IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ජාතික ගීය සිංහලෙන් පමණයි

මෙවර පැවැත්වෙන  72 වැනි ජාතික නිදහස් උත්සවයේදී  ජාතික ගීය සිංහලෙන් පමණක් ගායනා කිරීමට රජය තීරණය කර තිබේ.

එළැඹෙන පෙබරවාරි 4 වැනිදා කොළඹ නිදහස් චතුරස්‍රයේදී  මෙවර  නිදහස් දින උත්සවය පැවැත්වෙයි.

මෙම තීරණය පිළිබඳව අපදා කළමනාකරණ  පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන්  මහතා විසින්  අමාත්‍යංශයේදී පැවැති  රැස්වීමකදී  සඳහන් කර තිබේ. 

එමෙන්ම මේ වසරේ සැමරුම  පොලිස් හා යුද හමුදාවේ පූර්ණ ගෞරවය සහිතව  රාජ්‍ය ආයතන හා කොළඹ නගර සභාවේ මූලිකත්වයෙන් සංවිධානය කිරීමට ජනාධිපති ගෝඨාභයය රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී තිබේ.

ත්‍රිවිධ හමුදා පෙර පුහුණු වීම් මහජනතාව අපහසුතාවට පත් නොවන අයුරින්  පැවැත්වීමටත් උපදෙස් ලබා දී  ඇත.

 



අදහස් (23)

ජාතික ගීය සිංහලෙන් පමණයි

eresh S kumara Friday, 27 December 2019 06:53 AM

කොන්ද පණ තියන නායකයෙක් අවශ්‍ය මෙන්න මේ නිසා. වහල්ලුන්ට මේවා තේරෙන්නේ නෑ.

:       25       1252

Walter White Friday, 27 December 2019 06:56 AM

අපි හඳට සිංහලෙන්, දෙමලෙන්, ඉංග්‍රීසියෙන් විවිධ නම් කියනවා. එ්ත් එක හඳයි තියෙන්නේ.. ආණ්ඩුවේ මෝඩ රෙගුලාසිය අනුව දැන් ඉංග්‍රීසි විතරක් දන්නා එකෙක්ට හඳගැන සිංහලෙන් කිව්වොත් තේරේවිද? දෙමලෙන් නමෝ නමෝ තායේ, කිව්වත් සිංහලේ නමෝ නමෝ මාතා කිව්වත් එක මේ රටේ ජාතික ගීතය, ඇයි ඒ මිනිස්සුන්ට තමන්ගේ භාෂාවෙන් එ්ක ගයන්න විඳින්න නොදෙන්නේ, නොදන්නා බාෂාවකින් රටගැන මොනවා කිව්වත් කිව්වට අපිට තේරෙන්නේ නැත්නම් රට ගැන ආදරයක් දැනේවිද? මේක අපේ රට නොවේ කියලා හිතේවි, පරණ දරදඬු මෝඩ ආකල්ප අතාරින්න.

:       1209       573

සමන්තFriday, 27 December 2019 10:00 AM

පුලුවන් නම් ඔය ටික ඉන්දීය මධ්‍යම රජයට කියන්න. ලෝකයේ සෑම රටකම තියෙන්නේ එක ජාතික ගීයයි. ජාතිය කියන වචනයේ තේරුම දන්නේ නැද්ද? භාෂාවන් ගණනකින් ජාතික ගීය තියෙන ඒකීය රාජ්‍යයක් තියෙනවා නම් කියන්න බලන්න.

:       43       103

Walter WhiteFriday, 27 December 2019 12:17 PM

වෙන රටවල් වල විදිහට අපේ රටෙත් වැඩ වෙන්න ඕනෙ නැහැ කියානේ තමුන්නාන්සේලා මේ ආණ්ඩුව පත් කරගත්තේ, එ්ක නෙවේ.. දෙමල කියන්නෙත් ජාතික භාෂාවක් තමයි. ජාතික භාෂාවකින් මේ රටේ ජාතික ගීය ගයනවා නම් එක එක පාරට විජාතික විදේශික පරදේශික හරි මොකක් හරි මගුලක් වෙනවද?

:       15       1

SugathFriday, 27 December 2019 10:03 AM

පටුවාසි බලාගෙන වැඩකරපු කොන්දක් නැති දේශපාලකයන් නිසා මෙහෙම වුණාට මොන රටේද ජාතික ගීය භාෂා දෙකකින් ගයන්නේ...? බලන්න ඉන්දියාවේ, තමිල්නාඩුවේ දෙමළ කතා කරන අය, කේරලයේ මලයාලම් කතා කරන අය, මේ විදිහට විවිධ ප්‍රාන්තවල විවිධ භාෂා කතාකරන ජන කොටස්.., නමුත් හැමෝම බෙන්ගාලි භාෂාවෙන් එන ඉන්දියන් ජාතික ගීය ගායනා කරනවා. අදටත් සෑම සිනමා හලකම ෆිල්ම් එක ප්‍රදර්ශනය ආරම්භ කිරීමට ප්‍රථමව සියලුදෙනා අාසනවලින් නැගිට වාදනය වන ගීයට ගෞරව කරනවා. රටක තිබිය යුත්තේ ප්‍රධාන භාෂාවෙන් ගායනා එක ජාතික ගීයයි. හැමෝම එ්ක පිළිගත යුතුයි. බැරි කෙනෙක් ඉන්නවා නම් වෙනරටක් හොයා ගෙන යා යුතුයි.

:       24       110

යාපාFriday, 27 December 2019 10:10 AM

ඔබ දන්නවද ඉන්දියාවේ භාෂා කීයක් තිබෙනවාද කියා? නමුත් ජාතික ගීය ගායනා කරන්නේ මව් භාෂාවෙන් පමණි.

:       5       45

AsankaFriday, 27 December 2019 10:44 AM

මොකක්ද නොදන්නා භාෂාව කියන්නේ? තමන් ඉපදුණු රටේ සංස්කෘතිය සහ භාෂාව ඉගෙන ගන්න බැරි තරම් කුහකද? මම දෙමළ මිනිසෙක් ලෙස ඉපදුණේ ඉන්දියාවේ නම් මට සිද්ධ වෙනවා හින්දි ඉගෙන ගන්න. මොකක්ද ඒකෙ වැරැද්ද? ඔච්චර පටු විදිහට හිතන්න එපා.

:       0       10

jayasekaraFriday, 27 December 2019 11:28 AM

කොමෙන්ට් නොකරමි.... සියල්ල උත්තර දී ඇත ... නමින්ම පේනවා එක කකුලක් ලංකාවේ අනිත් කකුල යුරෝපේ කියලා.

:       0       0

Walter WhiteFriday, 27 December 2019 12:04 PM

ඉන්දියාව කියන්නේ අතිදැවැන්ත යෝධරටක්, ජනගහනය ලෝක ජනගහනයෙන් හතෙන් පංගුවක්..., ඒ රටේ තත්වය අපේ ඇබිති රටට ගලපාගන්න පුළුවන්ද? ඉන්දියානු ජාතික ගීය තියෙන්නේ ජාතික භාෂාවකින්ද? එක වංග බස, ඉතින් වෙනත් මනුස්සයෙක්ට එ්කෙන් කිසිම රිදවීමක් වෙන්න හේතුවක් නැහැ. එ්ත් ලංකාවේ ඒ තත්වය වෙනස්, මෙහෙ දෙමළ මිනිස්සු ඉන්නේ දෙවනපෙළ පුරවැසියන් විදිහට, එ්ක බොරුවක් නෙවේ කියලා කියන්න කිසි කෙනෙක්ට බැහැ. දෙමළ මනුස්සයෙක් කවදාවත් මේ රටේ රාජ්‍ය නායකයා වේවිද? නැහැ, ඔවුන් කොන් වෙන්න, කොන්වෙන්න ඔවුන් එකතුවෙලා තමන්ගේ තැන රැකගන්න උත්සාහ කරනවා. ඔබලා දන්නවද උතුරේ කපුටු බෝ ගහක් හැදුනත් දෙමළ මිනිස්සු එ්ක කපාදමනවා කියලා, එහෙම කරන්නේ දකුණේ ඉන්න උම්මන්තක පිස්සෝ එතැනත් අල්ලාගෙන පන්සලක් හදන්න ගනීවි කියලා... අපේ හිත රිදුනට අන්න එහෙම තත්වයක බෙදීමක් තියෙන්නේ... ආණ්ඩුවට ඉතින් වගකීමක් තියෙනවා ඒවා ඉවත් කරන්න. බෙදීම අඩු කරන්න, දෙමලෙන් ඔය සින්දුව කිව්වට අපේ කිසිම හිත රිදීමක් වෙන්න හේතුවක් නැහැ. ඒ ගයන්නෙත් වෙන මොකක් හරි විමුක්ති ගීයක් නෙවේ. මේ රටේ ජාතික ගීය...

:       118       21

Bandara Friday, 27 December 2019 07:36 AM

ඔය තියෙන්නේ.. ඕක තමයි අපිට ඕනෑ වෙනස. මේ පාර ඡන්දෙන් එජාපය ගෙදර යන්නෙ හොම්බෙන්...

:       146       572

Nandalal DE SILVA - France Friday, 27 December 2019 08:07 AM

ඒක නම් අගය කළයුතු හොඳ අදහසක්...! ඒකීය රටක, එකම ධජයක් සෙවනේ එකම බසකින් ගැයෙන ජාතික ගීය මුළු රටටම අභිමානයක්.

:       1       416

RanjithT Friday, 27 December 2019 08:16 AM

සිංහලෙන් නැතුව වෙන මොන එකෙන් කියන්නද? කොන්ද පණ නැති අය පාවා දුන්නට දැන් එහෙම වෙන්න ඕනෑ නෑ. ව්‍යවස්ථාවට අනුව ජාතික ගීය කියන්න පුළුවන් සිංහලෙන් විතරයි.

:       1       222

Walter WhiteFriday, 27 December 2019 12:35 PM

ගාල්ලේ පෘතුගීසි යුගයටත් අවුරුදු 100ක් පරණ සෙල් ලිපියක් තියෙනවා. එ්කේ භාෂා 3කින් නාවික කටයුතු බදු ගැන විස්තරයක් තියෙනවා. ඔය ව්‍යවස්ථාව දන්නා මහත්මයට පොඩි හෝම්වර්ක් එකක්, අර ලිපියේ තියෙන එකම එක දේශීය භාෂාව මොකක්ද කියලා හොයලා බලලා මෙතන ලියන්න...

:       26       0

Asanka Friday, 27 December 2019 08:17 AM

සුපිරි මොකද? ඉන්දියාවේ ජාතික ගීය දෙමළෙන් හෝ අනිකුත් 64 භාෂාවෙන්ම කියන්නේ නැහැනේ. හින්දි පමණයි.

:       46       241

වසීම් Friday, 27 December 2019 08:57 AM

ජාතික ගී දෙකක් ඇති එකම රට නවසීලන්තයයි. බොහෝ භාෂා කතාකරන ඉන්දියාවෙත් ඇත්තේ එක ජාතික ගීයකි. එයට ගරුකළ නොහැකි නම් සංහිඳියාව ගැන කතාකිරීමෙන් ඵලක් නැත.

:       0       225

Aris Friday, 27 December 2019 09:11 AM

ඉස්කෝලවල දෙමළ බසින් උගන්වන්න ඉඩදීලා ජාතික ගීය සිංහලෙන් පමණක් ගැයුවට අපට උදම්වෙන්න බැහැ.

:       19       23

Deepal Nirosh Friday, 27 December 2019 09:12 AM

ඉතා ප්‍රශස්ත, වැදගත් ප්‍රමාද වී ගත් අත්‍යාවශ්‍ය තීරණයක්. රටකට තිබිය යුත්තේ එක් ජාතික ගීයක් පමණයි. ප්‍රධාන භාෂාව හින්දි වුවත් ඉන්දියාවේ ජාතික ගීය ගැයෙන්නේ බෙංගාලි භාෂාවෙන් පමණයි.

:       11       145

ලුම්බිණි Friday, 27 December 2019 11:54 AM

මොන භාෂාවෙන් කිව්වත් මේක ගීතයක් පමණි.

:       24       2

BamunuarachchiFriday, 27 December 2019 03:17 PM

ගීතයක් තමයි පැල් කවියක් නොවෙයි. නමුත් මේ ගීතය විශේෂයි. මේ ගීතයට කියන්නේ ජාතික ගීය කියලා. හැම රටකටම ආවේණික වෙච්ච ජාතික ගීයක් තිබෙනවා. හැබැයි රටක් නැති වුන්ට ජාතික ගීයක් නැත. දකුණු ඉන්දියානුවන්ට කියා දෙමළෙන් ජාතික ගීයක් නොමැත. ඔවුන් ඉන්දියානුවන් නිසා ඉන්දියානු ජාතික ගීය ඔවුන්ගේ ජාතික ගීය ලෙස ඔවුන් පිළිඅරගෙන තිබෙනවා. නැත්නම් බඩුම තමයි. රටක ජාතික ගීය නිකම්ම ගීතයක් වන්නේ ජාතියක් ජන්මයක් නැති අයටයි.

:       0       0

malupaan Friday, 27 December 2019 04:02 PM

ඇත්තෙන්ම කිව්වොත්, මම නම් ජාතික ගීතය ගයන්න දන්නේ නැහැ. හින්දි වලින් කිව්වොත් මතකයේ රැඳේවි. ශාරුක් ඛාන්ගේ රඟපෑමක්...

:       0       0

julien Saturday, 28 December 2019 12:20 AM

බණ්ඩාරනායක අගමැතිතුමා පැය 48න් රාජ්‍ය භාෂාව සිංහල කළා. නමුත් ඉංග්‍රීසි නැත්තම් රැකියාවක් හොයන්න අමාරුයි. වසර 30ක අරගලයේ එක් කඩඉමක් ඒ... මෙන්න තවත් වැඩක්.. ජාතික ගීය සිංහලෙන් තවත් කඩඉමක් දෝ මන්දා?

:       0       0

BamunuarachchiSaturday, 28 December 2019 04:47 AM

හලෝ නොදන්නා මගුල් කතා කරන්න එපා. ඔහේ 1956 කලින් සිංහලයාට තිබුණු තැන අවබෝධයක් තිබෙනවාද? තිබෙනවා නම් ඔහොම කියන්නේ නැහැ. මම මේ බොහොම කෙටියෙන් කියන්නේ.. එ් කාලේ රජයේ ආයතනවල ආයතන ප්‍රධානීන් දමිළයන්, බර්ගර් සහ මැලේ ජාතිකයින් මොකද ඉංග්‍රීසි අනිවාර්ය නිසා රජයේ සේවය එන්න ඉංග්‍රීසි සමත්වෙලා තිබෙන්න ඕනේ... විශ්ව විද්‍යාල 2යි තිබුනේ. විදේශ අමාත්‍යාංශය හැරෙන්න ලංකාවේ සිංහලෙන් වැඩ කරන්න බැරි අමාත්‍යාංශ මොනවද? එහෙනම් මොන බම්බුවකටද ඉංග්‍රීසි?.

:       0       0

BamunuarachchiSaturday, 28 December 2019 04:51 AM

හලෝ ජාතික ගීය කියන්නේ අදාල රටේ ප්‍රධාන භාෂාවෙන්... එ් රටක් තුළ භාෂා 2කින් ජාතික ගීය කියන්නේ නැත. සිංහල රටේ සිංහල භාෂාවෙන් ජාතික ගීය කියන්නේ නැතුව ඔහෙලා පෘතුගීසි භාෂාවෙන් කියන්නද කියන්නේ...?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මළ මිනියක් අරන් ණයක් ගන්න බැංකුවට එයි
2024 අප්‍රේල් මස 19 120 0

බ්‍රසීලයේ රියෝ ඩි ජෙනෙයිරෝ බැංකුවට රෝද පුටුවක තබා ගත් මළ සිරුරක් රැගෙනවිත් එම මියගිය පුද්ගලයාගේ නමට ඇමෙරිකානු ඩොලර් 3250 ක (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 10 කට ආ


නවකවදය මට්ටු කරන්න මෛත්‍රී මාසය එයි
2024 අප්‍රේල් මස 19 111 0

විශ්ව විද්‍යාලවල නවක වදය අඩුකිරීම සඳහා වෙසක් සමයේදී මෛත්‍රී මාසය යන තේමාව යටතේ නවකවද විරෝධී වැඩසටහනක් ආරම්භ කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය ක


ගැබිනි මවට බෝට්ටුව තිඹිරිගෙයක් වෙයි
2024 අප්‍රේල් මස 19 132 0

යාපනය නාගදීප ප්‍රදේශයේ දී ප්‍රසව වේදනාවෙන් සිටි මවක් රෝහලට මුහුදු මාර්ගයෙන් රැගෙන යමින් සිටිය දී මගී යාත්‍රාවක් තුල දී බිළිඳෙකු ප්‍රසූත කර ඇති බවට වා


කන්ටේනරය පෙරැළි හතරක් රෝහලේ
2024 අප්‍රේල් මස 19 171 0

අම්පාර සිට වැලිමඩට හාල් තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් ටැංකියක් සහිතව ධාවනය වූ විශාල ලොරි රථයක් අද( 19 ) බදුල්ල නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ වේල්ලව


ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 409 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඊශ්‍රාලයෙන් ඉරානයට මිසයිලයක්
2024 අප්‍රේල් මස 19 3510 2

ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 207 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1512 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1415 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site