IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


‘ගාල්ල වරායේ කොටසක් විදේශීය සමාගම්වලට හොරෙන් දෙන්න උත්සාහ කරනවා‘

(බිඟුන් මේනක ගමගේ )

ගාල්ල වරායේ කොටසක් යොදාගෙන ක්‍රියාත්මක කිරීමට යන සංචාරක හෝටල් ව්‍යාපෘතිය ගැන සංවර්ධන කමිටු කිසිවක සාකච්ඡා වී නැතැයි ද එහි ඇත්තේ ගාල්ල වරායේ කොටසක් විදේශීය සමාගම්වලට රහසිගතව ලබාදීමේ උත්සාහයකැයි ද විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසයි.

ගාල්ල වරාය හා රූමස්සල වෙරළ තීරය සම්බන්ධ කරගනිමින් ගෝල් මරීනා නමින් දියත් කෙරෙන මෙම ව්‍යාපෘතියට දැනට ටෙන්ඩර් කැඳවා ඇතැයි ද පළමු අදියරේදී ගාල්ල වරායෙන් අක්කර පහක් ලබා දී දෙවැනි අදියරේදී රූමස්සල වෙරළ තීරයත් ලබා දීමට නියමිත යැයි ද ඇමැතිවරයා කීවේය.

භූ ගෝලීය වශයෙන් වැදගත් ස්ථානයක පිහිටුවා ඇති ගාල්ල වරාය මෙවැනි ව්‍යාපෘතියකට වෙන්කිරීමෙන් ජාතික ආරක්ෂාවට එල්ල වන බලපෑම ගැන නිසි තක්සේරුවක් කර නැතැයි චෝදනා කළ හෙතෙම මීට දැඩි විරෝධය පළ කරන්නේ යැයි ද කීය.

ගාල්ලේ ජනතා නියෝජිතයකු වශයෙන් මේ ගැන කිසිදු දැනුම්වත් කිරීමක් තමාට කර නැතැයි ද මෙවැනි ව්‍යාපෘතියක් රහසිගත ආකාරයෙන් සිදුකිරීම ප්‍රශ්නකාරී යැයි ද මනූෂ නානායක්කාර මහතා වැඩිදුරටත් සඳහන් කළේය. 



අදහස් (13)

‘ගාල්ල වරායේ කොටසක් විදේශීය සමාගම්වලට හොරෙන් දෙන්න උත්සාහ කරනවා‘

kalpa Sunday, 02 September 2018 07:57 AM

රටේ සංවර්ධනය සඳහා ජාතික ප්‍රතිපත්තියක් ‌නොමැතිවීමත්, ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවල අවසර ‌නොමැතිව තීරණ ගැනීමත් නිසා ‌මෙවැනි විනාශකාරී ‌දේවල් සිදුවෙනවා.‌‌‌ මේ නිසා ‌නොපමාව ‌කොට්ඨාශයට වගකියන ‌කොට්ඨාශයේම ‌ ස්ථිර පදිංචි ‌කෙනෙක් මන්ත්‍රී ‌ලෙසට පත්වන ක්‍රමයක් ඇතිකරන්න.

:       25       10

Senarath Sunday, 02 September 2018 08:02 AM

තමුන්ට අපි ඡන්දෙ දුන්නේ රට විකුණගෙන කන අයට මුක්කු ගහලා පාර්ලිමේන්තුවේ පින් පඩි කන්න නෙමෙයි. නොසණ්ඩාල වැඩ කරලා, අද අපිට කියනවා ඒවට විරුද්ධ වෙන්න... ලබන ඡන්දෙදි අපි හොඳ උත්තරයක් දෙනවා මේ සියලුම දෙනාට...

:       94       419

සතයපාල Sunday, 02 September 2018 08:49 AM

කොළඹ නගරයේ හදවත වගේ තිබෙන ගාලුමුවදර පිහිටි හමුදා මූලස්ථානය ඉඩමෙන් අක්කර පහක් මහරජා ෂැන්ග්‍රීලා හෝටලයට සින්නක්කරව ලියලා දුන්නේ කාට කියලද? කාගෙන් අහලද කියලා අහන්න... එදා නිවටයෝ වගේ ඔව් සර් එහෙමයි සර්... හොඳයි සර් කිය කියා පස්සෙන් ගිය වහල්ලුන්ට අමතක වුණාද? නැත්නම් බය හිතුණද දන්නේ නැහැ.

:       1272       1061

ThilinaSunday, 02 September 2018 11:36 AM

ඉතින් මහත්තයෝ තමුන්ගේ හාමු ඇතුළු රටේ ජනාධිපති ගිහින් නේද මේක විවෘත කලේ..? එ්කේ නාමපුවරුවේ සඳහන් වෙන්නෙත් මේ ආණ්ඩුවේ ව්‍යාපෘතියක් විදිහටනේ.. එදා යුද්ධයෙන් පස්සෙ එක ආයෝජකයෙක්වත් එන්නේ නැති වෙලාවේ තමයි මේ ඉඩම දුන්නේ.. ඊට පස්සේ විශාල ආයෝජකයෝ රැසක් ලංකාවට ආවා.. කවුරු කළත් හොඳ දේ හොඳයි වහල්ලුන්ට ඇරෙන්නට...

:       456       1036

සතයපාලSunday, 02 September 2018 04:33 PM

තමුන්ට හමුලා හිටියට මට ඇති හාමු කෙනෙක් නැහැ. එයාගේ කාලේ ආව ආයෝජකයො නිසා දැන් ලංකාවේ අපිට පයගහලා ඉන්න ඉඩක් නැහැ. ඒ හාමු ලංකාවේ ඉඩම් විකුණනකොට හොදයි එකගයී. මේ හාමු බදු දෙනකොට නරකයී විරුද්ධයී. ඒකද වහල් න්‍යාය.

:       11       2

SamanSunday, 02 September 2018 06:07 PM

ඇත්තට ? ඒ ඉඩම වික්කෙ සින්නකරව, ගිවිසුම අන්තර්ජාලයේ තිබේ. කෝ පෝලිමේ ආපු ආයෝජකයො ? වරාය, මත්තල , අධිවේගය ඔක්කොම 6% පොලියට ගත්ත ණය. ඒ ණය වලින් ගත්ත කොමිස්, සහ රජුට සහ පුෂ්පට දුන් සන්තොසම් වල පව් ගෙවන්නෙත් බදු ගෙවන ජනතාව. කෝ රජතුමා 'නිව්යොර්ක් ටයිම්ස්' එකට නඩු දැම්මද ?

:       0       0

NuwanMonday, 03 September 2018 12:23 AM

එව්වා එහෙම උන නිසා තමයි උන්දැලා ගෙදර ඇරලා මුන්නැහෙලා පත් කරගත්තේ. මෝඩ සාදාරණීකරනයන් කරන්න එපා ලැජ්ජයි.

:       0       0

ravi Sunday, 02 September 2018 10:16 AM

ඔබතුමා ඇඳගෙන ඉන්න කලිසමයි, කමිසයයි, පැළඳගෙන ඉන්න කණ්ණාඩි කුට්ටමයි.. මේ ඔක්කොම විදේශ ණය. ඉතින් මේ විදේශ ණය නැති වුනොත්... කලිසමත් නැහැ කමිසයත් නැහැ.. කණ්ණාඩි කුට්ටමත් නැහැ... ලොකුවට තිබුණු කටත් නැහැ.. !

:       28       42

Gamage Sunday, 02 September 2018 10:16 AM

ලංකාවේ දියුණු නගරයකට තිබෙන්නේ කොළඹ නගරය විතරයි. ගාල්ල සහ නුවරත් ඒ තත්වයට එනවට අපිත් කැමැතියි. කොළඹ තිබෙන පහසුකම් අදටත් මේ නගරවල නැහැ. මේවට රට දියුණු වෙනවට විරුද්ධ වන මේ අයට අවශ්‍ය දේශපාලන වාසි ගන්න පමණි. නූතන ලෝකය තනි වෙන්නේ නැහැ. ඇමෙරිකාව හරහට නම් චීනය ඉන්නවා. චීනය හරහට නම් රුසියාව ඉන්නවා. රටක් ආක්‍රමණය කිරීම කරනවා කියන්නේ දේශපාලන වාසි ගන්න.

:       1       111

Gamage Sunday, 02 September 2018 11:08 AM

මෙහෙමයි... මේ වැඩේ මහින්ද ආණ්ඩුවෙන් කරනවා කිව්වා නම් විරෝධතාත් අඩුයි. වැඩේත් කෙරෙයි. නමුත් මේ ආණ්ඩුවෙන් කරනවයි කිව්වට කරගන්න බැහැ. නොකොරෙන දේවල් ගැන බලාපොරොත්තු තියාගන්න අපිත් රැවටෙනවා... ඒවට විරුද්ධව කෑ ගහන අයත් කාලය කාගන්නවා.

:       11       15

sirimal Sunday, 02 September 2018 10:31 AM

අනේ මගේ කට....

:       5       0

Hafeel Sunday, 02 September 2018 12:28 PM

මේ විනාශය කරන්නේ ඔබ නියෝජන කරන රජය නේද.?

:       0       1

wama - dakuna Sunday, 02 September 2018 12:48 PM

අමු මෝඩ කතාවක්. මරීනා එකක් හදන්නෙ විදේශ යාත්‍රා නවත්තන්න. ඒවල එන්නෙ සල්ලි තියෙන විදේශිකයින්. ඩුබායිවල මරීනා එකේ තියෙන්නේ කෝටි ගණන් වටින යාත්‍රා. ඒ වගේම ලංකාවේ තියෙන බෝට්ටු හදන කොම්පැනිවලට හොඳ ඉල්ලුමක් තියෙයි. දේශීය විදේශීය කට්ටියට පුලුවන් තමන්ගෙ බෝට්ටුව මෙතන නවත්තලා තියලා අවශ්‍ය වෙලාවට සේලින් කරන්න. මේ අය ඉන්නේ හැමදේම වැරදියට දකින්න විතරයි. ඇයි ඇත්ත කියලා, හරියට වැඩේ වෙනවද බලන්න බැරි? මේ අය ඉන්නකන් ගමක දියුණුවක් දකින්න වෙන්නේ නෑ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉන්දීය මහ මැතිවරණයේ ඡන්දය දුන් පළමු සරණාගතයා නාලීනී
2024 අප්‍රේල් මස 20 50 0

ඉන්දියාවේ තිරුචි දිස්ත්‍රික්කයේ කොට්ටපට්ටු සරණාගත කඳවුරේ දිවිගෙවූ ශ්‍රී ලාංකික කාන්තාවක් වූ කේ.නාලිනී ඉන්දීය මහ මැතිවරණයේදී සිය ඡන්දය ප්‍රකාශ කළාය


කෞෂාලි කුසුමපාලට කෝක් සමාගමේ අධ්‍යක්ෂක තනතුරක්
2024 අප්‍රේල් මස 20 239 0

කොකා කෝලා සමාගමේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා නව අධ්‍යක්ෂකවරිය ලෙස කෞෂාලි කුසුමපාල මහත්මිය පත් කර ඇත.


දූපත් පහකින් රජයට කෝටි හයක පොල්ලක්
2024 අප්‍රේල් මස 20 551 0

කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස්දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය


ජනපති අඹේවෙල ගොවිපොළේ නිරීක්ෂණයක
2024 අප්‍රේල් මස 20 983 2

ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ


ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 694 1

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 1543 1

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 237 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1552 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1455 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site