IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


කළුගඟ ව්‍යාපෘතියේ ගුරුවෙල වැවේ බැම්ම කපා ජලය ඉවත් කරයි

(කාංචන  කුමාර ආරියදාස)
 

මොරගහකන්ද-කළුගඟ ජලාශ ව්‍යාපෘතිය යටතේ   ලග්ගල  නව ගුරුවෙල ප්‍රදේශයේ  අලුතින් ඉදිකෙරෙන  ගුරුවෙල  වැවෙහි  බැම්ම  කපා  වැවේ  වැඩි ජලය ඉවත් කිරීමට  දින හතරක සිට මහවැලි නිලධාරීහූ කටයුතු කරමින් සිටිති.
 
පවතින  අධික වර්ෂාව  සමඟ  මෙම වැව පිරීමෙන්  ලග්ගල  විල්ගමුව ප්‍රධාන මාර්ගයේ  ඉදි  කෙරන පාලමක් කැඩීයාමේ  අවදානමක් හේතුවෙන් මෙලෙස  වැව් බැම්ම කපා  ජලය  ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.
 
වැවක  වැඩි  ජලය  ඉවත්  කරනු ලබනුයේ පිටවානක් මගින්  වූවද  මෙම වැවෙහි ඉදි කර ඇති පිටවාන  පිහිටා ඇත්තේ  සාමාන්‍ය ජල මට්ටමට වඩා ඉහලින් වීම හේතුවෙන්  වතුර මට්ටම තවත් වැඩි වූවහොත් ඇති වන අවදානම හේතුවෙන් මෙම පියවර ගෙන  ඇත. 
 
 සම්පූර්ණයෙන්ම වැව් බැම්ම ඉදි කර  රළපනාව පවා අවසන් කර  තිබියදී  එම කළුගල්ද ඉවත් කර මේ ආකාරයෙන්  වැව් බැම්ම සම්පූර්ණයෙන්ම කපා දමා තිබෙන ආකාරය එහි ගිය අපට ද දැක ගැනීමට හැකි විය.
 
 වැව් බැම්ම ඉදිකිරීම සඳහා ඉංජිනේරුවන්ගේ උපදෙස් පරිදි දුර බැහැර ප්‍රදේශවලින් විශාල  මිල  ගණනක්  යටතේ   පස් ගෙන්වා   රැගෙනවිත් වසර එක හමාරක පමණ කාලයක් වැව් බැම්ම ඉදි කළ බව ගැමියෝ කියති.
 
 වර්ෂාවත් සමඟ මේ ආකාරයෙන් වැව් බැම්ම  කපා ඉවත් කිරීම ජනතා මුදල් විශාල වශයෙන් විනාශයක් සිදුවන බව ද ඔවුහු පෙන්වා දෙති.
 
මොරගහකන්ද කළු ගඟ ජලාශයේ යටතේ ලග්ගල ප්‍රදේශයේ  ජනතාවට ගොවිතැන් බත් කිරීම සඳහා මෙම ගුරුවෙල  නව වැව ඉදිකිරීම් කටයුතු සිදු කරනු ලබන්නේ ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මගිනි
 

එමෙන්ම මෙම ස්ථානයට ගිය අවස්ථාවේදී එහි සේවකයෙකුගෙන් විමසීමේදී කියා සිටියේ යම්කිසි ප්‍රශ්න සහගත තත්වයක් නිසා විශාල වැව් බැම්ම කපා දමන බවය.

 කෙසේ වෙතත් එම ස්ථානයේ වැව් බැම්ම කපා දැමීම  පිළිබඳව ශ්‍රී  ලංකා මහවැලි අධිකාරියේ තාක්ෂණික කාර්මික නිලධාරී රජිත් රත්නවීර මහතා සිටියේ  හදිසි ආපදා තත්ත්වයක් හේතුවෙන් මෙම වැව් බැම්ම කපා දැමීමට සිදු වූ බවයි.

 ලග්ගල විල්ගමුව ප්‍රධාන මාර්ගයේ පාලමක් ඉදිකිරිම  කටයුතු පවතින බවත් එම ස්ථානය ජලයෙන් යටව ප්‍රධාන මාර්ගයට ද හානිදායක තත්ත්වයක් ඇති වන නිසා වැව් බැම්ම කපා දැමීම සිදු කරන බවද ඔහු කියා සිටියේය.
 
 කෙසේ වෙතත් මෙම වැව් බැම්ම නැවත ඉදිකිරීම සඳහා හෝ කපා දැමීම සඳහා කොපමණ මුදලක් වැය වෙනවාද යන්න හෙතෙම නොදන්නා බව සඳහන් කළේය.
 
 විශාල මුදලක් වියදම් කොට වැඩ අවසන් කොට ඇති වැව් බැම්මක් කපා දැමීම පස් ඉවත් කිරීම  පිළිබඳව ප්‍රදේශවාසීන් කියා සිටියේ ඉංජිනේරුවරුන්ගේ සහ  තාක්ෂණ නිලධාරීන්ගේ  ක්‍රියා  පිළිබඳව නැවත විමසා බැලිය යුතු බවයි.
 
මොරගහකන්ද කළුගඟ ජලාශ ව්‍යාපෘති නියෝජ්‍ය  අධ්‍යක්ෂ  මහින්ද අමරසුරිය මහතාගෙන් මේ වැව ඉදිකිරිම සදහා කොපමණ මුදලක් වියදම් කලේද යන්න විමසීමේදී කිවේ තමන් වෙනත් රාජකාරියකට ගමන් කරමින් සිටින නිසා මිල ගණන කීමට නොහැකි බවද මෙහි සියලු ඉදිකිරීම් මහවැලි අධිකාරිය මගින් සිදුකරන බවයි.

 

 


 



අදහස් (11)

කළුගඟ ව්‍යාපෘතියේ ගුරුවෙල වැවේ බැම්ම කපා ජලය ඉවත් කරයි

sayuri Wednesday, 16 October 2019 10:48 AM

මේ ආණ්ඩුව අයාලේ ගිය ආණ්ඩුවක්. සංස්කෘතික අරමුදලේ කෝටි 360ක් කැබිනට් අනුමැතියක් නැතිව වියදම් කර ඇති අතර යකඩ මිනිසෙක් ගැන ජනතාව දැනුවත් කිරීමට එවැනිම කෝටි ගණනක් කැබිනට් අනුමැතිය නැතිව වියදම් කර ඇත. නගරාධිපති සහ ඇමති ගැටුණු විට ඇමතිට අයිති කුනුගොඩට නගරාධිපතිගේ කුණු නොගන්නා බව රජයේ නිලධාරියෙක් වූ ලේකම් ප්‍රසිද්ධියේ කියයි. මේවා සියල්ල සිදුවනවිට ඉහලම දෙන්නා හොඳටම නිදි.

:       48       222

ajith Wednesday, 16 October 2019 11:11 AM

රටේ ඉංජිනේරුවෝ හිටියට කරන වැඩ වැඩවල කිසිම ඉංජිනේරු පදනමක් නෑ. හරියට අධ්‍යාපනය කරලා වැඩ කරනවානම් මේවගේ දේවල් වගේම වැස්සකදී ගෙවල් දොරවල් යටවෙන ඒවා, රිය අනතුරුවලින් ඇතිවන ජීවිත හානි, විදුලිය නැතිවීම වගේ ඒවා අඩු කරගන්න පුළුවන්.

:       1       19

chandimaWednesday, 16 October 2019 12:29 PM

අජිත් අපේ රටේ ඉංජිනේරුවන් උන්නට උන්ට වැඩ කරන්න වෙලා තියෙන්නේ ඔහෙලා පත්කරන හරක් කියන විදියටනේ... එතනයි වැරැද්ද. අනික ඉංජිනේරුවන්ට ගෙදරින් සල්ලි ගෙනත් මෙව්වා කරන්නද කියන්නේ? සල්ලි වෙන්කරන්නේ ඒ හරක්, ඒ සල්ලි වලින් කරන වැඩ තීරණය කරන්නෙත් ඒ හරක්, අන්තිමේ ඒ කොන්තරාත්තුව ගන්නෙත් ඒ හරක්ම වෙන කෙනෙක් ලව්වා තමයි... අන්තිමට වැඩේ කරන්නෙත් ඒ හරකුන්ට ඕනෑ විදියටමයි. ඔන්න කල්පනා කරලා ඡන්දෙ දෙන්න අවස්ථාවක් ඇවිත් තියෙනවා...

:       5       115

kamaniWednesday, 16 October 2019 12:46 PM

අපේ රටේ ඉංජිනේරුවන් ඉන්නේ කාර්යාලවල පුටු රත් කරකර. ඇඟේ කුණු ටිකක්වත් ගෑවෙන්න බැහැ. රාජ උෂ්නේ. බොරු සොබනේ. වැඩ කරන මිනිස්සුන්ගෙන් වෙන්වෙලා බොරුවට, ඉංග්‍රීසි වලින් තමයි ඒ අය කතා කරන්නේ. (ඒ ඉංග්‍රීසිත් ඇත්ත ඒවාද බොරු ඉංග්‍රීසිද කව්ද දන්නේ?). වෙනත් රටවල ඉංජිනේරුවන් ඉන්නේ වැඩබිමේ. ඒ අය සේවකයින් සමග වැඩ කරනවා. මහන්සි වුණාම කට්ටියම එකතුවෙලා මොනවා හරි කාලා බීලා සතුටුවෙනවා. අපේ ඉංජිනේරුවන් සේවකයෙක් සමග එකට වාඩිවෙලා කතා කරනවද? (1% පමණවන උගත්, බුද්ධිමත්, ගුණගරුක, ඉංජිනේරු මහත්වරුන් ගැන නොවෙයි මේ කියන්නේ). ඒ රටවල් දියුණු වෙනවා. අපි අපේ පරණ කතා කියකියා කාලය අපතේ යවනවා. දේශපාලුවා ඇතිතරම් රටේ ධනය කොල්ල කනවා. මේ ඔක්කොම ගහලා පන්නන්න ඕනෑ...

:       1       25

sanjeewaWednesday, 16 October 2019 03:54 PM

දක්ෂ ඉංජිනේරුවන් රජයේ රස්සා කරන්නේ නෑ. ගොඩක් අය රට යනවා, නැත්නම් පුද්ගලික අංශයේ රැකියාවකට යනවා. ගෙදර ඉඳන් යන්න පුලුවන් නිසා හෝ වෙනත් අදායම් මාර්ග තියන අය විතරයි රජයේ රස්සා කරන්නේ...

:       1       46

saliya Wednesday, 16 October 2019 11:26 AM

මුන් ඔක්කොම දාන්න ඕන ඔය කුණුගොඩටම තමයි.

:       1       32

soyza Wednesday, 16 October 2019 11:33 AM

මෙයින් පෙනී යන්නේ නිලධාරීන් අසරණවී ඇති බවයි. පාලම හදනකන් වතුර පුරවන්න එපා කිව්වනම් ඡන්දෙට කලින් විවෘත කරන්නේ කොහොමද අහයි. මෝඩ මැති ඇමතිලාට ඕන විදියට තමයි ඔක්කොම සිද්ධ වෙන්නේ

:       1       12

rohana Wednesday, 16 October 2019 12:49 PM

මෙතන කමෙන්ට්ස් දාලා තියෙන්නේ සියල්ල දත්, කිසිත් නොදත් කට්ටිය...

:       6       6

හොඳ පපුවාWednesday, 16 October 2019 05:59 PM

ඔබතුමා ඔක්කොම දන්නවද..? අනේ මේ යන්න...

:       2       1

de silva Wednesday, 16 October 2019 04:35 PM

කරුණාකර මෙම ඉංජිනේරුවන්ට බනින්න එපා, විශ්ව විද්‍යාල සිසුන්ට නවක වද නිසා පලවෙනි අවුරුද්දේම හරිහැටි ඉගෙනීමක් ලැබෙන්නේ නැහැ. අනිත් අවුරුදු වලත් නවක සිසුන්ට වදදීමට සහ විවිධ දේශපාලනික උද්ඝෝෂණ වලට සහභාගි වෙන්න තවත් විශාල කාලයක් මිඩංගු කරන්න වෙනවා.. අධ්‍යයන කාලයෙන් විශාල කොටසක් නිරපරාදේ අපතේ ගියහම කොහොමද මෙම ඉන්ජිනේරුවන්ගෙන්, ප්‍රමිතියක් බලාපොරොත්තු වෙන්නේ? මේක හරියට ඉබ්බන්ගෙන් පිහාටු ඉල්ලනවා වගේ වැඩක්..., දක්ෂ ඉංජිනේරුවන් තාක්ෂණික නිලධාරීන් බිහි කරන්න නම් ඉස්සෙල්ලම ඔවුන්ට නිදහසේ ඉගෙන ගන්න දෙන්න ඕනේ.., මුලින්ම රජයේ විශ්ව විද්‍යාල තුළ දේශපාලනය කිරීම, ශිෂ්‍ය සංවිධාන සම්පූර්ණයෙන් තහනම් කරන්න ඕනේ..., මේක පාර්ලිමේන්තු පනතක් මගින් කරන්න ඕනේ.., මේක කරන්න කොන්ද පණ ඇති රාජ්‍ය නායකයෙකු සහ ආණ්ඩුවක් අවශ්‍ය වෙනවා...

:       5       29

sandunWednesday, 16 October 2019 05:02 PM

ඉංජිනේරු පීඨ වල අන්තරේ නැතිබව දන්නේ නැද්ද? ඉතින් නවක වැඩ කොයින්ද?

:       1       58

ඔබේ අදහස් එවන්න

මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 321 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1707 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1549 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site