IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ගෝඨාභයට එරෙහි පෙත්සම කැලිෆෝනියා අධිකරණයෙන් ඉවත දමයි

හිටපු ආරක්ෂක ලේකම් , ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව කැලිෆෝනියාවේ දිස්ත්‍රික්  අධිකරණයක ගොනු කර තිබූ   පෙත්සම   එම අධිකරණයෙන් ප්‍රතික්ෂේප කර තිබේ.
 
මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් ඒ  මහතාගේ දියණිය වන  අහිම්සා වික්‍රමතුංග  විසින්  පසුගිය අප්‍රේල් මාසයේදී මෙම  පෙත්සම ගොනු කරනු ලැබ තිබිණි



අදහස් (39)

ගෝඨාභයට එරෙහි පෙත්සම කැලිෆෝනියා අධිකරණයෙන් ඉවත දමයි

මුණසිංහ Tuesday, 22 October 2019 05:33 AM

දැන් ඉතින් හොදටම පැහැදිලියිනේ වෙන්නේ මොකක්ද කියල. එල්ටීටීඊ ඩයස්පෝරාව සමග එකතු වෙලා සිංහල කොටි ටික නටන නාඩගම කාටත් පැහැදිලි ඇති. මේ කොටි පරාජය කරපු එකේ පලිය ගන්න කරන දේවල් කියල අවබෝධ කරගත යුතුයි. සමහරුන්ට ඩොලර් හොයන්න හොද පාර කැපීමකුත් වුනා.

:       2241       2905

saaliTuesday, 22 October 2019 05:52 AM

ඒ කියන්නේ අහිම්සා වික්‍රමතුංග සිංහල කොටියෙක් කියලා ද? ඔයාගේ ගේ කවුරුවත් මහා පාරේ මරලා දැම්මොත්, සාධාරණය ඉල්ලන අය කොටි වෙනවාද?

:       1251       1422

DilanTuesday, 22 October 2019 06:27 AM

නෑ . ඒත් ඔය ඝාතනය ගෝඨා කරා කියන්න සාධාරණ සාක්ෂි නෑ. අනෙක මෙයා කවුරුහරි පොළඹවනවා කියල පැහැදිලියිනේ... නැත්නම් ජනාධිපතිවරණය ආසන්නයේ ඔය නඩුව දාන්නේ නෑ.

:       309       605

Gamarala Tuesday, 22 October 2019 06:29 AM

කිසියම් සිද්ධියක් වෙලා තිබෙන ස්ථානයේ අවශ්‍ය ක්‍රියාමාර්ගය ගන්නේ නැතිව ඇයි දුර බැහැරක ඒක කරන්නේ? මේක තනිකරම හිරිහැර කිරීමට කළ දෙයක් බව හොඳාකාරවම ලොවට පෙනෙනවා.

:       267       409

chinthakaTuesday, 22 October 2019 10:15 AM

ඔය අතුරුදහන් වෙච්ච නැත්නම් මැරිච්ච හැම කෙනෙක්ම සමාජයට මොනවා හරි වින්නැහියක් කරපු අය. ඒ අය වෙනුවෙන් කඩේ යන්නෙත් සමාජයට මොකක් හරි වින්නැහියක් කරමින් ජිවත් වෙන අය. කෝ කවුද සමාජයේ සාධාරණව ජීවත්වෙද්දී අතුරුදන් වෙලා හරි මැරිලා හරි තියෙන්නේ ?

:       408       591

saaliTuesday, 22 October 2019 11:43 AM

චින්තක ට අනුව, යමෙකු සමාජයට අහිතකර බව තීරණය කර, ඔහු ව දූරීභූත කර සාධාරනීකරණය කල හැක. මෙය ද අප ට අවශ්‍ය ?. ලේ සුවඳ ආඝ්‍රාණය නොකළ හොත් නින්ද නොයන අය.

:       80       222

athuraTuesday, 22 October 2019 06:42 AM

දැන් ඉතින් පැහැදිලි වෙන්නේ ඇමරිකාවත් කැමති ගෝඨව බලයට ගේන්න කියන දේ.

:       364       383

SLTuesday, 22 October 2019 02:21 PM

මේක ඇමෙරිකාවේ අධිකරණයක් දීපු ස්වාදීන තීරණයක්! පසුදිය දිනවල ඇමෙරිකානු අධිකරණ එරට ජනාධිපතිටත් විරුද්ධව තීරණ දෙනුලබුවා.

:       2       93

ලසන්තTuesday, 22 October 2019 06:48 AM

ඇමරිකන් පුරවැසියෙක්ව හිටිය කෙනෙකුට එරෙහිව අවාසි වෙන විදියට මේ අල්ලපනල්ලේ නඩු අහන්නේ කොහොමද ?

:       34       90

RaveendraTuesday, 22 October 2019 07:10 AM

ලෝක පොලිස් කාරයා ලෙස විරුදාවලිය ලත් එම හිගන්නන්හට කාසියේ මොන පැත්ත පෙරලුනත් හොදය. මක්නිසාදයත් සජිතය හෝ ගෝටා " ඇමෙරිකන්කාරයට" එකම කාසියේ දෙපැත්තකි.වැඩි පිරිසක් අපගේ මෙම අදහස්වලට විරුද්දවෙනු ඇත නමුත් මෙයයි යතාර්ථය. කිසිවෙකු ලෝකයේ විනාශවෙමින් පවතින රටවල දේශපාලන විපර්යාස දෙස හොදින් නිරීක්ෂණය කිරීමේදී එය වඩාත් හොදින් අවබෝද වෙනු ඇත.

:       9       69

MaheeTuesday, 22 October 2019 08:05 AM

රවීන්ද්‍ර මහතාගේ විග්‍රහය ඉතාම නිවැරදියි. ඇමෙරිකාවට අවශ්‍ය එකම දෙය නම් තමන්ගේ රූකඩයක් අනික් රටවල ස්ථාපිත කර ගැනීමයි. ඔවුන් වියට්නාමයේදීත්, මෑතකදී නම් ඉරාකයේදිත් කළෙත් ඒකයි. සජිත් යනු රනිල් මගින් මෙල්ල කල හැකි ගෝලයෙක් විය හැකියි. ගෝඨාගේ බැසිල්ගේ දරු පවුල් ඇමෙරිකන් පුරවැසියෝ. ඇමෙරිකාවේ සැලැස්මට සජිත්ටත් වඩා හොඳින් ගැලපෙන්නේ ගෝඨායි. ශ්‍රී ලංකාවේ ඕනෑම දේකට එරෙහි වන ඇමෙරිකාවේ තානාපතිනිය ගෝඨාගේගේ පුරවැසි කතාව ගැන කිව්වේ මොකක්ද? බොහෝ විට ගෝඨා දිනයි. කාලයක් යනකොට පෙනෙයි මොකද වෙන්නේ කියලා.

:       213       209

BinkunndaaTuesday, 22 October 2019 10:19 AM

ඇමෙරිකාවට එරෙහිව කිසිදු ප්‍රශ්නයක් නෑ.

:       0       18

bul Tuesday, 22 October 2019 05:43 AM

ජයග්‍රහණයේ ලක්ෂණ...සුබ පැතුම් !!

:       1022       1082

kamaniTuesday, 22 October 2019 06:04 AM

ලංකාවේ නඩු තාම ඉවර නැහැ....

:       320       315

chandiTuesday, 22 October 2019 10:20 AM

ඕවා කෙරෙන් නෑ.....

:       0       55

wimal Tuesday, 22 October 2019 06:00 AM

ජය වේවා! සියලු බාධක නැති වේවා!

:       211       316

සේන Tuesday, 22 October 2019 06:04 AM

පක්ෂ භේදයක් නෑ. මේ රත්තරන් මිනිසා රටේ නායකත්වය උසුලා රට ඔසවා තබනවා නියතයි. සුරක්ෂිත රටක් තුල ඕනෑම කෙනෙකුට තමන් කැමති පක්ෂයට වැඩ කළ හැකියි. රටට , ජාතියට , සම්බුදු දහමට හානියක් නොකර. තෙරුවන් සරණයි ගෝඨාභය මැතිතුමා ට

:       254       690

සම්පත් Tuesday, 22 October 2019 06:06 AM

ඇමේරිකාවත් කැමති ඇමරිකන් කාරයෙක් ලංකාවේ ජනාධිපති වෙනවට

:       433       412

Chamila Thuduwage Tuesday, 22 October 2019 06:07 AM

හැම පැත්තෙන්ම එන්නේ ඓතිහසක විජයග්‍රහණයක සුබ පෙරනිමති . අපේ රටට ජය වේවා.!

:       17       457

some Tuesday, 22 October 2019 06:10 AM

ඇමරිකාව පුරවැසි කම ඉවත් කලා කියල පිළිගත්තත් වියන්ගොඩ පිළිගනිද?

:       6       205

රණ්බණ්ඩා Tuesday, 22 October 2019 06:24 AM

පෙරමග සුභ ලකුණු . මගේ රටට තෙරුවන් සරණයි. ගෝඨාභය යුගයකට සැරසෙමු.

:       20       312

Pravi Tuesday, 22 October 2019 06:31 AM

දැන් ඉතින් ටොයියෝ ඇමෙරිකන් අධිකරණයේ ස්වාධීනත්වය හොයන්න.

:       12       320

Aruna Tuesday, 22 October 2019 06:38 AM

ඇමරිකා එක්සත් ජනපද රජය මේ පිටුපස සිටී. ශ්‍රී ලංකාවේ ඇමරිකානු රූකඩයක් බලයට ගෙන ඒමට එක් පියවරක් සමීප වේ. බොහෝ මිනිසුන් මෙය නිවැරදිව නොදකිති.

:       530       82

යාපාTuesday, 22 October 2019 08:56 AM

තවත් අන්ධ භක්තිකයෙක්.

:       15       104

Don Tuesday, 22 October 2019 06:51 AM

අපිට නම් කව්රු ආවත් එකයි. ඒත් මොහු දිනුවොත් ලංකාවට ප්‍රශ්ණ රාශියකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. රාජපක්ෂ පවුල නම් සියලු නඩු වලින් නිදහස් වෙයි. චීනය වගේ ණය උගූල් අටවන අය බලන් ඉන්නේ. ජනතාවට දෙවි පිහිටයි.

:       0       1

nimal Tuesday, 22 October 2019 07:05 AM

වෙලා තියෙන හරිය හොදටම ඇති. පක්ෂග්‍රාහී සිතුවිලිවලින් මිදෙමු. රටට නිවැරදි නායකයෙක් පත්කර ගනිමු. හොදම කෙනා ගෝඨා. සජිත් ගේ පැමිණීම රනිල්ගේ අණසකට යටවෙනවා. එහෙම නැත්නම් ප්‍රශ්න. රට ආපස්සට. ගෝඨාගේ පැමිණීම, මහින්ද මහත්තයාගේ එක්වීම රට ඉදිරියට ගෙනයන එක හොදටම විශ්වාසයි. මහින්ද මහත්තයටත් හොදට තේරිලා ඇති පරාද නොවන විදිහට හොදින් රට පාලනය කරන්න.වැඩි දුර සිතන්න එපා. පසුගිය වසර 5 තුළ ලංකාවට උන පරිහානිය සිතන්න. මෙවර වරද්දා ගත්තොත් ඉවරටම ඉවරයි. අපි එකතු වෙලා ගෝඨා දිනවමු. ජයවේවා! ගෝඨාට ජයෙන් ජයම වේවා!

:       31       302

rocky Tuesday, 22 October 2019 07:51 AM

ගෝටා කියන්නේ ඇමෙරිකන් බළල් අතක් බව දැන් වත් වැටහේවා!ඇමෙරිකාවට ඕනේ කරන්නේ රාජපක්සලා මාර්ගයෙන් ලංකාව කෙලින්ම අමෙරිකන් කොලනියක් කර ගන්න!

:       308       58

nimalTuesday, 22 October 2019 08:25 AM

රොකී මහත්මයා, හරිම කණගාටු හිතෙනවා ඔබ හිතන විදිහ ගැන. ඇරත් ඇමරිකන් කොලොණියක් උනොත් නරක් වෙයිද? සුද්දාගෙන් අරගෙන නටන නාඩගම් වල හැටියට................

:       2       111

යාපාTuesday, 22 October 2019 08:55 AM

මොනතරම් රට විනාශ කරත් ඔබ වැනි වහලුන් සිටින තාක්කල් සජිත්ලට ඡන්දනම් ලැබෙයි.

:       16       158

sirimal Tuesday, 22 October 2019 08:20 AM

නිව්යෝර්ක්හි නීතීඥ රොබ්සන් සිල්වා ලියු සටහනක් "ගෝඨාභය රාජපක්ෂ ඇමරිකාවේ පුරවැසිභාවය ඇමරිකානු රාජ්‍ය දෙපාර්තුමේන්තුව විසින් ඉවත් කළ බවට සහතික කළත් බදු දෙපාර්තුමේන්තුවේ බදු නීතිය යටතේ ඔහු තවමත් ඇමරිකානු පුරවැසියෙක් ලෙස පිළිගැනේ. මේ අනුව ශ්‍රී ලංකාවේ මැතිවරණ නීතිය යටතේ ජනාධිපති අපේක්ෂත්වයට ගෝඨාභය රාජපක්ෂ පැහැදිලිවම නුසුදුස්සෙකි. ඒ නිසා මේ මැතිවරණයෙන් ඔහු ජයගත්තද ඡන්ද ‌පෙත්සමකින් පරාජය වීම ස්ථිරය. එවිට යළි ජනාධිපතිවරණයක් පැවැත්වීමට සිදුවනු නිසැකය. යමෙකු ඇමරිකානු පුරවැසිභාවය අහෝසි කිරීමට ඉල්ලුම් කිරීමෙන් පසුව ඇමරිකාවේ අදායම් බදු දෙපාර්තුමේන්තු නීතියට අනුව තමන්ගේ ආදායම් වාර්තාව වසර අවසානයේ ගොනු කළ යුතුය. ඒ තාක්කල් නීතියට අනුව සම්පුර්ණයෙන් යමෙකුගේ පුරවැසිභාවය අහෝසි නොවේ. එමනිසා ගෝඨාභය රාජපක්ෂ තවමත් ඇමරිකානු පුරවැසියෙක් ලෙස බදු නීතිය යටතේ සළකනු ලබයි. රාජ්‍ය භාණ්ඩාගාරයෙන් නිකුත් කරන පුරවැසිභාවය අහෝසිවුවන්ගේ නාමලේඛනයේ ‌ගෝඨාභයගේ නම මේ දක්වා සඳහන් වී නොමැත්තේ ‌මේ ‌හේතුව නිසාය. මේ පිලිබඳව ශ්‍රී ලංකාවේ සහ ඇමරිකාවේ ශ්‍රී ලාංකිකයන්ට සත්‍ය පැහැදිලි කරන ලෙසට මම ‌ගෝඨාභයට අභියෝග කරමි."

:       617       514

ටි ඉන්දික Tuesday, 22 October 2019 08:34 AM

දැන් එතකොට ඇමරිකන් ගැත්තා කවුද කියලා පැහැදිලියනේ. රනිල්ට බනින්නේ බොරුවට ඇමරිකන් ගැත්තා කියලා. සැබෑ ඇමරිකන් ගැත්තෝ මහින්ද පවුල.

:       158       52

Thusitha Tuesday, 22 October 2019 10:23 AM

ශ්‍රී ලංකාවට අවශ්‍ය රාජ්‍ය දෙපාර්තුමේන්තුව විසින් ඉවත් කළ බවට සහතිකය මිස බදු දෙපාර්තුමේන්තුවේ සහතිකය නොවන බව ඔබේ නිව්යෝර්ක්හි නීතීඥ රොබ්සන් සිල්වා මහතාට කියාදෙන්න.

:       3       145

ChathuriTuesday, 22 October 2019 11:21 AM

ලංකාවේ. කොහොමද සහතික කරන්නේ ,වෙනත් රටක පුරවැසි බව , හරියට නාමල් බේබිට නීති සහතිකය මහින්ද දුන්න. වගේ ,මේකත් මහින්දගේ සහතිකයක් , බලන්න ඉහලින් මිනිඔලු ලාංජනය තියෙනවද කියල , ලංකාවේ මුදල් තියෙනවනම් මොනවද කරන්න බැරි නමුත් මනුස්ස කම විතරයි. ගන්න නැත්තේ , අදිකරණයට බය මිනිහ රටක් පාලනය කරන්නේ කොහොමද . වීර කැප්පෙටිපොල ගේ මල්ලිත් මරණෙට බයේ හැඟුනේ , මේ නම් අලුගෝසුවෝ ටිකක්

:       62       41

ravi Tuesday, 22 October 2019 12:33 PM

ඔය මොන සෙල්ලම් දැම්මත් ඕක ඉතින් එක සැරයක් කාපු මඩක්නේ. පවුල් බලයට අපි ඡන්දය දෙන්නේ නැහැ. රජයේ තියන දේපොළ පවුලේ අයත් එක්ක බෙදාහදා ගත්තහම රටකට කරන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ.

:       28       27

janthu Wednesday, 23 October 2019 01:02 AM

අමෙරිකාව තමයි මේ පාර බලේට එන්නේ. දෙමල ඡන්ද මේ පාර වර්ජනය කරන්නෙත් අමෙරිකාවට ඕනේ නිසා තමයි . හැබයි මම පුද්ගලිකව අමෙරිකාව මේක යටත් කර ගන්නවට කැමතී . එත් මම මේකේ ඉන්න දේශපාලන මුසලයන්ට කැමති නැහැ එකෙක්ටවත්

:       10       1

Bamunuarachchi Wednesday, 23 October 2019 02:49 AM

රාජපක්ෂලා කියන්නේ ඇමරිකානු අධිකරණයටත් බලපෑම් කරන්න පුළුවන් අය කියලා දැන් අර මැට්ටෝ 62 කියන්න පටන් ගනීවි.

:       4       0

raviWednesday, 23 October 2019 06:47 AM

අනේ ඔව්. සහතික ඇත්ත. පොලිසියේ නම ඇහිච්ච ගමන් දුවලා ගිහින් රෝහලක නවාතැන් ගන්නේ ඒ නිසා වෙන්න ඇති.

:       0       1

BamunuarachchiWednesday, 23 October 2019 03:50 PM

මැට්ටෝ 62 ලක්ෂයෙන් එක මැට්ටෙක් ඉදිරියට ආවා. එකත් මැටිකම තමයි.

:       2       0

de silva Thursday, 24 October 2019 08:10 AM

ගෝඨට හෝ වෙනත් ඕනෑම පුද්ගලයෙක් නැවත ඇමරිකන් පුරවැසිකම ගන්න අයදුම්පතක් ඉදිරිපත් කළොත් ඇමරිකාව කැමතිනම් ඔහුට පුරවැසිකම ලබාගනීමට කිසිදු බාධාවක් නැත. ඇමරිකාව ගෝඨාට විරුධව ක්‍රියා කරන්නේ කුමටද? අවුරුදු ගණනාවක් ඇමරිකාවේ ජිවත් වුන බටහිර පන්නෙට අදින පළදින ගෝඨා විරසක කරගන්න ඇමරිකාවට කිසිම අවශ්‍යතාවයක් නැත. ඔහුගේ කාලයේ ඇමරිකාව සමග තිබුන චන්ද්‍රිකාගේ කාලයේ සිට පැවත එන ආරක්ෂක ගිවිසුම කිසිම ප්‍රශ්නයක් නතුඅව දීර්ඝ කළානේ ?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 407 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 41 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


නාවික කොමදෝරු දෙකක් කුඩු සමග මාට්ටු
2024 අප්‍රේල් මස 19 1819 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 357 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 1661 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 1605 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 224 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1539 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1433 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site