IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ජාතික පාසල් වලට කළමනාකරුවෙක්


ළමයින් සහ කාර්යමණ්ඩලය වැඩිපිරිසක් සිටින ජාතික පාසල් සඳහා පාසල් කළමනාකාරවරයෙකු පත්කිරීමට යෝජනාවක් අධ්‍යාපන අමාත්‍යවරයාට ඉදිරිපත්වී තිබේ.

ජාතික පාසල් පරිපාලන කටයුතුවල පවතින අධික තදබදයට පිළියමක් ලෙස මෙලෙස කළමනාකාරවරයකු පත්කරන ලෙසත්, එවිට පාසලේ විදුහල්පතිවරයාගේ වගකීම් ලිහිල් කිරීමක් සිදුකළ හැකි බවත් අධ්‍යාපනඥයන් සහ විදුහපතිවරුන් විසින් මෙලෙස අධ්‍යාපන අමාත්‍යවරයාට යෝජනාකර ඇත.

ඒ අනුව විශ්වවිද්‍යාල තුළ පවතින ලේඛකාධිකාරී තනතුරට සමාන තනතුරක් හෝ පරිපාලන නිලධාරී ලෙස මෙම තනතුර පත්කිරීමට ඇති හැකියාව පිළිබඳ සොයා බලා කටයුතු කිරීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් තිබේ.

ජාතික පාසල් තුළ විදුහල්පතිවරුන්ට රාජකාරි බහුලවී ඇති බවත්, ළමයින් සහ කාර්යමණ්ඩලය වැඩිවනවිට එම කටයුතු තවත් කාර්යබහුල වන බැවින් විදුහල්පතිවරුන් පීඩාවට පත්වන බවත් අධ්‍යාපනඥයන් විසින් පෙන්වා දී ඇත. 

ඒ අනුව ළමයින් සහ කාර්යමණ්ඩලයේ පරිපාලන කටයුතු,  ළමයින් ඇතුළත් කරගැනීමේ කටයුතු, පාසලේ උත්සව සංවිධානයකිරීමේ කටයුතු ආදී වගකීම් මෙම පරිපාලන නිලධාරියාට පැවරීමට ඇති හැකියාව පිළිබඳවද සොයාබලන බව මේපිළිබඳ විමසීමේදී අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය. 
 



අදහස් (17)

ජාතික පාසල් වලට කළමනාකරුවෙක්

Amara Monday, 05 March 2018 04:20 AM

වගකීම් හරියටම බෙදල දෙන්න වෙනවා නැත්නම් ලේකකාධිකාරී විදුහල්පති වෙන්ඩ හදනවා

:       185       208

සතයපාල Monday, 05 March 2018 05:16 AM

හොද අදහක් සමහර ජාතික පාසල් වලට වැඩක් කර ගන්න ගියවිට (විභාග සහතිකයක්,අස්වීමේ සහාතිකයක් ගන්න වගේ) දවසම රස්තියාදු උනත් කර ගන්න බැහැ අර මිස්ව හම්බවෙන්න මේ සර් ලගට යන්න කියනවා සමහර වෙලාවට කවුරුත් දන්නේ නැහැ වැඩේ කරගන්න පුලුවන් විදියක් ජාතික පාසලක විදුහල්පතිවරයෙක් තියා අංශ ප්‍රධානියෙක් හමුවෙන එකත් ලේසී පහසු කටයුත්තක් නොවෙයී.

:       0       29

දිලුම් Monday, 05 March 2018 05:51 AM

මේවා සංදර්ශන... අකිලට පුළුවන් කුලියාපිටියෙන් එයාට වැඩ කරපු යු.එන්.පී කාරයො ටිකකට රස්සාව දීලා ඉස්කොලේ ඇතුලේ ඡන්දෙ කරන්න. අනික විදුහල්පති, නියෝජ්‍ය විදුහල්පතිලා කී දෙනෙක් ඔය ලොකුයි කියන පාසැල්වල ඉන්නවද? ඊට අමතරව තව අංශාධිපතිලත් ඉන්නවා. ඒවා ඔක්කොමත් තියාගෙන විදුහල්පතිලාට වැඩ වැඩියි කියන්නේ... එයා වැඩ බෙදාගෙන කරන්න කැමති නැතුව ඔක්කොම තමන් කරන්න යනවා. ඒකට ඒ අය අතර කණ්ඩායම් හැඟීමෙන් වැඩ කිරීමේ හැකියාව වර්ධනය කරන්න ඕනෑ. නැතුව පාසැල් අස්සට රටේ ඉන්න මිනිස්සු ඔබලා හරියන්නේ නෑ. ගැටුම වැඩිවෙලා පාසැල බෙදනවා මිසක් මේකෙන් හොඳක් වෙන්නේ නෑ.

:       34       96

මදුරංග Monday, 05 March 2018 06:30 AM

ඡන්දෙට වැඩකරපු කුලියාපිටිය පැත්තේ 1,000 කට විතර හොද රැකියාවක් දෙන්න පුළුවන් අවස්ථාවක් (කම්කරු සහ සෙකියුරිටි ජොබ්ස් වලට අමතරව)

:       16       32

Makola Mangala Himi Monday, 05 March 2018 06:31 AM

මේ කටයුත්ත සඳහා නියෝජ්‍ය විදුහල්පති කෙනෙක් ප්‍රින්සිපල් යටතේ යොදවන්නේ නම් හොඳයි. නැතිනම් විදුහල්පතිතුමාම කළා නම් හොඳයි.

:       1       25

Sayiman Monday, 05 March 2018 06:42 AM

ජාතික පාසල් හැර විජාතික පාසලුත් තියෙනවද?

:       22       228

sam Monday, 05 March 2018 06:46 AM

මෙන්න මේ කියමන මතක් වුණා. ටූ මෙනි කුක්ස්, ස්පොයිල් ද බ්‍රොත්...

:       1       13

ආදී ශිෂ්‍යයා Monday, 05 March 2018 08:16 AM

දේශපාලන හෙන්චයියෝ ටිකකට පත්වීම් දෙන්න විදිහක් හොයනවා වගේ. ළමයින් ඇතුළත් කිරීමේ බලයත් දුන්නොත් හොඳ ගාණක් හම්බ කරගන්න චාන්ස් එකක්...

:       19       128

KANDEPOLA Monday, 05 March 2018 09:11 AM

මේ යෝජනාවෙන් පාසල්වල පරිපාලනය දෙකට බෙදෙනවා. ගුරුවරු දෙකට බෙදෙනවා. සිසුන් දෙකට බෙදෙනවා. දෙමවුපියන් දෙකට බෙදෙනවා. මුළු ජාතියම බෙදිලා කුලල් කා ගන්න එකේ පාසල්වලටත් ඒ ටික පුරුදු කළාම හරි. එතකොට පුටුවට මෙසේටත් අයිතිවාසිකම් කියන්න වැඩ වර්ජන කරන්න පුළුවන්නේ...

:       17       2

Thilak sam Monday, 05 March 2018 09:34 AM

දේශපාලන පත්වීම් නොවන විධිමත් උපාධිධාරීන් පමණක් බඳවාගත්තොත් හරි... නැත්නම්, ළමා අපචාර, දේශපාලන අැඟිලි ගැසීම් වැඩිවෙනවා... වෙන තැනට පාසැල පත් වේවි. ඉතාමත් කාලෝචිත අදහසක්.... !!

:       1       26

Bimal Monday, 05 March 2018 10:07 AM

නරියාට කුකුල්ලු භාර දුන්න වගේ තියේවි. කාන්තා පාසලක් නම් දෙවියන්ගේම පිහිටයි.

:       7       0

සෙනෙවි Monday, 05 March 2018 10:19 AM

මේවට කියන්නේ අලි මදිවට හරක් කියලයි...

:       36       206

electra Monday, 05 March 2018 11:09 AM

බලයට ආපු දවසේ ඉඳල කරන හැම වැඩකින්ම ඔක්කොම විනාශ කරලා පාසලත් විනාශ කරලා තමයි මේ අය නවත්තන්නේ.

:       1       56

prakaash Monday, 05 March 2018 11:43 AM

මේ ඇමතිට වැඩක් කරන්න පුළුවන්ද? තවත් හෙන්චයියලා යොදා ගෙන තවත් විනාශ කර දමයි. මේ කල්ලිය මේ රට කනවා.

:       2       66

vipula Monday, 05 March 2018 12:37 PM

පාසලේ විදුහල් පති හැරෙන්න නියෝජ්‍ය විදුහල්පති අංශභාර ගුරුවරු, විෂය භාර ගුරුවරු, ඉන්නවනේ . රැකියා දශලක්ෂයක් දෙන්නත් එපැයි. අපරාදේ සල්ලි

:       2       0

ගුණවර්ධන Tuesday, 06 March 2018 12:32 PM

එතකොට අර කුමාර වෙල්ගම මහත්තයා පහුගිය ආණ්ඩුව කාලේ ලං.ග.ම.යේ අලුත් රස්සාවක් ඇති කරලා පඩි ගෙව්වා කියලා නඩුත් විභාග කරනවා. එහෙනම් ඉතින්‍ මෙහෙම තනතුරු ඇති කරනවාටත් නඩු දාන්න එපායැ ..

:       0       25

Bamunuarachchi Tuesday, 06 March 2018 01:05 PM

එක පාසලකට එක රාජ්‍ය ඇමතිවරයෙක් පත් කරමු. නැති ප්‍රශ්න අැති කරන්න එපා හලෝ... අවුරුදු සිය ගණනක් මෙම පාසල් පාලනය වුණේ කළමනාකරුවන්ගෙන්ද? කාට හරි රැකියාවක් දෙන්න වුවමනාවක් තිබෙනවා නම් පින්පඩියක් ගෙදරටම යවන්න.

:       0       8

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 47 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 136 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 668 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 67 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 232 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 222 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 321 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1707 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1549 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site