IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


කැළණි ගඟේ දිය නෑමට ගිය තරුණියක් දියේ ගිලි මරුට


 
රංජිත් රාජපක්ෂ                            

කැළණි ගඟේ දිය නෑමට ගිය මහනුවර උගුරැස්ස ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි එක් දරු මවක්  දියේ ගිලි මියගොස් ඇතැයි ගිනිගත්හේන පොලිසිය කියයි.

මෙලෙස මිය ගොස් ඇත්තේ තුෂානි ද සිල්වා නැමති ටෙලි නාට්‍යය සහය නිළිය බව අනාවරණය වී තිබේ.
 
පවුලේ සමාජිකයන් සමඟ කිතුල්ගල ප්‍රදේශයේ සංචාරයකට  පැමිණ ඇති මෙම කාන්තාව ගිනිගත්හේන කළුගල යටිබේරිය ප්‍රදේශයේදි කැළණි ග‍‍ඟේ දිය නාමින් සිටියදි සැඩ පහරකට හසුවි ගඟේ ගසා ගෙන ගොස් ඇති බව ගිනිගත්හේන පොලිසිය පවසයි.
 
පවුලේ සමාජිකයන් හා ප්‍රදේශවාසින් එක්ව සැඩ පහරට හසුවි ගසා ගෙන ගිය කාන්තාව සොයා සිදු කළ මෙහෙයුමකින් පසුව සිරුර මඳක් දුරින්  තිබී සොයා ගෙන ඇති අතර සිරුර කිතුල්ගල තැලිගම රෝහලේ තැන්පත් කර ඇති බව පොලිසිය සඳහන් කරයි.



අදහස් (5)

කැළණි ගඟේ දිය නෑමට ගිය තරුණියක් දියේ ගිලි මරුට

Sanath Tuesday, 17 April 2018 08:16 PM

සැමදා සෑම මාධ්‍යකින්ම වතුරේ ගිලීමෙන් සිදුවන මෙවන් මරණ පිළිබඳව කොපමණ ප්‍රචාරය කලත් දිනකට දෙතුන් දෙනෙක් මෙලෙස මිය යති. අප සියලු දෙනා ඇල දොළ ගඟ සහ වැව් සැලකිය යුත්තේ ගිනිගොඩවල් ලෙසයි. ඔබට පිහිනීමට නොහැකිනම් ජලයට නොබැස සිටීම නුවණට හුරුය. දනක් ගැඹුරු ජලයේ වුවත් පිහිනීමට නොදන්නා ඔබ ලිස්සා ගොස් හරස් අතට වැටුනොත් භයානක අනතුරකට පත්විය හැක.

:       0       1

වාසනා Tuesday, 17 April 2018 11:52 PM

දියේ ගිලීමිය යාම ගැන දිනපතාම පාහේ ආරංචි වෙනවා. සමහරවිට ලංකාවේ අයට මේකෙනුත් ලෝක වාර්තාවක් තියන්න පුළුවන් වෙයි. අමාරුවෙන් ලබා ගත්ත මිනිස් ජීවිතේ ආරක්ෂා කර ගන්න දන්නේ නැති අපේ මිනිස්සු. කොහෙ හරි ගිහින් නෑවේ නැත්තං කසනවා වගේ ඇති... මෙවැනි නොසැලකිලිමත් මරණ නිසා අසරණ වෙන්නේ මැරුණ අය නෙවෙයි. ජීවත් වෙන්න ඉතුරු වෙන එයාලගේ පවුලේ අයයි. දැන් ඔය දරුවට පොඩි කාලෙදිම තමන්ගෙ අම්මා නැති වුණා. ඒ කාගෙ වරදින්ද?

:       0       2

jayath Wednesday, 18 April 2018 07:16 AM

මේ රටේ ඉන්න "සම -හරක් පුදුම කොට්ටාශයක්... නොදන්නා තැන්වල නාන්න එපා කියන එක සරල මූලධර්මයක්... ඒවා පැත්තකින් තියමු.. මේ පහුගිය ටිකේ ඔයවගේ අවාසනාවන්ත සිදුවීම් කීයක් වුනාද? ඒවායින් වත් පාඩමක් ගත්තා නම් මේ වගේ අකල් මරණ වෙන්නේ නැහැ. අපරාදේ ජීවිතයක්. මීට කාලයකට ඉහතදී මම දන්නා සිදුවීමක් ජාතික පිහිනුම් වර්ණ ලාභියෙක් නොදන්නා තැනක, නාන්න ගිහින් ගහගෙන ගියා... ඒ වගේ උදවියටත් බැරිනම් අවශේෂ අපි ගැන කුමන කතාද?

:       0       80

jayaranga Wednesday, 18 April 2018 07:36 AM

මෙච්චර වහින දවස්වල පිස්සුද මන්දා ගගේ නාන්න යන්නේ...

:       0       17

Jehaan Wednesday, 18 April 2018 09:28 AM

මවක් වෙලාත් මෙවැනි අනතුරුදායක දේවල් කරන්න යාම කෙතරම් අවාසනාවන්තද? හැබැයි මම නම් මේ නිළිය කිසිම ටෙලි නාට්‍යයක දැකලා නැහැ.

:       1       17

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මහින්දානන්දට එරෙහි නඩුවක තීන්දුව දෙන්න දිනයක්
2024 අප්‍රේල් මස 25 102 0

අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ සමයේ අයථා ක්‍රම වලින් උපයාගත් රුපියල් කෝටි දෙකාහමාරකට අධික මුදලක් වියදම් කොට බොරැල්ල කින්සි පාරෙන් සුඛෝපභෝගී නිවසක් මිල


ගෝඨාභය කාදිනල් හිමිගේ චෝදනා ප්‍රතික්ෂේප කරයි
2024 අප්‍රේල් මස 25 45 0

කාදිනල් හිමිපාණන් එල්ල කළ ප්‍රධාන චෝදනා හතරම ප්‍රතික්ෂේප කරන බව ප්‍රකාශ කරමින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිවේදනය නිකුත් කර තිබේ.


පොල් ගෙඩියක් 4000 ට වෙන්දේසි වෙයි
2024 අප්‍රේල් මස 25 141 0

යාපනය තරුණයින් පිරිසක් විසින් වාර්ෂිකව සිදුකරනු ලබන පොර පොල් තරඟයක් වෙනුවෙන් ක්‍රීඩා කිරීම සඳහා පොල් ගෙඩි කිහිපයක් වෙන්දේසි කිරීමේදී එක් පොල් ගෙඩිය


මැතිසබයෙන් දොස්තර හවුලක්
2024 අප්‍රේල් මස 25 611 2

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර සිටින වෛද්‍යවරුන්ගේ මූලිකත්වයෙන් පාර්ලිමේන්තු වෛද්‍ය මන්ත්‍රීවරුන්ගේ සංසදය නමින් නව සංසදයක් අද (25) පිහිටුවා ගනු ලැ


සන්නස්ගල අත්අඩංගුවට
2024 අප්‍රේල් මස 25 2162 8

චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට බව පවසා පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 10 ක් ලබාගෙන නියමිත දිනට ලබානොදී විශ්වාසය කඩකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රවීණ උස


මාස හතරට රට රැකියා පැමිණිලි 1371ක්
2024 අප්‍රේල් මස 25 224 0

2024 වසරේ ගතවූ කාලය මාස හතරක කාලයේ විදේශ රැකියා සම්බන්ධ පැමිණිලි 1371ක් ලැබී ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 314 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1696 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1541 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site