IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ජනාධිපති අපේක්ෂකත්වයට සුදුස්සන් රැසක් පොහොට්ටුවේ ඉන්නවා - මන්ත්‍රී ශෙහාන්

නාලක සංජීව දහනායක
 
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ජනාධිපතිවරණ අපේක්‍ෂකත්වය සඳහා සුදුසුකම් සහිත පුද්ගලයන්  ඕනෑ තරම් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ මහතා අද (14) පැවසීය.
 
එබැවින් හිටපු ජනාධිපතිවරයා විසින් ජනතාව ඉල්ලා සිටින වඩාත්ම සුදුසුකම් සහිත පුද්ගලයා ජනාධිපතිවරණ අපේක්‍ෂකත්වය සඳහා ඉදිරිපත් කරනු ඇතැයිද ඔහු කීය.
 
මන්ත‍්‍රීවරයා මෙසේද පැවසීය.
 
‘‘විසි වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්පූර්ණයෙන්ම නිර්මාණය කරන්නේ ජයම්පති වික‍්‍රමරත්න හා එම්.ඒ සුමන්තිරන් යන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් විසිනුයි. මෙහිදී ජනතා විමුක්ති පෙරමුණ කරන්නේ අනුන්ගේ දරුවෙකුට උප්පැන්න සහතිකයක් දීමයි. එය ජනතා විමුක්ති පෙරමුන විසින් සිදු කරනු ලබන බරපතළ දේශපාලන වරදක්. මෙය පාර්ලිමේන්තුවේ සම්මත වුනොත් මහජන නියෝජිතයන්ට මහජනතාව වෙනුවෙන් පෙනී සිටින්න තිබෙන අයිතියත් සම්පූර්ණයෙන්ම නැති වෙනවා.
 
 එමෙන්ම යම්කිසි ප‍්‍රශ්නයක් ඇතිවුනොත් අධිකරණයට යෑමේ අයිතියත් නැති වෙනවා. ඒනිසා මේ පනත සම්මතවීම අතිශයින්ම භයානකයි. 20 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව ඉදිරිපත් කරමින් ජනාතා විමුක්ති පෙරමුණ එක්සත් ජාතික පක්‍ෂයේ කොන්ත‍්‍රාත්තුවක් කරන බව ඉතාම පැහැදිලියි.‘‘
 
බත්තරමුල්ල, නෙළුම්මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේදී අද (14)  පැවැති  මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළාය.



අදහස් (18)

ජනාධිපති අපේක්ෂකත්වයට සුදුස්සන් රැසක් පොහොට්ටුවේ ඉන්නවා - මන්ත්‍රී ශෙහාන්

mahinda Friday, 14 September 2018 01:00 PM

පොල්ලෙලි සොයාගැනීම මහත් අමාරු කාර්යයක් නෙවෙයි. ඔබ කියන දේ හරි...

:       57       196

BamunuarachchiSaturday, 15 September 2018 12:32 AM

පොල්ලෙලි ගසා යැපෙන්නන්ට පොල්ලෙලි වලින් එහා ලෝකයක් නැත. හැමදෙයක්ම දකින්නේ පොල්ලෙලි ලෙසයි.

:       1       1

sayimonSaturday, 15 September 2018 12:40 AM

ලැන්කෑස්ටර් දියවන්නාවට ගිය වයස 35ට වැඩි ඕනෑම කෙනෙකුට ඉල්ලිය හැක.

:       0       0

NishanathSaturday, 15 September 2018 02:59 AM

මේ අය ඔක්කොම ඉන්න තැන වෙනස් වුණාට එකමයි.

:       0       7

Kumara Friday, 14 September 2018 01:09 PM

මේ කට්ටිය වැඩේ කළත් කුඩුකාරයින්වමයි තෝරගන්න වෙන්නේ...

:       0       77

HafeelFriday, 14 September 2018 03:37 PM

කුමාර, මෙයා කියනවා වගේ, මෙයාලට ගැලපෙන ජනාධිපති අපේක්ෂකලා ඉන්නේ පොහොට්ටුවේ තමයි.

:       0       13

BamunuarachchiSaturday, 15 September 2018 09:46 AM

මෙයාලට නොවෙයි හලෝ... රටටම ගැලපෙන ජනාධිපතිවරයෙක් ඉන්නේ පොහොට්ටුවේ... එහෙම නොවෙයි නම් කියන්නකෝ වෙන කව්ද කියලා...

:       0       13

Raveendra Friday, 14 September 2018 01:12 PM

අද අප රටේ තිබෙන කිසිඳු පක්ෂයක කිසිවෙකු සිටින්නේද හොරකම් නොකළ, මහජන දේපොළ හොරා නොකාපු, අඩුතරමින් මහජන බදුමුදල් වලින් "පිනට කෑම වේලක්වත් සප්පායම් නොවෙච්ච මහත්මයෙක් මහත්මියක්" අන්න ඔහු හෝ ඇය ඔය කියන ප්‍රධාන මහජන නියෝජිතයා ලෙස සුදුසුකම් ලබන්නේය.. එබැවින් මේ ගොයියගෙන් ඇසීමට මෙවන් ප්‍රශ්නයක් අප හට ඇත. අවංකව කියනවා බලන්න" ඉහත සඳහන් නිවට ගව ගතිගුණ" නැති මහත්ම මහත්මියක් ඉන්නවාද කියා ඔය කියන පොහොට්ටුවේද, පිපිච්ච අටමඟලේද? මෙම සුදුසුකම පිළිබද ප්‍රශ්නය අපි නිල්, කොළ, රතු යන හැම පක්ෂයකින්ම අහනවා. හිතට එකඟව උත්තර දෙන්න !!!

:       1       133

sirimal Friday, 14 September 2018 01:13 PM

ඉල්ලනවා වගේද දිනන එක... ඔතන දිනන්න පුළුවන් කෙනෙකුට ඉන්නේ එක්කෙනයි. ඒ නිසානේ එයාගේ නම ඔය තරම් පාවිච්චි කරන්නේ. ඔය කොච්චර පුරසාරම් දෙඩෙව්වත් එයාගේ නම නැති වූ දවසට සේරම හබක්...

:       19       115

chathuri Friday, 14 September 2018 02:00 PM

ලංකාවේ හතර වටේ පයින් ගියත් සුදුසුකම් තියෙන අය නැහැ. උගතුන් මිනිස්කම් ඇති සේරම රටින් පිට ඉන්නේ. ඒ අයට කෝටියක් දෙනවා කිව්වත් එන්නේ නැහැ. කිසිම දෙයක් දන්නේ නැති කට්ටිය තමයි බලයට පොර කන්නේ. විපක්ෂයේ නායකයා කියනවා පුතාව ඉදිරිපත් කරන්න වයස මදිලු. වයස ප්‍රශ්නයක් නැහැ. මොලේ තියෙනවනම් ඉදිරියේදී පිටරටින් සුද්දෝ ඉල්ලුම් කරයි අපිට දෙන්න. අපි රට ගොඩ ගන්නම් කියලා.

:       20       130

saliya Friday, 14 September 2018 02:33 PM

අර එදා කිව්වා වගේ ඉස්සරහට එන්න තවත් “මෝඩ යක්කු” බොහෝ ඇත.

:       0       21

V.warnakulasuriya Friday, 14 September 2018 03:00 PM

මෙතුමාගේ ප්‍රකාශය වඩාත් නිවැරදි වීමට නම් " රාජපක්ෂ පවුලේ වඩාත්ම සුදුසුකම් සහිත පුද්ගලයා පත්කරනු ඇත." යන්න සුදුසුය. දිනන පැත්තකට හේත්තුවෙලා එහෙමත් නැති නම් වලව්වක වළං හෝදලා හරි බඩගෝස්තරය නිවාගන්න බලන මෙවැනි දේශපාලකයන් අද අපි බොහෝවිට දකින්නෙමු. රටේ අවාසනාවත් එයමයි. රටේ පීඩිත පන්තියක් අපමණ දුක් විඳිනකොට ඔබලා කතා කරන්නේ කා ගැනද?

:       49       96

Buddika Friday, 14 September 2018 03:19 PM

අපොයි ඔව්. පොහොට්ටුවේ ඔක්කොම වගේ වංචා චෝදනා තියෙන නිසා හොඳට ගැලපෙනවනේ... ඒ වගේම සුදුසුයි. හැබැයි රටේ ජනතාව ඇස් නොපෙනෙන, කන් නොඇසෙන, මොලේ නැති අය වෙන්නම ඕනේ...

:       0       35

Hafeel Friday, 14 September 2018 03:40 PM

ජවිපෙ හැර කවදද ඔබලා මහජනතාව වෙනුවෙන් පෙනී සිටියේ?

:       637       262

Bamunuarachchi Saturday, 15 September 2018 12:22 AM

Hafeel, ජවිප ය ජනතාව වෙනුවෙන් පෙනී සිට ජනතාවට මොනවාද ලබා දුන්නේ? හැබැයි එජාපෙ වෙනුවෙන් පෙනීසිට ජනතාව අමාරුවේ දැම්ම බව නම් දැක්කා. අත්තනෝමතිකව තමන් විනිසුරුවන්ට සමාන කරගනිමින් පඩි වැඩිකර ගන්නාවිට ජනතාව වෙනුවෙන් පෙනීසිටියාද?

:       0       0

Bamunuarachchi Saturday, 15 September 2018 12:27 AM

වර්ණකුලසූරිය රාජපක්ෂලා පැත්තකින් තියලා රටේ ජනාධිපතිකමට සුදුසු එක පුද්ගලයෙක් නම් කරන්න අපිටත් දැනගන්න. සුදුසුකමත් කියන්න.

:       47       0

Saththaya Saturday, 15 September 2018 02:28 AM

හැමෝටම සුදුසුකම් ඕනෑවටත් වැඩියෙන් තියෙනවනේ. ඒ කියන්නේ මැර බලය සහ මුදල්...

:       0       614

Perakum Saturday, 15 September 2018 09:20 AM

සුදුසුකම් ඇති අය ඕනෑතරම් ඉන්නවා. ඒත් ඔවුන් බුද්ධිමත් නිසා මේ නරාවලට වැටී ජරාව ගාගන්න කැමැති නැති එකයි ගැටලුව. සුදුස්සෙක් ඉදිරිපත් වුනොත් අපේ කට්ටිය කොහොම හරි එයා පරද්දන වග නම් අනිවාර්යයි...! රටේ අවාසනාව තමයි...!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 537 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 107 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 791 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 805 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1206 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1092 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 217 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1533 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1427 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site