IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ග්ලයිෆොසේට් තහනම ඉවත් කළොත් රතන හිමියෝ පාරට බැසීමට සැරසෙති

විනීතා එම් ගමගේ
 
ග්ලයිෆොසේට් ගහනම ඉවත් කිරීමේ කැබිනට් පත‍්‍රිකාව හෙට සම්මත වුවහොත් ඒ මොහොතේම තමන් පාරට බහින බව පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ පැවැසූහ.
 

මේ කැබිනට් පත්‍රිකාව සම්මත නොකරන බවට ජනාධිපතිතුමන් තමන්ට පොරොන්දු වූ බවත් ග්ලියෆොසේට් තහනම් කරන බවට ඔහු මැතිවරණ පොරොන්දු පවා දී තිබෙන බවත් උන්වහනසේ  පැවැසූහ. 
 
වාහනයක් නිවසක් සුව පහසු ජීවිතය හෝ ¥ දරුවන්ගේ විදේශ අධ්‍යාපනය වෙනුවෙන් මෙහෙම රට විනාශ කරන ජාතික අපරාධ කරන්නේ පාතාලයන් බවත් තමන්වහන්සේ ඔවුන් හඳුන්වන්නේ ටයි කෝට් දාගත්තු උගත් අපරාධකාරයන්  ලෙසින් බවත් රතන හිමියෝ කීහ. 
 
ග්ලයිෆොසේට් තහනම ඉවත්කරන්නට සහාය දෙන්නන් ඉදිරියේ දී අපරාධකාරයින් ලෙස නම් කරන්න කටයුතු කරන බව ද රතන හිමියෝ කීහ. රතන හිමියෝ මේ අදහස් පළ කළේ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආයතනයේ අද  (26) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.



අදහස් (11)

ග්ලයිෆොසේට් තහනම ඉවත් කළොත් රතන හිමියෝ පාරට බැසීමට සැරසෙති

හර්ෂ Monday, 26 March 2018 02:33 PM

මේ වස තහනම තිබුණා, නැතා කියලා ලොකු වෙනසක් තිබුණේ නෑ. ගොවි මහත්වරු ළඟ තහනම් කල වස තිබුණා ඕනා තරම්. කලින්ටත් වඩා අඩු මිලට. මේ තහනම ඉවත්කල එකෙන් සිද්ධවුණේ එකම දෙයයි. මේ වගේ ධෛර්‍යය සම්පන්න මිනිස්සුගේ ආත්ම විශ්වාසය කුඩුපට්ටම් කරලා ඒ මිනිස්සුන්ව පොළොවේ ගහපු එක. ඒත් මේ වෙලාවේ වස විස නැති ගොවිතැන් ව්‍යාපාරවල නියමුවෝ කඩාගෙන වැටුනොත් බොහෝ දෙනෙකුගේ අවුරුදු 10ක 15ක මහන්සිය වතුරේ යයි. එහෙම කඩාවැටෙන්න ඕනි නෑ. වස විස නැති ආහාර වලට අති විශාල වෙළෙඳපොළක් තියෙනවා. ලංකාවේ වගේම අපනයන ආර්ථිකය තුලත්. රටක වෙළෙඳපොළ වෙනස් කරන්න පුළුවන් තරමට ශක්තිමත් රජයයන් අද හරි අඩුයි. අපේ වගේ රජයකට එහෙම දෙයක් කරන්න කොහොමටවත් බෑ. පූජ්‍ය අතුරලියේ රතන ස්වාමීන් වහන්සේගේ හීනයක් තිබුණා හැම මනුස්සයෙක්ටම වස විස නැති ආහාර වේලක් උරුම කරන්න. ඒත් මිනිස්සු කැමති වස කන්න නම්.. ගොවියෝ කැමති වස වවන්න නම්.. රජය කැමති වස කවන්න නම්.. අපට කරන්න දෙයක් නෑ. වරප්‍රසාදලාභී සුපිරි පැලැන්තිය පිරිසිදුවට කද්දී සාමාන්‍ය පොදු ජනතාව වස කාලා, දුක් විඳලා මැරිලා යයි.

:       27       182

somadasa weerasinghe Monday, 26 March 2018 04:17 PM

ඔබ වහන්සේට ත්‍රිවිධ රත්නයේ ආශීර්වාදය ලැබේවා

:       102       47

සතයපාල Monday, 26 March 2018 04:33 PM

මේ පිළිබදව රටේ උගතුන්ගෙ අදහස් හා යෝජනා සළකා බැලීමයී මුලින්ම කලයුතුව තියෙන්නේ. එහෙම නැතිව උදේට තහනම් කරන්නයී හවසට තහනම ඉවත් කරන්නයී ආණ්ඩු මොකටද

:       1       43

naradha Monday, 26 March 2018 09:54 PM

ගොවීන් විසින් ග්ලයිෆොසේට් අඩු වියදම් වල් නාශකයක් ලෙස යොදා, ගොවිතැනින් ලාබයක් ලබා ජීවත්වීම සඳහා පමණක් යොදා ගත්තා. එම වල් නාශකයට විරුද්ධ නම් පාරට බැහැල හරියන්නේ නැහැ. කල යුත්තේ ප්‍රයෝගික විකල්ප ඉදිරිපත් කිරීමයි.

:       0       30

Jayantha Ranatunga Tuesday, 27 March 2018 02:11 AM

අවසර අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ඔය කරන සටනම පාසල් ළමුන් මත්කුඩු මත් පෙති මත් ටෝෆී මත් බිම ආදී නානා විසමාචාර වලට පොලොඔවන බලවේග සදහාත් යොදන්ඩ අපේ හාමුදුරුවනේ නැත්නම් අපට අනාගත පරපුරක් නැතිවේවි .හිතක් පපුවක් නැති මුදල් පස්සේ දුවන තිරිසන්නු . ඔබවහන් සෙට පුළුවන්නේ පාර්ලිමේතුවේ මේ ගැන මතයක් හෝ හඩක් නගන්ඩ . මතට තිත කිව්වට දැන්නම් තිතට මත . අපි බලාගෙන ඉන්නවා ඔබවහන්සේ මේ ගැන පාර්ලිමේන්තුවේ හෝ ජනාධිපතිගේ විශේෂ අවධානය යොමුකරයි කියල තෙරුවන් සරණයි

:       0       42

shelton Tuesday, 27 March 2018 03:57 AM

ඔබ වහන්සේ ජනවාරි 8 අපි සේරම පාරට බැස්සුවනේ.?

:       0       21

SUWARIS Tuesday, 27 March 2018 04:29 AM

ග්ලයිෆොසේට් හරි මොනවා හරි ගැන හරි උපදෙස් ගන්න ඕනේ, රටේ ඉන්නවා මේවා ගැන දන්නා අය. ඒවාට ගෙවන්නම ඕනේ නැහැ.

:       0       2

Bamunuarachchi Tuesday, 27 March 2018 05:02 AM

වසවිස භාවිතය සම්බන්ධව අනික් දියුණු රටවල් ගන්න තීරණ අපිත් ගතයුතුය. මොකද රටවල් දියුණු වුනත් නොදියුණු උනත් ජීවිත වල වටිනාකම සමානය. කැනඩාව වගේ රටවල් වසවිස කෘෂිකර්මය සඳහා රට තුලට ගෙන් වීම තහනම්ය එසේනම් අපිත් තහනම් කරමු. මේ වසවිස මහපොළවට එකතුවී අපිට අනාගතයේ වතුර බීමට ලිඳක් වත් හාරා ගැනීමට බැරිතත්වයකට පත්වනු ඇත. දැනටමත් පොලව සරු කරන පනුවන් කෘමීන් අපේ කෘෂිකාර්මික පොළවෙන් වඳ වී ගොස්ය. අන්තිමට අපිද පොළවෙන් වඳවී යනු ඇත.

:       0       32

Bamunuarachchi Tuesday, 27 March 2018 05:08 AM

Jayantha Ranatunga, ඔබ කියන කාරනාව ගැන විශේෂයෙන් දෙමව්පියන් සොයා බැලිය යුතුය. පාසල්වල උදේ රැස්වීමේදී පන්සිල් ගැනීමෙන් පසු ළමයින්ට මේවා ගැන කියා දී ඒසේ කරන ළමයින් ගැන දැනගැනීමට සියුම් උපක්‍රම යෙදිය යුතුය.

:       0       9

Shan Tuesday, 27 March 2018 06:32 AM

පාරට බහින්න ඉස්සරවෙලා විකල්ප ඉදිරිපත් කරන්න. පාරට බැහැල අයෙත් සාටකේ ඉල්ලෙන්න හදන්න එපා.

:       4       2

Hafeel Tuesday, 27 March 2018 07:11 AM

හාමුදුරුවනේ, ඔබ වහන්සේ ඉතා මහත්මා දේශපාලන කරන අවංක පරිසිදු හිමිනමක්. ඔබ වහන්සේට මේ ප්‍රධාන දේශපාලන පක්ෂවල් ගැලපෙන්නම නැහැ. හොරකම්, වංචා නැති JVP සමග ඉදිරි දේශපාල ගමන ගෙනියන්න අපේ හාමුදුරුවනේ. පවතින රජයේ ඉලක්කය 2020 ගැන හැර, රට ගැන හෝ ජනතාව ගෙන හෝ නොවෙයි.

:       15       23

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අධිවේගී පිවිසුවේ මෝටර් රථය පෙරලේ
2024 අප්‍රේල් මස 25 24 0

කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ ජා-ඇළ පිවිසුමේ දී අද දින සවස 3.00ට පමණ මෝටර් රථයක් පෙරලි ගියේය.


සන්නස්ගලට ඇප
2024 අප්‍රේල් මස 25 2453 9

පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 10 ක් ලබාගෙන නියමිත දිනට ලබානොදී විශ්වාසය කඩ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රවීණ උසස් පෙළ සිංහල දේශක උපුල


’’නිලධාරීන්ගෙ වැරදි නිසා බැනුම් අහන්නෙ අපි’’
2024 අප්‍රේල් මස 25 157 1

ඇතැම් රාජ්‍ය නිලධාරීන්ගේ වැරැදි තීන්දු තීරණ නිසා රජයටත් ජනතාවටත් විශාල පාඩු සිදු වෙන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.


මහින්දානන්දට එරෙහි නඩුවක තීන්දුව දෙන්න දිනයක්
2024 අප්‍රේල් මස 25 232 1

අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ සමයේ අයථා ක්‍රම වලින් උපයාගත් රුපියල් කෝටි දෙකාහමාරකට අධික මුදලක් වියදම් කොට බොරැල්ල කින්සි පාරෙන් සුඛෝපභෝගී නිවසක් මිල


ගෝඨාභය කාදිනල් හිමිගේ චෝදනා ප්‍රතික්ෂේප කරයි
2024 අප්‍රේල් මස 25 288 1

කාදිනල් හිමිපාණන් එල්ල කළ ප්‍රධාන චෝදනා හතරම ප්‍රතික්ෂේප කරන බව ප්‍රකාශ කරමින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිවේදනය නිකුත් කර තිබේ.


පොල් ගෙඩියක් 4000 ට වෙන්දේසි වෙයි
2024 අප්‍රේල් මස 25 196 0

යාපනය තරුණයින් පිරිසක් විසින් වාර්ෂිකව සිදුකරනු ලබන පොර පොල් තරඟයක් වෙනුවෙන් ක්‍රීඩා කිරීම සඳහා පොල් ගෙඩි කිහිපයක් වෙන්දේසි කිරීමේදී එක් පොල් ගෙඩිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 315 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1697 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1543 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site