(නිමල කොඩිතුවක්කු)
ගෝඨාභය රාජපක්ෂ මහතා යම් හෙයකින් අත්අඩංගුවට ගතහොත් සමස්ත මහා සංඝ රත්නය, සමස්ත දේශ හිතෛෂි පිරිස් එකතුව ඊට එරෙහිව ක්‍රියාත්මක වන බව ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝ අද(28) පැවසූහ.
ඩොලර් කාක්කන්ට සහ එන් ජී ඕ නඩවලට ගෝඨාභය රාජපක්ෂ මහතා හිසරදයක් වී ඇති බැවින් ඔහු යටපත් කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බවද අභයතිස්ස හිමියෝ කීහ.
පුස්තකාල හා ප්රලේඛණ සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ හිමියෝ මේ බව පැවසූහ.
“වර්තමාන ජනාධිපතිතුමා, අගමැතිතුමා, මැති ඇමතිවරුන්ගේ සිට දුවා දරුවන් දක්වා මේ රටේ සියලූම මිනිස්සුනට අද නිදහසේ ජීවත් වෙන්න පුළුවන් වෙලා තියෙනවා. රට ලේ විලක් බවට පත්ව තිබූ ඒ බියකරු යුද්ධය අවසන් කිරීමේ පුරෝගාමී මෙහෙවරක් ඉටු කරපු නායකයෙක් තමයි ගෝඨාභය රාජපක්ෂ කියන්නේ. ඩයස් පෝරාවට, එල්ටීටීයට සහ ලෝකය පුරා විසිර ඉන්න ජාත්‍යන්තර ඊනියා සාම බුවල්ලන්ට ඔහුගේ එම පුරෝගාමී මෙහෙවර අතිශය මරු පහරක් බවට පත්වුණා.
ගෝඨාභය රාජපක්ෂ දවසකට හෝ අත්අඩංගුවට ගැනීම හෝ සිරගත කිරීම ඔවුන්ගේ බලාපොරොත්තුවක් වී තිබෙනවා. ඒ නිසා ගෝඨාභය රාජපක්ෂ අත් අඩංගුවට ගන්නවා කියන මේ කාරණාව සිවිල් කාරණාවක් හෝ මූල්‍යමය අපරාධයක් පදනම් කරගෙන කරන දෙයක් නෙමෙයි. මේක සැලසුම් සහගතව සිදුකරන කටයුත්තක්. “යැයි අභයතිස්ස හිමියෝ පැවසූහ.
ශ්‍රී ලංකාවේ ජීවත්වන පුද්ගලයෙක්ට අවම මූලික අවශ්‍යතා ඉටුකරගැනීමට මසකට රුපියල් 17,014 ක මුදලක් අවශ්‍ය බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
හෝමාගම දුම්රිය පොළ පාරේ ප්ලාස්ටික් භාණ්ඩ අලෙවි සැලක හිමිකරුවකුගේ නිවසකට ඇතුළු වූ පුද්ගලයෙකු එහි කාන්තාවකට තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ල කොට රුපියල් ල
පොල් කිරි අපනයනය කිරීම මගින් 2024 පෙබරවාරි මාසයේ රුපියල් මිලියන 2971ක මුදලක් උපයා ඇතැයි පොල් සංවර්ධන අධිකාරිය පවසයි.
ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තර ලක්ෂ 50 ක පමණ තොගයක් රට තුළ පවතින බවත් ඒ හේතුවෙන් බිත්තර ආනයනය සීමා කළ බවත් රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි
ගෑන්ඩ්පාස් ස්ටේට් පාරේදී පුද්ගලයෙකුට කතුරකින් ඇණ ඝාතනය කල පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කියයි.
කන්කසන්තුරේ තිස්ස රජ මහා විහාරයට ඇතැම් ද්‍රවිඩ දේශපාලඥයන් වරින්වර පැමිණ වන්දනා නඩවලට අවහිරයක් වන අන්දමින් කටයුතු කිරීම ජාතික ආරක්ෂාවට බරපතළ තර්ජන
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
‘ගෝඨා අත්අඩංගුවට ගතහොත් සංඝ රත්නය එරෙහි වෙනවා‘
Mangala Tuesday, 28 November 2017 10:27 AM
මේ අත්අඩංගුවට ගැනීම බොහෝ දෙනෙක් අනුමත කරන්නේ නැහැ. නමුත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගත්ත වෙලාවෙ මහනුවර සංඝකතිකාවතට බෝම්බ ගහයි කියලා තර්ජනයකුත් තිබුණා. ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගත්ත වෙලාවෙ ඔය අපේක්ෂිත තියා මොන ඇපයක් ඉල්ලන්නවත් ඉඩක් තිබුනේ නැහැ. වෙන එකක් තියා ඉන්නේ කොහෙද කියලා කිව්වෙත් නැහැනේ. ඒ ගොල්ල එහෙමයි යුදවීරයාට සැලකුවේ. මේ ආණ්ඩුවේ නොහැකියාව නිසා තමයි මේ සේරම.
lalith perera Tuesday, 28 November 2017 10:30 AM
වැරදි නම් නීතිය ක්‍රියාත්මක කිරීම වරදක්ද.
sampath pathiranaTuesday, 28 November 2017 10:53 AM
ඔය ක්‍රියාත්මක කරන්න කියන නීතිය, උතුරේ මහා විරු සැමරුම කරන අයට අදාල නැතිව ඇති නේද?
RohanTuesday, 28 November 2017 11:22 AM
කොයිතරම් වීරයෙක් උනත් නීතියට උඩින් යන්න බැහැ.......... එනමුත් වරද සමහරක් අයට නිතිය ක්‍රියාත්මක වෙන්නේ නැති එක සහ මේ ආණ්ඩුවේ පන නැති කම .
වන්නිල ඇත්තෝ.Wednesday, 29 November 2017 02:01 AM
පිස්සුද බොල, එතකොට සහජීවන පොජ්ජ මන්දො වෙනෝ නේ.
WijewiraWednesday, 29 November 2017 01:58 AM
කිසිම වරදක් නෑ. හැබැයි ඉස්සෙල්ලම බැඳුම්කර හොරු සෙට් එක අරන් ඉන්න ඕනේ. රනිල්, මලික් සමරවික්‍රම, අර්ජුන් සමඟ බෑනා, රවී, අජිත් සී පෙරේරා, සුජීව සේනසිංහ. ඕක නොකර ගෝඨා ගත්තොත් සොරිම තමා ඉතින්.
ලලිත් ප්‍රේමලාල් Tuesday, 28 November 2017 11:13 AM
සරත් පොන්සේකාත් යුද්දෙට දායක වුණා නේද අපේ හාමුදුරුවනේ..... ඒ වෙලාවෙ ඔය ඊනියා විරෝධය දාන්න කොන්ද කෙලින් නොතිබුනේ මන්ද කියල වදාරන්න බැරිද?අපේ උගත් හාමුදුරුවනේ ....
saliya Tuesday, 28 November 2017 11:16 AM
ඔබ වහන්සේ ලා මෙතුමා ව 2020 දී ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන්න අර අදින බවට මත පල වෙනවා . මෙලෙස නීතියට බලපෑම් කරන නිසා ඔබ වහන්සේලා ඉන් පසුව බිහි කරන ආණ්ඩුවේ කුමන නීති පද්ධතියක් ක්‍රියාත්මක වේ දැයි අපට සිතා ගත නොහැක . . එවිට දේශප්‍රේමයේ නාමයෙන් මිනි මැරීමත්, හොරකම් කිරීමත් එවිට නීති ගත නොකරනු මැනවි .
dahamTuesday, 28 November 2017 12:02 PM
මේ නඩුව දාන්න යන්නේ රාජ්‍ය දේපල අව භාවිතය කියල. නමුත් වෙලා තියෙන්නේ කොන්තරාත් එකේ ඇස්තමේන්තුව පිලිබඳ ප්‍රශ්නයක්. ජනවාරි 8 ආණ්ඩුව වෙනස් වුනු නිසා ඒ කාරණය විසදුනේ නැහැ. මේකට හරි නම් දාන්න ඕනේ සිවිල් නඩුවක්. එතකොට මෙයාව අත්අඩංගුවට අරන් රිමාන්ඩ් කරන්න ඉඩකඩ අල්පයි. දැන් තේරෙනවා නේද මෙතන තියෙන්නේ තනිකරම දේසපාලන වුවමනාවක් කියල. ඒක මුළු රටම දන්නවා.
perera Tuesday, 28 November 2017 11:23 AM
මේක මෙතුමන්ලට ජීවිතය පිළිබඳ පාඩමක් , බලය තියනකොට තමන් හිතන් ඉන්නේ කියල .....මිනුසුනේ නිහතමානී වන්න , නිලතල නිසා හිස උදුම්මාගෙන තමන්ට වඩා පහලින් (නිලතල) සිටින අයට පීඩා නොකළ යුතුයිි....
SenarathWednesday, 29 November 2017 03:46 AM
ගෝටා බලතල වලින් අයුතු ප්‍රයෝජන ගත්තේ නැහැ. එසේ කලා නම් ඔහුට කැබිනට් ඇමතිකමක් ගන්නත් තිබුනා. එත් ඔහු වැඩකලේ රටට. යුද්ධය නිමකරන්න ඔහුගේ දායකත්වය අතිවිශාලයි. ඒ දවස්වල ෆොන්සේකා මහතාත් කිවුවා. විරුද්ධවාදීන් එස් එෆ් ගේ මොලේ කුරුවල් කරලා ඔහුව විනාස කලා.
darshana Tuesday, 28 November 2017 11:37 AM
අපේ හාමුදුරුවනේ ගෝඨාභය යුද්දෙට දායක වුණ බව ඇත්ත, නමුත් රටේ පිළිගත් නීතිය අනුව කවුරුහෝ වරදක් කරලා තියෙනවනම් නීතිය ක්‍රියාත්මක කල යුතු බව ඔබවහෙන්සේලා දන්නේ නැද්ද . උදාහරණයක් වශයෙන් රාජ්‍ය මුදල් අවභාවිතය , සිරකරුවන් ඝාතනය කිරීම , මාධ්‍යෙව්දීන් ඝාතනය (ලසන්ත) මාධ්‍යෙව්දීන් අතුරුදන්කිරීම (එක්නැලිගොඩ) මිග් යානා දුෂිත ගනුදෙනු ,සුදු වැන් භීතිය, වැනි දේවල් වලට ඔබවහෙන්සේලා මනාපද ? මේවා ගැන සොයා බලනකොට සංඝ රත්නය එරෙහි වෙනවද ?
erdi Tuesday, 28 November 2017 11:42 AM
අපේ රටේ සංඝ රත්නය රාජපක්ෂලාගේ අපරාධවලට නිහඬව හිටියෙ දැඟලුවොත් කන්න වෙන බයටද?අනිවාර්යෙන්ම තජුඩීන් ලසන්ත සහ හිරගෙදරට පැනල හිරකරුවො මැරුවට දඬුවම් දියයුතුයි.මේ එක සඝනමක්වත් හිටියෙ නෑනෙ ජෙනරාල් ෆොන්සේකාව අල්ලන් ගිහින් හිරේ දාද්දි.
jayampathi Tuesday, 28 November 2017 11:44 AM
හාමුදුරුවනේ , අර කතාවක් තියෙනවා " දියේ ගසාගෙන ගිය තරුණියක් බේරාගත් මිනිසෙක් ඇයව දුෂණය කරලා කිව්වලු , මැයව බේරාගත්තේ මම නිසා ඇය අයිති මටයි ඉතින් මම ඇයව දුෂණය කෙරුවට එක වරදක් නෙමෙයි කියල" ඒ වගේ යුද්ධය කලේ ගෝඨාභය එයට දායකත්වය දුන්න බව අපි කව්රුත් පිලිගන්නවා , නමුත් එකයි කියල ඔහුට කැමති දුෂණයක් මේ රටේ කරන්න බෑ. වරදක් කරලා තියෙනවනම් නීතියට යට විය යුතුයි. නිවැරදි නම් භය විය යුතු නැහැ. බුදුන් දෙසු බණ එයයි .
සමන්ත Tuesday, 28 November 2017 12:05 PM
වැරදි කරානම් ගෝඨාභය නෙමෙයි මොන ජගතා වුනත් ඒ දේ වැරදි.
siri Tuesday, 28 November 2017 12:32 PM
රටක් පාලනය කල යුත්තේ නිතියානුකුලව මිස එක එක්කෙනාට අවශ්‍ය ආකාරයට නොවේ. හොරු පළවාහැර යහපාලනයක් උදාකරන්න ආ ජනපතිතුමනි වහාම නීතියේ සාධාරණත්වය රකින්න. දේශපාලන අරමුණු වෙනුවෙන් නීතිය අවභාවිතයේ නොයොදන්න.
jayantha Tuesday, 28 November 2017 12:55 PM
වරදක් කර ඇත්නම්, හැමෝම දඩුවම් විඳිය යුතුය. සේවයක් කර ඇත්නම් එය වෙනම අගය කල යුතුය.
ananda Tuesday, 28 November 2017 03:28 PM
වැරද්දක් කර ඇත්නම් ඕනෑම ජගතෙක් නීතියට යටත්.
dias Tuesday, 28 November 2017 03:49 PM
දර්ශන සමග අපිත් එකඟයි.
ruwan kotuwelle Tuesday, 28 November 2017 04:04 PM
මේ අවස්ථාවේ ඉතාම සුළු දේකට, රාජ්‍ය තාන්ත්‍රිකයකු වශයෙන් කල දේකට අත්අඩංගුවට ගැනීම මෝඩ වැඩක්. ඉතා විශාල මුදල් වංචා හා අතුරුදහන් කිරීම් ඇත්නම්, ඒවා කරලියට ගෙන ආ යුතුයි. ඔහු ඒවාට සම්බන්ධ නැත්නම් පළිගැනීම් නොකළ යුතුයි.
VPULA Tuesday, 28 November 2017 06:50 PM
මේවා ලෝකයා හිනස්සන වැඩ.
ashan Tuesday, 28 November 2017 07:03 PM
මොහුව මීළග ජනාධිපති කරන්ඩ යනවලු. අපේ මිනිස්සු රටේ නීතිය දන්නැද්ද? ඔහු ඇමරිකානු පුරවැසියෙක්.ගීතට බලපාපු නීතිය මොහුටත් පොදුයි.
අචලා Wednesday, 29 November 2017 01:31 AM
වරදක් කරලා තියෙනවා නම් දඩුවම් දෙන්න ඕනේ, නමුත් ඒක වරදේ ස්භාවය අනුව වෙන්න ඕන දෙයක්. සුළු වරදකට ඒ කිව්වේ කොටියෙක් මැරුවා නම්, යටත් වෙන්න ආපු කොටියන්ව මැරුවා නම්, පාතාලේ කුඩු කාරයෝ මැරුවා නම් මේ වගේ රටට සේවයක් වෙන වැරදි කරා නම් හිරේ දානවා නම් ඒක වැරදි වැඩක් මොකද ඒකෙන් වෙන්නේ රටට සේවයක් කරලා තියෙන විරුවකුගේ නම කැත වෙන එකයි, ජාත්‍යන්තර වශයෙන් රටට අපකීරිතියක් වෙන එකයි, නමුත් ලොකු වරදක් වෙලා තියෙනවා නම් අහිංසන මිනිස්සුන්ට හානියක් වෙන විදියේ එහෙනම් ඒවා එළියට ගෙනත් දඩුවම් කරාට කමක් නෑ.
rohan Wednesday, 29 November 2017 01:33 AM
ඔබ වහන්සේලා හොරුන්ට, මිනිමරුවන්ට රැකවරණය දෙන්න ඉදිරිපත් වෙන්න එපා .වැරදි කරානම් ඕනෑම ජගතෙක් නීතියට යටත්.
Bamunuarachchi Wednesday, 29 November 2017 01:33 AM
සංඝ රත්නයට තවත් කෙලෙහි ගුණ දන්නා 57 ලක්ෂයක් එරෙහි වෙනවා. මහා දවල් කල බැංකු හොරකම දිහා බලනකොට අරක ළූණු බිකක්. ප්‍රබාකරන් මරා රට බේරා ගත එක මිල කල හැකිද?
lion Wednesday, 29 November 2017 01:42 AM
යුද්ධය දිනන විශාලම මෙහය කරපු සරත් ෆොන්සේකා හිරේ දානකොට අපේ හාමුදුරුවෝ හිටියේ නිදගෙනද? රටේ නිතියට විරුද්ධව ක්‍රියාකරන්න බුදු බනේ කියල තියෙන්නේ කොතනද?
lion Wednesday, 29 November 2017 01:43 AM
සිවුරේ ඉඳන් බුදුන් වහන්සේට නිගා කරන්න එපා...
sarath Wednesday, 29 November 2017 01:50 AM
කොටි නිදහස් ,ගෝඨා අත්අඩංගුවට.මේ ආණ්ඩුව ආවේ හොරකම් කරන්නේ නැහැ කියල ඇවිත් රටේ කරපු ලොකුම හොරකම මහදවාලේ කරලා දැන් ඡන්දෙට බයෙන් මේ වගේ කුජීත වැඩ කරනවා.
vijitha Wednesday, 29 November 2017 01:52 AM
මේ හාමුදුරුවරු ක්‍රියා කරන්නේ රටට ආදරයකින් නොවෙයි. තමන්ට ලැබෙන ලාභ ප්‍රයෝජන බලාගෙන. මේ රටේ පවතින නීතියට අනුව ගෝඨාභය හෝ වෙන ඕනෑම කෙනෙකු අත්අඩංගුවට ගන්නවනම් එය වලක්වන්න බැහැ. මේ හාමුදුරුවන්ට ගිය ආණ්ඩුව කාලේ මොනාද ලැබුනේ කියල අපි දන්නවා. හාමුදුරුවරුන්ට නැතිය අතට ගන්න ඉඩ දෙන්න බැහැ. සරත් ෆොන්සේකා කියන යුද වීරයා කිසිම නඩුවක් නැතුව බල්ලෙක් වගේ හිරේ දාන කොට මේ දේශ ප්‍රේමි හාමුදුරුවරුන්ගේ කටවල් ඇරුනේ නැහැ. සිවුරු ගෙන ඉන්න හැම කෙනෙක්ම හාමුදුරුවරු නොවෙයි කියල ජනපති තුමා කියපු කතාව හරි. මේ සේරටම හේතුව වර්තමාන ආණ්ඩුවේ නොහැකියාවයි. මේ හාමුදුරුවරු කරන වැඩ මහජනතාවට කියන්න කවුරුවත් නැහැ.
rocky Wednesday, 29 November 2017 02:01 AM
`මහා සංඝ රත්නය` ! විකාර! දේශපාලන කර ගහ ගත්තු මේ හාමුදුරුවරු කොහොමද `මහා සංඝ රත්නය` වෙන්නේ? ` ගෝඨාභය නිකාය`! මුන්නහෙලව ගණන් ගන්නේ කවුද?. හිටපු ජනාධිපති උන්නැහේ , ජාතියේම අසහාය රණ විරු ෆොන්සේකා මහත්තයට අවනීතිය ක්‍රියාත්මක කොරපු වෙලාවේ මේ හාමුදුරුවරු හිටියේ කොහෙද?`මහා සංඝ රත්නය` ..
mahinda Wednesday, 29 November 2017 07:15 AM
බුදු හාමුදුරුවොත් එරෙහි වෙයිද? සංඝ රත්නය කියන්නේ කඩේ යන විස්කි බොන කට්ටියටද ? එතකොට සිල්රකින සඟ රත්නයට කියන්නේ මොකක්ද කියල ඒගොල්ලන්ගේන්ම් අහල බැලුවොත් හොඳ?
Bamunuarachchi Wednesday, 29 November 2017 09:37 AM
"එතකොට සිල්රකින සඟ රත්නයට කියන්නේ මොකක්ද" එහෙනම් මලින්දට රට, ජාතිය අමාරුවේ වැටුණු අවස්ථාවලදී ජාතිය වෙනුවෙන් ඉදිරිපත් වුණු සඟ රත්නයට කියන්නේ මොකක්ද? රට ජාතිය බේරා ගන්න ඉදිරිපත් වුණු සඟ රත්නය නිසා තමයි බුද්ධ ශාසනයයි, සිංහල ජාතියයි අද මේ වනතුරු බේරිලා තිබෙන්නේ. සිල්රකින සඟ රත්නය සහ සිල්රකින මිනිසුන් සිටි රටවල දැන් බුද්ධාගම නැත. ඒවා ත්‍රස්තවාදය පිරුණු හම්බ රටවල් වෙලා. ඇස් ඇරලා බලන්න මෙරටට දැනට වෙලා තිබෙන දේ සිංහල ගම් හම්බවෙලා හම්බයෝ සිංහලයාටම ගහන තත්වයට ඇවිල්ලා නේද? විස්කි බොන කට්ටිය තමයි සිවුර කරට අරන් සිංහලයාව ජාතික සටනට පොළඹවන්නේ නැතිනම් පට්ට කුහක දේශපාලකයෝ නොවෙයි. ජාතික ප්රශ්නවලදී සිල්රකින සඟරත්නය මොන දේකටවත් වැඩක් නැත. 1956 බණ්ඩාරනායක මහතා පංච මහා බලවේගයේ මුලින්ම පටන් ගත්තේ සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු කියලා. කටට එනවාට පිස්සු කියවන්නේ නැතිව අපි කියන ඒවා කියවා ඔලුව සුද්ද කර ගන්න.
Bamunuarachchi Wednesday, 29 November 2017 09:45 AM
රොකී, අඩුම ගණනේ සිංහල නමක්වත් නැතුව කොහොමද...? සිංහල හැඟීමක් ඔබලා වගේ මිනිසුන්ට එන්නේ. හම්බ හෝ දෙමළ නම් ඔහොම කීවට කමක් නැත. මොකද වතුර රත් වෙනතුරු කකුළුවාට නටන්න පුළුවන් නිසා. ඔබ සිංහල බෞද්ධයෙක් නම් තම ආගමට ගර්හනවාට වඩා හොඳයි සයනයිඩ් ටිකක් කනවා. මෙහෙමත් සිංහලයෝ.