IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ජනපතිගේ තීන්දුව එන තුරු ගලේවෙල සුදු ගල් කොරියෙහි වැඩ අත්හිටුවයි

(මොහොමඞ් බුහාර්ඩින් සහ කාංචන කුමාර ආරියදාස)
 
 
ගලේවෙල මකුලගස්වැව පන්ගල ගම්මානයේ ඉදිකිරිමට යෝජිත මෙරට සිට විදේශියන්ට අපනයනය කරන සුදු කල් කුට්ටි කිරිමේ කොරියේ බලපත‍්‍රය ජනපති තීන්දුව ලැබෙන තුරු අත්හිටුවීමට ගලේවෙල ප‍්‍රදේශීය ලේකම් එම් යු නිශාන්ත මහතා තීරණය කළේය.


මීට මාස හයකට පමණ  ඉහතදී මෙරට සිට විදේශිය රටවලට සුදු ගල් කුට්ටි කර යැවිමේ ස්ථානයකට (ගල් කොරියකට) මධ්‍යම පරිසර අධිකාරිය භූ විද්‍යා හා පතල් කැණීම් කාර්‍යයාංශය ඇතුළු රාජ්‍ය ආයතන කිහිපයක් අනුමැතිය ලබා දි තිබු අතර පසුව මෙම ගම්මානයේ පවුල් ගණනාවක් මේ හේතුවෙන් පිඩා විදින බවත් ප‍්‍රදේශයේ ජල මුලාශ සිදි යාම ඇතුළු පරිසර ගැටලූ ගණනාවක් මතු වී ඇති බව ගම සුරැකිමේ සංවිධානය විසින් ඇති කළ මහජන විරෝධය මැද ව්‍යාපෘතියේ කටයුතු තාවකාලිකව නතර කෙරිණි. 


ඒ අනුව ප‍්‍රදේශවාසීන්ගේ විරෝධතා සළකා බැලීම මීට සම්බන්ධ සියලූ රාජ්‍ය ආයතන නිලධාරින් අදාළ ගල් කොරියේ පාර්ශවය ද කැඳවා ගලේවෙල ප‍්‍රාදේශීය ලේකම්වරයාගේ මුලිකත්වයෙන් 31 වැනි දා ප‍්‍රදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේ දී පැවැත්විණි.
එහිදි සියලූ දෙනා සමඟ එක්ව මෙම ප‍්‍රශ්නය සාකච්ඡා කරනු ලැබු අතර එහිදි මෙම ව්‍යාපෘතියහි නිලධාරින් සියයට සියයක් පරිසරයට හානි නොවන අයුරින් පවත්වාගෙන යන බවට පොරොන්දු වුවත් මහජනගේ දැඩි විරෝධයක් එල්ල වුයේ මින් පෙරද මෙවැනි ව්‍යාපෘති සමාගම් සිදුකළ පරිසර විනාශයේ අත්දැකීම පෙන්වා දෙමිනි. ඒ අනුව ගම්වාසින් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මෙම ගලේකෝරිය නිසා සිදුවන පරිසර හානිය පිළිබඳ යැවු ලිපියක පිටපතක් ප‍්‍රදේශීය ලේකම් එම් යු නිශාන්ත මහතාට ඉදිරිපත් කළහ. 


ඒ අනුව පැයක පමණ කාලයක් සාකච්ඡාවට බදුන් වු මෙම ගැටලූවෙහි ප‍්‍රදේශීය ලේකම් එම් යු නිශාන්ත මහතා තීරණය වුයේ ජනාධිපතිවරයාගේ තීරණය ලැබෙන තුරු මෙම ගල්කෝරියේ වැඩකටයුතු තාවකාලිකව අත්හිටුවන බවයි.


මෙම අවස්ථාවට ගලේවෙල ප‍්‍රදේශීය ලේකම් එම් යු නිශාන්ත ගලේවෙල ප‍්‍රදේශීය සභාවේ සභාපති එම් පි ආර් ජයතිලක දඹුල්ල සහකාර පොලිස් අධිකාරි ගාමිණි මිගහකුඹුර මධ්‍යම පරිසර අධිකාරිය ජෙෂ්‍යඨ පරිසර අධික්ෂණ නිලධාරිනි ඩබ් පි රණසිංහ ගලේවෙල ප‍්‍රදේශීය සභා පරිසර නිලධාරි ඒකනායක මධ්‍යම පළාත් පුරාවිද්‍යා දෙපාරතුමේන්තුවේ පරික්ෂණ නිලධාරි ජි රාජමනි පන්ගල ගම සුරැකීමේ සංවිධානයේ සභාපති ජි බි විජේරත්න මහතා ඇතුළු ගම්වාසින් නිලධාරින් රැසක් සහභාගී වුහ.
 
 
 



අදහස් (1)

ජනපතිගේ තීන්දුව එන තුරු ගලේවෙල සුදු ගල් කොරියෙහි වැඩ අත්හිටුවයි

himal Thursday, 31 May 2018 09:05 AM

කතා කරන තරමක් කතා කරන්නෙ බලය විමධ්‍යගත කරන්න, ඒත් ප්‍රාදේශීය මට්ටමින් කරන කර්මාන්තයක් ගැන තීන්දුවක් ගන්නත් ජනාධිපතිට යන්න වෙලා. මෙහෙම කරන්න නම් මොකටද පඳුරකට ගැහුවත් විසිවෙන ගාණට මහජන නියෝජිතයෝ? පරිසරයට බලපෑමක් නොවී කර්මාන්ත කරන්න බැරි වෙන්න පුළුවන්. කරන්න ඕන පරිසරයට වෙන අහිතකර බලපෑම් අවම කරගෙන, වෙන බලපෑම්වලට විකල්ප හොයාගෙන කර්මාන්තය කරගෙන යන එක.

:       0       16

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විදුලි සේවකයෝ ඔක්කොම නඩු දැම්මත් පනත හකුලන්නේ නෑ
2024 අප්‍රේල් මස 19 59 0

විදුලි සේවකයන් විසිහතරදහසම නඩු දැම්මත් නව විදුලිබල පනත හකුලා නොගන්නා බවත් වැඩි පිරිසක් අධිකරණයට යෑමෙන් වඩාත් හොඳ පනතක් නිර්මාණය කිරීමේ හැකියාව ලැබෙ


දෙවුන්දරින් ඇල්ලූ මත්ද්‍රව්‍ය රස පරීක්ෂකට යවන්නැයි නියෝග
2024 අප්‍රේල් මස 19 135 0

දෙවුන්දර මුහුදු තීරයේදී නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 380 කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරී


ප්‍රදේශ කිහිපයකට පැය 12ක ජල කප්පාදුවක්
2024 අප්‍රේල් මස 19 82 0

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ලබන 24 වැනිදා පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.


සුනාමි කුලුනු 77න් 55කම පණ ගිහින්
2024 අප්‍රේල් මස 19 172 3

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දිවයිනේ වෙරළබඩ ප්‍රදේශ ආවරණය වන පරිදි දිස්ත්‍රික්ක දාහතරක කෝටි 13 කට වැඩි වියදමකින් ස්ථාපනය කෙරුණු සුනාමි සහ සුළි සුළං සඳහ


මළ මිනියක් අරන් ණයක් ගන්න බැංකුවට එයි
2024 අප්‍රේල් මස 19 1958 1

බ්‍රසීලයේ රියෝ ඩි ජෙනෙයිරෝ බැංකුවට රෝද පුටුවක තබා ගත් මළ සිරුරක් රැගෙනවිත් එම මියගිය පුද්ගලයාගේ නමට ඇමෙරිකානු ඩොලර් 3250 ක (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 10 කට ආ


නවකවදය මට්ටු කරන්න මෛත්‍රී මාසය එයි
2024 අප්‍රේල් මස 19 549 1

විශ්ව විද්‍යාලවල නවක වදය අඩුකිරීම සඳහා වෙසක් සමයේදී මෛත්‍රී මාසය යන තේමාව යටතේ නවකවද විරෝධී වැඩසටහනක් ආරම්භ කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 208 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1513 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site