IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ගෝඨා එෆ්සීඅයිඩියට

(ළහිරු හර්ෂණ)

පසුගිය රජය සමයේදී  ඩී.ඒ.රාජපක්ෂ කෞතුකාගාරය ඉදිකිරිමේදී සිදුවු බව කියන මුල්‍ය වංචාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට හිටපු ආරක්ෂක ලේකම්  ගෝඨාභය රාජපක්ෂ මහතා අද (25) මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණියේය.

මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණෙන්නැයි කළ දැනුම් දීමක් අනුව ඒ මහතා මෙසේ පැමිණ සිටියේය.

පැය තුනක පමණ කාලයක් එහි රැදී ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ප්‍රකාශ ලබා දීමෙන් අනතුරුව පිටව ගියේය. 



අදහස් (32)

ගෝඨා එෆ්සීඅයිඩියට

kalani Monday, 25 June 2018 04:35 AM

ගිහින් එන්න. රුහුණේ කුරක්කන් සුවඳ එෆ්සිඅයිදියට දැනෙන්න කියන්න.

:       471       1557

චාන්දනී ද මේල් Monday, 25 June 2018 04:50 AM

දැන් මෙයා හිතන්නේ මම තමයි ඊළඟ ජනාධිපති කියලා.

:       579       290

sudeshMonday, 25 June 2018 07:21 AM

චාන්දනී ද මේල්, මෙයා නොවෙයි ඔයාට දැනටමත් අපේ ගෝඨා ජනා්‍ධිපති කියලා දැනිලා වගේ

:       412       1040

sisiraMonday, 25 June 2018 09:10 AM

ඇයි බයද ?

:       1       3

asoka Monday, 25 June 2018 04:51 AM

ඔය බබා වගේ යන්නේ.

:       431       260

Wasantha Jayasinghe Monday, 25 June 2018 04:52 AM

දඩයම පටන්ගෙන වගේ ඡන්දේ ළඟ ඇති.

:       201       524

Ajjith NissankaMonday, 25 June 2018 06:51 AM

ඕක පටන් ගන්න තිබුනේ ඔයිට ගොඩක් ඉස්සර. එහෙම උනානම් එක්කෝ නිදහස් එහෙම නැත්නම් ඇතුලේ. අපිට අනුමාන කරන්න අවශ්‍ය නැහැ.

:       151       98

Chanak Los angeles Monday, 25 June 2018 05:07 AM

අනාගතේ රට බාර දෙනවා කියන්නේ මොවුන්ටද?

:       761       549

නොකවුට් Monday, 25 June 2018 05:07 AM

ජයවේවා !!! අනාගත ජනපතිතුමනි ඔබට...

:       1035       1380

lalithsjm Monday, 25 June 2018 05:14 AM

ගෝඨා භීතිකාව පුදුම බයක් ආණ්ඩුව මේ මනුස්යට තියෙන්නේ

:       906       1726

Sanath Monday, 25 June 2018 05:29 AM

ඊළඟ ජනාධිපති වෙලා එෆ් සී අයි ඩී නිලධාරී කණ්ඩායම කෙලින්ම කූඩුවට දමයි කියන බයට ඔක්කොම චෝදනා අසත්‍යයි කියල නඩුවක් ගොනුකරන්නේ නැතිවෙයිද දන්නේ නැහැ.

:       105       2

Pabath Monday, 25 June 2018 05:39 AM

ඔහොම යං... වැරද්දක් වෙලා නැත්නම් මොකටද බය? ඩී.ඒ.රාජපක්ෂ කෞතුකාගාරය ඔබතුමාගේ සල්ලි වලින් හැදුවා කියලා ඔප්පුකරලා පෙන්නන්න. එතකොට මහජන මුදල් අවභාවිතා කරලා නැත්නම් ගෙදර යන්න පුළුවන්.

:       2       557

sampathMonday, 25 June 2018 08:44 AM

ඔව් ඔව්, එහෙම පුද්ගලයින් මුල්කරගෙන කෞතුකාගාර හදන්න බැහැ නේද? මාර්ටින් වික්‍රමසිංහගේ කෞතුකාගාරය හදපු හැටිත් හොයන්න ඕනේ...

:       12       4

Shan Monday, 25 June 2018 05:57 AM

මොකක් හරි ප්ලෑන් එකක් දා ගෙන ඇති. නැත්නම් ඔහොම එලියට එන්නේ නෑ.

:       132       211

Jayantha Monday, 25 June 2018 06:05 AM

බොරු දේවල් මේ මිනිනුසුන් ව රවටනවා

:       122       34

gunarathna Monday, 25 June 2018 06:07 AM

FCID එකේ මහත්වරු දන්නවා කවදාහරි ගෝට හරි රාජපක්ස කෙනෙක් හරි ජනාධිපති උනොත් හොම්බෙන් තමා යන්ට වෙන්නේ කියලා එදාට ඔය උල්පන්දන් දෙන එකෙක්වත් නැහැ මේ කට්ටිය වෙනුවෙන් කතා කරන්ට.

:       209       101

sathyapalaMonday, 25 June 2018 08:44 AM

ගෝඨා වෙනුවෙන් කඩේ යනවද? එෆ්.සී.අයි.ඩී. බය කරලා... ගෝඨා මහත්තයා නිදහස් කර ගන්න හිතාගෙන...

:       36       0

kumara [gulf petral shed ny] Monday, 25 June 2018 06:20 AM

ඔබ තුමා නොහිටින්න ඔය ප්‍රශ්න කරන අයත් කොටි බෝම්බ වලින් මෙලෙහකට එලොව ගිහින්

:       794       1107

Ashan Monday, 25 June 2018 06:53 AM

මේකෙ ප්‍රතිචාර දැක්කම පේනවා මිනිස්සු කොච්චර වහල් බාවයේද ඉන්නෙ කියලා. තමාගෙ කෙනා මොන හොරකම කලත් කමක් නැහැ. තවකෙනෙක් ලියලා රාජපක්ෂ කෙනෙක් ආවම පොලිසියේ ආයතන ඉවරයි කියල. ලංකාව කවදාවත් හැදෙන රටක් නෙවෙයි. පූරුවෙ පිනකට මට ලන්කාවෙන් එන්ඩ වුනේ.

:       324       612

HafeelMonday, 25 June 2018 07:43 AM

Ashan, ඔබ හරියට හරි. මේ රට හැදෙන රටක් නං, මේක තමයි හොඳම අවස්තාව. නමුත් ගෙවී ගිය අවුරුදු තුනහමාහැර දිහා බලනවිට දසමයක් හෝ විශ්වාස කරන්න බැහැ. මෛත්‍රීට ඡන්ද නොදීපු පිරිසත් හිතුව, මේ මෛත්‍රී රනිල් යමක් කරාවි බව. නමුත් මෙගොල්ලත් කලේ හිටපු පාලකය කලා වගේ මහ බැංකුව විනාශ කලා, ඇමැතිලාගේ නඩත්තුව වෙනුවන් විශාල මහජන මුදල් නාස්තිකලා, මිනි මැරුවන්, දුෂිතයන්, අපරාධකරුවන් ආරක්ෂා කලා පමණයි.

:       27       129

faizerMonday, 25 June 2018 07:46 AM

ඔබ හරි. නිල්, කොළ, රතු කියලා පාට කණ්නාඩි දාලා පොට්ට වෙලා වහල් වෙලා ඉන්නේ. හරි දේට හරි කියන වැරදි දේට වැරදි කියන කට්ටිය හුගක් අඩුවෙලා දැන්. හිටියත් කමන්ට් දාන්නේ නැහැ වැඩක් නැහැ කියලා.

:       4       24

MaheeMonday, 25 June 2018 07:56 AM

අශාන්, ඔබ හරි. අපේ මිනිස්සු දකුණු ඉන්දියානු මානසිකත්වයේ ඉන්නේ. රාමචන්ද්‍රන් මහ ඇමති මිය ගිය වෙලාවේ 5 දෙනෙක් දිවිනසා ගත්ත. දේශපාලුවන් දෙවියන් සේ සලකා වඳින පුදන මානසික වහල්ලුන්ගේ ප්‍රතිචාර ගැන ඔබ කියන්නේ සම්පුර්ණ ඇත්ත. කවුරු කලත් වරද වරදක් විදිහට දකින්න බැරි ඒ වහල් බව නිසයි.

:       107       67

සතයපාල Monday, 25 June 2018 06:56 AM

නීතය කාටත් එක විය යුතුයි. ඒ වගේම තමන් වැරදී කරලා නැත්නම් නීතිය ඉදිරියට යෑමට බියවිය යූතු නැත. හැමදාම උසාවි වාරණ නියෝගවලට මුවාවී ඉන්න බැහැ. වැරදි කර ඇත්තම් තරාතිරම නොබලා දඩුවම් කල යුතූයී.

:       103       254

සතයපාල Monday, 25 June 2018 07:07 AM

හැංගි හැංගි වෙස් මුහුණු බැන්දට නටන්න වෙන්නේ එළියේ කියලා කොයි කවුරුත් මතක තියා ගත්තොත් හොදයී.

:       69       30

විපත් මග Monday, 25 June 2018 07:17 AM

ලංකාව යනු මෝඩ රටකි. ඩෙංගු මදුරුවකුද මැරිය නොහැකි වනු ඇත. හොඳ නරක වී , නරක හොඳ වනු ඇත.

:       28       27

sumith Monday, 25 June 2018 07:28 AM

මට තාම මතක තියෙනවා අපි උදෙන් ඉස්කෝලේ යන්න ලැහැස්ති වෙනකොට , අම්ම කියනවා අද ඇලේ වතුර පිරිලා ඒක නිසා පාලම ලගින් යනකොට පාලම මැදින් පලයල්ලා කියලා, තාත්ත කියනවා අනුන්ගේ දෙයක් පාරේ වැටිලා තිබුනත් අහුලන්න එපා කියලා. අපේ අම්ම තාත්තට අපි ලොකු සොහොන් ගෙවල් හැදුවේ නෑ. එත් එයාල කියපුව අද වෙනකම් අපිට මතක තියෙනවා.

:       10       62

BamunuarachchiMonday, 25 June 2018 09:33 AM

ඉතින් ප්‍රශ්නය මොකක්ද? ඔබේ තාත්තට සැලකීම ඔබේ වැඩක් ඒ තාත්තාට සැලකීම ඒගොල්ලන්ගේ වැඩක්. ඔබ නොකෙරුවාට රටේ ඕනෑතරම් දරුවෝ දෙමාපියන්ට සොහොන් බඳිනවා. කාගේවත් සොහොන ඕගොල්ලෝ අපි ප්‍රශ්නයක් කරගන්න ඕනේ නැත.

:       3       7

Ajith NissankaWednesday, 27 June 2018 01:42 AM

අනේ ඔයා ප්‍රශ්නේ මොකක්ද කියලවත් දන්නේ නැතිව තඩි මල්ලකුත් උස්සගෙන අවානේ කඩේ යන්න!

:       0       0

siri Monday, 25 June 2018 07:49 AM

චාන්දනිට සහ ලොස් ඇන්ජලිස් චානුක්ටයි මේ , ඇයි මේ තරම් කුහක? ලොස් නම් හැමදාම කුහකය. ලොස්වල ඉගෙන ඉන්න . ලංකාවට නම් එන්න එපා.

:       179       54

Mahesh Monday, 25 June 2018 08:33 AM

ලංකාවේ ඉන්නේ ගුණමකු මිනිස්සු. මොහු නිසා කොච්චර තවත් මුදල් ජීවිත විනාශ වෙන්න තිබුණු මහා යුද්ධයක් අවුරුදු දෙකකින් ඉවර වුනාද? රජ කාලේ මේ දේ කරානම් ගම්වර තෑගි දීලා තවත් සැප සම්පත් දෙනවා. මේ මනුස්සයට මෙච්චර දුක් දෙන එකට මේ ජාතියට නම් සහගහනවා. මේකේ කමෙන්ට් දාන සමහර මිනිසුන් මේ පොළොවේ ඔළුවෙන්ද හිටන් ඉන්නේ... මෙයා රජයෙන් මුදලක් ගත්තත් මොකද රටට සේවයක් කරලනේ... මහ බැංකුව හොරා කාපු අය රටට මොනවද කරලා තියෙන්නේ? රට විකුණලා මිසක්..., තමන්ගේ ඇහේ තියෙන පොල් පරාලේ මේ මිනිස්සුන්ට පේන්නේ නැහැ...

:       0       35

සේනක Monday, 25 June 2018 09:23 AM

මේ වගේ මිනිසුන්ගෙන් පළි ගන්න ටිකක් මේ ලෝකයේ පවතින කිසිම ආණ්ඩුවක නෑ. හොරු අල්ලනවා කියලා ආපු කම්බ හොරුන්ගේ ප්‍රධාන රාජකාරිය එදා ඉදන්ම පළිගත් එක විතරයි .මේ කම්බ හොරු ටික දැනගත යුතුයි දැන් ඉන්න මිනිස්සු තමුන්නාන්සේලා වගේ මෝඩයෝ නෙමෙයි කියලා .

:       0       0

PA - RA Monday, 25 June 2018 09:24 AM

කාලය නාස්ති කිරීම, කිර්තිනාමය කෙළසීම, පලිගැනීම්, බිය, මහා ජනතවට එපා කර වීම, එයින් ජනතාවට වැටහෙනවා පමණක් නොව 1948 න් පසුව සොයා බැලුවොත් සියල්ලෝම එෆ් සි ඊ ඩී එකේ සැමදා. ලංකාවේ හොදයි කියන්න පුළුවන් එකම පුද්ගලයත් ලංකා කැළණි තිස්ස විදුලි බලාගාරයේ 1978 කාලයේ ගස් ටර්බ්යිනර් වලින් ගසාකාල ජේ ආර් මහත්තය ඔහුව ඇමති කමත් මාරුකලා මත්කෙයි. ඉතිහාසය ද , වර්තමානයද , අනාගතයට සිදුවෙනදෙයත් අපි ප්‍රයෝගිකව දනිමු.

:       0       17

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 752 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 951 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 541 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 1464 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 76 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


නාවික කොමදෝරු දෙකක් කුඩු සමග මාට්ටු
2024 අප්‍රේල් මස 19 2593 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 230 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1544 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1434 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site