IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


‘කිහිපදෙනෙකු අතර ආරවුල ගිය දුර අනුමත කළ නොහැකියි’

 

(ඩයනා උදයංගනී, ඡායාරූප - චතුර එස් කොඩිකාර)

            මහනුවර ප‍්‍රදේශයේ කිහිප දෙනෙකු අතර ඇතිවූ ආරවුලක් ආගමික හා ජාතීන් අතර ඇතිවූ ගැටුමක් බවට පත්කිරීමට පිරිසක් ගත් උත්සාහය කිසිවෙකුට අනුමත කළ නොහැකි ක‍්‍රියාවක් බව සර්ව ආගමික පූජකවරුන්ගෙන් සමන්විත ‘ආගමික සමුළුව’ සංවිධානය පවසයි.

            රටේ ඇතිවූ සුළු සිද්ධියක් මහා සිද්ධියක් බවට පත්කර ගැනීමට ඇතැමුන් උත්සාහ කරන බවත්, එම ක‍්‍රියාමාර්ගය අනුමත කළ නොහැකි බවත් එහි සම මහලේකම්, ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග‍්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහ නා හිමියෝ පැවසූහ.

            මහ නා හිමියෝ මේ බව පැවසුවේ ආගමික සමුළුව මගින් කොළඹ 10, මරදානේ පිහිටි මහා බෝධි විහාරයේදී අද (9) පැවැත් වූ මාධ්‍ය හමුවක් අමතමිනි.

            එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඉත්තෑපානේ ධම්මාලංකාර මහ නා හිමියෝ මෙසේ ද කියා සිටියහ.

            ‘‘අපේ රට ලෝකයේ පුංචි රටක්. මේක බෞද්ධ රටක්. බහුතර ජනතාව සිංහල. එහෙත් අතීතයේ සිටම මේ රට තුළ සිංහල, ද්‍රවිඩ, ක‍්‍රිස්තියානි, මුස්ලිම් ආදී සියලූ ජන කොටස් සාමයෙන් සමගියෙන් ජීවත් වුණා. පුංචි පුංචි යම් යම් කාරණා විටින් විට හටගත්තත් පොදුවේ රට තුළ ජනතාව සාමයෙන් සමගියෙන්, සතුටින් ජීවත් වුණා.

            ඒ නිසා මහනුවර ප‍්‍රදේශයේ යම් යම් සිදුවීම් සිදුවී ඇති මෙවන් අවස්ථාවක පොදුවේ අප කවුරුත් එවැනි සිදුවීම් මඟහරවාගෙන සාමයෙන්, සමගියෙන්, සතුටින් ජීවත් විය යුතුයි. අප හැමදෙනාගේම ජීවිත බොහෝ කෙටියි. අපට තියෙන්නේ දිග ජීවිත නෙවෙයි. අප කාගේත් ජීවිතය අවුරුදු 100කට මෙහායි. ඒ ගත කරන කෙටි ජීවිතය ජාති, ආගම්, කුල මල භේද, උස්පහත් භේද කිසිත් තැතිව සතුටින් ගතකිරීම අවශ්‍යයි.

            ඇතැමුන් රටේ ඇතිවූ සුළු සිද්ධියක් මහා සිද්ධියක් බවට පත්කරගැනීමට උත්සාහ කරනවා. එය මහා සිද්ධියක් බවට පත්වුණේ වෙනත් බලවේග එයට ඇතුල්වීම නිසායි. එවැනි පිරිස් මේ රටේ සිටීම අවාසනාවන්ත තත්ත්වයක්. එම ක‍්‍රියාමාර්ගය හොඳ නැති බවයි අපි පැහැදිලි කළේ. අපි 30 අවුරුදු යුද්ධයකින් පීඩා වින්දා. ඒ පීඩා විදි ජනතාව ජාතිය ආගම මුල් කරගෙන තවත් අවුල් වියවුල්, කලකෝලාහල ඇතිකරගන්න සූදානම් නැහැ. මහජාතිය වශයෙන් සිංහල හා දෙමළ, මුස්ලිම් සෙසු ජනකොටස් මේ රටේ සහෝදරත්වයෙන් ජීවත් වෙනවා. ඉදිරියටත් ඒ ජනතාව සහෝදරත්වයෙන් ජීවත් විය යුතුයි. සුළු සිද්ධීන් ඇතිවූ විට ඒවා ඒ අවස්ථාවේ අවසන් කළ යුතුයි.

            මේ තත්ත්වය ක‍්‍රමනුකූලව සංසිදෙනු ඇතැයි අප විශ්වාස කරනවා. මෙතනින් නතර නොකර ඒ ප‍්‍රදේශවලට ගොස් අපේ අදහස් ප‍්‍රකාශ කර ඒ ජනතාව අතර සමගිය ඇතිකිරීමට එක්ව ජීවත්වීමේ වැදගත්කම පැහැදිලි කිරීමට අප කටයුතු කරනවා. සියලූ ආගමික කොටස් එක්කරගෙන මේ ඇතිවී තිබෙන ගැටලූව නිරාකරණය කළ යුතුයි.’’ යනුවෙන්ද මහ නා හිමියෝ පැවසූහ.

            මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමන් මෙහිදී මෙසේ අදහස් දැක්වූහ.

            ‘‘ආගමික සමුළුවට ආරාධනා කිරීම ගැන මා ස්තුතිවන්ත වෙනවා. ශ්‍රී ලංකාව ලස්සන රටක්. රටේ ලස්සන තිබෙන්නේ ගහකොළ, පරිසරයේ මෙන්ම අප අතරත් ඇති විවිධත්වය නිසයි. ඒ පරිසරයේ මෙන්ම අපේ ජීවිත හා ආකල්ප තුළත් වෙනස්කම් තිබෙනවා. සංස්කෘතික, ආගමික මෙන්ම ආකල්පවල වෙනස්කම් තිබෙනවා. අප ඒ වෙනස්කම්වලට ගෞරව කළ යුතුයි.

            අපට එකිනෙකාට උදව් කළ හැක්කේත් මේ විවිධත්වය නිසායි. අපේ රටේ ආගම්, ජාතීන් හා භාෂා අතර ඇති විවිධත්වය මේ රටේ වස්තුවක් ලෙස සැලකීමට අපට හුරු විය යුතුයි. ශ්‍රී ලංකාවේ ඉතිහාසය දෙස බැලූවොත් බොහෝ අවස්ථාවල ගැටුම් ඇති වී තිබෙන්නේ සාමාන්‍ය මිනිසුන් අතර නොව බලගතු කොට්ඨාස අතරයි. අපේ මිනිසුන් ඉතිහාසය පුරාවටම විවිධ ජාතීන් සන්තෝෂයෙන් ජීවත් වෙලා තිබෙනවා. එහෙමනම් පෞද්ගලික ප‍්‍රශ්න ජාතීන් අතර ප‍්‍රශ්න බවට පත්කර ගැනීම මෝඩකමක්.

            අපේ රට තුළ 80 දශකයේ සිට ආගමික ජීවිතය පැත්තකට තල්ලූ කර දමන විදියේ සංස්කෘතික වෙනස්කම් ඇතිවුණා. ඒ තුළ සමහර ආගමිකයින්ට යම් බියක් ඇතිවිය හැකියි. ඔවුන් තුළ මේ බිය තුරන් කළ යුතුයි.

            ලස්සන උද්‍යානයක ලොකු ගස් සහ පොඩි ගස් තිබෙනවා. ලොකු ගස් පොඩි ගස්වලට සෙවණ දිය යුතුයි. පොඩි ගස් ඒ සෙවණ ලබමින් උඩට ඒමට උත්සාහ කළ යුතුයි. මහ ජාතිය සුළු ජාතිය කියා කොටස්වලට බෙදීමත් හොඳ නැහැ. අපි සහෝදර පිරිස්. ඒ වගේම ඒ කාගේත් ආගමානුකූල ජීවිතයට ගරු කළ යුතුයි. ආගම අපව බෙදන්නේ නැහැ.

            සුළු ජන කොටසුත් මහජන කොටස තුළ සැකයක් ඇත්නම් ඉවත් කර පවුලක් ලෙස එක්වී රට තුළ සාමය ආරක්‍ෂා කළ යුතුයි. එසේ නොකර මේවා දේශපාලන ව්‍යාපාර බවට පත්කළොත් 83 කළු ජූලිය වැනි තත්ත්වයක් දක්වා වර්ධනය වුවහොත් එය මහා විපතක්. එවැනි තත්ත්වයක් යළිත් ලංකාවේ ඇතිකිරීම නුනුවණ වැඩක්.

            මිනිසෙකුගේ ආගම ඉතා වැදගත් කොටසක්. අන්තවාදය ඉදිරියට ගෙනඒමත් වැරදියි. අපි බුදුන් වහන්සේ වදාළ ලෙස මධ්‍යම ප‍්‍රතිපදාවෙන් කටයුතු කළ බවයි මා විශ්වාස කරන්නේ. රටට ආදරේ නම් මේ ආරවුල් නතර කරන්න. මේ දේශප්‍රේමය නෙවෙයි. දේශප්‍රේමය කියන්නේ මිනිසුන් මරාදැමීම නොව මිනිසුන් ගොඩනැගීමයි.’’    

            ජපානයේ ප‍්‍රධාන සංඝනායක, මහාබෝධි විහාරාධිපති බානගල උපතිස්ස නාහිමියෝ මෙහිදී මෙසේ කියා සිටියහ.

            ‘‘අපි එදා මෙන්ම අදත් මිශ‍්‍ර පාසල්වල සියලූ ජාතීන් සහයෝගයෙන් කටයුතු කරනවා. මා අතේ අනගාරික ධර්මපාලතුමන්ගේ මෙහෙවර පිළිබඳව හින්දි භාෂාවෙන් ලියවුණු කුඩා පොතක් තිබෙනවා. එය රචනා කර තිබෙන්නේ මගේ මිතුරු මුස්ලිම් ජාතිකයෙක් වන ශකීර් අහමද් සිද්ධික් මහතා විසිනුයි. ඔහු හා මා 6, 7 වසර වලදී ඉන්දියාවේ පාසලක එකට අධ්‍යාපනය ලැබුවා. අදත් ඔහු මගේ මිතුරෙක්. එවැනි මිශ‍්‍ර පාසල් අදත් ගොඩනැගිය යුතුයි. විවිධ ජාති, ආගම්වලට අයත් දරුවන් අතර මිතුරු සබඳතා ගොඩනැගිය යුතුයි.

            ගැටුම්කාරී තත්ත්වයන් තුළ අපේ ආර්ථිකය විනාශ වුණොත් අපි කාටත් බඩගින්නේ ඉන්නට සිදුවේවි. ඒ වගේම දුෂ්ඨ ජාතියක් ජීවත්වන රටක් ලෙස හංවඩු ගැසේවි.’’ යැයිද උන්වහන්සේ සඳහන් කළහ.

            ශිව ශ්‍රී කේ.වී.කේ වයිතීස්වරන් කුරුක්කල්තුමා මෙහිදී මෙසේ අදහස් දැක්වූහ.

            ‘‘අපි අවුරුදු 30ක යුද්ධයකින් පීඩා වි`දි රටක්. අපි ආයෙත් එවැනිට තැනකට මේ රට ගෙනයන්න හදනවා. දැන් ඇතිවී තිබෙන මේ තත්ත්වය ඇතිකළේ කවුද? ඇතිවුණේ කෙසේද? යන්න කඩිනමින් සොයා බලා පිළියම් යෙදිය යුතුයි.

            අපි කවුරුත් අපේ ආගම හැර අන් ආගම්වල කටයුතු ගැනත් යම් අවබෝධයකින් කටයුතු කළ යුතුයි. එසේ නැතිවූ විට ගැටලූ ඇතිවෙනවා. මිනිසුන් එකිනෙකා මරාගන්නා විට රටේ සාමය නැතිවෙනවා. සංචාරකයින් පැමිණීම අඩුවෙනවා. ඒ තුළ ආර්ථිකයත් කඩාවැටෙනවා.

            අවුරුදු 30 ක යුද්ධය අවසන්වීමෙන් පසු රටට හොඳ පිළිගැනීමක් ලැබුණා. සාමය ඇතිවුණා. දැන් පිරිසක් උත්සාහ කරන්නේ එය නැති කර දමන්නයි. මෙම පිරිසට එරෙහිව නීතිය ක‍්‍රියාක්මක කිරීමට මෙන්ම යළිත් මෙවන් සිදුවීම් ඇතිවීම වළක්වා ගැනීමට රජය කටයුතු කළ යුතුයි.’’

            ආගමික සමුළුවේ විධායක සභා සාමාජික ජාවිඩ් යූසුෆ් මහතා මෙහිදී මෙසේ ප‍්‍රකාශ කළේය.

            ‘‘වසර දහස් ගණනක් තිස්සේ රටේ සෑම ජන කොටසක්ම සහජීවනයෙන් ජීවත් වුණා. අපි එදා ලෝකයටම සහජීවනය ගැන ආදර්ශයක් දුන්නා. ඒ තත්ත්වය පසුගිය වසර 30 ක 35 ක කාලයේදී යම් දුරකට වෙනස් වුණා. අපේ රටේ විවිධත්වය අපේ ශක්තියයි.

            සුළු දුෂ්ඨ බලවේග ප‍්‍රමාණයක් 1983 ජූලි කලබල සමයේ දෙමළ ජනතාවට හිරිහැර කරන විට සිංහල, මුස්ලිම් ජනතාව ඒ දෙමළ ජනතාවට තමන්ගේ නිවෙස්වල රැකවරණය ලබාදුන්නා. සුනාමි ව්‍යසනයේදීත් අපි ජාති, ආගම් භේදවලින් තොරව එක්ව කටයුතු කළා.

            දැන් මේ ඇතිවී තිබෙන්නේ ජන කොටස් දෙකක් අතර ගැටුමක් නෙවෙයි. අපට සුළු කල්ලියකින් මිස බෞද්ධයන්ගෙන් හානියක් වුණේ නැහැ. පල්ලියකට ප‍්‍රහාරයක් එල්ල වේය යන සැකයක් ඇතිවූ අවස්ථාවක ප‍්‍රදේශයේ භික්‍ෂූන් වහන්සේ නමක් සහ තරුණ බෞද්ධ පිරිසක් එයට රැකවරණය දීමේ සිද්ධියක් වාර්තා වුණා. ඒ උතුම් මනුෂ්‍යත්වයයි. මේ වන විට යම් ජනකොටසක් අතර සැක මතු වී තිබෙනවා. ඒ සැක දුරු කරගනිමින් සමගියෙන් ඉදිරියට යාමට අප කටයුතු කළ යුතුයි.’’

            ආගමික සමුළුවේ සමලේකම් එබනේසර් ජෝශප් දේවගැතිතුමා, කොළඹ ආනන්ද විද්‍යාලයේ තිනෙත් ජයසූරිය, මරදාන, යොෂිඩා ජාත්‍යන්තර පාසලේ දෙනුවන් විරාජ්, කොළඹ 07, කාන්තා විද්‍යාලයේ ඉගෙනුම ලබන ෂයිරාන්ති දුරෙයිරාජ්, ශාන්ත තෝමස් කනිෂ්ඨ විද්‍යාලයේ අකීල් ඩීන් යන සිසු සිසුවියෝ ද මෙහිදී ආගමික හා ජාතික සහජීවනය පිළිබඳ අදහස් දැක්වූහ.

 



අදහස් (3)

‘කිහිපදෙනෙකු අතර ආරවුල ගිය දුර අනුමත කළ නොහැකියි’

sam Friday, 09 March 2018 05:50 PM

බොහොම හොදයි. අගේ කල යුතු වැඩක්

:       108       2

h ewawitharana Friday, 09 March 2018 07:11 PM

ගින්නක් නැතිව දුමක් නගින්නේවත් නැති බව සිතා ගත යුතුය

:       0       0

nimali Saturday, 10 March 2018 03:54 AM

රටේ නායකින් විශ්වාස කල නොහැකි අවස්ථාවක ඉතාමත් අගය කල යුතු ක්‍රියාවක් ,

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

’’නිලධාරීන්ගෙ වැරදි නිසා බැනුම් අහන්නෙ අපි’’
2024 අප්‍රේල් මස 25 27 0

ඇතැම් රාජ්‍ය නිලධාරීන්ගේ වැරැදි තීන්දු තීරණ නිසා රජයටත් ජනතාවටත් විශාල පාඩු සිදු වෙන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.


මහින්දානන්දට එරෙහි නඩුවක තීන්දුව දෙන්න දිනයක්
2024 අප්‍රේල් මස 25 153 1

අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ සමයේ අයථා ක්‍රම වලින් උපයාගත් රුපියල් කෝටි දෙකාහමාරකට අධික මුදලක් වියදම් කොට බොරැල්ල කින්සි පාරෙන් සුඛෝපභෝගී නිවසක් මිල


ගෝඨාභය කාදිනල් හිමිගේ චෝදනා ප්‍රතික්ෂේප කරයි
2024 අප්‍රේල් මස 25 134 0

කාදිනල් හිමිපාණන් එල්ල කළ ප්‍රධාන චෝදනා හතරම ප්‍රතික්ෂේප කරන බව ප්‍රකාශ කරමින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිවේදනය නිකුත් කර තිබේ.


පොල් ගෙඩියක් 4000 ට වෙන්දේසි වෙයි
2024 අප්‍රේල් මස 25 162 0

යාපනය තරුණයින් පිරිසක් විසින් වාර්ෂිකව සිදුකරනු ලබන පොර පොල් තරඟයක් වෙනුවෙන් ක්‍රීඩා කිරීම සඳහා පොල් ගෙඩි කිහිපයක් වෙන්දේසි කිරීමේදී එක් පොල් ගෙඩිය


මැතිසබයෙන් දොස්තර හවුලක්
2024 අප්‍රේල් මස 25 662 2

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර සිටින වෛද්‍යවරුන්ගේ මූලිකත්වයෙන් පාර්ලිමේන්තු වෛද්‍ය මන්ත්‍රීවරුන්ගේ සංසදය නමින් නව සංසදයක් අද (25) පිහිටුවා ගනු ලැ


සන්නස්ගල අත්අඩංගුවට
2024 අප්‍රේල් මස 25 2245 9

චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට බව පවසා පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 10 ක් ලබාගෙන නියමිත දිනට ලබානොදී විශ්වාසය කඩකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රවීණ උස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 315 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1696 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1542 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site