(තිලකරත්න දිසානායක)
ගම්පහ නගරයේ පෞද්ගලික රෝහලක මළ අපද්‍රව්‍ය ගලි බවුසරයක් මගින් අද (18) අලුයම ප්‍රධාන මාර්ගයේ කානු පද්ධතියට බැහැර කරමින් තිබියදී එම ස්ථානය වැටලූ බවත් බවුසරයෙහි රියදුරා පළා යාම නිසා රෝහලෙහි එම කටයුතු භාරව සිටි පුද්ගලයා අත් අඩංගූවට ගත් බවත් ගම්පහ පොලීසිය පවසයි.
එලෙස අපද්‍රව්‍ය බැහැර කරන අයුරු දැක ඇති නගර සභා සෞඛ්‍ය අංශ පරීක්ෂකවරයකු විසින් පොලිසියට කරන ලද දැනුම්දීමකට අනුව මෙම වැටලීම සිදු කර තිබේ.
කානු පද්ධතියට අපද්‍රව්‍යය මුදා හැරීම නිසා මීට පෙර අවස්ථා දෙකකදී එම රෝහලට එරෙහිව නඩු පවරා ඇති බව ගම්පහ මහ නගර සභාව පවසයි.මෙම රෝහලින් බැහැර කෙරෙන එන්නත් කටු, සේලයින් බෝතල්, ප්ලාස්ටර් ඇතුළු අප ද්‍රව්‍ය පවා මාර්ගය අද්දර දමන තත්ත්වයක් පවතින බවද නගර සභාව පෙන්වා දෙයි.
එවන් අප ද්‍රව්‍ය තොගයක් ඉරිදා (16) රාත්‍රියේ මාර්ගය අද්දර දමා තිබියදී නගර සභා සෞඛ්‍ය අංශ සේවකයින් විසින් රැගෙන විත් තිබිණි.
රෝගීන් සුවපත් කිරීමේ යෙදී සිටින රෝහලක් මගින් මෙලෙස ජනතාව පීඩාවට පත් වන අයුරින් නීතිරීති මායිම් නොකර කටයුතු කිරීමට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාවක් පවතින බව ගම්පහ මහ නගර සභාවේ ප්‍රකාශකයෙක් පැවසීය.
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය වසර 40ක ඉතිහාසයේ වැඩිම ලාභය 2023 වසරේදී වාර්තා කර තිබේ.
කළුතර ප්‍රසිද්ධ පාසලක අද (28) දහවල් සිසුන්ට ලබාදුන් එන්නතින් පසු රෝගී වූ සිසුන් දස දෙනෙකු පමණ රෝහල් ගතකර ඇති බව කළුතර නාගොඩ ශීක්ෂණ රෝහල් ආරංචි මාර්ග සඳහන
ග්‍රෑන්ඩ්පාස්, සුගතදාස ක්‍රීඩාංගණය අසල පිහිටි ටයර් කඩයක ඇතිවූ ගින්නක් හේතුවෙන් තවත් ටයර් කඩයක් ඇතුළු කඩ තුනක් ගිනි ඇවිලමින් පවතී.
ශ්‍රී ලංකාවේ ජීවත්වන පුද්ගලයෙක්ට අවම මූලික අවශ්‍යතා ඉටුකරගැනීමට මසකට රුපියල් 17,014 ක මුදලක් අවශ්‍ය බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
හෝමාගම දුම්රිය පොළ පාරේ ප්ලාස්ටික් භාණ්ඩ අලෙවි සැලක හිමිකරුවකුගේ නිවසකට ඇතුළු වූ පුද්ගලයෙකු එහි කාන්තාවකට තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ල කොට රුපියල් ල
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ගම්පහ පුද්ගලික රෝහලක අපද්‍රව්‍ය කානුවට
shanthi perera Tuesday, 18 July 2017 08:43 AM
මේක අමුතු රෝහලක් වගේ පෙනෙන්නේ...
kumar (galf) Tuesday, 18 July 2017 09:38 AM
ෂුවර් එකටම මේ රෝහලේ දොස්තරලා සයිටම් එකෙන් ආපු අය නොවෙයි.
sanjeewa Tuesday, 18 July 2017 10:11 AM
පේනවා නේද වෛද්‍ය සේවය පෞද්ගලික කළාම වෙන දේ. මේ රෝහලේ සේවය කොහොම ඇද්ද?
aravinda Tuesday, 18 July 2017 10:33 AM
නිකන් මිනිසුන්ව අත් අඩංගුවට නොගෙන, මේ අපද්‍රව්‍ය පහසුවෙන් බැහැර කල හැකි ස්ථානයක් සියලු ව්‍යාපාරික ස්ථාන වලට දැනුම් දුන්න නම් නරකද?
ravin Tuesday, 18 July 2017 11:21 AM
මධ්‍යම පරිසර අධිකාරිය !! ඔන්න වැඩ පෙන්නන්න වෙලාව. සිල් තියල වැඩ පටන්ගත්තනම් තමා වඩාත්ම හොඳ.
menna Tuesday, 18 July 2017 12:26 PM
ලංකාවේ උගතුන්ගේ වැඩ. සනීපාරක්ෂාව ගැන නොහිතන දොස්තරලද? දොස්තරලා වෙන්න කලින් වට පිටාවේ කුණු පිරිසිදු කරන විදිය ඉගැන්නුවා නම් හොඳයි වගේ.
Padmini Wednesday, 19 July 2017 05:15 AM
අහන්න පුළුවන්ද? ලංකාවේ අයට ඩෙංගු මදුරුවා හොඳ වැඩියි.