(ඩයනා උදයංගනී)
දිවයිනේ දිස්ත්‍රික්ක රැසකට බලපා තිබූ ගං වතුර තත්ත්වය මේ වන විට පහව යමින් පැවතියත් දිස්ත්‍රික්ක 20ක පවුල් 45,680 කට අයත් 1,74,310 දෙනෙකු තවමත් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
දියෙහි ගිලීමෙන්, අකුණු සැර වැදීමෙන් සහ ඉවුරු, ගස් අතු කඩාවැටීම්වලින් මිය ගිය සංඛ්‍යාව මේ වන විට 24ක් දක්වා ඉහළ ගොස් තිබේ.
සිදුවූ විවිධ අනතුරුවලින් 13 දෙනෙකු තුවාලද ලබා ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්යක්ෂ (මාධ්‍ය) ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය.
අවතැන් වූ පවුල් 17,976කට අයත් 70,376 දෙනෙකු තවමත් ආරක්ෂිත ස්ථාන 265ක රඳවනු ලැබ සිටින බව ද කොඩිප්පිලි මහතා සහඳන් කළේය.
පවතින ආපදා තත්ත්වය හේතුවෙන් නිවාස 121කට පූර්ණ හානි සිදුව 12ඇති අතර තවත් නිවාස 5,205 කට අර්ධ හානි සිදුව ඇතැයි ඔහු සඳහන් කළේය.
මුලතිව්, යාපනය, මඩකලපුව, මහනුවර, ගාල්ල, රත්නපුර, බදුල්ල, නුවරඑළිය, කෑගල්ල, කළුතර, ගම්පහ, කොළඹ, කුරුණෑගල, පුත්තලම, මාතලේ, මොණරාගල, මාතර, හම්බන්තොට, ත්‍රිකුණාමලය සහ පොළොන්නරුව දිස්ත්රික්කයන්ට මෙම ආපදා තත්ත්වය බලපා ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
ප්‍රදේශ රැසක තවමත් ජල ගැලීම් පවතින නමුත් මේ වන විට ප්‍රධාන ගංගාවල ජල මට්ටම පහළ බසිමින් තිබෙන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
කැලණි, මහවැලි, ගිං ගංඟා වල සහ මා ඔයේ ජල මට්ටම මේ වන විට සම්පූර්ණයෙන් සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති අතර අත්තනගලූ ඔයේ ජල මට්ටම තවමත් ගං වතුර මට්ටමේ පවතී.
ඒ හේතුවෙන් මීගමුව, ජාඇල, කටාන, මිනුවන්ගොඩ, ගම්පහ සහ අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල තවමත් ගං වතුර තත්ත්වයක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.
එමෙන්ම කළු ගඟ මිල්ලකන්ද ජල මිනුම් ස්ථානය අසලින් සහ නිල්වලා ගඟ පානදුගම ජල මිනුම් ස්ථානය අසලින් පමණක් තවමත් අවදානම් තත්ත්වයක පවතින බව ද එම ප්‍රකාශකයා සඳහන් කළේය.
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය ලක්ෂ 1,103 ක් හෙවත් රුපියල් කෝටි 11 කට අධික වටිනාකමකින් යුත් වාහන සහ දේපල රැසක් තහනම් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යංශය
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස
දේශීය ගොවීන් සහ දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක කෙරුණු විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ලබන ජනවාරි මාසයේ සිට අහෝසි කෙරෙන බව මුදල් රාජ්‍ය අමාත්
පරාටේ නීතිය සංශෝධනය කෙරෙන බැංකු සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ලබන 02 වැනිදා පැවැත්වේ.
ඇමෙරිකන් බිලියනපති, ව්‍යාපාරික, සැම් බෑන්ක්මන් ෆ්රයිඞ්ට වසර 25 ක සිරදඬුවමක් නියම කර තිබේ. ඒ, ඔහු මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් නිව
පාස්කු ඉරිදා දින (31) විශේෂ දේව මෙහෙය වෙනුවෙන් දේවස්ථානවල ආරක්ෂාවට ආරක්ෂක අංශ නිලධාරීන් 6837 ක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහ
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ගං වතුරෙන් පවුල් 45,680 ක් පීඩාවට