IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ගෝඨාට එරෙහි මූලික විරෝධතා පෙත්සම් ඉවතට

(මනෝප‍්‍රිය ගුණසේකර)
 
වීරකැටිය මැදමුලන ඞී.ඒ. රාජපක්‍ෂ ස්මාරකය ඉදිකිරීමේදී ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් රුපියල් කෝටි තුනකට අධික මුදලක් අවභාවිතා කලේයැයි හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඇතුළු  හත්දෙනෙකුට එරෙහි නඩුව විභාග කිරීමට ත‍්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයට අධිකරණ බලයක් නොමැති බවට විත්ති පාර්ශවයෙන් ඉදිරිපත් කළ මුලික විරෝධතාවය ප‍්‍රතික්ෂේප  කළ ත‍්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය මෙම නඩුව විභාග කිරීමට අද  (11) තීරණය කළේය.
 
අදාළ චෝදනා සම්බන්ධයෙන් විත්තිකරුවන්ගේ උත්තරවාද ලබන 22 වැනිදා ඉදිරිපත් කිරීමටද විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ල විත්ති පාර්ශවයට නියම කළේය.
 
ත‍්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ විනිසුරු මඩුල්ලට මහාධිකරණ විනිසුරුවරුන් වන සම්පත් විජේරත්න (සභාපති විනිසුරු)  සම්පත් අබේකෝන් සහ චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීහු ඇතුලත් වෙති.
 
ත‍්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ දෙවැනි නඩුව ලෙස නීතීපතිවරයා විසින් පොදු දේපළ පනත සහ දණ්ඩ නීතී සංග‍්‍රහය යටතේ පවරන ලද මෙම නඩුවේ විත්තිකරුවන් වන හිටපු ආරක්‍ෂ ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ හිටපු සභාපති ලියන ආරච්චිගේ ප‍්‍රසාද් හර්ෂාන් ද සිල්වා, එම සංස්ථාවේ හිටපු සාමාන්‍යාධිකාරී භද්‍රා උදුලාවතී කමලදාස, සුධම්මික කේමින්ද ආටිගල, සමන් කුමාර ගලප්පත්ති, එම්.ඞී. මහින්ද සාලිය සහ එම්.ඒ. ශ‍්‍රිමති මල්ලිකා කුමාරි සේනාධීර යන හත්දෙනා අධිකරණයේ පෙනී සිටියහ.
 
2013 සැප්තැම්බර් මස 03 වැනිදාත් 2015 පෙබරවාරී මස 02 වැනිදාත් අතර කාලය තුළ ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් රුපියල් ලක්‍ෂ 339 ක් වැයකොට වීරකැටිය මැදමුලන ඞී.ඒ. රාජපක්‍ෂ ස්මාරකය ඉදිකිරීම සඳහා කුමන්ත‍්‍රණය කළ බවට සියලූ විත්තිකරුවන්ට එරෙහිව නීතීපතිවරයා  චෝදනා නඟා ඇති අතර එම රුපියල් ලක්‍ෂ 339  වැය කොට වීරකැටිය මැදමුලන ඞී.ඒ. රාජපක්‍ෂ ස්මාරකය ඉදිකිරීමෙන් එම මුදල් සම්බන්ධයෙන් සාපරාධී විශ්වාසය කඩ කළ බවට ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජිකයින් වු 02 සිට 06 දක්වා වන විත්තිකරුවන්ට එරෙහිවද ඒ සඳහා ආධාර අනුබල දුන් බවට 01 සහ 07 වැනි විත්තිකරුවන්ට එරෙහිවද නීතීපතිවරයා චෝදනා නඟා ඇත.



අදහස් (6)

ගෝඨාට එරෙහි මූලික විරෝධතා පෙත්සම් ඉවතට

පිටිගල මිලානෝ Monday, 11 February 2019 04:55 PM

මේ වගේ බාල වැඩ නොකර හිටියනම් මේ කරදර නැහැනේ.

:       105       402

Chanak los angelesTuesday, 12 February 2019 03:59 AM

මොහු හිතුවේ නැතිව ඇති ඕවා කලාට කරදරේ වැටෙයි කියා ? ලැබුණු බලය සදාකාලිකයි කියා හිතන්නත් ඇති ? අයියා වේලාසනින් ඡන්දයක් තබන්න ගිහින් අනාගත්ත එක තමයි මේ හෙනපතේ කියලා හිතනවත් ඇති .

:       12       146

Chanak los angeles Monday, 11 February 2019 10:55 PM

දැලෙන් රිංගන්න බැරිවුනා නේද ? එහෙනම් පරීක්ෂණය කඩිනම් කර වැලිකඩට පිටත් කර යවන්න . අවභාවිත කල මුදල් නැවත ගෙවන්නත් ඕනේ. ඒවා මහජන මුදල් නිසා. ජනතාවට ලැජ්ජාවක් තිබෙනවානම් මෙවැනි පුද්ගලයන් රටේ මහපුටුවට ඕනේ කියන්නේ නැහැ ..

:       46       209

tishan Tuesday, 12 February 2019 06:43 AM

මේ ගොල්ලන් කරපු අපරාධ වලින් පොඩිම එකක් මේක.

:       63       234

Rata Perata Tuesday, 12 February 2019 07:18 AM

ඡන්දෙ ඉල්ලලා ගිය අය බොහොමයක් හොරු. මේ යථාර්තය අපි තේරුම් අරගෙන, බය නැතුව කතා කරන තාක් කල්, අපේ රට අරාජික වෙන එක නවත්තන්න බෑ. රටේ තියෙන අනිත් සියලුම ප්‍රශ්න එන්නේ මේ රොත්ත ගේ කපටිකම් නිසයි.

:       29       227

sirimal Tuesday, 12 February 2019 10:14 AM

අපි නම් හිතුවේ ඔය උසාවිය කල් දාන්නේ නැතුව තිස් තුන් පැයේම නඩු අහන එකක් කියලයි. දැන් බලාගෙන ගියහම මේ මහත්තයාගේ නඩු ගිඩි ගෑවිල්ලේ කල් යනවනේ. ලඟදි ප්‍රසිද්ධ කරලා තිබුන කවුදෝ හාදයෙක් " ඒකාධිපතියෙක් නැතුව මේ රට හදන්න බැහැ" කියල වේදිකා නාට්‍යයකුත් පෙන්වන්න යනවා කියල. මොන ප්‍රශ්න තිබුනත් වැඩේ අත ඇරලා නැතුවා වගේ.

:       0       26

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 268 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 774 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 2011 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 2242 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 666 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 288 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 304 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1674 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1533 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site