IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ගෝඨා ඇතුළු 7 දෙනාට නොතීසි බාරදෙයි

(නිමන්ති රණසිංහ)
           
තංගල්ල වීරකැටිය මැදමුලන ඩී. ඒ. රාජපක්ෂ ස්මාරකය හා කෞතුකාගාරය ඉදිකිරීමේදී මුදල් අවභාවිත කළැයි කියන සිද්ධියට අදාළව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු සැකකරුවන් හත් දෙනෙකුට අධිකරණය මගින් නිකුත් කළ නොතීසිය ඔවුන් වෙත බාර දුන් බව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සඳහන් කරයි.

 
ලබන සැප්තැම්බර් මස 07 වැනි දා අධිකරණයේ පෙනී සිටින ලෙසට දැනුම් දෙමින් කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් කාංචනා නෙරංජලා ද සිල්වා මහත්මිය ඉකුත් ජුලි මස 20 වැනි දා සැකකරුවන් වෙත මෙම නොතීසි නිකුත් කරනු ලැබ තිබිණි.
 
ඒ අනුව හිටපු ආරක්ෂක ලේකම් නන්දසේන ගෝඨාභය රාජපක්ෂ, ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ හිටපු සභාපති ලියන ආරච්චිගේ ප‍්‍රසාද් හර්ෂාන් ද සිල්වා, එහි සාමාන්‍යාධිකාරීගම ඇති රාළලාගේ භද්‍රා උදුලාවතී කමලාදාස, සුසම්මික කේමින්ද ආටිගල, සමන් කුමාර අබ‍්‍රහම් ගලප්පත්ති, මාරුක්කු දේවගේ මහින්ද සාලිය යන අය වෙත මෙම නොතීසි භාරදුන් බව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සඳහන් කරයි.
 



අදහස් (3)

ගෝඨා ඇතුළු 7 දෙනාට නොතීසි බාරදෙයි

Chanak Los angeles Saturday, 04 August 2018 12:45 AM

මේ දුෂණයන් මෙහෙම හරි රටට හෙළිවුණේ ජනවාරි 8 වෙනිදා ජනතාව මොවුන්ව බලයෙන් එළවලා දමපු නිසයි නැතිනම් මේවා වැළලී යනවා ..

:       164       16

සනත් Saturday, 04 August 2018 05:09 AM

ගෝඨා පොර ටෝක්ස් දැම්මට උසාවියට යන්න පණ බයයි. දැන් මේකටත් ඇරෙස්ට් කරන්න එපා කියලා දිසා අධිකරණයෙන් ඉන්ටරීම් ඕඩර් එකක් ගනීවි.

:       138       164

sirimal Saturday, 04 August 2018 07:25 AM

නොතිසි දුන්නට මදි. නඩුව අහන වෙලාවට ඉහින් කනින් හීන් දාඩිය දාන්නේ නැති විනිසුරුවෝ දෙතුන් දෙනෙකුත් හොයාගන්න වෙයි.

:       136       39

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 560 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 352 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 1106 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 64 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


නාවික කොමදෝරු දෙකක් කුඩු සමග මාට්ටු
2024 අප්‍රේල් මස 19 2352 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 430 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 229 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1541 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1434 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site