ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතාට එරෙහිව පවරා ඇති නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී ඒ බව දැනුම් දුන් අතර මෙම නඩුව යළි විභාග කෙරෙන ලබන දෙසැම්බර්  4 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස ජනාධිපතිවරයාට හා අගමැතිවරයාට දැනුම් දෙන ලෙස ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයාට විනිසුරුවරයා දැනුම් දුන්නේය.

විත්තිකාර එක්සත් ජාතික පක්‍ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා අද අධිකරණයේ පෙනී සිටියේය.

මෙම නඩුවේ පැමිණිල්ලේ ප‍්‍රධාන සාක්කිකරුවන් දෙදෙනා වන ජනපති හා අගමැතිට අමතරව පැමිණිල්ලේ  සාක්කිකරුවන් 15 දෙනාගෙන් තිදෙනෙකු හැර සෙසු සියලු සාක්කිකරුවෝ අධිකරණයේ පෙනී සිටියහ.

ඉදිරිපත් වු කරුණු සළකා බැලූ විනිසුරුවරයා මෙම නඩුව ලබන දෙසැම්බර් 4 වැනිදා සිට 12 වැනිදා දක්වා විභාග කිරීමට තීරණය කෙරිණි.



අදහස් (19)

ජනපති - අගමැති උසාවි එන්න බෑ කියති

wedage Monday, 17 July 2017 10:35 AM

සියලුම කාරණ විමසා බලලයි දෙන්නේ... තීන්දුව උදහස් පැමිණිලි කරුවෝ, වැරදි කාරයෝ, විත්ති කාරයෝ නිදහස් ...

:       1       14

රනිල් Monday, 17 July 2017 11:14 AM

රනිල් මහත්තයත් රටේ නීතියට යටයි. එතුමා අගමැති වුණා කියලා නෙමේ... මේ රටේ එක පුරවැසියෙක් විතරයි. එතුමා කරන රස්සාවට ඕන කරන දීමනා මහජනතාව ගෙවනවා වගේ (බදු විදියට), උසාවියෙන් කිව්වොත් උසාවි එන්න ඕනේ සමනලයෙක් වෙන්නේ නැතුව....

:       401       1319

පිටිගල මිලානෝ Monday, 17 July 2017 11:28 AM

ගස්බෙනේක හැදී හොරු රංචුවක් වෙතට වැටුණු ගිරවාගේ ගිරා පෝතක කතා වස්තුව මතක් වෙනවා.

:       11       153

anura Monday, 17 July 2017 12:58 PM

ලංකාවේ අනික් පුරවැසියන්ටත් ඔය කාරණාව කියලා උසාවිය මග අරින්න පුළුවන්ද? නීතිය ඉදිරියේ සියල්ලන්ම සමානයි කියලයි කියන්නේ

:       0       149

Chandra Monday, 17 July 2017 01:08 PM

කොහොමත් තිස්ස අත්තනායක මහත්තයා කියපු දේවල් නම් හරියටම හරි. ඒ දේවල් එකින් එක සිද්ද වෙනවා.

:       203       268

gunarathna Monday, 17 July 2017 01:47 PM

මහලොකුවට කීවේ සාක්කි දෙන්ට උසාවි යනවා කියලනේ දෙන්නම. දැන් මොකද බයවෙලා ඉන්නේ? තිස්ස අත්තනායක මහත්තයා හැම දෙයක්ම දැනගෙන තමයි එජාපෙන් එළියට බැස්සේ.

:       98       175

ONE SRILANKANA Monday, 17 July 2017 02:52 PM

නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ. කාට කියන්නද.

:       0       22

de silva Monday, 17 July 2017 03:11 PM

උසාවි එන්න බැරිනම් මොන දේකටද නඩු දැම්මේ?

:       7       145

de silva Monday, 17 July 2017 09:47 PM

ඔය නඩුව සාක්කිකාරයෝ අවේ නැති වුනහම නිකන්ම විසි කරවී, මේකත් අර පසුගිය ආණ්ඩුවේ හිටපු හොරු අල්ලනවා කියල පොරොන්දු වුනා වගේ "කඩවුණු පොරොන්දුවක් "වේවී.

:       0       1

Chanak Los angeles Tuesday, 18 July 2017 12:30 AM

සුදනන්ට දුදනන් ඉන්න පළාතකටවත් එන්න එපා කියලා දහමේ සඳහන් ...

:       21       0

Chanak Los angeles Tuesday, 18 July 2017 12:41 AM

අනුන්ගේ ඇම කාල මුදලට ගිජුවෙලා පක්ෂය පාවාදීල හොරු දිනයි කියල හිතාගෙන හොරුන්ට හේත්තු වෙන්න ගිහින් අල්ලපු වත්තයි හිටපු වත්තයි දෙකම නෙතිකරගත් නරයෙක්..

:       55       2

pitigala Tuesday, 18 July 2017 01:24 AM

අනික් හොරු බේරා ගත්ත වගේ මේ නඩුවත් විසිවෙන්න ඇරලා එයාවත් බේරා ගන්නයි ඔය හදන්නේ.

:       0       1

siri Tuesday, 18 July 2017 01:31 AM

ඒ දෙන්නට හරියට වැඩ. ඉතින් මොකද කරන්නේ?

:       0       1

දිනේෂ් Tuesday, 18 July 2017 01:59 AM

අයුක්තිය අසාධාරණය වෙනුවෙන් ජනතාව උදෙසා නැගී සිටීමට ජනතාව විසින් තොරාගන්න ලද යහ පාලනයේ තරම මෙන්න. හොද හොද සෙල්ලම් එලි වෙන ජාමෙටළු ඉතින් අපි උඩබලාගෙන ඉමු වෙන මොනවනම් කරන්නද?

:       0       29

sujeewa Tuesday, 18 July 2017 02:44 AM

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් අගමැතිට මුක්තියක් ලබා දීල නැහැ. තමුන් කල දේ තමුන්ටම යලි කැරකෙන බවක් පෙනී යනවා. අනික මිනිස්සු චන්දෙ දුන්නේ ජනාධිපතිවත් උසාවියට ගෙනෙනවා යනුවෙන් ලබෙදෙන ලද පොරොන්දුව මතයි. ලංකාවේ නීති හැදෙන්නේ ජනතාවගේ අභිලාෂයන් මත. දැන් ජනාධිපතිට සහ අගමැතිට උසාවිය හමුවේ පෙනී සිටින්නට සිදුවෙනවා. මෙහිදී ගරු මහාධිකරණ විනිසුරුතුමා මේ පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමක් සිදු කරවී සමහරවිට

:       0       133

sahan Tuesday, 18 July 2017 03:44 AM

අගමැති බැහැ කිව්වම ඊට පස්සේ ඇමතිලා, ඇමතිලා බැහැ කිව්වහම මන්ත්‍රීලා, මන්ත්‍රීලා බැහැ කිව්වහම පළාත් සභා ඇමතිලා,පළාත් සභා ඇමතිලා බැහැ කිව්වහම පළාත් සභා මන්ත්‍රීලා, පළාත් සභා මන්ත්‍රීලා බැහැ කිව්වහම ප්‍රාදේශීය සභා මන්ත්‍රීලා. ඔය විදියට පෝස්ටර් අලවන එකා දක්වා උසාවියෙන් කැඳවීමක් ලැබුනම මට වැඩ තියෙනවා උසාවි එන්න බැහැ කියන දවසක් ඒවිද ? මොකක්ද මේ වෙන්න යන්නේ. ජනතාවගේ අධිකරණ බලයට ගරු කරන්න නීතිවේදී අගමැති තුමා දන්නේ නැද්ද ?

:       0       105

amali Tuesday, 18 July 2017 04:54 AM

තිස්ස මහත්තයා සියයට 100ක්ම හරි...

:       0       0

mudiyanse Tuesday, 18 July 2017 06:52 AM

අපිට තාමත් කොන්දක් පණ තියෙන නායකයෙක් හොයා ගන්න බැරිවුණා. මිනිස්සු කුණු කඳු වලට යට වෙලා මැරෙනවා. දැන් අපිටම තේරෙනවා අපේ රට පාලනය කරන්න කවදාවත්ම සිංහලයන්ට බෑ කියන එක... අවුරුදු 100 ක් කිට්ටුවෙන්න ඔප්පු කල අපේ රට පාලනය කරන්න ජපානය හෝ ඕස්ට්‍රේලියාව වගේ රටකට බාර දෙමු...

:       0       0

Nandalal DE SILVA - France Tuesday, 18 July 2017 07:53 AM

ජනපති - අගමැති උසාවි එන්න බෑ කිවුවේ නැහැ ! මේ දෙපොළ රාජකාරි කටයුතු නිසා එදිනට එන්න බැහැ කියල වෙන දිනයක් ඉල්ලුවා පමණයි. එකේ කිසිම වැරද්දක් මට නම් පේන්නේ නැහැ. උසාවි කැඳවීම් වලට, වරෙන්තුවලට, ජ්‍යාත්‍යන්තර "රතු වරෙන්තු" ආදියට පසුබාමින්, බයේ වෙවුලමින් හැංගි මුත්තන් කරමින් සිටින විවිධ අපරාධ වලට සම්බන්ද යයි කියන අය කොතරම් අපේ "සකල සිරින් පිරි සිරි ලංකාවේ" ඉන්නවද?

:       88       0

ඔබේ අදහස් එවන්න

මහ පුවරුව

ඊශ්‍රාලයෙන් ඉරානයට මිසයිලයක්
2024 අප්‍රේල් මස 19 4072 2

ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා


අපේ කෙල්ලෝ ක්‍රිකට් ලොව හොල්ලති
2024 අප්‍රේල් මස 18 3677 1

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් පිලට එරෙහිව දකුණු අප්‍රිකාවේදී පැවැති එක්දින ක්‍රිකට් තරගාවලියේ තෙවැනි සහ අවසන් තර


කොන්ත්‍රාත්කරුවෝ පැනයති:අනුරාධපුර රෝහලේ ගොඩනැගිලි පැලවෙති
2024 අප්‍රේල් මස 17 3043 10

අනුරාධපුර ශික්ෂණ රෝහලේ විවිධ අංශවල ප්‍රයෝජනය සඳහා රුපියල් කෝටි ගණනක් වියදම් කරමින් ඉදි කිරීම් ආරම්භ කළ දැවැන්ත ගොඩනැගිලි සංකීර්ණ කිහිපයක් විනාශ වෙම


පාලිත තෙවරප්පෙරුම විදුලි සැර වැදී මරුට
2024 අප්‍රේල් මස 16 11672 33

හිටපු රාජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා විදුලි සැර වැදීමෙන් මියගොස් ඇතැයි නාගොඩ රෝහල් ආරංචි මාර්ග කියයි.


’’ඡන්දෙට කලින් වාහන පර්මිට් එක ඕනෑ’’
2024 අප්‍රේල් මස 15 7970 57

මුලින් නිකුත් කෙරුණු තීරු බදු රහිත වාහන බලපත්‍රය ලබාදිය නොහැකිනම් ඊට වඩා අඩු වාහනයක් හෝ මිලදී ගැනීමට වාහන බලපත්‍රයක් ඉදිරි ජනාධිපතිවරණයට පෙර දෙන්න


නිවෙස්වල අනතුරු දෙකකින් මල් කැකුළු දෙකක් මිලින වෙති
2024 අප්‍රේල් මස 15 3052 2

පඬුවස්නුවර සහ අරලගංවිල නිවෙස්වල දී සිදු වූ අනතුරු දෙකකින් කුඩා දරුවන් දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 207 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1513 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1416 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site