IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ගම්පහ ජල යෝජනාවේ කෝටි 897 ක ගැහිල්ලක්

(නාමීනී විජේදාස සන්ඩේ ටයිම්ස්)

ගම්පහ අත්තනගල්ල සහ මිනුවන්ගොඩ ප්‍රද්‍ෙශවල පානීය ජලය සැපයීම සඳහා චීන අධාර යටතේ ක්‍රියාත්මක ජල සම්පාදන ව්‍යාපෘතියේ මහා පරිමාණ මූල්‍ය වංචාවක් සිදුවන හෙයින් එය වහාම නතර කර පුළුල් පරීක්ෂණයක් පවත්වන්නැයි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මුදල් අමාත්‍යංශයටට දැනුම් දී තිබේ.

එම ජල ව්‍යාපෘතියට ඇත්තමේන්තු කළ මුදලට වඩා ඩොලර් මිලියන 57.5 ක හෙවත් රුපියල් කෝටි 897 ක පමණ වැඩි මුදලක් වැය කිරීමට කටයුතු කරමින් තිබෙන බවද චීන යාන්ත්‍රික ඉංජිනේරු ආයතනයට ලබාදෙන මුදල් වහාම නතර කරන ලෙස ද හිටපු ජනාධිපතිනිය මුදල් ඇමැති මංගල සමරවීර මහතාට ලිපියක් යවමින් සඳහන් කර ඇත.
 
මෙම ජල සම්පාදන ව්‍යාපෘතිය සඳහා වැය වෙතැයි ඇස්තමේන්තු කළ මුදල ඇමරිකන් ඩොලර් මිලියන 172ක් (රුපියල් කෝටි 2683පමණ) වුවත් එම කොන්ත්‍රාත්තුව අත්සන් කරද්දී එය ඇමරිකන් ඩොලර් මිලියන 229.5 ක් (රුපියල් කෝටි 3580 ක් පමණ) වී තිබෙන බවද චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මුදල් ඇමැතිවරයාට යවා ඇති ලිපියෙහි සඳහන් වේ. එම මුදල සියයට 34.8ක වන වැඩිවීමක් බව ද එහි සඳහන් වේ. 

අත්තනගල්ල සහ මිනුවන්ගොඩ ප්‍රදේශයේ ජලසම්පාදන කටයුතු වෙනුවෙන් 2016 වසරේ දී ආරම්භ කෙරුණු මෙම ජල ව්‍යාපෘති සම්බන්ධ කොන්ත්‍රාත්තුව, චීන යාන්ත්‍රික ඉංජිනේරු ආයතනයට පිරිනමනු ලැබ ඇත්තේ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසිනි. ජල ව්‍යාපෘතිය සඳහා වැය වන මුළු මුදල රුපියල් බිලියන 35.8 ක් බවත් ඒ වෙනුවෙන් සියයට 85ක ණය මුදලක් චීන සංවර්ධන බැංකුවෙන් ලැබෙන අතර දේශීය ආයෝජන ලෙසින් සියයට 15ක ණය මුදලක් ලංකා බැංකුව රජයට ලබාදීමට කටයුතු යොදා ඇත. එය රුපියල් බිලියන 5.3 ක මුදලකි.

භාණ්ඩාගාරය රුපියල් බිලියන 1.3 ක මුදලක් රක්ෂණ සහ කළමනාකාර කටයුතු වෙනුවෙන් වැය කර ඇත. යහපාලන රජය පිහිටුවීම වෙනුවෙන් විශාල කාර්යභාරයක් කළ හිටපු ජනපතිනි කුමාරතුංග මහත්මිය ඉල්ලා ඇත්තේ චීන යාන්ත්‍රික ඉංජිනේරු ආයතනයට ලබාදෙන මුදල් වහා නවත්වන ලෙසත් ඒ ගැන පුළුල් පරීක්‍ෂණයක් පවත්වන ලෙසත්ය.

යහපාලන රජය යටතේ අකටයුතුකමක් සිදුවීමට ඉඩ දිය යුතු නැහැ. මහා පරිමාණයේ මූල්‍ය වංචාවක් සිදුවන බව පැහැදිලියි. එහෙයින් ඒ ගැන පුළුල් පරීක්‍ෂණයක් කළ යුතු වෙනවා. විදේශ සම්පත් දෙපාර්තමේන්තුව ද මේ සම්බන්ධයෙන් ඔවුන්ගේ වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා. සාවද්‍ය වුණත් එය පිළිගැනීමට බලධාරීන් ඉදිරිපත්
වී සිටිනවා යැයි හිටපු ජනාධිපතිනිය මුදල් ඇමැති මංගල සමරවීර මහතාට යැවූ ලිපියෙහි සඳහන්කර ඇත.

2016 වසරේ ජනවාරි සහ දෙසැම්බර් අතර කාලයේ විගණකාධිපති දෙපාර්තමේන්තුව තෙවරක්ම මෙම ජල ව්‍යාපෘතිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කර ඇත. ජල ව්‍යාපෘතිය පිළිබඳ අදහස් මුලින් මතු කර ඇත්තේ රාජපක්‍ෂ පාලන සමයේදීය. 2010 වසරේ දී චිනයෙන් ණය ලබා ගනිමින් ව්‍යාපෘතිය ආරම්භ කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී ඇත.

තාක්ෂණික හා මූල්‍ය උපදෙස් පමණක් චීන යාන්ත්‍රික ඉංජිනේරු ආයතනයෙන් ලබා ගැනීමට තීරණය විය.
කැබිනට් මණ්ඩලය විසින් පත් කරනු ලැබූ ප්‍රසම්පාදන කමිටුව 2012 වසරේ දී සඳහන් කර ඇත්තේ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල ඉංජිනේරුවන් විසින් ජල ව්‍යාපෘතිය වෙනුවෙන් වැය වනු ඇතැයි ඇස්තමේන්තු කළ මුදල සහ ලංසු තැබීමේ දී ඉදිරිපත් කෙරුණු මුදල් අතර ලොකු වෙනසක් ඇති බවය. එම අවස්ථාවේ දී කැබිනට් මණ්ඩලය තීරණය කළේ කොන්ත්‍රාත්කරුවන් ඉදිරිපත් කළ මුදල් සහ ඉංජිනේරුවන් පෙන්වා දී ඇති මුදල අතර පවතින පරතරය අඩු කිරීමට කටයුතු කළ යුතු බවයි. එහි දී එකඟතාවක් ඇති කර ගැනුණේ.

ව්‍යාපෘතිය 2014 වසරේ ආරම්භ කර 2017 වසරේ අවසන් කිරීමටය. ඉංජිනේරුවන් විසින් ඉදිරිපත් කළ මුදල උද්ධමනය අනුව වෙනස් කළ යුතු බව පෙන්වා දීමත් සමග එය ඇමෙරිකන් ඩොලර් 193.7 තෙක් වැඩි කරනු ලැබීය. ඇමෙරිකන් ඩොලර් 229.5ක මුළු මුදලකට ව්‍යාපෘතිය ආරම්භ කිරීමට ඒ අනුව කැබිනට් අනුමැතිය හිමි විය. මෙය ශ්‍රී ලංකා ඉංජිනේරුවන් ඇස්තමේන්තු කළ මුදලට වඩා සියයට 18.5 ක වැඩි වීමකි. කොන්ත්‍රාත්තුවකට අස්සන් තැබීම 2013 වසරේ සිදුවිය. චීන යාන්ත්‍රික ඉංජිනේරු සමාගම ඔවුන්ගේ මූලික ඉදිකිරීම් කටයුතු ආරම්භ කළේ 2014 පෙබරවාරි මාසයේය. 2016 පෙබරවාරියේ දී ව්‍යාපෘතියේ සියයට 85ක් සම්පුර්ණ කිරීම සඳහා චීන සංවර්ධන බැංකුව සමග ණය එකඟතාවක් ඇති කර ගැනීමට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවුණු අතර ඉතිරි මුදල ලංකා බැංකුවෙන් ලබා ගැනීමට තීරණය කෙරිණ.

එම වසරේ අගෝස්තුවේ දී කැබිනට් මණ්ඩලය මහා භාණ්ඩාගාරයට දන්වා ඇත්තේ චීන සංවර්ධන බැංකුවෙන් ඇමරිකන් ඩොලර් 146.3ක් එනම් මුළු ණය මුදලෙන් සියයට 75ක් ලබා ගැනීම සඳහා ලිපියක් හා ණය සහතිකයක් යැවීමට කටයුතු කරන ලෙසය.

කෙසේ නමුත් විගණකාධිපති දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති අතර ඔවුන් පෙන්වා දී ඇත්තේ මුල්‍යමය රෙගුලාසි උල්ලංඝනය වීමක් සිදු වී ඇති බවය. කෙසේ නමුත් මේ වනතුරු මෙම කොන්ත්‍රාත්තුව අත්හිටුවීමට හෝ ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වීමට හෝ පියවර ගෙන නැත. විදේශ සම්පත්    දෙපාර්තමේන්තුවට අනුව එවැනි ක්‍රියා මාර්ගයකට යන්නේ නම්, ආර්ථික අර්බුද රැසකට මුහුණදීමට සිදුවෙයි. ණය ගිවිසුමට අනුව රජයට දඬ මුදලක් ගෙවීමට සිදුවෙයි. ඊට අමතරව ණය ගත් පාර්ශ්වයට ණය ප්‍රතික්ෂේප කිරීමට සිදුවෙයි. ඒ ණය ලබාදුන් පාර්ශ්වය ලිඛිතව ඒ බව දැනුම් දීමෙන් පසුවය. ණය මුදල අවලංගු කළොත් ඒ වෙනුවෙන් අධිභාරයක් ගෙවීමට ද සිදුවනු ඇතැයි පැවසෙයි.

 

 

 



අදහස් (2)

ගම්පහ ජල යෝජනාවේ කෝටි 897 ක ගැහිල්ලක්

Sunil Monday, 26 March 2018 07:41 AM

කොහෙද අද ගැහිලි නැත්තේ? උඩ, මැද, පහළ, ඊටත් පහළ හැමතැනම ගැහිලි. ඒවා නතර කරන්න කියලා ආපු අයත් ගැහිලි. ගැහිලිවලට විරුද්ධ වන අය (රන්ජන් වගේ) අමාරුවේ.

:       0       70

champika Monday, 26 March 2018 08:35 AM

අපි චන්දෙ දෙන්නේ වැඩියෙන්ම ගසා කන අයට මිස, ඒවාට විරුද්ධ අයට නෙවෙයි. එ්ත් ඒකටත් අපි මොකක් හරි හේතුවක් හදාගෙන අපිවම රවට්ට ගන්නවා.

:       0       69

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 1409 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


එල්ලුම් ගහට කොකා පෙන්නූ චුදිතයෙක් දසක තුනකට පසු මාට්ටු
2024 අප්‍රේල් මස 18 662 0

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ


ශ්‍රීලනිපයට වෙන්න යන දේ දයාසිරි මතක් කරයි
2024 අප්‍රේල් මස 18 556 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම


සිසුවා කාසල්රී ජලාශයේ සැඟවේ
2024 අප්‍රේල් මස 18 308 0

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


කුඩ්ඩාට සපෝට් කළ එස්.අයි සහ සාජන් මාට්ටු
2024 අප්‍රේල් මස 18 539 0

මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවකුට ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු දුරක


අනතුරින් තුවාල ලැබූ සිසුවා මියයයි
2024 අප්‍රේල් මස 18 494 0

හික්කඩුව -බද්දෙගම මාර්ගයේ ගෝනපිනුවල ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1503 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1402 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site