IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ගාමිණි සෙනරත් ඇතුළු තිදෙනා උසාවියට බාරවීම ප‍්‍රතික්ෂේප කරති

(නිමන්ති රණසිංහ)

හම්බන්තොට හයට් රිජෙන්සි හොටෙල් ව්‍යාපෘතිය සඳහා නීති විරෝධී ලෙසින් රුපියල් බිලියන 4ක් යොදවා රජයේ මුදල් අවභාවිත කළැයි කියන සිද්ධියට අදාළව හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප‍්‍රධානී  ගාමිණි සේදර සෙනරත් මහතා ඇතුළු තිදෙනා අධිකරණයට බාරවීමට අකමැති බව කොටුව මහේස්ත‍්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය හමුවේ මෝසමක් මගින් පෙනී සිටිමින් ප‍්‍රකාශ කළහ.

මෙම සිද්ධියට අදාළව අධිකරණයට භාර නොවුණ ද, මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත ප‍්‍රකාශයක් ලබාදීම තම සේවාදාකයින් සූදානම් බව සඳහන් කරමින් නීතිඥ නිලන්ත විජේසිංහ මහතා විසින් අධිකරණය හමුවේ ගොනු කළ මෝසමක් කැඳවු අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය විය.

මෙම සිද්ධියට අදාළ සැකකරුවන් ලෙස නම් කර සිටි හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප‍්‍රධානී ගාමිධෑ සේදර සෙනරත්, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ හිටපු කළමනාකරණ අධ්‍යක්ෂ පියදාස බාලගේ සහ හිටපු සමෘද්ධි කොමසාරිස් නීල් බණ්ඩාර හපුවින්න යන මහත්වරු මෙලෙස මෝසම මගින් අධිකරණය හමුවේ පෙනී සිටියහ.

සිද්ධියට අදාළව මෝසමට අනුව නඩුව කැඳවූ මහේස්ත‍්‍රාත්වරිය, සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මඬුල්ලෙන් විමසා සිටියේ, මෙම අයවලූන් නඩුවේ සැකකරුවන් ලෙසින් නම් කර ඇති බැවින් අද දින අධිකරණයට බාරවෙනවාද යන්නය. මෙහිදී සැකකරුවන් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබීර්, ජනාධිපති නීතිඥ අනිල් සිල්වා, නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස යන මහත්වරුන් ඇතූළු නීතිඥ මඩුල්ල හමුවට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කර සිටියේ, තම සේවාදායකයින් අධිකරණය වෙත භාර නොවන බවය.

එසේ නම් ඒ වන විටත් විත්ති කූඩුවේ සිටි සැකකරුවන් තිදෙනාට ඉන් බැස යන ලෙස මහේස්ත‍්‍රාත්වරිය දැනුම් දුන්නාය. ඒ අනුව සැකකරුවෝ තිදෙනා විත්ති කූඩුවෙන් බැස ගියහ. මෙහිදී සැකකරුවන් තිදෙනා වෙනුවෙන් අධිකරණයට කරුණු ඉදිරිපත් කළ නීතිඥවරුන් සඳහන් කර සිටියේ, මෙම සිද්ධියට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොනු කර ඇති බවය.

නීතිපතිවරයා නියෝජනය කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා සඳහන් කළේ පරීක්ෂණයට සහාය දක්වන්නේ නම් අත්අඩංගුවට ගත යුතු නැති බවය. එබැවින් මේ සම්බන්ධයෙන් මෙම අධිකරණයේ විභාග වන නඩුවට අදාළව ප‍්‍රකාශයක් ලබාදීම සඳහා අද දින මෝසමක් මගින් අධිකරණය වෙත දැනුම් දෙන බව ද නීතිඥවරු වැඩිදුරටත් කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළහ.

මෙම සිද්ධියට අදාළව සැකකරුවන් වශයෙන් නම් කිරීම සම්බන්ධයෙන් ප‍්‍රතිශෝධන නියෝගයක් නොමැති බැවින් සැකකරුවන් අධිකරණය වෙත භාර නොවන්නේ නම් ඒ පිළිබඳව කිසිදු නියෝගයක් තමන්ට සිදු කළ නොහැකි බව මෙහිදී මහේස්ත‍්‍රාත්වරිය සැකකරුවන්ගේ නීතිඥවරුන් වෙත සඳහන් කළාය.

මෙම සිද්ධියේ පැමිණිල්ල නියෝජනය කරමින් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ ප‍්‍ර.පො.ප. රණසිංහ, ප‍්‍ර.පො.ප. අනුර පේ‍්‍රමරත්න, පො.ප. සමරනායක යන නිලධාරීහු අධිකරණය හමුවේ පෙනී සිටියහ.

මෙහිදී මහේස්ත‍්‍රාත්වරිය පැමිණිල්ලෙන් විමසනු ලැබුවේ, සිද්ධියට අදාළව කරුණු ඉදිරිපත් කිරීමට තිබේ දැයි යන්නය. එහිදී අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කළ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාස සඳහන් කරනු ලැබුවේ මෙම විමර්ශනයට අදාළව 2015/10/20 වැනි දින නීතිපති උපදෙස් සඳහා උදෘත ගොනු නීතිපති දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කර තිබූ බවත්, එහිදී උපදෙස් ලබා දෙමින් නීතිපතිවරයා සඳහන් කර තිබුණේ අපරාධ නඩු විධාන සංග‍්‍රහ පනත ප‍්‍රකාරව කටයුතු කරන ලෙසත් යන්නය.

ඒ අනුව වැඩිදුර වාර්තාවක් මගින් සිද්ධියට අදාළවඅධිකරණයට කරුණු ගොනු කර මෙම තැනැත්තන් තිදෙනා සැකකරුවන් ලෙස නම් කළ බව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට වැඩිදුරටත් කරුණු ඉදිරිපත් කළේය.

මෙහිදී මහේස්ත‍්‍රාත්වරිය සඳහන් කරනු ලැබුවේ, නීතිපතිවරයා උපදෙස් ලබාදී තිබේ නම් ඒ ආකාරයෙන් කටයුතු කරන ලෙසත්, සැකකරුවන් සංඥාය වරදක් සිදුකර ඇත්නම් ඒ සම්බන්ධයෙන් නීතියේ ප‍්‍රතිපාදන අනුව කටයුතු කිරීමට පොලිසියට බලතල ඇති බවත්ය.

එසේම වැඩිදුරටත් සිය නියෝගය ඉදිරිපත් කරමින් මහේස්ත‍්‍රාත්වරිය මෙසේ සඳහන් කළාය. අධිකරණය:- නීතිපති උපදෙස් අනුව මෙම අයවලූන් සැකකරුවන් ලෙස නම් කරනු ලබන බවට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සඳහන් කරනවා.

අද දින මෝසමක් මගින් අධිකරණයේ පෙනී සිටින සැකකරුවන් දන්වා සිටින්නේ, අධිකරණය වෙත භාර නොවන බවයි. ඒ අනුව මෙම සැකකරුවන් ලෙස නම් කර ඇති අයගේ ඇයැදිම සම්බන්ධයෙන් අධිකරණයට ගත හැකි පියවරක් නෑ. සිද්ධියට  අදාළව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත ගොස් ප‍්‍රකාශයක් ලබාදීම සම්බන්ධයෙන් අධිකරණයට නියෝග ලබාදිය නොහැකියි. මේ සිද්ධියට අදාළව මීට පෙර ප‍්‍රකාශ ලබාදී නැද්ද?

(මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයෙන්) මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාය:- ස්වාමීනි මීට පෙර අවස්ථා කිහිපයකදීම ප‍්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.

අධිකරණය:-එසේ නම් ප‍්‍රකාශ සටහන් කිරීම පොලිසිය වෙත සිදු කරන්න. මේ සම්බන්ධයෙන් අධිකරණයට සිදු කිරීමට දෙයක් නැහැ. ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සමග සාකච්ඡා කොට දිනයක් යොදා ගන්නා බව සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයට සඳහන් කළහ.

කොල්ලූපිටිය ග‍්‍රෑන්ඞ්හයිට් රිජෙන්සි හෝටල් ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, සේවක ආර්ථ සාධක අරමුදල සහ ලිට්රෝ ගෑස් සමාගම යන ආයතන තුන මගින් රුපියල් බිලියන 18.5ක මුදලක් 2012 වසරේදී කැබිනට් අනුමැතිය මත වෙන් කර තිබූ බවත්, ඉන් රුපියල් බිලියන 4ක් මෙම සැකකරුවන් විසින් නීති විරෝධී ලෙසින් හම්බන්තොට හයට් රිජෙන්සි හෝටල් ව්‍යාපෘතියට යෙදවීමෙන් රජයේ මුදල් අවභාවිත කර ඇතැයි මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කර ඇත.

එසේම හම්බන්තොට හොටෙල් ව්‍යාපෘතිය සඳහා මෙසේ මුදල් යෙදවීමෙන් කොල්ලූපිටියේ හොටෙල් ව්‍යාපෘතියට මුදල් අඩුපාඩුවක් සිදුව ඇතැයි ද මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසය වැඩිදුරටත් අධිකරණයට කරුණු ගොනු කර තිබිණි.

මෙම සිද්ධිය සම්බ්නධයෙන් හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප‍්‍රධානී ගාමිධෑ සේදර සෙනරත් මහතා ඇතුළු සැකකරුවන් තිදෙනාගේ විදෙස් ගමන් තහනම් කිරීමේ නියෝගය ඉකුත් 01 වැනිදා අධිකරණය මගින් සිදු කර තිබිණි.



අදහස් (12)

ගාමිණි සෙනරත් ඇතුළු තිදෙනා උසාවියට බාරවීම ප‍්‍රතික්ෂේප කරති

පිටිගල මිලානෝ Friday, 10 November 2017 07:13 AM

කෙලින්ම වැලිකඩටම බාර කළා නම් හරි. හොඳ වෙලාවට මෙයා අඹ හොරකමේ ගියේ නැහැ එහෙමනම් මෙලහකටත් හිරේ.

:       314       183

sumal Friday, 10 November 2017 07:13 AM

මේ පල් හොරා තවත් හුරතල් කරන්නේ නෙතුව වැලිකඩ අරින්න........ මුන් අපේ සල්ලි හොරකලා ඒවම නීතියෙනුත් බේරිලා ඉන්නවා

:       115       513

rohan Friday, 10 November 2017 07:27 AM

මේ මහත්වරු කම්බහොරු මේ අය ඉන්න ඕනේ හිරේ.ඇයි මේ අය‍ට මේවෙනි වරස්ප්‍රසද? කොතලාව මහත්තයාගේ සේසතම හොරකම් කරපු අයත් තාම නිදැල්ලේ..........

:       16       339

Hafeel Friday, 10 November 2017 07:40 AM

මේක යහපාලන හොරුන්ට හැර ඡන්ද දීපු අයට නොවෙයි.

:       46       62

darshana Friday, 10 November 2017 07:43 AM

අපි මේ විදියට දුක් මහන්සිවෙලා හරිහම්බ කරලා වැඩක් නැ . මම කල්පනාකලා මොනාහරි ලොකු මුදල් කොල්ලකෑමක් කරලා , අධිකරණයට පෙත්සමක් දානවා මාව පොලිසියෙන් අත්අඩංගුවට ගැනීම වලක්වන ලෙස . ඊට පස්සේ උසාවියට බාරවීම ප‍්‍රතික්ෂේප කරනවා . ඊටත් පස්සේ ඕනනම් මම කියනවා මට කිසිවක් මතක නැ කියලා , නැත්තම් ඔය මුදල් සහ දේපොළ මගේ නෙමෙයි අයිතිකාරයෙක් නැ කියලා. අන්තිමට කියන්න දෙයක් නැති වුනොත් මම කියනවා කව්දෝ කෙනෙක් මට මුදල් මල්ලක් දුන්නා මම කොල්ලකවේ නැ කියලා . (මෙම සියල්ල අපේ රටේ අපරාධකරුවන් විසින් ඉදිරිපත් කරන කාරණා බව ඔබ දන්නවද ?)

:       28       775

samFriday, 10 November 2017 09:34 AM

ඔබ කියන දේ ඇත්තයි . ලංකාවේ පමණක් නොවේ , දියුණු යැයි සම්මත රටවලත් ඔබ ඔය කියන දේ ඒ ආකාරයෙන්ම සිදු කරන වංචාකාරයෝ යහතින් ඉන්නවා . ඕස්ට්‍රේලියාවේ සිටි ඇලන් බොන්ඩ් නැමති ව්‍යාපාරිකයා 1980/90 දශකවල ඩොලර් මිලියන 1800 ක් වංචා කරලා හිරේ ගියා. නමුත් ඔහුගේ දඬුවම දින එක්දාස් අටසීයකටත් අඩු සිර දඬුවමක් .ඒ අනුව ඔහු වංචා කල ඩොලර් මිලියනයකට (රුපියල් කෝටි 12-15 ) එක දිනයක සිර දඬුවමක් වත් ලැබුනේ නැහැ. ඔබ කියන ආකාරයට විශාල වංචාවක් කරලා ටික දිනක් හිරේ යන එක මහන්සි වෙලා සාධාරණව හරිහම්බ කරනවාට වඩා ලාබයි .

:       0       8

අසෝක ජයතිලක මිලානෝ Friday, 10 November 2017 09:17 AM

අපේ මුදලුයි හොරකම් කලේ... රට පාලනය කල නෑදෑයින්ගේ හෙවනැල්ලට මුවාවෙලා. සුළු අල්ලසක් ගත්ත රජයේ සේවකයෙක් අවුරුදු විස්සකට ඇතුළට දැම්මා නම් මෙයාව තවමත් එළියේ ඉන්නේ කොහොමද? කුදලා දාන්න ඇතුළට නැත්නම් හංගපු ආයුධවත් තියෙනවද බලන්න අරන් යන්න....

:       27       345

ase Friday, 10 November 2017 10:27 AM

මෙහි අදහස් ලියන අය බලාගෙන පළමු පුවත්පත් වාරණය ආවා. දෙවනුව සුදු වෑන් !! අයියෝ හොරු අල්ලන්න අපි කිවේ... සිදුවුණේ හොරුත් සමග සවාරියේ !

:       15       226

Mohan Friday, 10 November 2017 10:37 AM

මේ දූෂණවලට සම්බන්ධ අය දේශපාලකයින්ට වඩා රජයේ නිලධාරීන් වැඩියි.

:       8       58

sunil Friday, 10 November 2017 11:40 AM

ඇත්ත නේන්නම්. ඕව කලේ ලොක්කගේ ඕනකමට මිසක් ඒගොල්ලන්ගේ ඕනකමට නොවෙයිනේ. ඒ ලොක්කා අද බයිසිකල් පැද පැද සොමියේ ඉන්නකොට මෙයා විතරක් මොකටද පරිප්පු කන්නේ ?

:       0       143

Rohana Saturday, 11 November 2017 03:56 AM

මංකොල්ල කාපු රජයේ දේපල වලින් ඉතා සුළු ප්‍රමාණයක් පමණයි මේ සඳහන් කර තිබෙන්නේ.. බිලියන ගණන් වංචා කර තිබෙන්නේ. පක්ෂ භේදයකින් තොරව ආණ්ඩුවේ ඉන්න බලවතුන් මේ අයට උදව්කරනවා. නීතියද ඔවුන්ට මන්දගාමීව තමයි කටයුතු කෙරෙන්නේ. නැති බැරි මිනිහෙක් සුළු හොරකමක් කලානම් බරපතල වැඩ ඇතිව අවුරුදු 18 කට හිරේ දමාවි. බලන්න මුදල් අවභාවිත කළ සිල් රෙදි නඩුව... ඔවුන් සිටියේ බන්ධනාගාර රෝහලේ.. කවදාහරි දවසක... රටට ඇත්තටම ආදරය කරන ශක්තිමත් නායකයෙක් බිහිවන්නේ කවදද?

:       0       105

Padmini Saturday, 11 November 2017 06:31 AM

ලොකුම හොරු නීතියේ හිල් වලින් හැංගිලා යහතින් ඉන්නවා. සොබාදහමට නඩු අහන්න බාරදෙන්න...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 38 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 22 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


නාවික කොමදෝරු දෙකක් කුඩු සමග මාට්ටු
2024 අප්‍රේල් මස 19 1471 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 306 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 1455 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 1451 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 223 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1538 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1433 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site