IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ගලහ රෝහල යළි විවෘත කරන්නැයි ගැමියෝ පාරට බසිති

(ඩබ්ලිව් ඒ. අසේල )

දරුවකු මිය යාමේ සිද්ධියත් සමඟ  දින නියමයක් නොමැතිව වසා දැමුණු ගලහ රෝහල යළි විවෘත කරන්නැයි කියමින් ගැමියෝ ගලහ  නගරයේ අද (02)  උද්ඝෝෂණයක් ඇරැඹුහ.

පසුගිය 28 වැනිදා සිට මේ වන තුරු රෝහල වසා  දැමීම හේතුවෙන් තමන් මහත් අසීරුතාවට පත් ඇතැයිද ගැමියෝ පවසති.

වෛද්‍යවරුන්ද වෙනත් ස්ථානවලට මාරු කර යවා ඇති අතර මේ වනතුරු නව වෛද්‍යවරයකු රෝහලට ලබා දී නොමැති වීමෙන් රෝහල වසා දමා ඇතැයිද උද්ඝෝෂකයෝ සඳහන් කරති.

මෙම  රෝහල වසා දැමීමහේතුවෙන්  හදිසියකදී අසනීපයකට බොහතක් ගැනීම සඳහා කිලෝමිටර් 10 ක් පමණ දුරින් පිහිටි  දෙල්තොට ප්‍රාදේශිය රෝහලට යා යුතුව ඇති බවත් එය ඉතාමත් අපහසු කාර්යක් බවත් ඔවුහු සඳහන් කරති.



අදහස් (45)

ගලහ රෝහල යළි විවෘත කරන්නැයි ගැමියෝ පාරට බසිති

kapila Sunday, 02 September 2018 06:55 AM

දොස්තරලා තව අහිංසක රෝගීන් දෙතුන් දෙනෙක් මරාදාපුවාම තේරෙයි ඔබතුමාලට... කොහොමත් රෝහල වහපු එක ගම්වැසියන්ට හොඳයි.

:       2853       1659

කුමාරSunday, 02 September 2018 09:44 AM

මානසික වෛද්‍යවරයෙක්ට කියලා.. නෑ නෑ ඕනෙ නෑ හොඳ සිංහල වෙද මහත්තයෙක්ට කියලා ඉස්ස කුඩිච්චියක් දාගත්තනම් හොඳයි. වෘත්තීය කුහකත්වයට ඉංග්‍රීසි බෙහෙත් නැතුව ඇති මගෙ හිතේ...

:       503       1428

PayiththiyakaaranSunday, 02 September 2018 11:20 AM

තව දකුණු ඉන්දියානු චිත්‍රපට බලන්න දුන්නා නම් නියමෙට තියෙයි.

:       0       229

pathirana Sunday, 02 September 2018 07:28 AM

දොස්තර මාෆියාව, කුඩු මාෆියාවටත් වඩා භයානකයි...

:       1841       1216

JCN Sunday, 02 September 2018 07:43 AM

හිටපු මනුස්සයට ගල් ගහල එලවාගත්තා.. ආයෙ එන්නලු. රෝහලට හානි කරපු අයට දඬුවම් කරන්න ඕනෑ.

:       766       1525

senaSunday, 02 September 2018 11:52 AM

කරත යුතුව තිබුනේ දොස්තරලාට විදුලිය, වතුර ආදිය දෙන්නේ නැතුව නවත්තන එක එතකොට දොස්ටරලාට තේරෙයි සාමාන්‍ය මිනිස්සු දොස්තරලාට කොපමණ සේවයක් කරනවාද කියන - එක දොස්තරලාට ගල් ගහපු එක සම්පුර්ණයෙන්ම වැරදි විනාස උනේ මජන දේපළ

:       156       3

සචින් Sunday, 02 September 2018 07:49 AM

රෝහලේ ඉතුරු ටිකත් කුඩුපට්ටම් කරගත්තා නම් ඉවරයිනේ. මේවා හදන්න වියදම් කරන්නේ මහජන මුදල්...

:       350       861

රවින් Sunday, 02 September 2018 08:44 AM

මෝඩකමට බෙහෙත් නැහැ කියන්න... දැන් ඉතින් කරන්න තියෙන්නේ රෝහල කඩා අලාභ කර කට්ටිය එක්කහු වෙලා දිවා, රෑ තමන්ගේ වියදමින් හෝ දේශපාලකයන් උල්පන්දම් දුන්නා නම් අම්ම අප්පගේ දේපල විකුණලා හරි රෝහල්, ගොඩනැගිලි අලුත්වැඩියා කරලා හොරකම් කරගෙන ගිය දේවල් තියනවා නම් ඒ සියලු දේ රැගෙන විත් නැවත රෝහල යථා තත්වයට පත්කරන එකයි. ඊට පස්සේ තමන් අදහන දෙවි දේවතාවුන්ට පිදේනි දෙනවා වගේ අර හිටපු රෝහල් කාර්ය මණ්ඩලයට පුදලා කන්නලව් කරන එක තමයි. ඒ මිනිසුන්ගේ හිත් උණුවී ගමට ශාන්තියක් උදාවේ...

:       350       900

සතයපාල Sunday, 02 September 2018 08:54 AM

සාධාරණ හේතුවක් නැතිව වෛද්‍යවරුන් ඇතුලු කාර්ය මණ්ඩලයට පහර දුන් හා රෝහලේ දේපළවලට අලාභ හානි කරපු මේ මුග්ධ මිනිසුන්ට නැවත රෝහල විවෘත කිරිමට පෙර තමන් විසින් සැලසුම් සහගතව කල අපරාධය පිළිබඳව සමාව ඉල්ලීමට පියවර ගත යුතුයි.

:       383       1851

සතයපාලSunday, 02 September 2018 12:23 PM

උණ රෝගයෙන් පෙලන දරුවෙක් රෝහල ඇතූලත් කරලා කරලා පැය දෙකක් ඇතුලත වෛදය ප්රතිකාර නොලැබු නිසා මිය යන්නේ වෛදයවරුන්ගේ නොසැලකිල්ල නිසාද දෙමාපියන්ගේ නොසැලකිල්ල නිසාද කියලා පලමුව සොයා බෑලිය යුතුය. ඒ වගේම මිය යන තරමට අසාද්‍ය වන තුරු දරුවා වෛදය ප්‍රතිකාර සදහා යොමු නොකලේ මන්දැයි යන්න සොයා බෑලිය යුතුය අතර වෛදයවරුන් අතින් රාජකාරිම වශයෙන් යම් වැරැද්දක් හෝ අතපසු වීමක් වි ඇත්නම් කලයුතු වන්නේ නීතිය තමන්ගේ අතට ගෙන රෝහල් කාර්ය මණ්ඩලයට හා රෝහල පහරදීම නොවන බවට මියගිය දරුවාගේ ඥාතින්ට කෙසේ වෙතත් බද්‍රානිට නොවැටහීම කණගාටුවට කරුණකී.

:       33       32

Dilum Sunday, 02 September 2018 09:12 AM

සේවාවේදි වුණු මොනතරම් නරක වරදකට වුණත් නීතිය අතට අරගෙන සම්බන්ධ අයට මරණ දඬුවම දෙන්න කාටවත් අයිතියක් නෑ. දැන් මොන තරම් හොඳ හිතක් තියෙන වෛද්‍යවරයෙක් වුණත් මෙතනට යන්නෙ මරණ බියෙන්. උද්ඝෝෂණ කරලා විතරක් මදි ගෝත්‍රික විදියට හැසිරිලා එක පුද්ගලයකුගේ වරදකට පොදු සේවාවක් අඩපණ කරපු අයව නීතියේ රැහැනට කොටු කරන්නත් ගමේ අය කටයුතු කරන්න ඕනේ...

:       209       915

බද්රානි Sunday, 02 September 2018 09:55 AM

රෝහලකට ගල්ගහලා විනාශ කරන්න තරම් මිනිස්සුන්ට පිස්සු නැහැ. අසරණ ජනතාවගේ බදු මුදලින් පිනට ඉගෙන ගෙන, ඒ ජනතාවගේ බදු මුලින්ම වැටුප් ලබන දොස්තරලා තමන්ගේ රාජකාරිය නිසිලෙස ඉටු කරනවා වෙනුවට, තමන්ගේ කාර්යය කර ගැනීමට මේ රෝහල් භාවිතා කිරීම තමයි වර්තමානයේ පවතින ගැටළුව. මෙතන රාජකාරිය පැහැර ඇති දොස්තර රෝහල තුළ සැඟවී සිටීම හේතුකරගෙන දොස්තරට ගල් ගැසුවා විනා රෝහල ඉලක්ක කරගෙන ජනතාව ගල් ගැසුවේ නැහැ. දොස්තර තමන්ගේ රාජකාරිය නිසි ලෙස ඉටු කළා නම් හෝ ඒ දෙමව්පියන්ට පෞද්ගලික රෝහලකට දරුවා රැගෙන යන්න මුදල් තිබුණා නම්, අදටත් දරුවා ජීවතුන් අතර සිටිනවා. අනුන්ගේ දරුවන් මළාට, තමන්ගේ දරුවන් යහතින් ජීවත්ව සිටින නිසා දරුවෙකුගේ ජීවිතයට වඩා දොස්තරගේ උජාරුවේ වටිනාකම හා දොස්තර මාෆියාවේ බලවන්තකම ඉස්මතුවීම තමයි සමහරක්ගේ අදහස්වලින් පිළිබිඹු වන්නේ...

:       5339       2397

NuwanSunday, 02 September 2018 11:01 AM

දොස්තර කෙනෙක් වෙන්න පාඩම් කරලා බැරිවුණ කෙනෙක්

:       63       135

laksiri-omanSunday, 02 September 2018 11:37 AM

ඇයි දොස්තරලට විතරද පිනට ඉගැන්නුවේ..? අනිත් හැමෝම අය ඉගෙන ගත්තේ සල්ලි ගෙවලද? හරිනම් කරන්න ඕනේ නිදහස් අධ්‍යාපනයට වියදම් කරපු මුදල් වලට සාධාරණය ඉටුකරපු දොස්තරලට මඩ ගහන එක නෙමෙයි. නිදහස් අධ්‍යාපනය ලබන්න ඉස්කෝලෙට ගිහින් හරියට ඉගෙන ගත්තේ නැති අයගෙන් ඒ මුදල් ආපසු අයකර ගැනීම... දොස්තරලගේ රාජකාරිය නිසි ලෙස ඉටු නොකරනවා කියන්න කලින් ගිහින් බලන්න රජයේ කාර්යාලයකට... අපේ බදු මුදල්වලින් පඩි ගන්න පොලිසිය මිනිස්සුන්ට සලකන හැටි දැකලා තියෙනවද? දොස්තරලා රාජකාරිය හරියට කලේ නැත්නම් මේ කොමෙන්ට් දාන බද්රානිලා අද ලොවෙත් නෑ. නියම කතාව තමයි ඉස්පිරිතාලෙට ගල් ගැහුවේ නැතිලු. දොස්තරට ගල් ගහනකොට ඉස්පිරිතාලයක් එතන තිබිලා.

:       33       732

samMonday, 03 September 2018 04:29 AM

"නියම කතාව තමයි ඉස්පිරිතාලෙට ගල් ගැහුවේ නැතිලු. දොස්තරට ගල් ගහනකොට ඉස්පිරිතාලයක් එතන තිබිලා."

:       14       91

ජයසුමනSunday, 02 September 2018 11:41 AM

බද්රානිගේ පපුවේ බුරබුරා ඇවිලෙන බද්ධ වෛරය ප්‍රකාශය තුලින් මනාව පැහැදිලියි. ඔබ දරුණු රෝගී තත්වයකින් පෙලෙන බව පැහැදිලියි. ඔබගේ ප්‍රකාශයට අනුව වෛද්‍යවරුන් ගල් ගසා මැරිය යුතුය. ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ප්‍රවර්ධනයට වෛද්‍යවරුන් අතින් කිසිවක් සිදුවී නොමැත. ඔබ ජනතා බදු මුදලින් ලත් ඉගෙනීමට සරිලන යමක් ශ්‍රී ලාංකීය ජනතාවට කර තිබෙනවාද?

:       52       695

saman Sunday, 02 September 2018 09:57 AM

රජයෙන් කරන අසාධාරණවලට දොස්තරලා විරුද්ධ වෙන හැම වෙලාවේම දේශපාලකයන්ගේ වැරදි නොදකින අපේ කට්ටිය කතා කරන්නේ දොස්තරලට ගහමු, මරමු, එලවමු කියලනේ. ඔන්න දැන් දොස්තරලට ගහල එලෙව්වා, අද ඉඳන් තමන් වන්දනාමාන කරන දේශපාලකයන්ට කියලා බෙහෙත් ගමු එහෙනම්...

:       946       1367

Lasith Sunday, 02 September 2018 10:11 AM

ගලහ රෝහල සදාකාලිකව වැසිය යුතුය. ජනතාවට ත්‍රිරෝද රථවලින් පේරාදෙණිය රෝහලට යා හැකිය..

:       129       769

ලක්සිරි Sunday, 02 September 2018 10:21 AM

දැන් මේ රටේ නොමිලේ සපයන නිදහස් සෞඛ්‍ය සේවය ක්‍රියාත්මක වන්නේ මිනීමරු දොස්තරලාට අවශ්‍ය පරිදි නම්, ඔය රෝහල වසා දැම්මාට කිසිඳු ගැටළුවක් නැහැ. එක අතකට මිනීමරු පාතාල කල්ලි සිටින ස්ථානවලට රෝගීන් යනවාට වඩා, ගෙදර මැරෙන එක කාටත් සුබයි. පාතාල කල්ලි මුදලට මිස, පිනට සේවය නොකරන බව මේ රටේ ජනතාව අවබෝධ කර ගත යුතුයි.

:       1642       1429

රවීන්ද්‍රSunday, 02 September 2018 11:55 AM

ලක්සිරි, හරියට නමටම ගැලපෙන මාර්ග නීති කපාගෙන යන ලක්ෂරි බස් එකක් වගෙයි. මේ දරැවා මිය ගියේ වෛද්‍යවරයා බාරයේදී නොව ත්‍රීවීලර් එකක් ඇතුලේ දරැවා බලෙන් රැගෙන යන විටදීය. මෙය නූගත් පිරිසක් විසින් බලෙන් දා ගත්තු බකට් එකක්. ඒ මදිවාට ගමේ රෝහලත් කුඩු කළා.

:       0       69

ravi Sunday, 02 September 2018 10:32 AM

"ගහල" වගේ මුඩුක්කු සංස්කෘතියකින් සුපිරි ගමකට .. රජයේ රෝහලක් වැනි දේවල් ලබාදීමෙන් ඇති ප්‍රයෝජනය කුමක්ද ..? රෝහලේදී ලෙඩෙක් මරණයට පත් වුණාම... ගමම එකතුවෙලා රෝහලට.. ගහල, කඩලා බිඳලා දානවා..

:       128       719

NIMMI Sunday, 02 September 2018 11:07 AM

වරදක් කර බන්දනාගාර ගතවන අයෙකුට ලැබෙන රැකවරණය හා හව්හරනයවත් දැන් රජයේ රෝහලකට ඇතුළු වන රෝගියෙකුට නැති බව තමයි මට නම් හැගෙන්නේ. පැය දෙකකට ආසන්න කාලයක් දොස්තර දරුවා පරීක්ෂාවකට ලක් කරනු තබා, ළදරුවා දෙස හැරිලාවත් නොබැලුවා නම් වරද සිදුවී ඇත්තේ කොතනද බව පැහැදිලියි.

:       84       31

NIMMI Sunday, 02 September 2018 11:07 AM

වරදක් කර බන්ධනාගාර ගතවන අයෙකුට ලැබෙන රැකවරණය හා හව්හරනයවත් දැන් රජයේ රෝහලකට ඇතුළු වන රෝගියෙකුට නැති බව තමයි මට නම් හැගෙන්නේ. පැය දෙකකට ආසන්න කාලයක් දොස්තර දරුවා පරීක්ෂාවකට ලක් කරනු තබා, ළදරුවා දෙස හැරිලාවත් නොබැලුවා නම් වරද සිදුවී ඇත්තේ කොතනද බව පැහැදිලියි. මේ සිද්ධියේදී ආවේගශීලී නූගත් ගැමියන්ගේ ක්‍රියාවට වඩා, උගත් දොස්තරගේ ම්ලේච්ඡකම ඉහළයි. අපි මෙතන මොනවා ලිව්වත් මිනීමරුවාගේ හිත දන්නවනේ දරුවා මියගියේ කාගේ වරදින්ද යන බව... දැන් මෙතන උත්සාහ කරන්නේ... මුදල් බලයයි, තත්වයයි යොදවලා මිනීමරුවා සුදනෙක් කරන්න වෙන්න ඇති?

:       483       205

PBDSunday, 02 September 2018 04:37 PM

සිදු වූයේ කුමක්දැයි නොදැන, එය පැහැදිලිකර ගැනීමට උත්සාහයක් නොදරා දොස්තරට මඩ ගැසීම සුදුසු නැත. දොස්තර නිවැරදිදැයි නොදන්නා නමුත් ලැබුනු විස්තර වලට අනුව දරුවා ගෙනැවිත් ඇත්තේ උන වලිප්පුවකිනි. මා දන්නා තරමට එය කුඩා දරුවන්හට සාමාන්‍ය දෙයකි, මාද එය අත් දැක ඇත. මෙහිදී ෆිට් එකට දුන් බෙහෙතක් නිසා දරුවාගේ හුස්ම නැවතී ඇති අතර දොස්තර එයට ප්‍රතිකාර දීමට යාමේදී දෙමවුපියන් දරුවා බලහත්කාරයෙන් රැගෙනයාම නිසා දරුවා මියගිය බව සඳහන් වී තිබිනි. මා අසා ඇති ආකාරයට මෙවැනි ඇලජික් ඇති වීමද සාමන්‍ය දෙයක් වන අතර නිසි ප්‍රතිකාර මගින් එය මගහැරවිය හැක. දොස්තර අතින් වරදක් සිදුවුනි දැයි නොදන්නා නමුත් අදාල පරීක්ෂණ නිමවන තුරු නිගමන වලට එලඹීම සුදුසු නැති අතර එමඟින් GMOA දේශපාලනයට අයත් නොවන, කැප වීමෙන් අඩුපහසුකම් යටතේ වැඩ කරන බහුතරයක් දොස්තරවරුන්ගේ සේවය රටට අහිමි වීමට ඉඩ ඇති බව මාගේ හැඟීමයි.

:       0       199

jayatissa Sunday, 02 September 2018 11:09 AM

දොස්තරගේ අතින් වැරද්දක් වුණාම ගොඩනැගිලි වාහන පලි නැහැ. ඒවා මහජන දේපල. නිකන් අත්ඇරලා බැහැ. මරු සෙල්ලමනේ. දරුවා පව්. ඒ අම්මා, තාත්තටත් දරු දුක තියනවා. වලිප්පු තත්වයක් තිබුණාම සෙම හිර වෙනවා. ඒ ගැන පරීක්ෂණයක් කරලා දඬුවම් කරන්න ඕනේ. නීතිය තමන් අතට ගැනීම වැරදියි.

:       10       163

රොෂාන් Sunday, 02 September 2018 11:16 AM

දරු දුක නොදන්නා උගත් යයි කියාගන්නා අමනයින්ගේ නින්දිත ක්‍රියාකලාපය දැක මගේ හද සසල වූවා. මිහිපිට දෙවියන් යන විරුදාවලිය ලත් වෛද්‍යවරු වෙනුවට, ජනතාවගේ ජීවිත බිල්ලට ගන්නා යක්ෂයින් (වේද මාෆියා සංගමයේ සාමාජිකයින්) කොටසක්. (ලංකාවේ සිටින සියලුම වෛද්‍යවරු නොවේ) බිහිවී ඇත්තේ ජාතියේ අවාසනාවටයි.

:       415       119

Nimal Sunday, 02 September 2018 11:31 AM

මිනිසෙකුට ගල් ගැසීම සාධාරණීකරණය කරන බද්‍රානි වැනි අයගේ ම්ලේච්ඡ ත්‍රස්තවාදී අදහස් මින් පසුව නොකියවාම දැමීමට සියලු දෙනා කටයුතු කරමු.

:       27       219

බලපුළුවන්කාර Sunday, 02 September 2018 11:52 AM

පහුගිය කාලේ ඉතිහාස ගුරුවරයකු බාලවයස්කාර දැරියක් අපයෝජනය කරලා තිබුනා, සමහර අයගේ අදහස් අනුවනම්, මුළු ගුරු සංහතියම ළමා අපයෝජකයින්? නැතිනම් සියලු පාසල් කඩා බිඳ වසා දැමියයුතුය. රටේ නීතියක් තියනවා. ළමයා මල පසු ආයේ පණ දෙන්න බැහැ. දොස්තර වැරදි නම් පැමිණිලි කරන්න තිබුනා. අනික එම ළමයාව ඉස්පිරිතාලෙට ගෙනෙන්න ඉස්සෙල්ලා පුද්ගලික වෛද්‍ය වරයකු වෙතට ගෙනගොස් තිබුනා යැයි කියලා ප්‍රවෘතියකුත් තිබුනා. එතැනදී බෙහෙත් දුන්නද? අපි හරි හැටි ඇත්ත දන්නේ නැහැ. දොස්තරට ගහන්න ඕනේ නම් රෝහලට ගහලා හරියනවද? මිනිසුන් මෝඩ නැතිහින්දා නේද ඉස්කෝල ටික කඩලා විනාශ නොකෙරුවේ. මුළු ගුරු සංහතියටම ගරහා අවමන් නොකෙරුවේ? හිතන්න.

:       0       30

tommy Sunday, 02 September 2018 11:56 AM

මේ සිද්දිය සඳහා අපක්ෂකපාති පරීක්ෂනයක් කල යුතුයි. කෙසේ වෙතත් රෝහල වසා දැමීම ප්‍රශ්නයට පිළිතුරක් නොවේ. මේ රජයට නිවැරදි දේ කිරීමට බල කල හැකි එකම විදිය උද්ඝෝෂණ බැවින්, මේ මිනිසුන් පාරට බැස උද්ඝෝෂණය කිරීම නිවැරදී.

:       12       9

prasanna rathnasiri Sunday, 02 September 2018 12:19 PM

දොස්තරලගේ හරිවැරදි දන්නා , දඩුවම් දීමේ හැටි දන්නා ගමකට කුමටද දොස්තරලා එවැනි බුද්දිමත් ගම්වැසියන්ට බෙහෙත් ලියාගෙන බෙහෙත් ගැනීමට ෆාමසියක් ලැබුනොත් ගම්මුම නිවැරදිවම මුදල් දී සුදුසුම බෙහෙත් රැගෙන යනු ඇති

:       0       88

Gunasena Sunday, 02 September 2018 12:42 PM

දොස්තරලට බල්ලන්ට වගේ ගුටි කාගෙන මේ යක්කුන්ට බෙහෙත් කරන්න කියලද කියන්නේ? ගහපු අය තවමත් අල්ලලවත් නැහැ. අඟහරුවාදට ස්ට්‍රයික් නේද?

:       8       275

රජයේ සේවකයා Sunday, 02 September 2018 01:15 PM

ගම්වැසියනි, තව ඉතින් අඩුම අවුරුද්දකටවත් ඕකට දොස්තර කෙනෙක් එන්නෙ නෑ. කවුද කැමති ජීවිත අවදානමක් ගන්න. සුවපතිට තියා ජනපතිටවත් බෑ බලෙන් ඔතෙන්ට කෙනෙක් පත් කරන්න. පුලුවන් විදියකට දෙල්තොටට හරි පේරාදෙණිය ට හරි ගාටන්න බලන්න. අර ඕකට ගල් ගහපු චණ්ඩි ටික බැඳපු ගොන් කරත්තෙක වුණත් නැගල ගිය හැකියි ඕනෙ නම්.

:       71       174

mangala Sunday, 02 September 2018 03:33 PM

ආණ්ඩුවට කියලා හැම ඉස්පිතාලයකම පහසුකම් වැඩි කරමු. ඇත්තටම රෝහල් වල බෙහෙත් නැහැ. හදිසි අවස්ථාවකට ඕන බඩු නැහැ. ගිලන්රථ එකයි (ලෙඩ්ඩු කීප දෙනෙක් අමාරු වුනොත් යවාගන්න බැහැ) ස්ටාෆ් නැහැ. එහෙම නම් මෙහෙම ඉස්පිරිතාල වහල දාන එක තමයි හොඳ... නැත්නම් තව මේ වගේ ළමයින් මැරෙයි. මේක මේ සිස්ටම් එකේ වරද, මේකට කරන්න ඕනේ ප්‍රදේශ ආවරණය වෙන විදිහට ඉමර්ජන්සි කෙයාර් සෙන්ටර්ස් දාලා අනෙක් රෝගීන්ට ප්‍රයිමරි හෙල්ත් කෙයාර් එක ශක්තිමත් කරන්න ඕන. (පොඩි පළාතකට ලෙඩ්ඩුන්ට වග කියන ෆැමිලි ඩොක්ටර් කෙනෙක් පත් කළ යුතුයි) මේ වග කියන දොස්තරව කුමක් හෝ හොඳ යාන්ත්‍රරණයකින් සොයා ගත යුතුයි. බලධරයිනි, අපි එහෙම කරමුද? මේකේ කමෙන්ට් දාපු අයටත් හිතන්න යමක් මේකේ තියෙයි. එහෙම නැතුව කුමක් හෝ රැකියාවක් දෙස කුහකව බලන එක නවතමු. හොඳ සිස්ටම් එකක් හදන්න ආණ්ඩුවට බල කරමු. මගේ මේ ඇරයුම දොස්තරටත් එක්කයි... මොකද ඔවුන්ට තනියම මේ වැඩය කළ නොහැකියි. ඔවුන්ට ඔබගේ සහයෝගය ඕනෑ. මේකවත් නොතේරෙන කෙනෙක් ඉන්නවා නම් එයාට මම නම් හිතන්නේ රටේ ලෙඩ්ඩු මැරෙන එක නෙවෙයි, ප්‍රොෆෂනල් ජෙලසි එක තමයි තියෙන්නේ.

:       100       116

පුෂ්පකුමාර Sunday, 02 September 2018 03:41 PM

ලයිසන් එක අතේ තිබුණු පමණින් නොසැලකිලිමත් කමින් රිය පදවා මිනිස් ජීවිතවලට හානි කරන රියදුරන්ට මෙන් නොසැලකිලිමත් වෛද්‍යවරුන්ටත් රටේ නීතිය ක්‍රියාත්මක විය යුතුයි. රෝහලට රැගෙන ආ රෝගී ළමයාව පැය දෙකක් පමණ වනතෙක් කිසිදු ප්‍රතිකාරයක් නොකර සිටීම බරපතල වරදක්. එය හිතා මතාම මිනි මැරීමක් හා සමානයි. වැරදි කරුවන්ට දඬුවම් කල යුතුයි. මෙතන දොස්තර මාෆියා කල්ලියේ හෙන්චයියන් රැල බද්රානිට බැන්නට පලක් නැහැ. ඇය ලියා තිබෙන්නේ සත්‍යයි. මේ අම්බරුවන් සිතන ලෙස මොවුන්ට විරුද්ධ වෙන සියලු දෙනා රෝගීන්. උතුම් වෛද්‍ය වෘත්තියටත් නිගා දෙන එම වෘත්තිය සඳහා කිසිසේත් නොගැලපෙන මන්ද මානසික අඳ බාලයින් ගැන දැන් මේ රටේ ජනතාව හොඳින් දන්නවා. මෙවැනි උම්මන්තක සුළු දොස්තරලා පිරිසක් මේ වෘත්තියට පැමිණීම මේ රටේ සිටින දක්ෂ සැබෑ වෛද්‍යවරුන්ට නිගාවක්....

:       392       1021

සකලස්සමාලේ Sunday, 02 September 2018 04:58 PM

මොකටද නිකන් තව මරා ගන්නේ? දෙල්තොට ගිහින් කර ගන්න එක තමයි හොඳ.

:       0       24

මංජුල Sunday, 02 September 2018 08:09 PM

දොස්තර අයියලා තග දමා මිනීමැරුම වසන් කරන්න හදනවා වගේ දැන් මෙතන තමන්ගේ මතය ප්‍රකාශ කරන අයගේත් කටවල් වහන්නයි වගේ උත්සහ කරන්නේ? අනික මෙතන සිදුවී තිබෙන්නේ ප්‍රතිකාර කිරීමේදී සිදුවූ අතපසුවීමක් නොවේ. මෙය තනිකරම සේවය පැහැර හැරීමක්. රෝගියාව නොසලකා හැර ප්‍රතිකාර නොකිරීමක්. මෙතන අදහස් ප්‍රකාශ කරන කිසිවෙකුටත් වෛද්‍යවරු පමණක් නොවේ, රටේ ජනතාවට කිසිදු වෘත්තිකයෙනක්ට වෛර කරන්න තරම් මොලේ අමාරුවක් නැති බව මේ අය දැනගත යුතුයි. ඒ වගේම මේ සිද්ධියට අදාළව කිසිදු පක්ෂග්‍රාහී බවක් ඇති කර ගන්න කිසිවෙකුට උවමනාවකුත් නැහැ. සර්ව සාධාරණය ගැන කතා කරන්නන් මානසික රෝගීන් ලෙස හැඳින්වීමට තරම් මේ රටේ දොස්තරලා මානසික රෝගීන් බවට පත්වෙලා. නිදහස් අධ්‍යාපනයෙන් ලද දැනුමට වඩා, අන්දෙකේ හයිය පෙන්වීමට කටයුතු කිරීම එතරම් යහපත් ක්‍රියාවක් නොවන බව මාෆියා කල්ලියේ සියල්ල දත් දොස්තරලා වටහා ගත යුතුයි.

:       231       224

MohanMonday, 03 September 2018 08:26 PM

මන්ජුල, ඔබ ගලහ රොහලේ මේ සිද්ධිය බලාගෙන සිට්යාද? පෑය දෙකක් රොගියා නොබෑලු බව පිලිගෑනිමට අපහසුය. නමුත් අසාධ්‍ය රොගින් පෑමිනිම නිසා අවධානය අඩුවිය හැක.

:       0       48

මාධව Monday, 03 September 2018 05:59 AM

මිනිස්සු ඇවිල්ලා රෝහලට ගල් ගහලා කැඩුවා, ගමේ ඉන්න මිනිස්සුන්ට රෝහලක් නැති උනා

:       0       15

බද්රානි Monday, 03 September 2018 08:15 AM

රෝහල් ගොඩනැගිල්ලේ වීදුරුවලට හා උළු කැටයකට වඩා මනුෂ්‍ය ජීවිතයක වටිනාකම දැනෙන, (ආවේගශීලී නොමනා ක්‍රියාව සාධාරණීකරණය නොකරමි) මාද ඇතුළුව කීපදෙනෙක්ගේ අදහස් දැක කුලප්පුවූ, වෙද මාෆියා සංගමයට අයත් යයි හැඟෙන පුද්ගලයින් කීපදෙනෙක් මේ රෝගී දරුවාගේ මරණය සම්බන්ධයෙන් වැරදි අර්ථකතනයක් දී සමාජය නොමග යැවීමට උත්සාහ දරමින් සිටිනු පෙනේ. මෙහිදී, දරුවාගේ මව්පියන් කිසිවිටෙකත්," වෛද්‍යවරයාගේ ප්‍රතිකාරය හේතුවෙන් දරුවා මිය ගිය බව ප්‍රකාශ කලේ නැත. ඔවුන් පුන පුනා පැවසුවේ පැය දෙකකට ආසන්න කාලයක් තුලදී දරුවාට කිසිදු ප්‍රතිකාරයක් කිරීමට තබා, වෛද්‍යවරයා රෝගී දරුවා අසලට වත් නොපැමිණි බවයි". තවද ඔවුන් පාටියක් ගැන සාකච්ඡාවක් පවත්වමින් සිට ඇති බවත් මව්පියන් ප්‍රකාශ කරයි. නූගතාගේ නොමනා හැසිරීම හමුවේ, උගතාගේ අවකල් ක්‍රියාව නීතියේ සිදුරකින් රිංගා නින්දිත ලෙස වසා දැමීම අධමයින්ගෙන් පිරි අධර්මිෂ්ඨ සමාජයකට අමුතුවෙන් හඳුන්වා දිය යුතු සංකල්පයක් නොවේ. දොස්තරගේ යහපත්කම හමුවේ, දන නමන රෝගීන් වෙනුවට, දොස්තරට ගල් ගසන රෝගීන් පිරිසක් සමාජයේ බිහිකිරීම ගැන මෑත කාලයේ බිහිවූ විශේෂයෙන් වෙද සංගම් මාෆියා කල්ලියේ දොස්තරලා ලැජ්ජා විය යුතුයි.

:       116       389

සතයපාලMonday, 03 September 2018 11:51 AM

මේවා දැක දැක මටත් ඉන්න බැහැ. මමත් ගහන්නම් ගලක් මේ අධමයින්ට...

:       25       12

කරුණාපාල Monday, 03 September 2018 10:55 AM

ගලේ පහරපු බලලා මෙන්, සමාජයට පතිත කල දැවැන්ත වර්චස් පිඩ අතින් වසා ගැනීමට දොස්තර මහත් හොරු උත්සහ දරා හත්පොලේ ගා ගැනීම , ඔවුන්ට ලජ්ජා වීමට සිදුවෙන කරුණකටත් වඩා, අපට අප්පිරියාව මුසු අප්‍රසන්න හැගීමක් ඇතිකරන සේම මිනිය වලදමා සොහොන් කොත ඉදිකරනවා සේ, වීදුරු බිඳුණු ජනෙල් ටික ප්‍රදර්ශනයට තබා, දැවැන්ත වැඩවර්ජනයක් දියත් කර විශාල ජයග්‍රහණයක් අත්පත් කර ගත හැකි සේ, අපි ඔහේ ඔහොම යමු...

:       125       325

බද්රානි Monday, 03 September 2018 01:23 PM

මේ දොස්තර මාෆියාව හැමවිටම උත්සාහ කරන්නෙ. මම ඔවුන්ට ඊර්ෂ්‍යා කරන බව හඟවන්න. මමත් රාජකාරිය හරිහැටි කරපු රජයේ විශ්‍රාමිකයෙක්. ලොකු පුතා ඔස්ට්‍රේලියාවේ වෛද්‍යවරයෙක්. පොඩි දුවට සයිටම් උපාධිය සම්පූර්ණ කරගන්න බැරිවුනා මේ මාෆියා කල්ලි නිසා. මට කිසිවකුට ගල්ගසා මැරීමට අවශ්‍ය නෑ. මමත් බෞද්ධයෙක්.

:       0       0

බද්‍රනිගේ අබද්‍ර වචනය Tuesday, 04 September 2018 09:15 AM

ඔන්න ඔහොම ඇත්ත කිව්වනම් ඉවරයිනේ. උපාදි කඩේට ජීඑම්ඕඒ එකෙන් විරුද්ධ වූ නිසා මගේ පොඩි දූව දොස්තර කෙනෙක් කරගන්න බැරි උනා.

:       0       14

නදුන්Saturday, 08 September 2018 01:01 PM

ඔන්න ඇත්ත... පුතාට මෙහෙ වෛද්‍යවරයෙක් වෙන්න බැරිහින්දා රට යැව්වා. මාෆියාව හින්දා දුවව හොරාට ඩොකෙක් කරන්න බැරිවුණා. ඉතින් සමාජ මාධ්‍ය ජාලා වල කෑගහනවා.

:       0       0

chapa Monday, 03 September 2018 02:50 PM

ගොඩනැගිලි කඩන්නේ නැතුව... දොස්තරට පස්සේ වෙලාවක සලකන්නනේ තිබ්බේ.. මෝඩ මිනිස්සු..

:       303       14

ඔබේ අදහස් එවන්න

මහ පුවරුව

ශ්‍රීලනිප වැඩ බලන සභාපතිට-ලේකම්ට වාරණයක්
2024 අප්‍රේල් මස 24 2766 8

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති , වැඩ බලන ප්‍රධාන ලේකම් ලෙස පසුගිය 21 වෙනි දින තේරී පත් වූ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට හා සාරථි දුෂ්මන්ත මහත්ව


මෛත්‍රීට අතුරුතහනමක්
2024 අප්‍රේල් මස 24 2082 5

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයේ කටයුතු කිරීම තහනම් කරමින් හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට අතුරු තහනම් නියෝගයක් කොළඹ ප්‍රධාන දිසා විනිසුර


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 5586 3

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


පොලිස් වෙඩි පහරින් දෙදෙනෙක් මරුට
2024 අප්‍රේල් මස 23 4059 5

පාදුක්ක මොරගහහේන මාර්ගයේ මිල්ලෑව පුවක්වත්තේදී පොලිසියට වෙඩි තබා පළා යමින් සිටි ත්‍රිරෝද රථයකට පොලිසිය එල්ල කළ වෙඩි පහරින් අපරාදවලට සම්බන්ධ බව කියන අ


උගතුන් විසි පන් ලක්ෂයකට වසර තුනකදී රට එපා වෙලා
2024 අප්‍රේල් මස 22 4642 31

ආර්ථික අගහිඟකම් හේතුවෙන් මෙරට විසිපන් ලක්ෂ හැටපන් දහස් තුන් සිය හැටපස් දෙනකු පසුගිය වසර දෙකේ දී රට හැර ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහා බැංකුවේ වාර්තාවල දැක්


‘ෆොක්ස්හීල්‘ තරඟයේදී කාරයක් පෙරළී හතක් මරුට
2024 අප්‍රේල් මස 21 7009 21

දියතලාව නරියාකන්ද , ’’ෆොක්ස්හිල්’’ මෝටර් රථ හා යතුරුපැදි ධාවන තරඟය අද (21) පැවති අතර මෝටර් රථ ධාවන තරගයක් පැවැත්වෙන අතරවාරයේදී එක් මෝටර් රථයක් ධාවන පථය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 302 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1673 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1532 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site