(සිරංගිකා ලොකුකරවිට)
ගාල්ල දිස්ත්‍රික්කයෙන් 2017 වර්ෂයේ ජුනි මාසය වනවිට මී උණ රෝගීන් 101ක් වාර්තා වී ඇති බවත් රෝගීන් 04 දෙනකු මේ වන විට මියගොස් ඇති බවත් ගාල්ල දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක කේ. පාලිත විජේසේන මහතා පවසයි.
ඒ මහතා මෙසේ පැවසුවේ ගාල්ල දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු රැස්වීම දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ පැවති අවස්ථාවේදී ය.
මී උණ හෙවත් ලෙප්ටෙස්පයිරෝයිස් රෝගීන් වැඩි ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ කරන්දෙනිය, ඇලිපිටිය, උඩුගම හා තවලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වලිනි.
පසුගිය දිනවල ඇතිවූ ගංවතුර තත්වය හේතුවෙන් ද මී උණ රෝගය පැතිරයාමේ වැඩි අවධානමක් පවතින හෙයින් වී, කුරුඳු හා තේ වැනි කෘෂිකාර්මික වගා බිම් වල වැඩ කරන සේවකයින් මේ සම්බන්ධව සැලකිළිමත් විය යුතු බවත් ඒ සඳහා ඖෂධ ලබාගතයුතු බවත් පාලිත මහතා පවසයි.
ඒ මහතා පවසන්නේ පුරන් කුඹුරුවල මීයන් වැඩි වශයෙන් ගැවසෙන බැවින් එවැනි ස්ථාන වල වැඩ කරන පුද්ගලයින් වැඩි වශයෙන් ප්‍රවේසම් විය යුතු බවයි.
මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාල වල මී උණ රෝගයට ලබාදෙන ඖෂධ අවශ්‍ය තරම් පවතින බව ද ඒවා නිසි මාත්‍රාවෙන් ලබාගැනීමෙන් මෙම රෝගයෙන් වැලකියහැකි බවද පාලිත මහතා පැවසුවේ ය.
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ගාල්ලෙන් මී උණ රෝගීන් 101 ක්