IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


ගවුමේ වාටිය ලිහන්න කියු ගුරුවරියට තර්ජනය කරලා

(ජුඩ් සමන්ත)
 

පාසල් සිසුවියකට ගවුමේ වාටිය ලිහා දමන ලෙස අවවාද කළ විනයභාර ගුරුවරියකට එම පාසල තුළට පැමිණ බැන වැදී තර්ජනය කළ බව කියන පුද්ගලයෙකු සම්බන්ධයෙන් විමර්ශණයක් ආරම්භ කර ඇති බව පුත්තලම පොලීසිය කියයි.

මදුරන්කුලිය-කිව්ලකැලේ මහා විද්‍යාලයේ සේවය කරන ආර්.එම්.පී.රත්නායක මහත්මිය මේ සම්බන්ධයෙන් පුත්තලම පොලීසියට පැමිණිළි කර ඇත. 

11 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියක් නියමිත නිර්මිතයන්ට  නොගැලපෙන ආකාරයේ නිල ඇඳුමකින් සැරසී පාසලට පැමිණ ඇත. පාසලේ විනයභාර ආචාරවරිය ඇයට අවවාද කර පසුදින පාසලට පැමිණෙන විට ගවුමේ වාටිය ලිහා දමාගෙන පැමිණෙන ලෙස පවසා ඇත.

එම සිසුවිය මේ බව දුරකථනයෙන් තම පියාට දන්වා ඇති බවත් ඉන් කුපිත වී ඇති දැරිවියගේ පියා එම අවස්ථාවේදීම පාසලට පැමිණෙන තිබේ. ඒ වන විට පාසලේ සතියේ උදෑසන රැස්වීම පැවැත්වෙමින් තිබී ඇත. එම රැස්වීම අමතමින් සිට ඇත්තේද සිද්ධියට මුහුණ දී ඇති විනයභාර පාසල් ගුරුවරියයි.

සිසුවියන්ගේ පියා බව කියන අය සෙසු සිසු සිසුවියන් සහ ගුරු මණ්ඩලය ඉදිරියේ විනයභාර ගුරුවරියට තර්ජනය කරමින් පරුෂ වචනයෙන් බැන වැදී ඇත. 

පසුව විනයභාර ගුරුවරිය මේ බව විදුහල්පතිවරයාට සහ පුත්තලම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයාට දැනුම් දීමෙන් පසු පුත්තලම පොලීසියට ගොස් පැමිණිල්ලක් කර ඇත.

පොලිස් කණ්ඩායමක් අදාල පාසලට පැමිණ සිද්ධියට මුහුණ දී ඇති ගුරුවරියගෙන් සහ එම අවස්ථාවේ පාසලේ සිටි සෙසු ගුරුවරුන්ගෙන්ද, සිසු සිසුවියන්ගෙන්ද ප්‍රකාශ ලබා ගෙන ඇත.

පාසලට කඩා වැදී ගුරුවරියට තර්ජනය කළ අය පුත්තලම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයකුගේ බෑනා කෙනෙකු බවද දැන ගැනීමට ඇත.



අදහස් (18)

ගවුමේ වාටිය ලිහන්න කියු ගුරුවරියට තර්ජනය කරලා

Chandapala Thursday, 16 November 2017 04:44 AM

මෙයා පළාත්සභා ඉල්ලන්න සුදුසුකම් වැඩි කරගන්න කෙනෙක් වගෙයි.

:       2       78

Sanjay Thursday, 16 November 2017 05:00 AM

ලොකු බෞද්ධ රටක්ලු............

:       334       94

SanjayThursday, 16 November 2017 07:13 AM

ඇත්ත තිත්තයි.. ඒ නිසා ඩිස්ලයික්ස් වැඩියි.

:       4       46

ranga Thursday, 16 November 2017 05:03 AM

අද ළමයින්ගේ පිරිහීමට ගුරුවරු වඟ කිවයුතුයි. විනයභාර විදියට ඉන්න සමහර ගුරුවරු තමුන්ට ඕන ඕන ප්‍රමිතීන් නියම කරනවා. සමහර ප්‍රමිතීන් ගත්තම කිසිත්ම වටිනාකමක් නැහැ. අනිත් කාරණය දැන් ඉන්න බලෙන් පොෂ් වුන ගුරුවරු ගම්වල පාසල්වලට ගිහින් උගන්වනකොට හැසිරෙන්නේ හරියට එයාලගේ මුදලින් ළමයින් ඉගෙන ගන්නවා වගේ. සේරටම කලින් ගුරුවරුන්ව හැඩගැස්වන්න සිදුවෙලා තියෙනවා.

:       569       625

LalithThursday, 16 November 2017 11:08 AM

රංග එතකොට ගෙදර වැඩිහිටියන්ට, විශේෂයෙන් මවට වගකීමක් නැද්ද ගැහැණු දරුවාගේ පිරිහීම ගැන? සමහර දූවරු නියම ප්‍රමිතියට විනීතව නිල ඇඳුම ඇඳගෙන පාසලට ගිහින් හවසට ටියුෂන් යනවා කියලා පාසලෙන් පිටවෙනවා. මගදී පාට ඇඳුම් ඇඳන් පෙම්වතා එක්ක ලගුම්හලට රිංගනවා. ළමයාගේ පිරිහීම පාසලටම ආදේශ කරන්න එපා. එහෙම කරන්න පුළුවන් සිසුවා ඉස්සර වගේ කාලාන්තරයක් තම නිවසින් පිටව, දිසාපාමොක් ගුරු ගෙදර නැවතිලා ශිල්ප හදාරනවා නම් !!!

:       0       3

sugath Thursday, 16 November 2017 05:08 AM

නිදහස් පක්ෂයේ ආසන සංවිධායක කමකට දැන් සුදුසුයි......

:       0       124

නාටමි ක්‍රමය Thursday, 16 November 2017 05:34 AM

ඇමති තුමා කොට් එක දාගෙන සිටීම very good. නමුත් පාසල් වල තත්වය? ඉගෙනිමද?1. සාරි පොට 2.මවට HIV නිසා දරුවා පාසලෙන් එළවීම 3. වමනයට දරුවා පාසලෙන් එළවීම 4. වෙනත් ළමයකු ෆෝනයක් බැගයට දමා ෆෝන් හොරා කීමෙන් ගෙල සිර කර ගැනීම 5. ගවුම් වාටි 6..... පාසල් වල ඉගැනීම වෙනුවට 1. ගුරු දිනය 2. විදුහල්පති දිනය 3.ලමා දිනය.

:       68       131

SanjayThursday, 16 November 2017 07:12 AM

ඔය ඔක්කොම වැඩ වුණේ සිංහල පාසල්වල... සිංහල ගුරුවරු ඇතිනේ. මොකද හිතෙන්නේ සිංහල ජාතියට වෙලා තියෙන දේ ගැන..

:       15       33

මොහොමඩ් රශිඩ්Thursday, 16 November 2017 09:58 AM

එ්කනේ, මුස්ලිම් පාසල් වල ඕවා වෙන්නේ නැහැ... කෙලින්ම බෙල්ල නේද?

:       0       2

BamunuarachchiFriday, 17 November 2017 01:03 AM

හලෝ මම තේරුම් ගත් දේ තමයි ඔබ සිංහලයෙක් නොවන බවත් මෙතන වුන සිදුවීම තේරුම් අරගෙන නොමැති බව හෝ උවමනාවෙන් සිද්දිය කණපිට ගහන්න උත්සා කරන බව. මෙතන ගුරුවරයාගේ වැරැද්ද මොකක්ද? එයා කලේ පාසල් නිල ඇඳුම ප්‍රමිතියට අනුව අදින්න නියම කිරීමයි. එහි වැරද්දක් තිබෙනවාද? "පාසලට කඩා වැදී ගුරුවරියට තර්ජනය කළ අය පුත්තලම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයකුගේ බෑනා කෙනෙකු බවද දැන ගැනීමට ඇත." වැරැද්ද තිබෙන්න ගම්වල රස්තියාදු ගහ ගහ හිටිය ගම් බට්ටෝ පළාත්සඝා කාරයෝ වීම හෝ උන්ගේ නෑයින් වීමයි. නැතිනම් ඉස්කෝලෙක ගිය මොන එකාද තමන්ගේ දරුවා හදා ගන්නේ නැතුව ගුරුවරයාට දොස් කියන්නේ හෝ දනගස් වන්න යන්නේ. මුන් වගේ එවුන්ට ඇමරිකාවේ නම් ඔලුව කුඩුවෙන්න වෙඩි තියලා. අපට එකක් ගම්‍ය වෙනවා. මෙවැනි පලාත්සභා කාරයෝ බිහිකර ගම මෝඩයින්ගේ පරාදීසියක් බව. නැතිනම් ගුරුවරියක් දන ගස්ස්වපු එකාට නැවත චන්ද අපේක්ෂකයෙක් කරාවිද. මුන් ගන්න තීන්දු තීරන කොහොම ඇත්ද.

:       0       0

රොමේෂ් Thursday, 16 November 2017 06:05 AM

මේ දේශපාලනය විසින් රට දවසින් දවස විනාශ මුඛයට ගෙනයනවා. ආර්ථික, අාධ්‍යාත්මික සහ සමාජීය කියන හැම පැත්තෙන්ම රට විනාශ වෙනවා නම් කොනක හරි නරකම දේශපාලකයෙක් ගෑවිලා ඉන්නවා. මේකට මේ අයව බලයට පත්කරන අපි හැමෝම වගකිව යුතුයි. ඉස්සර නම් ගැහැණු ළමයෙක් කොටට ඇඳන් අාවොත් පත්තර පිටුවක් ඉරලා වාටියට මූට්ටු කරනවා. පහු වෙනිදට අම්මාව එක්කන් එන්න ඕනා. අම්මා කොයිතරම් උගතෙක්, ජගතෙක් වුණත් තමන්ගේ දරුවාට උගන්වන ගුරුතුමීට කතාකරන්නේ "එහෙයි" කියලා. එහෙමයි සාරධර්ම ගුණධර්ම වගාවුනේ. ඒකට දැන් ඉන්න අම්මලා තාත්තලා දුවලා පුතාලා ඔක්කොම එකයි. සිහින ආර්ථිකය තුල මිනිස්සුන්ව අතරමං කිරීම මගින් සමාජය ලබාගත්ත එකම දේ මේ සමාජ පරිහානියම විතරමයි.

:       18       139

nalin Thursday, 16 November 2017 06:34 AM

රංග ස්කොලේ ගිහින් නැත්ද?එතකොට මේ වගේ දෙයක් කරන්නේ කොහොමද? දැකලා ඇස් කට පියාගෙන ඉන්නනම් විනය භාර ගුරුවරු ඕනේ නෑ. රොමේෂ් කියන දේ තමයි වෙලා තියෙන්නේ. තමන්ගේ වැරැද්ද පෙන්නනවට කැමති නෑ .

:       0       0

nimantha Thursday, 16 November 2017 07:11 AM

දැන් කාලේ ළමයි බය නැතුව ජංගම දුරකථනයත් අරං එනවා ඉස්කෝලෙට, ඒ හින්දා දැන් ගුරුවරයෙක් දඬුවමක් දුන්න ගමන් අම්මට තාත්තට කියන්න පුලුවන්. මේකට එරෙහිව දැඩිව ක්‍රියා කරන්න ඕනෑ...

:       0       105

ravin Thursday, 16 November 2017 07:20 AM

මේ වගේ තුච්ඡ දේශපාලකයන්ට සහ ඔවුන් සහය දක්වන පක්ෂවලට ඡන්දය දීමෙන් වැලකි සිටින එක තමා හොඳම දේ. මේ අය ඡන්දය දින්නොත් මුළු රටේම අගතියට මිසක් සුගතියට කරන වැඩක් නැහැ. සියලුම පක්ෂ නායකයිනි, මේ කියන ගහලයා ඔබගේ පක්ෂයේ නම් වහාම ක්‍රියාත්මක වන පරිදි සියලු සබඳකම් අතහරින්න. කලයුතු හොඳම කාරිය නම් පළාතේ ඉන්න සියළුම දෙමව්පියෝ තමන්ගේ දූදරුවන් ගැන හිතලා මොහු සමග ආශ්‍රය අත හැර කොන්කරන එකයි. සමාජ දඬුවම නීතියේ දඬුවමට වඩා ලොකුයි. සදහටම මතක තියෙයි.

:       0       132

sunil Thursday, 16 November 2017 07:48 AM

මීට කලින් ගවුමේ වැටිය ලිහන්න කිව්වා කියලා ගුරු තුමියව දණගස්සපු මන්ත්‍රීතුමා අද පිළිගත් ආසන සංවිධායක හැටියට තනතුරු ලබා තිබෙන කාලේ එහෙම තවත් සිද්ධියකට තර්ජනය කරපු එකක්... එච්චර ගණන් ගන්න දෙයක් නැහැනේ? වැටත්, නියරත් ගොයම් කෑවානම් කාට පවසම් මේ අමාරුව කියලා හිතලා හූල්ලනවා ඇරෙන්න වෙන මොනවා කරන්නද?

:       0       2

BamunuarachchiFriday, 17 November 2017 01:08 AM

ඔය කියන ගුරු තුමියව දණගස්සපු මන්ත්‍රී නැවතත් ඡන්දෙන් පත් උනොත් ඒ ගමේ ඉන්න මිනිසුන්ගේ තත්ත්වය කොහොමද කියලා අපිට බලාගන්න පුළුවන්. එහෙමනම් මුළු ගමම දැනගස්සුවත් අපිට කමක් නැත.

:       0       0

ලුම්බිණි Thursday, 16 November 2017 08:27 AM

මෙතන ගුරුවරුනුත් එකයි. දෙමවුපියනුත් එකයි. දෙපැත්තම මෝඩ විදිය හැසිරිලා තියෙන්නේ. මම කණගාටු වෙන්නේ මේ ළමයා ගැනයි.

:       10       0

Bamunuarachchi Friday, 17 November 2017 01:21 AM

"මෙතන ගුරුවරුනුත් එකයි." මොකක්ද ඒ කතාවේ තේරුම ? මට පෙනෙන්නේ අර ගුරුවරියට දොස් කියපු එකයි මේහෙම ලියන අයයි අතර වෙනසක් නැති බවයි. 1959 මම සීනියර් පන්තියේ ඉන්න කාලේ පාට ෂර්ට් එකක් පන්තියට ඇඳන් සිටි බව දුටු භෞතික විද්‍යාව උගවන්න පැමිණි ප්‍රින්සිපල්. ඉසේල්ලාම කලේ මාව නැගිට්ටවල ඇසුවා ගෙදර කොහෙද කියලා මම කීව පාසලේ සිට සැතපුම් බාගයක් කියලා. දුවල ගෙදර ගිහිල්ල සුදු ෂර්ට් එකක් ඇඳගෙන එන්න කීව්. ගිය ගමන් අම්ම කීවේ හොඳ වැඩේ සවස තාත්ගෙන් ඉතුරු බැනුම් ටික අහගන්න් වෙයි කියලා. අපේ දෙමව්පියෝ අපි වගේම අපේ ගුරුවරුන්ට ගරු කළා. ඒත් දැන් ඉන්න එවුන්?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආරවුලින් එක් දරු පියා මරුට
2024 අප්‍රේල් මස 23 789 0

මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව


ජනපති පුටුවට හතක් පෝලිමේ
2024 අප්‍රේල් මස 23 1789 0

ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 2069 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


සජිත් - අනුර විවාදයට සත්කාරකත්වය නීති ශිෂ්‍ය සංගමයෙන්
2024 අප්‍රේල් මස 23 1096 0

ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීත


රටට ඔබින හොඳ අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි
2024 අප්‍රේල් මස 23 293 0

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාප


උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 2248 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 283 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1641 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1517 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site