IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


‘ජාත්‍යන්තර විනිසුරුවරුන් යොදා මානව හිමිකම් චෝදනාවලට පිළිතුරු දිය යුතුයි’

 
( තිළිණි ද සිල්වා )
 
ජාත‍්‍යන්තර විනිසුරුවරුන් සහභාගී කර ගනිමින් ශ්‍රී ලංකාව  මානව හිමිකම් චෝදනාවලට පිළිතුරු ලබාදිය යුතු බව කැනඩාව යළි අවධාරණය කර තිබෙන බව ජීනීවා තානාපති ආරංචි මාර්ග පවසයි.
 
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 37 වැනි මානව හිමිකම් සැසිවාරය අමතමින් කැනඩාව මේ බව ප්‍රකාශ කර ඇති බව සඳහන්ය.
 
යුද්ධයෙන් පීඩාවට පත්  වූ පුද්ගලයින්ගේ සිත් සුවපත් කිරීම සඳහා සැබෑ ප්‍රතිසංවිධානයක් ක්‍රියාත්මක කළ යුතු බව ද කැනඩාව මෙහිදී පවසා තිබේ.
  
ඔවුන් පෙන්වා දෙන්නේ මෙරට දශක තුනකට ආසන්න  කාලයක් පැවැති යුද්ධයේ අවසන් අවස්ථාව ඉතා වැදගත් මොහොතක් වූ බවයි.
 
එමෙන්ම යුදයට මුහුණ දුන් පාර්ශව වල විශ්වාසය තහවුරු කිරීම සඳහා වගවීමේ ක්‍රියාවලිය යළි ස්ථාපිත කිරීම පිළිබඳව ද කැනඩාව යළිත් සිහිපත් කර ඇති බව සඳහන්ය.
 
මේ සඳහා ශ්‍රී ලංකාව පොදු රාජ්‍ය  මණ්ඩලය ජාත්‍යන්තර විනිසුරුවරුන් නීතිඥයින් සම්බන්ධ කර ගනිමින් කටයුතු  කිරීම ඔවුන් ජාත්‍යන්තරයට දුන් පොරොන්දු ඉටු කිරීමක් බව කැනඩාව වැඩිදුරටත් පවසා ඇත.
 



අදහස් (8)

‘ජාත්‍යන්තර විනිසුරුවරුන් යොදා මානව හිමිකම් චෝදනාවලට පිළිතුරු දිය යුතුයි’

Raveendra Monday, 05 March 2018 07:06 AM

දැන් ඉතින් ලෝකයම පිළිගත් බව කියන සුත්තර පුංචා ඇතුළු අයට ශරීරය නවාගෙනම ගොස් රටේ ඉතිරි ටිකත් පාවාදීමට තීරණ ගත හැකිය.

:       132       414

Chulantha Monday, 05 March 2018 07:54 AM

මෙහෙමයි කැනඩාවට ඕනෑ විදියට නටන්න අපි සූදානම් නැහැ. කැනඩාවේ කොහොමත් කොටි හිතවාදීන් වැඩියිනේ.. අපේ ජෙනරාල් සරත් ෆොන්සේකාට බාර දෙන්න. රට හදයි නියමෙට... විනයක් ඇතිව...

:       234       101

NeelakaMonday, 05 March 2018 10:12 AM

චතුර මහත්තයෝ, සරත් ෆොන්සේකා මහත්තයත් සුදු කොඩි කතාවක් කියලා රටේ යුදවිරුවෝ පාවාදුන්නු බව අමතක වුණාද? හැමදේකටම ෆොන්සේකා මහත්තයාට දුන්නම හරි කියන්නේ නිකන් පුරුද්දට වගේද? මේවට මුහුණ දෙන්න කොන්ද පණ තියෙන නායකයෙක් ඕනෑ. නැත්නං මේක නවතින්නේ යූ.එන්. සාමසාධක හමුදාව අපේ රටට ගොඩ බැහැලා තමයි.

:       1       64

prakaash Monday, 05 March 2018 08:44 AM

සමරවීරගේ ඉදිරිපත් වීමෙන් එකඟ වූ පාවා දීමේ විපාක තමයි මේ... නිවට ගොබ්බ සිරිසේන දුෂ්ඨ ද්‍රෝහී බටහිර රූකඩ, කොටි ඩයස්පෝරාවේ මුදලින් පෝෂිතව ක්‍රියාත්මක කළ දෙය තමයි මේ. එ් නිසා මෙම දුෂ්ඨයින් පලවා හැරිය යුතුයි.

:       40       359

palitha Monday, 05 March 2018 08:53 AM

කැනඩාවට ඕනෑනං ඔය කියන කොටි ටික හුරතල් කර කර ඉන්න. ඒකත් බැ වගේනන් කැනඩාවෙන් කෑල්ලක් දෙන්න ඔය කියන ඩයස්පෝරාවට. ලංකාවේ ඉන්න දෙමළ ජනතාවට ඔවුන්ගේ පාඩුවේ ඉන්න දෙන්න. ලංකාවේ හැර වෙන ඕනෑම තැනක ඔය කියන ඊළම බැරිනන් ඊට වඩා එකක් වුණත් හදාගන්න. අපි දන්න සිංහලෙන් එච්චර තමයි කියන්න තියෙන්නේ..

:       0       79

Aluthgama A. Samathasena. Monday, 05 March 2018 10:25 AM

ඇමෙරිකාව ඇතුළු බොහෝ බලවත් රටවල් තම රටේ තම යුද සෙබළුන්ව සලකන්නේ වීරයින් හැටියටයි. නමුත් ඔවුන් අපට කියන්නේ වෙනත් දෙයක්. මෙයට ප්‍රධානම හේතුව අප විසින්ම අප රටේ ගෞරවය කෙලෙසා ගැනීමයි. බොහෝ දේශපාලකයින් තම පටු වාසි ඉටුකර ගැනීමට බොරු කියනවා. අනිත් පැත්තට ගියාම වෙනත් දෙයක් කියනවා. පාට, පක්ෂවලට බෙදිලා වැඩ කරනවා. මගේ විදෙස් ජනමාධ්‍ය විචාරවලදී ඇමෙරිකානුවන් හට බින්ලාඩන් කොතරම් හානි කළාද? ප්‍රභාකරන් අපට ඊටත් වඩා හානි කළ බව මා නිතර පවසා තිබෙනවා. ඇත්තෙන්ම ඔවුන්ට ඒවා හරි හැටියට අපගේ ආණ්ඩු පැහැදිලිකර නැහැ. අපේ සමහර දෙනා සුදු ඇඳගෙන බොරු හා වහසි බස් දොඩනා බව ඔවුන් දන්නවා. මේවා නොදන්නා අපේ ජනතාව ජාත්‍යන්තරය ගැන වරදවා සිතනවා. නමුත් ජාත්‍යන්තර ත්‍රස්තවාදී ජාල ඉතා සියුම් ලෙස අසත්‍ය ප්‍රචාරය කරනවා. අප ජාති, ආගම් කුල ආදී වශයෙන් බෙදී පිරිහෙමින් පවතිනවා.

:       0       51

rocky Monday, 05 March 2018 02:17 PM

පාවාදීම ඇත්ත වශයෙන්ම කරලා තියෙන්නේ ඔය කියන විදිහට එකඟවෙලා ජාත්‍යන්තරයට පොරොන්දු දුන් ලොක්කා බව ඔයගොල්ලෝ අමතක කරන්න එපා!

:       0       1

Bamunuarachchi Tuesday, 06 March 2018 01:00 PM

අත්තේ වහන්න ඉන්න සාමයේ සහ නීතියේ පරෙවියා කලින්ම පිළිගත්තා අපි සුදුකොඩි කාරයින් ඝාතනය කළා කියලා.. ඊට පසුව කිව්වා අපි යුද අපරාධ කළා කියලා. එහෙම නම් බෙල්ල කපන්න ඕනෑ ඒ කාලේ හමුදාව පාලනය කළ හාදයාගේ නේද?

:       0       7

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආරවුලින් එක් දරු පියා මරුට
2024 අප්‍රේල් මස 23 456 0

මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව


ජනපති පුටුවට හතක් පෝලිමේ
2024 අප්‍රේල් මස 23 975 0

ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 1133 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


සජිත් - අනුර විවාදයට සත්කාරකත්වය නීති ශිෂ්‍ය සංගමයෙන්
2024 අප්‍රේල් මස 23 744 0

ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීත


රටට ඔබින හොඳ අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි
2024 අප්‍රේල් මස 23 199 0

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාප


උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 1892 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 283 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1638 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1517 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site