IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ජනගහනයට සාපේක්ෂව ලංකාව මන්දපෝෂණය අතින් දෙවැනි තැනට

හර්ෂණ තුෂාර සිල්වා
 
ජනගහනයට සාපේක්ෂව ඉහළම මන්දපෝෂණයක් තිබෙන දකුණු ආසියාවේ දෙවැනි රට බවට ශ්‍රී ලංකාව පත්ව ඇතැයි එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ “ලෝකයේ ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය 2017” වාර්තාවේ සඳහන්ව තිබේ.
 
වසර 2014 සිට 2016 දක්වා දත්ත පදනම් කරගනිමින් මෙම වාර්තාව සකසා තිබෙන අතර ශ්‍රී ලංකාවේ මන්දපෝෂණය ජනගහනයට සාපේක්ෂව සියයට 22.1ක් යැයි එහි සඳහන්ව තිබේ. 
 
ජනගහනයට සාපේක්ෂව වැඩිම මන්දපෝෂණයක් සහිත රට බවට පත්ව ඇත්තේ ඇෆ්ගනිස්තානයයි. 
 
වසර 2004 සහ 2006 කාලයට සාපේක්ෂව මේ වනවිට මන්දපෝෂණය සියයට 7.3කින් පහත වැටුණද නවතම වාර්තාවට පදනම් කරගෙන තිබෙන වසර 2014 - 2016 කාලයේදී කලාපයේ අනෙක් රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ මන්දපෝෂණය ඉහළ තත්ත්වයක පවතින බව ද මෙම වාර්තාවේ දැක්වේ. 
 
දකුණු ආසියාවේ අඩුම මන්ද පෝෂණය සහිත රට වනුයේ සියයට 8.1ක අගයක් වාර්තා කර තිබෙන නේපාලයයි. ජනගහනයට සාපේක්ෂව මාලදිවයිනේ මන්දපෝෂණය සියයට 8.5ක් වන අතර ඉන්දියාවේ සියයට 14.5ක්, බංග්ලාදේශයේ සියයට 15.1ක් සහ පාකිස්තානයේ සියයට 19.1ක් වන බව ද එහි සඳහන් වේ. 
 
ඇෆ්ගනිස්තානයේ දකුණු ආසියානු කලාපයේ ඉහළම මන්දපෝෂණ ප්‍රතිශතයක් වීමට එරට පවතින යුද ගැටුම් සහ ප්‍රචණ්ඩ ක්‍රියා ප්‍රධාන වශයෙන් හේතු වී තිබේ.  
 
දකුණු ආසියානු කලාපයේ මන්දපෝෂණය ප්‍රතිශතයක් ලෙස සියයට 14.9ක් වන බවද මෙම වාර්තාවේ තවදුරටත් දැක්වේ. 
 



අදහස් (16)

ජනගහනයට සාපේක්ෂව ලංකාව මන්දපෝෂණය අතින් දෙවැනි තැනට

Bamunuarachchi Tuesday, 17 April 2018 11:23 AM

යාන්තම් ඇති ඒකෙන්වත් දෙවෙනි තැන ලැබුනා

:       0       0

Janaka Tuesday, 17 April 2018 11:24 AM

වෙනසක සැපත.

:       0       0

Bamunuarachchi Tuesday, 17 April 2018 11:26 AM

පිටරැටියන් අපේ මැති ඇමතිවරු දැක්කාම ඔය කතාව තවත් බොරුවක් කියලා කියාවි

:       0       0

layman Tuesday, 17 April 2018 11:28 AM

සියදිවි නසාගැනීම් වැඩිම රට කුමක්ද? wikipedia වලින් බලන්න. ඔබ පුදුම වේ. ශ්‍රී ලංකාවලු. තව තව බදු ගසමුද?

:       0       1

Thilina Tuesday, 17 April 2018 11:47 AM

ලක්ෂ 62 ඔබට ආඩම්බර විය හැකි තවත් කරුණක්

:       2       0

Sugandhi Tuesday, 17 April 2018 11:53 AM

ලොකු දෙයක්... දෙවැනි තැනට ඇරපු එක... නමුත් මන්ත්‍රීලා දිහා බැලුවොත් එහෙම දෙයක් පෙනෙන්නේ නැහැ.

:       0       0

menna Tuesday, 17 April 2018 12:35 PM

එදා ලිපියක් තිබුන ලංකාවේ ආර්ථික වර්ධන වේගය 5% ක් කියලා. ඔය තියන්නේ ප්‍රතිපල. ආර්ථිකය වර්ධනය වුන පමණට, මිනිසුන් සතුටින් කියල හිතන්න අමාරුයි. අසහනය ආතතිය මන්දපෝෂණය නැති වෙන ක්‍රමයක් ඕනේ.

:       0       0

Sunil Tuesday, 17 April 2018 01:41 PM

අහන්නත් දෙයක්ද? ඒ ජනතාව සතු ධනය ස්වල්ප දෙනෙක් විසින් කොල්ල කාපු හැටි පහුගිය කාලේ, තවමත් කොල්ල කන හැටි මේ කාලේ දකිනකොට....

:       0       0

sanath Tuesday, 17 April 2018 06:53 PM

ලංකාවේ මිනිස්සුන්ගෙන් සීයට 22 කට මන්ද පෝෂණය තියෙනවා කියන්නේ ජනතාව ලක්ෂ 45 ක් විතර බඩගින්නේ ඉන්නවා කියන එකයි. අප්‍රේල් පළවෙනිදා බදු ගැහිල්ල වැඩි කලාම මේ ප්‍රතිශතය 30% වත් වෙයි. ලොකු මිනිස්සුන්ට කියල බදු ගැහැව්වට ඒ සල්ලි ගෙවන්න වෙන්නේ දුප්පත් අසරණ මිනිස්සුන්ටමයි. ආණ්ඩුවට මේ වෙලාවේ කරන්න තියෙන හොඳම දේ තමයි අත්‍යවශ්‍ය ආහාර සියල්ල සියලුම බදු වලින් නිදහස් කිරීම.

:       0       0

laksman Wednesday, 18 April 2018 01:25 AM

ලැජ්ජයි. එක්සත් ජාතින්ගේ සංවිධානය මෙහෙම කියත්දි දියවන්නාවෙ කට්ටිය තම තමන්ගෙ පක්ෂ රජකරවන්න දෙපැත්ත භංග කරන්න කටයුතු කරනවා. ඇයි අපේ නායකයන් ලෝකය ඉදිරියේ රට ලැජ්ජාවට පත්කරන්නෙ. භංග ගෙනෙන අය මේවා ගැන නොහිතන්නෙ ඇයි

:       0       0

Priyantha Wednesday, 18 April 2018 02:02 AM

බොහොම හොඳයි මෙච්චර කාලයක් රට පාලනය කරපු අයගේ දක්ෂකම තමයි.

:       0       0

sadiqeen Wednesday, 18 April 2018 05:55 AM

ඇෆ්ඝනිස්ථානය හරි යුද ගැටුම් තියෙනවා කියමුකෝ... එතකොට ලංකාව? මේවට තමා කියන්නේ නොපෙනෙන ශාප කියලා. පව් අපේ මිනිස්සු මොන ජාතියේ වුනත්... කෑවොත් ලෙඩ නොකෑවොත් මන්දපෝෂණය... ලංකාවට මොනවද වුනේ? එක එක වාදවල් පැත්තකින් තියලා මේවා ගැන පොඩ්ඩක් හිතුවොත් නරකද?

:       0       7

suran Wednesday, 18 April 2018 06:24 AM

ලෝකයේ සිටින දේශපාලකයන් පමණක් සැලකුවොත් අධිපෝෂණයෙන් ඉහලම රට අනිවාර්යෙන්ම ලංකාව වෙනවා.

:       0       5

sanath Wednesday, 18 April 2018 07:48 AM

පව් අහිංසක මිනිස්සු, තව ගෙනත් දෙන්න මුන්ට කාර්.... වැඩි පඩි, කාලකන්නි රටක්...

:       0       3

SanjithWednesday, 18 April 2018 11:11 AM

සනත් කියන්නේ දියවන්නාවේ කට්ටිය ගැන. මමත් එකඟයි දියවන්නාවේ එවුන්ට සරත් කියන ඒවා දෙනවට...

:       0       0

BamunuarachchiWednesday, 18 April 2018 11:57 PM

ඕවාට ජවිපෙ කිසිම විරුද්ද වීමක් නැත.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 43 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 116 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 590 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 49 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 213 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 195 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 321 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1707 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1549 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site