IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ගතවූ මාස හයට එච්.අයි.වී. ආසාදිතයන් 130 ක් සොයාගනී

(නිමල් අල්ගෙවත්ත )

මේ වර්ෂයේ ගතවූ කාලය තුළ ඒඞ්ස් රෝගීන් 07 දෙනෙකු හමුවී ඇති බවත් එච්.අයි.වී ආසාධිතයින් 130 දෙනකු පමණ වාර්තා වී ඇති බවත් ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඞ්ස් මර්ධන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ මහතා පවසයි.

2016 වර්ෂයේ එච්.අයි.වී ආසාධිතයන් 249ක් සිටි බවත් ලියනගේ මහතා පවසයි.එච්.අයි.වී ආසාධිතයන්ගෙන් බහුතරයක් පිරිමින් වන බවද ඒ මහතා පවසයි.

ගතවූ වසර පහේ දී ඒඞ්ස් රෝගීන් 273දෙනෙකු වාර්තා වී තිබේ.  2016 වර්ෂයේදී එච්.අයි.වී පරීක්ෂණ ලක්ෂ 10ක් පමණ කළ බවත් මේ වසරේදී එච්.අයි.වී පරීක්ෂණ ලක්ෂ 11ක් පමණ කිරීමට බලාපොරොත්තු වන බවත් ඒ මහතා කියයි.

එමෙන්ම බන්ධනාගාර රැඳවියන් එච්.අයි.වී පරීක්ෂණවලට භාජනය කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් මේ වන විට ආරම්භ කර ඇති බව ද සිසිර මහතා ප්‍රකාශ කරයි.



අදහස් (4)

ගතවූ මාස හයට එච්.අයි.වී. ආසාදිතයන් 130 ක් සොයාගනී

බණ්ඩාර(කැකිරාව) Sunday, 09 July 2017 10:29 AM

මේම පරීක්ෂණ ආරම්භ කලයුත්තේ බණ්ඩාරවෙල ආශ්‍රිත "ඇල්ල" ප්‍රදේශයෙනි. සංචාරකයින් බහුලව ගැවසෙන රාවණා ඇල්ල ප්‍රදේශයේ ගෘහස්ත නවාතැන් පහසුකම් (සාමාන්‍ය ගෙවල් වල කාමර ලබාදීම) ලබාදීම සහ උමාඔය ව්‍යාපෘතිය නිසා අපේ දුපත් තරුණ තරුණියන් විදේශිකයන්ගේ ගොදුරු බවට පත්වෙලා.

:       0       516

පිටිගල මිලානෝ Sunday, 09 July 2017 03:57 PM

ප්‍රශ්නය සංචාරකයෝ නොවෙයි, මේ පිළිබඳව සමාජය දැනුවත් කිරීමයි.

:       5       3

කරුණාපාල Sunday, 09 July 2017 05:54 PM

ඉස්සර වගේ නෙවෙයි අද කාලේ, අපේ එවුන් මොන කෙලිය කලත් හත් පොලේ ගා ගන්නවා. දේශයේ වරද්ද? එහෙම නැත්නම්,ජාතියේ වරදද කියලයි මම මේ කල්පනා කලේ? ප්‍රීතියෙන් තොරව ප්‍රීතිය ලබන්න ගියාම ඔහොම වෙන එක අහන්නත් දෙයක්ද?

:       4       10

sachith Monday, 10 July 2017 03:40 AM

මේකට කාටවත් බැනල හරියන්නේ නෑ, ලිංගික අධ්‍යාපනය හරියට ලබාදෙන්න ඕනි පාසල් වලින්. දැන් කියයි ඕව කරන්න අනුබල දෙනවා කියල. ඒ උනාට නිසි අධ්‍යාපනයක් තියෙනවනම් ඔහොම වෙන්නේ නෑ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති අඹේවෙල ගොවිපොළේ නිරීක්ෂණයක
2024 අප්‍රේල් මස 20 93 0

ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ


ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 348 0

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 1088 0

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 2531 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1700 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 998 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 233 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1550 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1447 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site