IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ගෝඨාගේ අයිතිවාසිකම් පෙත්සම නොවැම්බර් 27 වැනි දා

(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)


පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය මඟින් තමාව අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බව දැන ගන්නට ලැබී ඇති බැවින් තමා අත්අඩංගුවට ගැනීම වළක්වාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ගොනු කළ  මූලික අයිතිවාසිකම් පෙත්සම  සළකා බැලීම ලබන නොවැම්බර් 27  වැනි දා තෙක් කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරන ලදී.
 
මෙම පෙත්සම් විභාගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප‍්‍රනාන්දු මහත්මිය ඉවත් වීම හේතුවෙන් අධිකරණය පෙත්සම් විභාගය මෙදිනට කල් තබන ලදී.
 
මෙම පෙත්සම ප‍්‍රියන්ත ජයවර්ධන , විජිත් මළල්ගොඩ සහ මුර්දු ප‍්‍රනාන්දු යන ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කැඳවිණි.
 
විනිසුරු මුර්දු ප‍්‍රනාන්දු මහත්මිය ඉවත් වීමත් සමඟ මේ වනවිට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් හතර දෙනෙකු හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ගොනු කළ  මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයෙන් ඉවත් වී සිටිති.
 
ඒ අනුව පිළිවෙළින් ඊවා වනසුන්දර ,බුවනෙක අළුවිහාරේ ,ප‍්‍රියන්ත ජයවර්ධන  සහ මුර්දු ප‍්‍රනාන්දු යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් මෙම පෙත්සම් විභාගයෙන් ඉවත්ව සිටිති.
 
මෙම පෙත්සමේ  වගඋත්තරකරුවන් වශයෙන් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩලයද, ජනාධිපති ලේකම්,පොලිස්පති,අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ, මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය බාර නියෝජ්‍ය පොලිස්පති ඇතුළු පිරිසක් නම් කරනු ලැබ තිබිණි.


ලබන නොවැම්බර් 27 වැනි දා පෙත්සම යළි කැඳවේ.

මිග්යානා ගනුදෙනුව සහ ලංකා හොස්පිටල්හි මුදල් ආයෝජනය කිරීම සම්බන්ධයෙන් ප‍්‍රකාශ ලබා දීම සඳහා මූල්‍ය වංචා විමර්ශන කොට්ඨාසයට තමා කැඳවා ඇති බව පෙත්සම්කාර හිටපු ආරක්ෂක ලේකම්වරයා සිටි පෙත්සමින් පෙන්වා දේ. එහිදී තමා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති බවත් පෙත්සමේ සඳහන් වේ.



අදහස් (21)

ගෝඨාගේ අයිතිවාසිකම් පෙත්සම නොවැම්බර් 27 වැනි දා

ධනුෂ්ක Friday, 01 June 2018 02:37 PM

අැත්තටම මොකද මේ විනිසුරුතුමන්ලා මේ පෙත්සම් විභාගයෙන් ඉවත් වෙන්නේ කාටහරි පැහැදිලි කරන්න පුලුවන්ද? මට හිතෙන්නේ මේ නීතිගරුක, යුත්තිගරුක වුවත් මේවාට මැදිහත් වී යුක්තිය පසිඳලීම තුළ අනාගතයේ දී තමන්ට යම් අහිතකර තත්වයක් අැති වේය යන නිගමනය මතද? එක්කෙනෙක්නම් කමක් නෑ හතරදෙනෙක්

:       4178       2268

gihanFriday, 01 June 2018 03:24 PM

රටට ආදරයක් තියෙන මිනිස්සු එහෙම තීරණ ගන්නවා.

:       1882       4036

සතයපාලSaturday, 02 June 2018 03:13 AM

ගිහාන් මොනවද ඔබ කියන්නේ, රටට ආදරයක් තියෙන මිනිස්සු නම් කල යුත්තේ මේ නඩු ඉක්මණින් විභාග කර සාධාරණ හා නිවැරදි නඩු තීන්දුවක් ප්‍රකාශකර අධිකරණයේ ස්වාධීනත්ව හා විශ්වාසනීත්වය රට තුල තහවුරු කිරිමයී.

:       757       782

TiranSaturday, 02 June 2018 06:38 AM

ඔය කඩේ යන පාල මහත්තය අදද ඉපදුනේ, අපේ රටේ හැම නඩුවකින්ම දිනුවේ නිවැරදිකරු කියලා කියන කෙනා නීතිය ගැන අකුරක් නොදන්න කෙනෙක්. අපි රටේ නීතියට ගරු කරනවා ඒක ගැන කතා 2ක් නෑ. ඒත් මොනම සංවර්ධිත රටකවත් මිනිස්සුන්ට නීතියෙන් 100%ක සාධාරණයක් ඉ‍ටු වෙන්නේ සුරංගනා කථාවල විතරයි. දන්නෝ දනිති.

:       198       600

ShanSaturday, 02 June 2018 07:10 AM

කොහොමද රටට ආදරෙයි කියල හොරකම් කරපු නඩු අහන්නේ නැතුව ඉන්නේ?

:       623       675

සතයපාල Friday, 01 June 2018 04:26 PM

විනිසුරුවන්ට නඩුවක් භාර දෙනකොට එම නඩුව තමන්ට විභාග කරන්න පුලුවන්ද බැරිද කියලා තීරණය කර ගන්න බැරී කමක් නැහැනේ. එහෙම නඩුව අතර මගදී විනිසුරුවන් ඉවත්වෙන්නේ කාගේ හෝ බලපෑමක් නිසා යයි උපකල්පණය කරන්න වෙනවා. මේ නඩුව විභාග කරන්න මේ රටේ විනිසුරුවරයන් මොන යම් හේතුවක් නිසා හෝ මග හරිනවා මේ නඩුව දිගින් දිගටම කල්යෑම වැලැක්වීමට හා සාධාරණ නඩු විභාගයක් පැවැත්වීම සදහා විදේශිය විනිසුරුවන්ගේ සහාය ලබා ගැනීමට අධිකරණ අමාත්‍යාංශය වහාම පියවර ගත යුතුය.

:       2829       1513

SapumalSaturday, 02 June 2018 03:23 AM

ඔබතුමා හරි.ඇත්තෙන්ම මෙයාගේ නඩු දෙකම විදෙස් විනිසුරුවන් ගෙන්වා විභාග කරනවානම් මේ අයගේ වැඩ බලාගන්න පුළුවන්. ඉවත් වීමට විනිසුරුතුමන්ලාට බලවත් හේතු සාධක ඇති. මේ නඩු නිමිත්ත දිහා බැලුවමත් පෙනී යන්නේ දැඩි ආත්මාර්ථකාමී බවක්. ඔප්පු කරන්න පුළුවන් සාක්ෂි සහ හේතු සාධක තිබෙන නිසා තමයි අත්අඩංගුවට ගන්න හදන්නේ. එහෙම නැතිව නිවැරදි මිනිසුන් අත්අඩංගුවට ගෙන හිරිහැර කරන්න සී අයි ඩී එකට බැහැ. තමන් නිවැරදිනම්,ප්‍රශ්නයට මුහුණ දී එය දිනා, හිරිහැර කල සියලු දෙනාට හොඳ පාඩමක් උගන්වන්න පුළුවන්. නීතියේ එයට ප්‍රතිපාදන තියෙනවා. ඒත්,එහෙම කරන්න පුළුවන් තමන් නිවැරදි නම් පමණයි. මෙහිදී මා හට පැවසීමට බැරි දේ ඔබ හොඳින් සිතා බලන්න. වීරයන් කිසිදා ප්‍රශ්නවලට බිය නොවේ. එඩිතරව මුහුණ දෙයි.

:       1883       2005

SirimewanSaturday, 02 June 2018 06:30 AM

මේ ආණ්ඩුව ආපු ගමන් විනිසුරුවරුන් 50ක් මාරු කරා මතකද? ඒ ඇයි කියලා පොඩ්ඩක් හොයලා බලලා ඔය ප්‍රශ්නය අහන්න. 50ක් හොඳේ,.. 50ක්.

:       260       721

SidhathSaturday, 02 June 2018 06:43 AM

රටට ආදරේ කෙනෙක් කවදාවත් විදෙස් විනිසුරුවන් ගේන්න ඉල්ලන්නේ නෑ. විදේශ වලින් එන අය දෙන තීන්දු අපි දැන් කියන්නන්. නිකන් කාලෙයි සල්ලියි කාල නාට්‍ය රඟපාන්න ඕනේ නෑ නේ.

:       115       575

Kaythan Muththaa.Saturday, 02 June 2018 08:00 AM

සිදත්, රටට ආදරේ හින්දා වෙන්න ඇති මේ ඇත්ත හංගන්න දඟලන්නේ. රටට ආදරේ අය තමයි මේ ප්‍රශ්නය මෙහි විනිසුරුවරුන් මාර්ගයෙන් විසදන්න උත්සාහ කරන්නේ. එහෙම බැරි නම් මේ අයට ඉඩදීලා ඉන්නද කියන්නේ. සමහරක් මෙහෙම කියන්නේ රටට නෙමෙයි මොවුන්ට තියෙන ආදරේටයි. ලොකු පොඩි කොයි කාටත් නීතිය හරිහැටි ක්‍රියාත්මක වීමයි රටක සිදුවිය යුත්තේ. රටට ආදරේ නම්, සිතන්නට ඕනා ඒ ආකාරයටයි. තමන්ගේ පැත්තේ කෙනා හෝ අනිත් පැත්තේ කෙනා හෝ නීතිය දෙදෙනාටම එක සමානයි.

:       504       615

සතයපාලSaturday, 02 June 2018 08:59 AM

සිදත් ගිරව් වගේ කියවන්න විතරක් පුරුදු වෙන්න එපා. රටේ ඉන්න විනිසුරුවන් මේ නඩුව අහන්න මොනයම් හේතුවක් නිසා අකමැති නම් නඩුව විභාග නොකර ඉන්නද කියන්නේ. අනික මේක එක පුද්ගලයෙක්ගේ ප්‍රශ්ණයක්. එතනදී හොයා බලන්නේ පොදු දේපොල යටතේ මහජන මුදල් අයථා පරිහරණය හා අයථා ලෙස මුදල් ඉපයීම කාරණා වන අතර ඒ සම්බන්ධයෙන් වන පරික්ෂණ වලට අවශ්‍ය තොරතුරු ලබා ගැනීමයි. සිරිමල් මේ අණ්ඩුව ආව ගමන් විනිසුරුවරන් මාරු කලා කියන්නේ කොහොමද විනිසුරුවරුන්ගේ පත්විම් උසස්වීම් හා මාරුවිම් සිදු වන්නේ අධිකරණ සේවා කොමිසන් සභාව මගින් වන අතර පසුගිය රජය කාලේ වගේ මේ රජය කාලේ අධිකරණයේ කටයුතුවලට ඇගිලි ගැසීම් හා මැදිහත්වීම් වර්ථමාන රජය මගින් නොකරන බව ඉතා පැහැදිලියී.

:       121       168

sirimewanSunday, 03 June 2018 05:58 AM

නීතියට ඇඟිලි ගහනවා නම්, මහබැංකු හොරු නිදැල්ලේ ඉන්නේ කොහොමද කියල පොඩ්ඩක් විස්තර කරනවද?

:       0       0

Perera Friday, 01 June 2018 09:03 PM

යම් යම් අවස්ථාවල විනිසුරුවරු නඩුවලින් අයින් වෙනවා ඒ නඩුවල පාර්ශවකරුවන් පුද්ගලිකව දන්නවනම් වගේ කරුණු උඩ. මෙතනදීත් එහෙම වෙන්න පුළුවන් මොකද මේ විනිසුරුවරුන් බොහො දෙනෙක් කලින් නීතිපති දෙපාර්තමේන්තුවේ ඉඳලා අධිකරණයට උසස්වීම් ලබා පැමිණි අය නිසා. නීතිපති දෙපාර්තමේන්තුවේ රාජකාරි කරනවිට බොහෝ රජයේ ඉහල නිලධාරින් සමග කිට්ටුවෙන් ක්‍රියා කරන්න සිදුවෙනවා. නඩුවේ පෙත්සම්කරු කලින් රජයක ඉහලම තනතුරක් දරපු නිසා එහෙම වෙන්නත් පුළුවන්. එහෙම නැතුව ඉල්ලා අස් වෙලානම් එය අධිකරණයේ ස්වාදීනත්වය සහ නීතියේ ආධිපත්‍ය පිලිබඳ ප්‍රශ්නාර්ථයක් මතුකරනවා.

:       758       166

saliya Saturday, 02 June 2018 02:41 AM

“රටක් “ යනු එහි භූමිය හෝ එක කණ්ඩායමක් පමණක් ද ? නීති පද්ධතිය මොන හේතුවකට හෝ අකර්මන්‍ය වුවොත්, රටක් පවතීද ? රටකට එහි ක්‍රියාත්මක පද්ධතීන් සාධාරණ ලෙස පැවතීමත් , සියලුම පුරවැසියන්ට සාධාරණව නීතියේ පිළිසරණ ලැබීමටත් පුළුවන් විය යුතුයි .

:       51       200

RameshSaturday, 02 June 2018 06:46 AM

අනිවාර්යෙන් එසේ විය යුතුයි.

:       7       103

upul Saturday, 02 June 2018 03:43 AM

මෙහි කාරණා කිහිපයක්ම තියෙනවා 1 වරදක් කරලා නැත්නම් අදාල පරික්ෂණ වලට මුහුණ දි තම නිර්දෝෂිභාවය ඔප්පුකල හැක. 2 යුක්ති ගරුක අධිකරණයක්නම්, අදාල පෙත්සම්කරුට පරික්ෂණවලට මුහුණදෙන ලෙසත් යම් අසාධාරණයක් වෙනබව පෙනියන්නේනම් පමණක් නැවත අධිකරණය සහය පතන ලෙස නියෝග කල හැක. 3 මෙසෙ අධිකරණ තිරණ ඉතා දිගු කාලිනව කල්දැමිම යුක්තියට පරික්ෂණ ආයතනවලට මෙන්ම සැකකරුවන්ටද අසාධාරණකි. 4 ඕනැම අපරාධකරුවකුට මෙවැනි ඉල්ලිම් කිරිමෙන් දඩුවම් කල්දාගත හැකිද? එය ආදර්ශයට ගනිවිද?

:       737       808

Ruwan Saturday, 02 June 2018 02:45 PM

මාස 6ක් තව ඇදගෙන යන්න

:       17       0

Ajitjh Saturday, 02 June 2018 11:42 PM

ගෝඨා ජනපති වීමට පෙර මෙසේ නම් වූ පසුව කොහොම සිටීද.?

:       66       0

Ajith Nissanka Sunday, 03 June 2018 02:07 AM

අපේ මේ ටිරාන් මහත්තය කියන කතා වලට කොයි පැත්තෙන් හිනා වෙන්නද කියල මම කල්පනා කරන්නේ. නීතියෙන් 100%ක සාධාරණයක් ඉ‍ටු වෙන්නේ නැති හින්ද ගෝඨාභය මහත්තය නඩු මග හරිමින් ඉන්නවා 2020 බලයට එනකල්.

:       48       53

Saman Sunday, 03 June 2018 03:20 AM

2005ට කලින් ලොස් ඇන්ජලස්වල හිටපු මෙයාවත්, බැසිල්වත් දන්න අය දන්නවා මෙයාලා හොරකම් කලාද නැද්ද කියලා. නීතිය විසඳුවේ නැතත් 'කර්මය' සේරම විසඳාවි.

:       0       11

Sunil Sunday, 03 June 2018 03:22 AM

නීතිය කල් දමාගත්තත් කර්මය කල් දාගන්න බෑ.

:       0       10

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දූපත් පහකින් රජයට කෝටි හයක පොල්ලක්
2024 අප්‍රේල් මස 20 225 0

කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස්දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය


ජනපති අඹේවෙල ගොවිපොළේ නිරීක්ෂණයක
2024 අප්‍රේල් මස 20 606 2

ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ


ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 540 0

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 1355 1

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 2822 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1839 1

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 234 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1550 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1453 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site