IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


ජාතික සඟ සමුළුව හෙට රැස් වෙයි


 
                    
(නාලක සංජීව දහනායක)

විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමේ මුවාවෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බෙඳුම්වාදී 20 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය වහාම නතර ලෙස ආණ්ඩුවට බලකරමින් ජාතික සංවිධාන සම්මේලනය විසින් පවත්වනු ලබන ජාතික මහා සඟ සමුළුව හෙට (3) පෙරවරු 9.00ට තුම්මුල්ල සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේදී පැවැත්වේ.

මෙම සමුළුව නියංගොඩ විජිතසිරි මල්වතු පාර්ශවයේ අනුනායක හිමියෝ සහ වෙඬරුවේ උපාලි අස්ගිරි මහාවිහාර පාර්ශවයේ අනුනායක හිමියෝ ප‍්‍රමුඛ මහා සංඝරත්නයේ ප‍්‍රධානත්වයෙන් මෙම සඟ සමුළුව පැවැත්වේ.                           
ජාතික මහා සඟ සමුළුව පිළිබඳව අස්ගිරි - මල්වතු දෙපාර්ශවයේම මහානායක හිමිවරුන් දැනුවත් කර තිබෙන බව ජාතික සංවිධාන සම්මේලනයේ කැඳවුම්කරු රියාද් අද්මිරාල් සරත් වීරසේකර මහතා සඳහන් කරයි.



අදහස් (17)

ජාතික සඟ සමුළුව හෙට රැස් වෙයි

kamal Wednesday, 02 May 2018 08:21 AM

මේක ආණ්ඩුවෙන් ඉදිරිපත් කරන එකක් නොවේ, ජවිපෙ පුද්ගලික මන්ත්‍රී යෝජනාවක්. ඒකවත් නොදැන සමුළු තියනවා.

:       286       309

ජයරත්න Wednesday, 02 May 2018 08:42 AM

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම බෙදුම්වාදී නම් මම බෙදුම්වාදියෙකු වෙමි.

:       411       239

dharmasena Wednesday, 02 May 2018 09:34 AM

අප හිතන දේවල් නොවෙයි වෙන්නේ. බෙදුම්වාදෙත් හරියට පිළිකාවක් වගෙයි. කොහෙන් මතුවෙනවද දන්නේ නැහැ. මුල් ඔඩු ගිහිල්ල. කොන් තියෙන්නේ ඈත එපිට.

:       7       102

RNG Wednesday, 02 May 2018 10:45 AM

කමල් නොදැන හිටියට, මහා සංඝරත්නය නම් දන්නවා. ඒත් ආණ්ඩුව නියෝජනය කරන රතු අලි පැටි‍යෙක් කියලා ..

:       8       181

ධනුෂ්කWednesday, 02 May 2018 04:03 PM

ඔයා නොදන්නවා අැති විධායක ජනාධිපති ධුරය ඉවත් කරනවා කියලා. ඔයා වන්දනා කරන හිටපු ජනපතිත්, හිටපු ජනපතිනියත්. දැන් ඉන්න ජනාධිපතිතුමත් ජන වරම අරන් බලයට අැවිත් අායේ ලෝභ හිතිලා එ්ක අහෝසි නොකලේ. ඔවුන් දන්නවා එ්ක නොගැලපෙන දෙයක් කියලා. ජේ.වී.පි එකට රතු අලි පැටියා කියන්නේ ඔබ නියෝජනය කරන පාර්ශවයට ජ.වි.පේ තදින් පහර දෙන නිසානේ මට නම් විශ්වාසයි. ජ.වි.පෙ බල දේශපාලනයේ යෙදෙනවා තමයි. හැබැයි රට වෙනුවෙන් ගන්න ඕනේ තීරණය නිවැරදිව ගන්නවා. 17 සංශෝධනය ගෙන එ්ම. 2005 රාජපක්ෂ මහතා බලයට ගෙන එ්ම හා 2015 ඔහු බලයෙන් නෙරපීමට කටයුතු කිරීම වාගේ දේවල් අත්‍යාවශ්‍ය මොහොතේ කළ දේවල්...

:       37       63

BamunuarachchiWednesday, 02 May 2018 07:38 PM

ඇයි විධායක ජනාධිපති ක්‍රමය ඉවත් කලයුත්තේ කියා කවුරු හෝ අපට කියනවද? විධායක ජනාධිපති ක්‍රමයෙන් ඔබටත් මටත් තිබෙන ප්‍රශ්නය කුමක්ද?

:       0       1

sumathipalaThursday, 03 May 2018 02:14 AM

මොන කතා කලත් ජනපති බලය නැති කරලා පළාත් සභා බලය වැඩි කරනවා කියන්නේ මහා විනාශයකට මුල. ඔය පනත අර කාන්තා නියෝජනය වැඩිකරන්න ගෙනාපු පනතේ වගේ ගිගිල්ල වෙන දේවල් අනුමත කරන්න පුළුවන්.

:       0       11

RNG Wednesday, 02 May 2018 10:50 AM

මහා සංඝරත්නය විරුද්ධ වුණාට වැඩක් වෙන එකක් නෑ සමහරවිට.. මොකද ඕවා යමපාලකයෝ ඡන්දෙ ගන්න දුන්නු පොරොන්දුනේ.. ඒකනිසා රට බෙදලා හරි දෙන්න වෙනවා..

:       9       88

BamunuarachchiWednesday, 02 May 2018 07:43 PM

මහා සංඝරත්නයට පුළුවන් ජනතා මතයක් අතිකරන්න. ඒ අවස්තාවකදී අපි සිංහල බෞද්ධයන් හැටියට සංඝරත්නයේ පැත්ත අනිවාර්යෙන්ම ගන්නවා සහතිකයි.

:       0       10

prakaash Wednesday, 02 May 2018 10:54 AM

ගොබ්බයින්ට නොතේරුණාට රට බෙදන තැනට තමයි. ජේ.වී.පී. එක මුක්කු ගහන්නේ. කළ යුත්තේ සියල්ලට පෙර පළාත් සභා නැති කල යුතුයි.

:       1       106

සේනක Wednesday, 02 May 2018 05:48 PM

ඇත්තටම ප්‍රකාෂ් ඒක තමයි ඇත්තම කතාව. එදා මැර බලයෙන් කරන්න බැරි වුණ දේවල් ව්‍යවස්ථාවක් මඟින් කරන්න තමයි බලන්නේ. මේගොල්ලෝ කියන තරම් සේවයක් රටට උනානම් අද ඒ බලය ඉන්න ඕනේ මේ ගොල්ලෝ. රටට ජාතියට ආදරය තියෙන මිනිස්සු ඉන්නකන් ජීවිතයට මේගොල්ලන්ට බලයක් ලැබෙන්නේ නැහැ. එහෙමනම් අසූවදසකයේ කරපු දේවල් අමතක වෙච්ච මිනිස්සු වෙන්න ඕනි. හැමදාමත් කරන්න තියෙන්නේ මේක තමයි. සහෝදර මහත්තුරුන්ට කියන්න තියෙන්නේ දැන් ඉන්න තරුණ පරපුර බුද්ධිමත් කියලා.

:       1       0

BamunuarachchiWednesday, 02 May 2018 07:32 PM

ඔබ හරියට හරි.

:       0       8

Migida Wednesday, 02 May 2018 11:00 AM

ඊට ඉස්සෙල්ලා බොදු චීවරයට නිගාදෙන භික්ෂූන් යයි කියන මහණුන් ඉවත් කිරීමේ සංගායනාවක් පවත්වන්න දේශපාලකයින්ට කඩේ නොගිහින් !!!

:       103       80

siripalaWednesday, 02 May 2018 01:23 PM

කලබල වෙන්න එපා. ව්‍යවස්ථාවේ වැඩේ ලෙහෙසි වෙන්නේ නැහැ. වැඩේ ගහල ගියොත් ඔය මොකුත් කරන්න ඉතිරි වෙන්නේ නැහැ. ඔය පිටුපස ඩොලර් ගංගාවක් ඇති.

:       2       25

BamunuarachchiWednesday, 02 May 2018 07:29 PM

හලෝ රට ජාතිය වෙනුවෙන් චීවරය ඉදිරියට ආවේ අද ඊයේ නොවෙයි. ඊයේ පෙරේදා ඉපදුන ඔබල චීවරය සිංහල ජාතිය බේරා ගැනීමට කල මෙහෙය ගැන දන්නා දෙයක් නැත. රටේ ඉතිහාසය ගැන අබමල් රේණුවක තරම් දෙයක් නොදන්නා ඔබලාට චීවරයට දොස්කියන්න කිසිම අයිතියක් නොමැත. රට ජාතිය වෙනුවෙන් ඉදිරියට එන භික්ෂුන් ඉවත් කලොත් සිංහල ජාතියට හානිකර අවස්තාවලදී ඉදිරියට ඔබලා වගේ අයද?

:       10       83

සෙනෙවි Wednesday, 02 May 2018 02:48 PM

අපේ හාමුදුරුවනේ මේ රටේ දෙමළ මිනිස්සු කියනවනේ භාෂාව අතින්, පරිපාලනය අතින් ප්‍රශ්න තියෙනවා කියලා. සිංහල බහුතරයට නොතේරුණාට එ්කෙ යම් සත්‍යතාවයක් අැතිනේ... ඉතින් මේ හැම එකටම විරුද්ධ නොවී යම් යෝජනාවක් ගේන්න බුද්ධ වචනයට අනුව හරි...

:       0       0

ලුම්බිණි Thursday, 03 May 2018 02:18 AM

මල්වතු අස්ගිරි නාහිමි වරුන් රට වෙනුවෙන් ආගම වෙනුවෙන් මීට වඩා කලයුතු දේවල් තිබෙනවා.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇඹිලිපිටිය කඩදාසි කම්හලට යළි පණ එයි
2024 අප්‍රේල් මස 18 1025 0

ඇඹිලිපිටිය කඩදාසි කම්හල අද (18) මෙහෙයුම් කටයුතු ආරම්භ කළේය.


සැකකරු උසාවි භූමියේදී පැන ගිහින්
2024 අප්‍රේල් මස 18 458 0

අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට ගත් සැකකරුවෙකු ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ නිලධාරීන් භාරයේ මාලිගාකන්ද අධිකරණ භූමියට රැගෙන ආ අවස්ථාවේදී නිලධාර


සංචාරක කර්මාන්තය දියුණු කරන්න නව පිම්මක්
2024 අප්‍රේල් මස 18 597 0

සංචාරක කර්මාන්ත දියුණු කිරීම අරමුණු කරගෙන රටවල් 145 ක් සමග සම්බන්ධ වී ඔවුන්ට ආවේණික මවු භාෂාවලින් ශ්‍රී ලංකාවේ වීසා ඉල්ලුම් කිරීමේ නව ක්‍රමවේදයක් ඊයේ (17)


ජාත්‍යන්තර බැඳුම්කර සාකච්ඡාවලට IMF සහය
2024 අප්‍රේල් මස 18 370 0

ඇමෙරිකානු ඩොලර් බිලියන 12 ක ස්වෛරීත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර බැඳුම්කර හිමියන් සමඟ පවත්වන සාකච්ඡාවලට සහාය දීමට ජාත


ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලට කෝටියක මුදල් ත්‍යාගයක්
2024 අප්‍රේල් මස 18 1831 0

දකුණු අප්‍රිකාව පරාජය කරමින් ලෝක වාර්තාගත ජයක් ලැබූ ශ්‍රී ලංකා කාන්තා එක්දින ක්‍රිකට් කණ්ඩායමට රුපියල් කෝටියකට ආසන්න විශේෂ මුදල් ත්‍යායක් පිරිනැමී


දරුවාගේ ගෙලට පිහියක් මවගේ ආභරණ කොල්ලකාලා
2024 අප්‍රේල් මස 18 902 0

දරුවාගේ ගෙලට පිහියක් තබා මව පැළද සිටි රන් ආභරණ සහ ගමන් කළ යතුරුපැදිය කොල්ල කා පලා ගිය පිරිසක් සොයන බව පොලීසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 200 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1491 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1400 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site