(ඩයනා උදයංගනී)
ගැබිණි මව්වරුන්ට පෝෂණ දීමනාවක් ලෙස මාසිකව ලබාදෙන රුපියල් 2000ක වවුචරය ඩිජිටල් වවුචරයක් ලෙස ජංගම දුරකථනය හරහා ලබාදීමේ ක්‍රමවේදයක් ඉදිරියේදී ආරම්භ කරන බව අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය පවසයි.
ඒ අනුව ලියාපදිංචි ගැබිණි මව්වරුන්ට මාසිකව ඩිජිටල් වවුචරයක් ලෙස මෙම මුදල තමන්ගෙ ජංගම දුරකථනයට ලැබෙන අතර එය වෙළදසල් හිමියන්ට ඉදිරිපත් කර භාණ්ඩ ලබා ගැනීමේ හැකියාව පවතී.
එමෙන්ම වෙළදසල් හිමියන්ට ද තමන්ගේ ජංගම දුරකථනය හරහා වවුචරයට අදාළ මුදල තමාවෙත ලබා ගැනීමට හැකියාව ලැබෙන බව එම කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වේ.
ගැබිණි මව්වරුන්ගේ පහසුව පිණිස ඕනෑම දුරකථන ජාලයක් හරහා මෙය ක්‍රියාත්මක කළ හැකි වන පරිදි සැලසුම්කර ඇතැයි ද එහි සදහන් වේ.මෙහි අත්හදාබැලීමේ වැඩසටහනක් ප්‍රාදේශීය ලේකම් කාර්යාල කිහිපයක් තුළ තව නොබෝ දිනකින් ක්‍රියාත්මක කරවීමට නියමිතය.
රජයේ දින සියයේ වැඩසටහන යටතේ ගැබිණි මව්වරුන්ට පෝෂණ දීමනාවක් ලබා දීමේ ව්‍යාපෘතිය ආරම්භ වූ අතර, ඒ අනුව මාසිකව රුපියල් දෙදහසේ වාරික ලෙස රුපියල් 20,000ක් දක්වා පෝෂණ දීමනාවක් ලබාදීම මෙහිදී සිදු කෙරේ.
මෙතෙක් කල් ක්‍රියාත්මක වූයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා ලබාගන්නා වවුචර පතක් වෙළදසැල් හිමියන්ට ලබා දී අවශ්‍ය භාණ්ඩ ලබා ගැනීමේ ක්රමවේදයකි.
අග්‍රාමාත්‍ය කාර්යාලයේ මධ්‍යම වැඩසටහන් කළමනාකරණ ඒකකයේ සම්බන්ධීකරණයෙන් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශය සමග විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යංශයේ ප්‍රධානත්වයෙන් නව වැඩසටහන ක්‍රියාත්මක වේ.
ජාතික හා ආගමික සංහිඳියාවට හානි කිරීමේ චෝදනාට වසර හතරක සිරදඩුවම් නියවී වැලිකඩ බන්ධනාගරයේ සිරදඩුවම් විදින බොදුබල සේනා සංවිධානයේ නායක ගලගොඩඅත්තේ ඥානස
කෘමි නාශක කළවම් කළ කල් ඉකුත් විමට ආසන්න කෝටි 15ක් පමණ වටිනා විස පාන්පිටි ගෝනි 10.000ක ආසන් ප්‍රමාණයක් ගනේවල්පොළ ප්‍රදේශයේ විශාල ගබඩාවක සඟවා තිබියදී සොයාගත
සුදුසුම වෙලාවේ බලවත්ම සන්ධානය එලියට දමන බව එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.
වත්මන් අර්බුද විසඳීමට පාඨලී චම්පික රණවක මහතා නිවැරදි වැඩපිළිවෙළක් ඉදිරිපත් කර ඇතැයි ශ්‍රී ලංකා මහජන පක්ෂය සඳහන් කළේය .
රථවාහන වරදක් සම්බන්ධයෙන් නඩු නොපවරවා සිටීමට ත්‍රී රෝද රථ රියදුරෙකුගෙන් රුපියල් 500/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු රථවාහන රාජකාරියේ නිරත පො
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ගැබිණි මව්වරුන්ගේ වවුචරය ඩිජිටල් වෙයි
දිනේෂ් Tuesday, 11 July 2017 12:21 PM
රටේ ජනගහයට වඩා අපේ රටේ ජංගම දුරකථණප තිබුනට තවම ජංගම දුරකථණයක් නැති අහිංසක මිනිස්සු මොන තරම් මේ රටේ ඉන්නව? ඒ අයට ගන්න වැඩපිලවෙල මොකක්ද?