IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ගාල්ල මහනගර සභාවේ බලය මුදලට පාවාදුන් මන්ත්‍රීන්ට විනය පරීක්ෂණ

රවී ලියනගේ සහ සිරංගිකා ලොකුකරවිට

ගාල්ල මහ නගර සභාවේ නගරාධිපති තේරීමේ දී පොදුජන පෙරමුණේ නගරාධිපති අපේක්ෂකයා ජයග්‍රහණය කරවීම සඳහා ඡන්දය ලබාදුන් එක්සත් ජාතික පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ට එරෙහිව කඩිනමින් විනය ක්‍රියාමාර්ග ගන්නා බව ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ නායක ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.

එක්සත්ජාතික පක්ෂයේ ගාල්ල දිස්ත්‍රික් නායකයා වන අමාත්‍යවරයා අද (25) නිකුත් කළ ප්‍රවෘත්ති නිවේදනයක මේ බව දැක්වේ.

එම නිවේදනයේ ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ගාල්ල මහනගර සභාව ජයග්‍රහණය කළ එක්සත් ජාතික පක්ෂයට සභික ධූර 14ක් හිමිවූ බවයි. ඒ අනුව ගාල්ල මහ නගර සභාවේ බහුතර බලයක් කිසිදු තනි පක්ෂයකට හිමි නොවූ බැවින් නගරාධිපතිවරයා හා නියෝජ්‍ය නගරාධිපතිවරයා තෝරාගැනීම සභිකයන්ගේ ඡන්දයෙන් කිරීමට සිදුවිය. 

අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසන්නේ නගර සභාවේ බලය ලබා ගැනීම සඳහා එක්සත් ජනතා නිදහස් සංධානයේ මන්ත්‍රීවරුන් තිදෙනාගේ ද එක්සත් ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රීවරයාගේ ද සහයෝගය තම පක්ෂයට ලැබුණු බවයි. 

ඒ අනුව මන්ත්‍රීවරු 18 දෙනකුගේ සහාය එක්සත් ජාතිත පක්ෂයට හිමිව තිබුණු බවත් නගරාධිපතිවරයා ලෙස එජාපයෙන් ජිලිත් නිශාන්ත මහතාත් නියෝජ්‍ය නගරාධිපති ලෙස එජනිසයේ දේශප්‍රිය ලියනගේ මහතාත් පත් කිරීමට මන්ත්‍රීවරු 18දෙනාම ඒකමතිකව එකඟ වී සිටි බවද අමාත්‍යවරයා සිය නිවේදනයේ සඳහන් කරයි.

එමෙන්ම නගරාධිපති තේරීමේ ඡන්ද විමසීමක් පැවැත්වෙන්නේ නම් එය විවෘත ඡන්දයක් ලෙස පැවැත්වීමටද මෙම සභිකයන් 18දෙනා එකඟ වී සිට ඇත. එම එකඟතාවයන් ඇති වීමට පෙර එක්සත් ජාතික පක්ෂයෙන් සභාවට තේරී පත්වූ ඇතැම් මුස්ලිම් ජාතික මන්ත්‍රීවරු තමන්ට නගරාධිපතිධූරය දෙන්න යැයි පුද්ගලිකව ඉල්ලා සිටිය ද සියලු දෙනා සමග ඉහත එකඟතාවයන්ට පැමිණි බවද අබේවර්ධන මහතා පවසයි. 

එවැනි එකඟතාවයන් තිබියදී නගරසභාවේ නගරාධීපතිවරා තේරීමේ ජන්ද විමසීම රහස් ඡන්දයක් ලෙස පැවැත්විය යුතු බවට තම පක්ෂයේ මුස්ලිම් ජාතික සභිකයන් අට දෙනකු ප්‍රකාශ කිරීමත් අනතුරුව නගරාධිපතිවයා තේරීමේ ඡන්දයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් වූ නගරාධිපති අපේක්ෂකයාට එම මුස්ලිම් ජාතික සභිකයන් විසින් සහයෝගය ලබා දීමත් හේතුවෙන් නගර සභාවේ බලය තම පක්ෂයට අහිමි වූ බව අමාත්‍යවරයා පවසයි.

පළාත්පාලන ආයතන වල බලය ලබා ගැනීමේදී කවරාකාරයේ පක්ෂ හෝ කණ්ඩායම් සමග කටයුතු කළද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග කිසිදු ආකාරයක එකඟතාවයන්ට පැමිණීමෙන් වලකින ලෙස පක්ෂය විසින් උපදෙස් ලබාදී තිබියදී එක්සත් ජාතික පක්ෂයේ ෆවුසුල් නියාස් මහතා පක්ෂයේ මතයට පටහැණිව යමින් නියෝජ්‍ය නගරාධිපති ධූරය බාරගෙන ඇත. 

මේ අනුව පක්ෂයේ එකඟතාවයන්ට හා තීරණයන්ට පටහැණිව කටයුතු කරමින් ගාල්ල මහනගර සභාවේ බලය මුදලට පාවාදුන් එක්සත් ජාතික පක්ෂයේම සභිකන්ට එරෙහිව කඩිනමින් පරීක්ෂණයක් පවත්වා දැඩි විනය ක්‍රියාමාර්ගයක් ගන්නා බව වජිර අබේවර්ධන මහතා නිකුත් කළ නිවේදනයේ සඳහන් කර තිබේ.

ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ පක්ෂ මහ ලේකම් වරයාට මේ බව දැනුම් දී ඇති බවත් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඒ සම්බන්ධව වැඩිදුර උපදෙස් ලැබී ඇති බවත්ය.



අදහස් (6)

ගාල්ල මහනගර සභාවේ බලය මුදලට පාවාදුන් මන්ත්‍රීන්ට විනය පරීක්ෂණ

ranavi Sunday, 25 March 2018 04:57 PM

ඇස් පනාපිට හොරකම් කරපුවට දඬුවම් දෙන්න තමයි 2015 හොරුන්ව එලවල අලුත් ආණ්ඩුවක් හැදුවෙ.කෝ අද වෙනකම් එක ඉෂ්ට වුනාද.රටේම ඉන්න මන්ත්‍රීන්ට සල්ලි දීල ජනමතය වෙනස් කරන්න පුළුවන් සල්ලි වලට.අද නිකං අපිව අන්දන්න එනවා.

:       0       34

Sunil Sunday, 25 March 2018 06:26 PM

කලාප අධ්‍යක්ෂකගේ ගේ චක්‍රලේඛනයට අනුව ඒගොල්ලොත් ඉස්කෝලවලට එනකොට නිසි ගෞරවය දැක්විය යුතුද ඇමති තුමෝ?

:       0       9

M.A.A.R. Fernando Sunday, 25 March 2018 11:55 PM

ඔහොම යනකොට පාර්ලිමේන්තුවේ බලයත් මුදලට පාවාදෙන්න පුළුවන්.

:       1       8

Chandra Monday, 26 March 2018 03:16 AM

ඒක තමයි බුද්දිමතුන් බොහෝ දෙනෙක් පොරොන්දු වූ පරිදු හොරු ඇල්ලුවේ නැතුවට විරුද්ද. රටේ හංගපු මුදල් හැමතැනම . කොහෙද, පොරොන්දු වුනු අය පක්ෂ බදාගෙන රට කෑව. එකක් අල්ලාගෙන චන්ද දිනන්න හැදුව . ඒ නිසා අන්තිමට රට දුවන්නේ නැහැ , ආණ්ඩු දෙකකට රට පාලනය කරන්න බැහැනේ . ඒ නිසා. අපි අනාතය්. අන්තිමට අර වදුරා ඉරන කොටයක් උඩට වෙලා කූන්ග්ඥය ගලෝල වෙච්ච් දේ තමය් ඒ අයට වුනේ.

:       0       206

padmini Monday, 26 March 2018 04:18 AM

විනය පරීක්ෂණ තියන්නකෝ. එකටත් සල්ලි විසි වෙනවා. කවදාවත් ලංකාවේ නරි ටිකට අනාගතයක් න නැහැ. හු කියනවා හැර.

:       0       0

Hafeel Monday, 26 March 2018 07:37 AM

අනුන්ට ඇඟිලි දික්කරන්න කලින් තමන් නිවැරැදි වියයුතුයි. ඇවන්ගාර්ඩ් සිද්ධිය යටපත් කරන්න මෙයාත් සම්බන්ධ වුණා. නිකන්ද ඔය වගේ ජරා වැඩ කරන්නේ? මුදලට නොවෙයිද? මෙච්චර කල් ලොකු ලොකු හොරුන් ආරක්ෂා කරලා, දැන් පොඩි හොරුන්ට විනය පරීක්ෂණ...

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 41 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 60 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 69 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


අනුර ස්වීඩන් යයි
2024 අප්‍රේල් මස 25 227 0

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අද රාත්‍රී ස්වීඩනය බලා පිටත්ව යන බව එම පක්ෂය පැවසීය.


කුඩ්ඩෙක් සමග හාදකම් පෑ එස්.ටී.එෆ් සෙබළා අල්ලයි
2024 අප්‍රේල් මස 25 163 0

සේදවත්ත මධුෂ් නැමැති අන්වර්ථ නාමයෙන් පෙනී සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සමග දුරකතන ඇමැතුම් වාර 800 ක් පමණ ලබාගෙන ඇති බව කියන පොලිස් විශේෂ කාර්ය බළකා


රේගුවට ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියකරන කල්ලියක්
2024 අප්‍රේල් මස 25 605 1

රේගු දෙපාර්තමේන්තුව රාජසන්තක කළ භාණ්ඩ ඩෙන්ඩර් කැඳවා අළෙවි කිරීමේදී ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියගැන්වීමට මෙරටින් පැනගොස් සිටින පාතාල සාමාජික


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 319 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1705 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1548 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site