(මොහොමඩ් ආසික්)
ගම්මිරිස් මිළ පහත වැටීමෙන් පීඩාවට පත්ව සිටින ගොවීන්ට සහනය වශයෙන් ඔවුන්ගේ වගාවන් සඳහා හෙක්ටයාරයකට රුපියල් 85,000 ක සහනාධාරයක් ලබා දීමට තීරණය කර ඇති බව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය ඒ.පී. හීන්කෙන්ද මහතා පැවසීය.
පේරාදෙණිය ගැටඹේ පිහිටි අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේදී අද (26) වැනිදා සවස මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව කීය.
මෙහිදී තව දුරටත් අදහස් දැක්වූ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය .ඒ.පී.හීන්කෙන්ද මහතා මෙසේද කීය.
මේ වසරේ මේ වන විට ලංකාව පුරාම ගම්මිරිස් අස්වැන්න ලැබෙන බවත් එම නිසා ලැබෙන අස්වනු ප්‍රමාණය ඉහළ ගොස් ඇති බවත්ය. මේ නිසාම ගම්මිරිස්වල මිළ අඩු වී ඇති බවද අධ්යක්ෂ ජනරාල්වරයා කීය. මිළ අඩුවීමක් ගැන කිව්වද ගිය වසරේ මේ කාලයේදීද ගම්මිරිස් කිලෝවක මිල රුපියල් 500 ක් වැනි මිළකට තිබූ බවත් එය දෙසැම්බර් මාසය වෙද්දී රුපිවල් 775 ක් දක්වා ඉහළ ගිය බවත් කීය.
එම නිසා මෙවරද ගම්මිරිස් වියලා තබා ගත හැකි නම් වැඩි මිළකට අලෙවි කර ගත හැකි බවද ඒ මහතා කීය
2017 වසරේ සිටම ගම්මිරිස් මිළ අඩු වීගෙන ගිය බවත් ඒ සඳහා පිළියම් වශයෙන් 2019 මාර්තුවල සහ2019 දෙසැම්බර්වල ගම්මිරිස් ආනයනය තහනම් කරමින් ගැසට් පත් නිකුත් කළ බවද අධ්යක්ෂ ජනරාල්වරයා කීය. රජයන් විසින් එවන් ප්‍රතිපත්තිමය තීරණ ගෙන ඇති බවද අධ්යක්ෂ ජනරාල්වරයා කීය.
කෙසේ වුවක් මිළ අඩු වීම නිසා ගොවීන්ගේ ආදායම අඩු වී ඇති බවත් ඒ සඳහා දෙපාර්තමේන්තුව වශයෙන් සාධනීය පියවරයන් ගෙන ඇති බවත් කීය. මෙම වසරේ සිට ගම්මිරිස් ඵලදාව ලබන වගාකරුවන්ට අවුරුදු තුනකට පමණ වැඩි වගාවන් සඳහා හෙක්යාරයකට රුපියල් 85,000 ක සහනාධාරයක් ලබා දෙන බවද කීය.
මේ මුදල ලබා දෙනු ලබන්නේ වගාව නඩත්තු කරන්න බවත් එයින් අපි බලාපොරොත්තු වන්නේ එක ගම්මිරිස් වැලකින් ලැබෙන අස්වැන්න දෙගුණ කරන්න බවයි. අස්වැන්න දෙගුණයක් වනවා කියන්නේ ආදායම දෙගුණයක් වෙනවා කියන එක.මිළ අඩු වීමෙන් වන පාඩුව මෙමගින් පියවා ගන්න පුළුවන් වෙනවා. යැයිද අධ්යක්ෂ ජනරාල් ආචාර්ය ඒ.පී.හීන්කෙන්ද මහතා කීය.
මේ සම්බන්ධයෙන් විස්තර ගොවි ජන සේවා මධ්‍යස්ථානවලට ගිහින් අපනයන කෘෂි ව්‍යාප්ති නිළධාරින් හමුවී ලබා ගත හැකි බවද අධ්යක්ෂ ජනරාල්වරයා මෙහිදී කීය.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය වසර 40ක ඉතිහාසයේ වැඩිම ලාභය 2023 වසරේදී වාර්තා කර තිබේ.
කළුතර ප්‍රසිද්ධ පාසලක අද (28) දහවල් සිසුන්ට ලබාදුන් එන්නතින් පසු රෝගී වූ සිසුන් දස දෙනෙකු පමණ රෝහල් ගතකර ඇති බව කළුතර නාගොඩ ශීක්ෂණ රෝහල් ආරංචි මාර්ග සඳහන
ග්‍රෑන්ඩ්පාස්, සුගතදාස ක්‍රීඩාංගණය අසල පිහිටි ටයර් කඩයක ඇතිවූ ගින්නක් හේතුවෙන් තවත් ටයර් කඩයක් ඇතුළු කඩ තුනක් ගිනි ඇවිලමින් පවතී.
ශ්‍රී ලංකාවේ ජීවත්වන පුද්ගලයෙක්ට අවම මූලික අවශ්‍යතා ඉටුකරගැනීමට මසකට රුපියල් 17,014 ක මුදලක් අවශ්‍ය බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
‘ගම්මිරිස් ගොවීන්ට හෙක්ටයාරයකට 85,000 ක සහනාධාරයක්‘
සමිත සේනක අලුත්ගමගේ. Friday, 26 June 2020 12:22 PM
ගම්මිරිස් වලට වල් ගම්මිරිස් හා පැපොල් ඇට යොදා ඇති නිසා ඒවා ගුණාත්මක භාවයෙන් පිරිහුණු බවටත්, කුරුඳුවලට මකුලත (ලාඩප්පා) පොතු කළවම් කොට ඇති නිසා ඒවාත් ගුණාත්මක භාවයෙන් හීනවූ බවට ආරංචි පතුරුණා. මේවා සත්‍ය නම් එසේ කරන වංචනිකයින් සොයා දඬුවම් නොදෙන්නේ ඇයි?.. ලංකාවේ පැණි හකුරුවලට බොහෝ අපද්‍රව්‍ය යොදා වංචනිකයන් ගජරාමෙට මුදල් ගැරුවත් මේ රටේ ඔවුන් සුරක්ෂිතය. තවත් සමහර ආහාර ද්‍රව්‍ය ගැනද තත්ත්වය එසේමයි.
ගමරාලFriday, 26 June 2020 01:38 PM
සමිත මහත්තයෝ කුරුඳුවලට කලවම් කරන්නේ ඔබ කියන මකුලතා හෙවත් ලාඩප්පා නොවේ. කැලයේ වැවෙන වල්කුරුඳු නම් කිසිම රසක් හෝ සුවඳක් නැති කුරුඳු වර්ගයේම ශාකයක පොතුයි. ඒ වගේම පිරිසිදු කිතුල් පැණිවලටත් හකුරු සෑදීමේදීත් සීනි යොදා නියම රසය හා ගුණය නැතිකරනවා. මම දක්නා වෙළෙන්දෙක්ගෙන් පැණිවලට සීනි යොදන්නේ ඇයි ඇසුවාම සීනි නොයෙදූ පැණි හෝ හකුරු ගැනීමට සමහරක් පාරිභෝගිකයෝ අකමැතියි කිව්වා. මෙහෙම තමා වර්තමානයේ තත්වය. තවත් රහසක් කියන්නම් බොහෝ වන්දනා නඩයන් යාපනේ මෙන්ම කතරගම ගොස් එනවිට තල් හකුරු ගේනවා. නමුත් කිසිවෙකු දන්නේ නැහැ මේවායින් වැඩි කොටසක් හදන්නේ තල් පැලයක්වත් නොමැති පළාතක කියලා... මේ වර්ගයත් හොඳද කියලා මම නම් දන්නේ නැහැ.
සමිත සේනක අලුත්ගමගේ.Friday, 26 June 2020 03:55 PM
ගමරාළ මහතා, මා ඉතා වගකීමෙන් යුතුව ජනසන්නිවේදන ක්ෂේත්රය භාවිතා කරන කෙනෙක්. ඔබට මගේ තර්කය බිඳින්න බැරි මා පැවසූ දේ ගැන මා හොඳින් ප්‍රායෝගිකව දන්නා අයෙකු නිසා... මා ව්‍යාපාරික අත්දැකීම් ඇති ව්‍යාපාරික පවුලක කෙනෙක්. ඔයා දන්නේ නැතිව ඇති මේ රටේ තියෙන පැණි ගැන. කිතුල් පැණි වල නැත්තේ පැණි විතරයි. වෙනත් හැමදේම තියෙනවා. කිතුල් ගහක්වත් නැති මිනිසුන්, සීනි උණුකර ඒවාට බණ්ඩක්කා සාරු දානවා උකු වෙන්න. වැලි හකුරු කියා රවටන්න සූකිරි කුඩුකර හෝ ඇට ලොකු සීනි දානවා. අනේ! මිනිස්සු රැවටෙනවා. කිතුල් පැණි වල තියෙන වැලි හකුරු කැටයක් ගෙන කටේ දා උරන්න. එය පුෂ්පරාග වගේ කහපාට නම්, ඒවා සැබෑ වැලි හකුරු යි. සුදුපාට නම් පෙරකී සීනි හෝ සූකිරි. ඔයා දන්නවාද? හකුරුත් එහෙමයි. හකුරු කියන්නේ බොහෝ විට සීනි ගුලි. මෙලෙක් වෙන්න බත් අඹරා දානවා. ලාවලු දානවා. හොඳ දේවල් දැන් අඩුයි. මේ රටේ මිනිසුන් තනිකරම මගෝඩි වැඩ කරනා මිනිස්සු. මැනිං මාකට් එකේ අපේ යාළු මුදලාලි කෙනෙකුට ඌරුබොක්ක පැත්තේ වංචනිකයෙකු පැණි මුල්වලට වැලි හකුරු කියා කිරි මැටි කලවම් කර දී පැන ගියා. කෝටි ගාණක් පාඩු හා කරදර විඳ ඔහු ව්‍යාපාරය වැසුවා. තවත් ඕනෑතරම් අත්දැකීම් තියෙනවා.
ගමරාලSaturday, 27 June 2020 01:30 PM
සමිත මහතාණෙනි, මම නම් ව්‍යාපාරික පවුලක කෙනෙක් නොවේ. දුප්පත්ම දුප්පත් කෙනෙක්.. මමත් පාසල් කාලයේ කිතුල්මල් කපා පැණි සාදා විකුණා අධ්‍යාපන කටයුතු කරගෙන තියෙනවා. ඒ නිසා මම කිව්වේ පැණි ගැන... එලෙසින්ම මම කුරුඳු තැලීමත්, කුරුඳුතෙල් සිඳීමත් කරලා තියෙනවා. හොඳ කුරුඳු තෙල් රන්වන් පාටයි. නමුත් වෙළඳපලේ කොළපාට කුරුඳු තෙල් කුප්පි තියෙනවා.. මමත් පැණිවලට සීනි එකතු කරන්නේ ඇයි කියල ඇසුවේත් ඌරුබොක්ක ප්‍රදේශයේ කෙනෙකුගෙන් තමයි..
RathnaweeraFriday, 26 June 2020 03:47 PM
මේ සමිත අර රයිගමයයි, ගම්පලයයි කතාව ගම්මිරිස් එක්ක පටලවාගෙනනේ. ලංකාවේ ගම්මිරිස් මිල පහත වැටුනේ අර විල්පත්තු සුද්ද කරපු ඇමැතියා එයාගේ නෑදෑයන් සමඟ එකතු වෙලා වියට්නාම් ගම්මිරිස් ලංකාවට ආනයනය කරලා ලංකාවේ ගම්මිරිස් කියලා ඉන්දියාවට ප්‍රති අපනයනය කරලා මාට්ටු වුණු නිසා. දන්නෙ නැත්තන් කටපියාගෙන ඉන්න.
සමිත සේනක අලුත්ගමගේ.Friday, 26 June 2020 05:35 PM
ඇමැති එහෙම කළා. ඒක ඇත්ත. අපේ මිනිස්සුත්, කළවම් කළා. කටපියාගන්න දෙයක් නැහැ. ඔබ නොදන්නවාට අපගේ ව්‍යාපාරයට එවැනි ඒවා ගැන අපට පාඩු සිදුවුණා. ලංකාවේ ඉන්නේ ඔබ සිතනවාට වඩා හොඳ අයියලා. දැන්වත් දැනගන්න..
සමිත සේනක අලුත්ගමගේ.Friday, 26 June 2020 05:07 PM
මෙතන මේ හරිහැටි කරුණු නොදැන අදහස් දාපු අය මට කියනවා මම පලවාගෙනළු. පිටතින් ගේන්න ඇති. ඒත් මේ රටේ මිනිස්සු ආහාරපානවලට නොයෙකුත් දේ කළවම් කරන අය. මිනිස්සුන්ට කන්න වෙන්නේ හොඳ දේ නොවෙයි බොහෝවිට. තේවලට වසර කීපයකට උඩදී මා රහසිගතව ගොස් ගත් ඡායාරූප අදාළ අංශ වෙත යොමුකළා. ඒ නිසා තමයි අද පිරිසිදුවට ප්ලාස්ටික් පෙට්ටිවල තේ ප්‍රවාහනය කරන්නේ. අපට අපනයන බෝග වගාවන් තිබෙනවා. අප ඒවා ගැන අමුතුවෙන් දැනගන්න ඕනේ නැහැ. ටිකක් දැනගත් අය හිතන්නේ ඔක්කොම දන්නවා කියලා. හොරවැඩ එළිවෙනවට බයයි. මේවා ගැන අප බොහෝ දේ සිදුකළ අපට එක්තරා පුවත්පතක් විශාල සහායක් දුන්නා. අවශ්‍ය කෙනෙකු ඉන්නවා නම් ෆොටෝ කොපි එවන්නම්.. තේවලට ෆයිබර් කළවම් කර, අළුහුණු දමා, රට යවනවා. මේ නිසා තේ කර්මාන්තය විනාශ වෙනවා. පලතුරු වලට කාබයිට් ගහනවා. එළවළු වලට කෘමිනාශක ගහනවා. මාළුවලට ෆෝමලින් ගහනවා. හාල් මුට්ට කරන තැන්වල මිටියකට ගල් කිලෝ 5ක් කලවම් කරනවා. මේ රටේ බොහෝ මිනිසුන් කන්නේ වසවිස. ඒ වුණාට සමහර දෙනා ඒවා පිළිගන්න තරම් දැනුවත් නැහැ. ඒ බව ඔවුන් දුන් පිළිතුරු වලින් සනාථ වෙනවා. තර්කය සැමවිට සත්‍යය වෙන්නේ නැති බව මා දන්නවා.
DilanFriday, 26 June 2020 06:16 PM
සමිත මහත්තයා සියල්ල දත්... දත යුතුම දේ නොදත්...
සමිත සේනක අලුත්ගමගේ.Saturday, 27 June 2020 02:34 PM
ඩිලාන් මහතා, ඔන්න ඔබතුමාගේ දැනීම.. මං කොහොමද සියල්ල දත් වෙන්නේ..? එසේ වෙන්නේ බුදුහාමුදුරුවෝ නේ... නිකං පව් පිරෙන කතා කියන්න එපා. ඔබේ නොදන්නා ළදරු මොළයට මාව එසේ පේනවා ඇති... ඒවා තමන්ගේ දැනීමේ හැටියට වෙන වැඩ.. ඔව් ලොව නොදත් දේ වැඩියි.. එය මා දන්නවා.. ඒත් ඔයා එ්කවත් දන්නේ නැහැනේ..
MaheshFriday, 26 June 2020 06:27 PM
ඔබ කියන ආකාරයේ දෙයක් කොහෙත්ම වෙන්නේ නෑ. නිකන් පච ලියන්න එපා. එහෙම වෙනවා නම් මිල බහින්නේ නෑ කෙළින්ම අපේ ගම්මිරිස් ගන්නේ නැතුව යනවා. නමුත් එහෙම දෙයක් නෙමෙයි දැන් වෙන්නේ... එක්කෝ ප්‍රතිඅපනයනය එක්කෝ අපිට වඩා අඩුවෙන් වෙන රටවල් ගම්මිරිස් ලබාදෙනවා.
සමිත සේනක අලුත්ගමගේ.Saturday, 27 June 2020 02:08 PM
මහේෂ් මහතා, ඔබගේ ළදරු මොලේට වැටහුනේ නැති වුණාට එහෙම කාලයක් නොගෙන නතර වුනා... මා ගැන කලින් ලියා ඇති ඔයා කියවලා නැහැ... ලෝකය ගැන නොදන්නා අයට යමක් කීවාම ඒක පිළිගන්න තරම් අබ ඇටයක මොළයක් නැහැ. මා නිවැරදි බව හා බොරු නොකියන බව මෙහි කුසල් මහතා කියා තිබෙනවා. හැම දේටම දේශපාලනය උලා ගන්නා මානසික රෝගීන් නිසා මේ වටිනා පිටුව කිළිටි වෙනවා. අප කිසිඳු දේශපාලනයකට වන්දිභට්ට කම් කරන්නේ නැහැ. ඔබ වැන්නන් මේ ලොවට මහා පිලිලයන්... ඔබගේ අදහස වෙනම අදාළ පුවතට ලියන්න. දන්නා අපට නොදන්නා ඔබගේ උපදෙස් අනවශ්‍යයි.
පූජා Saturday, 27 June 2020 10:22 AM
කිතුල් හකුරු කියලා පිටරටවල් වලට එවන අය කරන්නේ තනිකරම ප්‍රෝඩාව. ඇති කිතුලක් නැහැ. නියම කිතුල් හකුරු තද දුඹුරු පාටයි. නේද? හොරට හදන ඒවා ලාපාටයි. මොනවා කරන්නද? කිතුල් හකුරු කියලා අපි අපිවම රවටා ගන්නවා.
සමිත සේනක අලුත්ගමගේ.Saturday, 27 June 2020 12:23 PM
පූජා, හොඳ කිතුල් හකුරු ඔයා කිව් පාට තමයි.. ඒත්, අලුත් මල්වල ඒවා ලා පාටක් ගන්නවා. ඒත්, වංචනිකයන් සීනි කළුකර දමා, ඩයි දමා හකුරු හදනවා. පැරණි මිනිසුන් ආහාරවලට හොර වැඩ කළේ නැහැ. ඒත්, දැන් තමයි වැඩ තියෙන්නේ.. ඉස්සර මොරවක, දෙනියාය, ආදී පෙදෙස් වල හොඳ කිතුල් හකුරු තියෙනවා. දැන් හොඳ ඒවා තියෙන්නේ කලාතුරකින්.. ලංකාගම, මීනවතුර ආදී පෙදෙස් වලත් එහෙමයි. ඔයා දන්නවාද? කූට වෙළෙන්දන් පැණි එකතුකොට සීනි දමා උණුකර හකුරු හදනවා. ඒවාට බත් අඹරා දමනවා. ලාවලූ දමනවා. කිතුල් පැණිත් යන්තම් ඇති. මම සිරිතක් හැටියට කිරිකන්න කිතුල් පැණි ගන්නේ නැහැ. ගන්නේ සීනි. ඒක හොඳයි. මොකද පැණිවල වගේ වෙනත් දේ නැහැ.. මම හකුරු කන්නේ ඉතා කලාතුරකින්.. විශ්වාසයක් නැහැ. අප දන්නා නිසා එහෙම කරන්නේ.. ඒත්, පව්.. මිනිසුන් ඇත්ත නොදැන වසවිස කනවා.. මෙහේ ඇපල් මං කන්නේ නැහැ. ඒ ඇපල් වලට එළිවෙනකොටම වෙළෙන්ඳන් සුදුපාට ක්‍රීම් එකක් ගානවා. මේ කෘමිනාශක හෝ නරක්නොවී තියාගනීමට හැකි දේ... අමු මිදි ෆෝමලින් මිශ්‍ර වතුරේ ඔබා එල්ලා තියනවා. මාලුවලට ෆෝමලින් දැමූ වෙළෙන්ඳන්ට මා ක්‍රියාකොට දඬුවම් දී තිබෙනවා. ඒත්, ආයෙත් ඒවා ජයටම කෙරෙනවා. මෙවැනි දේ බොහෝයි.
de silva berlin Friday, 26 June 2020 01:13 PM
අලුත්ගමගේ මහත්මයා ඉස්සර ගම්මිරිස්වලට පැපොල් ඇට කලවම් කරන්න ඇති... නමුත් දැන් එහෙම කරන්නේ නැහැ. අද ලෝක වෙළඳපලේ පැපොල් ඇට කිලෝවක මිල, ගම්මිරිස් කිලෝවකට වැඩිය වැඩිබව ඔබතුමා දන්නේ නැද්ද? කුරුඳු ගැන නම් මම දන්නේ නැහැ.
සමිත සේනක අලුත්ගමගේ.Friday, 26 June 2020 04:02 PM
බර්ලින් මහතා, ඔව්.. පෙරදී එසේ කෙරුණා. පසුගිය කාලේ තේ, කුරුඳු, ගම්මිරිස් ආදියට නොයෙකුත් දේ කළවම් කළා. මා පවසන දේ ගැන අත්දැකීම් තියෙනවා. අපට ඔය කී වගාවන් තියෙනවා..
PrabhaSaturday, 27 June 2020 05:50 PM
රත්තරන් බිත්තර දාපු කිකිළියගේ කතාවක් අහලා තියෙනවද? අපිට වුණෙත් ඒකමයි. දවස ගානේ බිත්තර විකුණා ගන්නේ නැතිව කිකිළිව මරලා බිත්තර ගන්න ගියාම ඔහොම වෙනවා.
de silva Friday, 26 June 2020 01:14 PM
හැමදේටම සහනාධාර දෙන්න අවශ්‍ය නැහැ.
wirajSaturday, 27 June 2020 02:07 PM
ඔව්වා ඔක්කොම ඡන්ද ගුණ්ඩු...
Prabha Friday, 26 June 2020 02:17 PM
බාල ගම්මිරිස් වියට්නාමයෙන් ගෙනත් අපේ ගම්මිර්ස්වලට කළවම් කර විකුණන ජාවාරම නිසා අපේ ගම්මිරිස් වලට තිබුණු වෙළඳපළ නැතිවෙලා. ඒ විතරක් නොවෙයි. තේ, පුවක් වලට වෙන්නෙත් ඒකම තමයි. ඔය ප්‍රතිඅපනයන කියන මගුල නැතිකරලා දාන්න. එතකොට ගොවියන්ට ඔය පින් සහනාධාර ඕන වෙන එකක් නැහැ...
MaheshFriday, 26 June 2020 06:24 PM
ගිය ආණ්ඩුව කාලේ වියට්නාමෙන් ගෙනත් ප්‍රතිඅපනයනය කළා... ඒකෙන් මිල අඩුවුණා කියලනේ බොහෝදෙනා හිතුවේ. ඉස්සර දාහට එහා විකුණපු ගම්මිරිස් 500ට වැඩියෙන් බොහෝ ප්‍රදේශවල දෙන්න බෑනේ දැන්. එවකට විපක්ෂය කිව්වේ අපි ආවහම ඕක නවත්වනවා එතකොට හරි කියලනේ. නමුත් මේ රජයටත් දැන් මාස අටක් වෙනවා. නමුත් මිල එන්න එන්නම වැටෙනවා. එක්කෝ ඔය ප්‍රතිඅපනයනය කතාව ඡන්දෙට ගොතපු බොරුවක්.. නිකන් අනිත් කතා වගේ එක්කෝ මේ ආණ්ඩුවේත් පණ නැතිකම...
අප්පුවාSaturday, 27 June 2020 01:13 AM
ඔව් ඔව් ප්‍රතිඅපනයනය කියන වචනය ලංකාවෙන්ම තහනම් කළයුතුයි. පසුගිය කාලයේ එක් ඇමතියෙක් උඩදාගෙන කෑගැසුවා ප්‍රතිඅපනයනයෙන් රේගුගාස්තු මහලොකුවට ලැබෙනවා කියලා නමුත් උන්දෑ දන්නේ නැතිව ඇති පිටරටින් ගම්මිරිස් හෝ මොනවා ගෙනාවත් ගෙනෙනවිට වැයවන්නේ විදේශ විනිමය හෙවත් සමහර අය කියන ලෙසට ඩොලර් කියලා...
damith Friday, 26 June 2020 02:32 PM
බොරුවට ආධාර දෙන්නේ ඇයි? කෘෂිකර්මයේ ඉන්නේ තරමක් ඉන්නේ රටකන ආචාර්යවරු...
Mahesh Friday, 26 June 2020 03:16 PM
සා මහත්තයාටත් එහෙනම් ගම්මිරිස් මිල වැඩි කරගන්න බැරි වුණානේ.. කිව්වේ නම් අපි ආවහම මිල වැඩි කරනවා කියලා.. ඔක්කොම කයිවාරු විතරයි.
PrabhaFriday, 26 June 2020 04:55 PM
සර් නොවේ.. සක්කරයා ඔය පුටුවේ හිටියත් මිල තීරණය වෙන්නේ ලෝක වෙළඳපලේ අපේ නිෂ්පාදනවලට ඇති ඉල්ලුම අනුව.. ඇතිවී තිබෙන නරක නාමය ඉවත්කර ගතහොත්., නැවත මිල වැඩිවේවි...!!!
Perera Friday, 26 June 2020 08:06 PM
අරවා දෙනවා, මේවා දෙනවා කියකියා හැමදාම කැරට් අල පෙන්න පෙන්නා ඉනතාව ඉදිරියට දක්කන වැඩ පිළිවෙළේ තව එක් නිදසුනක්..
de silva Friday, 26 June 2020 09:17 PM
ඉල්ලුම් නැතිනම් මිල පහත වැටෙනවා. ලංකාවේ මිනිස්සු ඔය කියන මිල ගණන් වලට ගම්මිරිස් ගන්නේ නැහැ.
Nasneen Saturday, 27 June 2020 04:05 PM
අද ලෝක වෙළඳපලේ ඉහළම මිල ලැබෙන්නේ බ්‍රසීල ගම්මිරිස්වලටයි. ලංකාව තරග කළ යුත්තේ වියට්නාමය සමගයි.. වියට්නාමයේ ගම්මිරිස් තත්වයෙන් ඉහළ වුණත් ගාණ අඩුයි. අද මිල කිලෝවක් 324ක් පමණයි. ලංකාවට කිට්ටුවෙන්නත් බැහැ.
kusal Saturday, 27 June 2020 07:39 AM
ගම්මිරිස්වල එකට එකක් ‘වියළි ගස්ලබු ඇට..‘ හුඟක් රටවල්වල අපේ ගම්මිරිස්වල මිල තුට්ටු දෙකට බැහැලයි තියෙන්නේ. දැන් අපේ රට ගස්ලබු ඇට, ගම්මිරිස්වලට සහ කසල තේ වලට ප්‍රසිද්ධ වෙමින් පවතින බව වගකිව යුත්තන් වශයෙන් තේරුම් ගන්න...
සමිත සේනක අලුත්ගමගේ.Saturday, 27 June 2020 10:21 AM
කුසල් මහතා. ඔබතුමා හා මා දන්නා දේ ඉහත, බර්ලින්, ගමරාල හා රත්නවීර යන අය දන්නේ නැහැ. ඒ වුණාට හිතන් ඉන්නේ සියල්ල දන්නවා කියලයි. තමන්ගේ අදහස පූවතට දෙනවා වෙනුවට ටිකක් දැනගෙන කරුණු දන්නා අයට උපදෙස් දෙන්න එනවා. ඒ මදිවට කට පියාගෙන ඉන්නලු. මොකට බෙහෙත් තිබුණත්, මෝඩකමට බෙහෙතක් තවම සොයාගෙන නැහැ.. හුඟක්ම දන්නාබව පෙන්වන්නට යන්නේ ටිකක් දන්නා අය බව මෙයින් මොනවට ඔප්පුවේ.