(විනීතා එම් ගමගේ)
ග්ලයිෆොසේට් තහනම ඉවත් කිරීම පිළිබඳව විමසූ අවස්ථාවේ තමන් එවැනි තීරණයක් නොගත්තේ යැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවැසූ බවත් ඒ පිළීබඳ ජනාධිපති ලේකම්වරයාගෙන් විමසු අවස්ථාවේ තමන් කිසිවක් නොදන්නා බව ඔහු ද පැවැසූ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ පැවැසූහ.
අමාත්‍ය නවීන් දිසානායක මහතා පමණක් මෙම තහනම ඉවත් කළ බව කියන්නේ යැයි කී උන් වහන්සේ ජනතාව පිළිගත යුතු කවුරුන් කියන දේ දැයි වටහා ගත නොහැකි බව ද කිහ.
රටේ නායකයා හෝ ඔහුගේ ලේකම්වරයා නොදැන තීන්දු ගත නොහැකි බැවින් මෙම තහනම ඉවත් කර නැති බව පෙනී යන්නේ යැයි ද රතන හිමියෝ පැවැසූහ.
‘‘අපේ උපදෙස් වත් ජනතාව කියන දේවත් අහන්නේ නැහැ. මට නම් පේන්නේ ආණ්ඩුව තමන් කරන්නේ මොකක්ද කියල වත් දන්නේ නැහැ. එක්කෝ වහා ජනාධිපතිවරණය හෝ මහ මැතිවරණය කැ`දවන්න්. නැත්නම් ඉදිරි අවුරුදු දෙක වෙනුවෙන් ස්ථිර ප්‍රතිපත්තියක් ප්‍රකාශයට පත් කරන්න. ජනතාව අමාරුවේ දාන්න එපා කියා මම ඉල්ලා සිටිනවා.’’ යැයි ද රතන හිමියෝ පැවැසුහ.
උන් වහන්සේ මේ අදහස් පළ කළේ සදහම් සෙවනේ අද (03) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි. පරිසර හිතකාමි තිරසර සංවර්ධන එකමුතුව විසින් සංවිධානය කරන ලදුව සදහම් සෙවනේ මේ දිනවල පැවැත්වෙන ජාත්‍යන්තර බොදු සමුළුවක් අතරතුර පැවැත්වූ මාධ්‍ය හමුවක දී රතන හිමියෝ මෙම අදහස් ප්‍රකාශ කළහ.
‘‘මේක රජයක්. තනි පුද්ගලයින්ට අවශ්‍ය විදියට කටයුතු කරන්න බැහැ. එතුමන්ලාට ප්රතිලාභ ඇති. ඒත් පෞද්ගලික අභිලාෂ මත තීරණ ගන්න සුදානම් වෙන්න එපා. ’’ යැයි ද රතන හිමියෝ එහි දී තව දුරටත් පැවැසූහ.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය වසර 40ක ඉතිහාසයේ වැඩිම ලාභය 2023 වසරේදී වාර්තා කර තිබේ.
කළුතර ප්‍රසිද්ධ පාසලක අද (28) දහවල් සිසුන්ට ලබාදුන් එන්නතින් පසු රෝගී වූ සිසුන් දස දෙනෙකු පමණ රෝහල් ගතකර ඇති බව කළුතර නාගොඩ ශීක්ෂණ රෝහල් ආරංචි මාර්ග සඳහන
ග්‍රෑන්ඩ්පාස්, සුගතදාස ක්‍රීඩාංගණය අසල පිහිටි ටයර් කඩයක ඇතිවූ ගින්නක් හේතුවෙන් තවත් ටයර් කඩයක් ඇතුළු කඩ තුනක් ගිනි ඇවිලමින් පවතී.
ශ්‍රී ලංකාවේ ජීවත්වන පුද්ගලයෙක්ට අවම මූලික අවශ්‍යතා ඉටුකරගැනීමට මසකට රුපියල් 17,014 ක මුදලක් අවශ්‍ය බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
‘ග්ලයිෆෙසේට් තහනහම ඉවත් කිරීම ගැන ජනාධිපතිතුමන් දන්නෙත් නෑ‘ - රතන හිමි
Bamunuarachchi Friday, 04 May 2018 01:02 AM
ඉතින් සිරිසේනව දැනුවත් කරන්නකෝ? ප්‍රමාද වෙන්න එපා... බය වෙන්නත් එපා හොඳේ..
kumara Friday, 04 May 2018 03:21 AM
මේ දවස් වල එතුමා වැඩිය පත්තර බලන්නේ නැහැ වගේ..
jayath Friday, 04 May 2018 04:25 AM
මෙහෙව් රටේ .... ඉපදීලා - බලාන හිටියා දැන් නම් ඇති හොඳ ටෝම ........... ඒ උතුමාණන් වහන්සේ මේක පත්තරෙන් වත් දැක්කේ නැත්ද ? අනික මේක ඉවත් කරොත් ආණ්ඩුව පෙරලනවා කියල පොලවේ හැපුණු (චන්දෙට පෙර ! ) අය මේ මොනවා වදාරනවද මන්ද . අනික තමයි මේ ග්ල්ය්කොසටේ " නිශ්චිත හේතුවක් හඳුනා නොගත් වකුගඩු රෝගය "සමග සම්බන්දයි කියන එක තවම කල්පිතයක් විතරයි